වාද්දුව පොලිස් ස්ථානයෙදී පුද්ගලයෙකු මිය

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    වාද්දුව පොලිස් ස්ථානයෙදී පුද්ගලයෙකු මිය

    වාද්දුව පොලිස් ස්ථානය තුළදී පුද්ගලයෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ස්ථානාධිපතිවරයා ඇතුළු තුන් දෙනෙකු මාරුකර යවා තිබෙනවා.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ වාද්දුව පොලිසියේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න ගල්කිස්ස පොලිසියට මාරුකර යවා ඇති බවයි.

    අනෙක් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වෙනත් පොලිස් ස්ථානවලට මාරු කර යවා තිබෙනවා.

    වාද්දුව පොලිසියේ ස්ථානාධිපතිට විරුද්ධව ප්‍රදේශයේ හෝටල් හිමියෙකු විසින් පවරා ඇති මානව හිමිකම් නඩුවක ප්‍රධාන සාක්ශිකරු වන මෙම පුද්ගලයාව බොරු චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇත්තේ එයට පලි ගැනීමක් වශයෙන් බව ඔහුගේ පුතා පවසයි.

    ගංජා ළඟ තබා ගැනීමේ බොරු චෝදනාවක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇත්තේ පෙරේදා(15) දිනයේයී. මියගිය පුද්ගලයා වාද්දුව - දකුණ තල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි තිදරු පියෙක්.


    Man dies in Wadduwa police cell
    Tuesday, 17 April 2012 10:42

    A 42-year-old father of three identified who was a key witness in a Human Right case filed against the Wadduwa Police OIC and Police constables was found dead inside the cell of the Wadduwa police station on Sunday.

    The relatives of the victim said they were suspicious about the death and requested the Inspector General of Police to hold an inquiry.

    Panadura Acting Magistrate Ramani De Saram visited the Wadduwa Police, inspected the police cell and held the Magisterial Inquiry. She recorded the evidence of the victim’s eldest son Thushara Sampath who said he was informed on on Sunday morning that his father Chandrasiri Dahanayaka had been arrested by the policemen of the Wadduwa Police while he was cycling along the Galle Road at Thalpitiya South.

    The police alleged he was in the possession of two ganja cigars. When the son went to the Wadduwa police to meet his father who was in the Police cell he saw a bleeding injury on his face. He had come home and informed his mother. When he came back to the police again he was told that his father had died and the police had taken the body to the Panadura Base Hospital.

    The witness told the acting magistrate that his father was a key witness in a human right case filed against the Wadduwa Police OIC and certain police constables by a hotel owner. The witness said he suspected that the police had assaulted his father as an act of revenge. Panadura AJMO Dr. S Sumbamanium performed the autopsy and said he was unable to confirm the cause of the death.

    He recommended that the specimen of certain parts of the body be sent to the Government Analyst for examination and report. Further inquiry was put off for April 20.

    Panadura Police are conducting investigations on the direction of the Panadura SSP H M Dharmasena.

    Meanwhile the matter was brought to the notice of D I G Western Province and the Inspector General of Police by the children and relatives of the deceased who called for an impartial inquiry into the death of Chandrasiri Dahanayake. (K. S. Fernando)

    http://www.dailymirror.lk/news/17970-man-dies-in-wadduwa-police-cell.html
     
    • Like
    Reactions: asanka10 and su1993

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    වාද්දුව පොලිස් ඕ. අයි. සි ස්ථාන මාරුව;- පනින රිලවුන්ට ඉනිමන් බැදීමකි.

