වාඩියට වන්දි

6h057

Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan

    මැදවච්චියේ කුඹුරක තිබූ වාඩියකට ගෙයක් සේ සලකා මිලියන 05 දිත්වා වන්දි ගෙවලා​

    මුල්‍ය වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්​

    අනුරාධපුර රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සංගිල් කන්දරාව - මැදවච්චිය ප්‍රදේශයේ චන්ද්රාවතිගේ රන්ජන් ප්‍රියලාල් අමරසිංහ යන පුද්ගලයාට දිත්වා අපදාවෙන් පුර්ණ හානි වූ නිවසක් වෙනුවෙන් මුදල් නිකුත් කර තිබේ. නමුත් තොරතුරු වලට අදාලව නිවසක් නොමැති අතර, කුඹුරක වූ වාඩියක් නිවසක් ලෙස දක්වමින් මෙසේ කුඨ ලේඛන සකසා ව්‍යාජ වාර්තා මගින් මුදල් ලබා ඇති බවට අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කර ඇත.
    මෙම පුද්ගලයා දේශපාලන හිතවත්කම් හා රාජ්‍ය නිලධාරින් සමඟ එක්ව මෙම වංචාව සිදුකර ඇති බවට පැමිණිලිකරු සඳහන් කරන අතර, අදාළ පුද්ගලයාගේ පදිංචි ලිපිනය චන්ද නාමලේඛන වල වෙනත් ස්ථානයක පවතින බව සඳහන් කර ඇත. අදාළ වාඩිය සඳහා නිවසක් ලෙස ජිවත් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් ද සපුරා නොතිබෙන බවට පවසන පැමිණිලිකරු කුඹුරු යායක පවතින මෙම පැල්පතේ ඉඩම් අයිතිය ගොඩ හෝ මඩ යන කුමන වර්ගයට අයත් දැයි සොයා බැලිය යුතු වේ.

    මෙම කුඹුරු ප්‍රදේශය google earth මගින් පැහැදිලිව දැකගත හැකි අතර, මේවා පිලිබඳ අදාළ නිලධාරින් සොයා බලා කටයුතු කළා ද යන්න පැමිණිලිකරු ප්‍රශ්න කරයි.

    මෙම පුද්ගලයාගේ දේශපාලන හිතවත්කම් සහ පසුගිය ජාතික ජන බලවේග මැතිවරණ ක්‍රියාකාරිකයෙක්ද වේ.

    Source
     

    Similar threads