ව්‍යාග්‍රා

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,679
    2,959
    113
    වෛද්‍ය නිර්දේශයක් නැතුව ගිහින් ඕනම කෙනෙක්ට ෆාමසියෙන් ගන්න පුළුවන් ඖෂධයක් තමා ව්‍යාග්‍රා. මේක පාවිච්චි කරනවා නම් කරන්න ඕනා ලිංගික අප්‍රාණිකත්වයට. දන්න සිංහලෙන්ම කියනවා නම් හරියට කෙලින් වෙන්නේ නැති අයට. ව්‍යාග්‍රා කියන්නේ මේකේ වෙළඳ නාමය. Sildenafil තමා ඖෂධයේ නම. කොටියා පෙත්ත, නිල් පෙත්ත වගේ එක එක නම් කියනවා.
    ඉතින් මේ පෝස්ට් එකෙන් කියලා දෙන්නම් ව්‍යාග්‍රා වලින් වෙන්නේ මොකද්ද, ඒක පාවිච්චි කරන්නේ කොහොමද සහ මම ඒ ගැන හිතන දේත් පෝස්ට් එක අන්තිමේ තියෙනවා.
    ලිංගික උත්තේජනයක් වේලාවකදී පුරුෂ ලිංගයේ පටක වල නයිට්‍රික් ඔක්සයිඩ්/ nitric oxide නිකුත් වෙනවා. ඒකෙන් කියන එන්සයිමයක් (guanylate cyclase) නිපදවෙනවා. එකෙ ප්‍රතිඵලයක් විදියට cyclic guanosine monophosphate කියන නියුක්ලියෝටයිඩය හැදෙනවා. ඔන්න ඕකෙන් පුරුෂ ලිංගයේ මාංශපේශි/ පටක ලිහිල් කරවනවා. ඒවා ලිහිල් උනාම රුධිරය ලේසියෙන් ගමන් කරන්න පුළුවන් වෙන හින්දා රුධිර සංසරණය වැඩි කරනවා. ඔය විදියට තමා පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන්නේ.
    📌දැන් කියන්නම් ව්‍යාග්‍රා වලින් කරන වැඩේ.
    ඔය පුරුෂ ලිංගය ප්‍රාණවත් කරන්න උදව් වෙන උඩ කිව්වා එන්සයිමය ට අමතරව phosphodiesterase කියලා තව එන්සයිමයක් ඇඟේ හැදෙනවා. මේ එන්සිමයෙන් උඩ කිව්ව ප්‍රාණවත් වෙන වැඩේට උදව් කරන නියුක්ලියෝටයිඩය විනාශ කරලා දානවා. ඉතින් එහෙම කළාම රුධිර පීඩනය ආයේ අඩු වෙලා ප්‍රාණවත් වීම නැති වෙලා යනවා.
    මෙතැනදී ව්‍යාග්‍රා කරන්නේ වැඩේට බාධා කරන නියුක්ලියෝටයිඩය නවත්ත එක. අන්න ඒකෙන් කෙලින් වෙච්ච පුරුෂ ලිංගය දිගටම එහෙම තියා ගන්න උදව් කරනවා. ඕක තමා කතාව.
    හැබැයි ව්‍යාග්‍රා මැජික් පෙත්තක් නෙමේ, ව්‍යාග්‍රා ගත්තා කියලා නිකන් තියෙන ඒවා එක පාර පණ ගහලා කෙලින් වෙන්නේ නෑ. ඒ වැඩේ ඇඟ තනියම කර ගන්න ඕනා.
    ව්‍යාග්‍රා කොච්චර ගත්තත් දැනෙන ලිංගික උත්තේජනය අඩුයි නම් මේක කොච්චර ගත්තත් වැඩක් වෙන්නෙත් නෑ.
    තව කියන්න ඕන ක්ෂණික මෝචනය කියන ප්‍රශ්නයට මේ ඖෂධයෙන් ලොකු බලපෑමක් නෑ.
    පාවිච්චි කරන විදිය
    📌සෙස් කරන්න පැය බාගෙකට කලින් ගන්න කියලා තමා කියන්නේ.
    ව්‍යාග්‍රා ගන්න කලින් තමන් කෑම කාලද ඉන්නේ? හිස් බඩද ඉන්නේ කියන එකත් බලන්න ඕනා. මොකද ඇඟට උරා ගන්න විදියත් ඒ අනුව වෙනස් වෙනවා.
    📌ගන්නවා නම් හිස් බඩට මේක ගන්න ඕනා.
    කෑම කාලා කාලා ව්‍යාග්‍රා ගත්තම ඇඟට උරා ගන්න ප්‍රමාණය අඩු වෙනවා.
    මොකද කෑම වල තියෙන මේද කොටස් වලින් මේ ඖෂධය රුධිරයට උරා ගන්න එක අඩු කරනවා.
    📌සෙස් කරන්න විනාඩි 30-60 කට වගේ කලින් 50mg වගේ පාවිච්චි කරන්න කියලා තමා නිර්දේශ කරලා තියෙන්නේ නම්.
    📌ඔයා මොනාට හරි බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒ ගන්න ඖෂධ ව්‍යාග්‍රා එක්ක අන්තර්ක්‍රියා කරලා ඔයාව මැරෙන්න උනත් පුළුවන්.
    👉එක උදාහරණයක් තමා හෘදයාබාධ වලට ගන්න nitrate කාණ්ඩයේ ඖෂධ. nitrate කාණ්ඩයේ ඖෂධ වලිනු රුධිර නාල පළල් කරනවා. ඒ හින්දා රුධිර පීඩනය අඩු වෙනවා. හෘදයාබාධ තියෙන කෙනෙක්ට වෙන්න ඕන දේ තමා ඒක. පුරුෂ ලිංගයට ප්‍රාණවත් වෙන්න ඒ දිහාට යවන්න ඕන රුධිරය පරිමාව වැඩි කරන්න ඕන හින්දා ව්‍යාග්‍රා වලිනුත් ඔය රුධිර නාල පළල් කරවන වැඩේ වෙනවා. හැබැයි nitrate කාණ්ඩයේ ඖෂධ සහ ව්‍යාග්‍රා දෙකම එකට ගත්තොත් එහෙම වැඩේ ඩබල් වෙලා අම්මට සිරි වෙන තරමට රුධිර පීඩනය අඩු වෙනවා. ක්ෂණිකවම මරණය උනත් වෙන්න පුළුවන්.
    👉තව tamsulosin ඖෂධ ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ඖෂධය සහ ව්‍යාග්‍රා ගන්න කාලය අතර පරතරය අඩුම පැය 6ක් වත් තියෙන්න ඕනා.
    👉වකුගඩු, අක්මාවේ ප්‍රශ්න තියෙන අය ව්‍යාග්‍රා ගන්නවා නම් ඒ ගන්න මාත්‍රාව වෙනස් කරන්න වෙනවා.
    ඉතින් මේ වගේ ඔයා වෙනත් ඖෂධ ගන්න කෙනෙක් නම් ව්‍යාග්‍රා ගන්න කලින් ඔයා ඒ ගන්න ඖෂධය එක්ක ව්‍යාග්‍රා ගත්තට කමක් නැද්ද කියලා අනිවාර්යෙන්ම වෛද්‍ය නිර්දේශයක් ගන්න ඕනා.
    📌තව තියෙන ප්‍රශ්නයක් තමා ව්‍යාග්‍රා ගන්න අයට මුලින් මුලින් මේක හොඳට වැඩ කළාට පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා. කාලයක් තිස්සේ ඖෂධය ගත්තම ඇඟ, ව්‍යාග්‍රා වලට tolerance එකක් හදා ගන්නවා. ව්‍යාග්‍රා වලට ඇඟේ ප්‍රතිග්‍රාහක දක්වන සංවේදීතාවය අඩු වෙනවා. ඒ හින්දා මුලින්ම ව්‍යාග්‍රා ගද්දි ලැබුන ප්‍රතිඵල දිගටම ගන්න ඕන නම් කාලෙත් එක්ක ගන්න මාත්‍රාවත් වැඩි කරන්න ඕනා.
    📌වැදගත්ම දේ තමා ව්‍යාග්‍රා බිව්වා කියලා ලිංගික අප්‍රාණිකත්වය නැති වෙන්නේ නෑ. ඒක තාවකාලිකව යටපත් වෙනවා විතරයි. උණකට පැරසිටමෝල් ගන්නේ. ඒ ගන්නේ උණ අඩු කරන්න/ Symptomatic relief. ඒ වගේම දෙයක් තමා ව්‍යාග්‍රා ගත්තම වෙන්නෙත්. තමන්ගේ රෝග ලක්ෂණය තාවකාලිකව මැඩ පැවැත්වෙනවා. ඒ හින්දා කිසිම වෙලාවක හිතන්න එපා ව්‍යාග්‍රා ගත්තා කියලා ලිංගික අප්‍රාණිකත්වය සුව වෙයි කියලා එහෙම. ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා නම් ඒකට අදාළ හේතුව හොයාගෙන ඒකට ප්‍රතිකාර කරනවා මිසක් මේවා ගත්තා කියලා ලෙඩේ නිට්ටාවට සුව කරන්න බෑ.
    ඉතින් ඕවා සේරම සලකා බැලුවම මම පෞද්ගලිකව කිසිම කෙනෙක්ට නිර්දේශ කරන්නේ නෑ ව්‍යාග්‍රා ගන්න කියලා.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,379
    1,621
    113
    tadalafil ගැන මොකද හිතන්නේ , එකනම් daily හරි දවසක් ඇර දවසක් ගන්න එකක් බොහොම පොඩි dose එකක් ගන්නේ.
     
    • Like
    Reactions: ntayya and IMUNA

    Rastapopoulos

    Well-known member
  • පෙති 100ක් ගහලා මැරෙන්න ගියා කියන එකාට (ඔව් ඔව් අරූ තමයි) මේකෙන් 10ක් ගැහුවා නම් සල්ලිත් ඉතුරුයි මැරෙන්න කලින් ආතල් ඒකේ මරෙන්නත් පුලුවන් මිනිය බලන්න එන උන්ටත් පොඩි ෆන් එකක් ගන්න පුළුවන් මොකද මූ මැරුණට පොල්ල කෙලින් නේ කෙල්ලෝ බොඩිය එක්ක සෙල්පිත් ගහයි.
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    3,891
    1
    3,935
    113
    Cuddling /w kusuma
    funnyboner-love.gif
     
    • Haha
    Reactions: chande

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,270
    38,794
    113
    සේදවත්ත
    THC ඩ්‍රොප් එකක් දිව යටට දාගත්තනම් ඉවරයි, නගින එක විතරක් නෙමෙයි සැප ඩබල් ට්‍රිබල් ලෙස හෙමීට විදින්න මොලේට ලැබෙනවා
     
    • Like
    Reactions: Daminduwa

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    652
    532
    93
    THC ඩ්‍රොප් එකක් දිව යටට දාගත්තනම් ඉවරයි, නගින එක විතරක් නෙමෙයි සැප ඩබල් ට්‍රිබල් ලෙස හෙමීට විදින්න මොලේට ලැබෙනවා
    kohomada eka karanne??
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,270
    38,794
    113
    සේදවත්ත
    kohomada eka karanne??
    THC ඩ්‍රොප්ස් ගන්න ඔබේ මානව සබදතා මනරම් විය යුතුයි පොකැට්ටුව විශ්මිත විය යුතුයි.

    ඉට ලේසී මොනරාගල ඇබිලිපිටියේ ගිහින් මල් ටිකක් ගෙනල්ලා ගහපන් වැඩේ නිට්‍ටාවට සුව වෙනවා . ගහන්න බැරිනම් බෘවුනි කේක් හදලා කාපන්
     
    • Like
    Reactions: IMUNA

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    652
    532
    93
    THC ඩ්‍රොප්ස් ගන්න ඔබේ මානව සබදතා මනරම් විය යුතුයි පොකැට්ටුව විශ්මිත විය යුතුයි.

    ඉට ලේසී මොනරාගල ඇබිලිපිටියේ ගිහින් මල් ටිකක් ගෙනල්ලා ගහපන් වැඩේ නිට්‍ටාවට සුව වෙනවා . ගහන්න බැරිනම් බෘවුනි කේක් හදලා කාපන්
    ඒව සෙට් නෑ මට මෝර තමා අල්ලල යන්නෙ
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,194
    1,195
    113
    Mama ela paarak gahauwaa ban .

    Malli nam nagala thiyenawaa payakata wadiya habayi kisima aathal ekak Naha ban.

    Malli nikan hiring watilaa wage topa alluwata kisima feeling ekka naha. Gal gediyabwage
     
    • Haha
    Reactions: dananjaya696