    හර්ෂි සි. පෙරේරා

    වාද්දුව පොලිසියේදී පුද්ගලයකු එනම් එහි ඕ. අයි. සි ට එරෙහි මුලික අයිතිවාසිකම් නඩුවේ ප්‍රදාන සාක්ෂිකරු මිය ගියේය. එයින් පසුව සිදුව ඇත්තේ මෙරට නිතිය සහ රාජ්‍ය සේවකයින්ගේ විනය විහිලුවෙනුත් විහිළුවක් බවට පත්වීමය. එනම් වාද්දුව ඕ. අයි. සි වඩා හොද අගනුවුර පිහිටි ගල්කිස්ස පොලිසියට මාරු කිරීමයි. මෙය පනින රිලවුන්ට ඉනිමන් බැදීමකි. අපි මෙම ක්‍රියාව හාස්‍යයෙන් යුතුව හෙළා දකින අතර මෙම ගාතනය සම්බන්දයෙන් සිදුවිය යුත්තේ ඕ. අයි. සි ගේ සහ අදාල නිලදාරීන්ගේ වැඩ තහනම් කිරීම බව තරයේ අවදාරණය කර සිටිමු.


    http://www.lankaguardian.com/2012/04/blog-post_5098.html
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    "නිමල් කරුණාරත්න(OIC) කියලා තියෙන්නේ අන්තිම උණ්ඩෙ උඹෙන් ඉවර කරන්න කියලා "-වාද්දුව පොලිසිය

    ශ්‍රී ලංකා පොලිසිය සාමාන්‍ය ජනයාට විරුද්දව වදහිංසා පැමිණවීම කිසිදු බාදාවකින් තොරව දිගටම කරගෙන යයි. පහත දැක්වෙන්නේ පොලිස් වදහින්සාවට විරුද්දව 28 හැවිරිදි තරුණයකු කල පැමිණිල්ලයි.

    ලිඛිත පැමිණිල්ල

    පාලමණ්ඩලිගේ ප‍්‍රසන්න රම්‍යජිත් ප‍්‍රනාන්දු වයස අවු: 28යි” විවාහක” දරුවන්: 01 යි”
    රැකියාව : ව්‍යාපාරික’ ලිපිනය : 28” ශ‍්‍රී වික‍්‍රම පාර” වාද්දුව’ 2011.08.03 දින දීය.

    2011.07.29 වන දින රාත‍්‍රී 10.30 පමණ මාගේ මල්ලි වන දිනූෂ මට දුරකථන ඇමතුමක්දී” මගේ නංගි වන ටිලෝමා ප‍්‍රභානි තවම ගෙදර පැමිණියේ නැති බව පවසා සිටියා’ ඒ අවස්ථාවේ මා සිටියේ මොරටුවේ පිහිටි මගේ බිරිඳ වන අනුෂ්කාගේ නිවසේයි.

    පසුව මා පැය කාලකින් එන බව පවසා” මගේ යතුරුපැදියෙන් අපේ ගෙදරට ගියා’ තාත්තා මේ බව පොලිසියටද පැමිණිලි කර තිබුණා’ පොලිසියෙන් පවසා තිබුණේ දන්න දෙයක් තිබෙනවානම් කියන ලෙසයි’ එදින මගේ අම්මාද ගෙදර නොසිටි අතර” ඇය රාත‍්‍රී සේවයේ යෙදී සිටියා’ (කළුබෝවිල රෝහල*)

    පසුව මා නංගී වැඩ කරන” සකුන්තලා හෝටලයේ අයිතිකරු වන සුගත් යන අයට කථා කළා’ ඔහු කියා සිටියේ” ඬඬමම හරියට දන්නෙ නෑ” පැතුම් කියලා කෙනෙක් ඇවිල්ලා තියෙනවා කියා ආරංචියිඬඬ කියායි’ පැතුම් නමැති අය ඬඬජහරියාඬඬ යනුවෙන් ප‍්‍රදේශයේ හඳුන්වනු ලබයි’ පසුව මට දැනගන්නට ලැබුණා ජහරියා නමැති අය අප අසල්වාසී ඬේව් නමැති අයගේ ත‍්‍රීරෝද රථයෙන් ගමන් බිමන් යන බව.

    පසුව මාත් මල්ලීත් ඬේව් යන අයගේ නිවසට ගොස්” මගේ නංගී ගෙදර පැමිණ නැති බවත්” පැතුම් හෙවත් ජහරියා නමැති අය ඬේව් සමග නංගීව ගෙනගොස් ඇති බවට සැකයක් ඇති බවත් පවසා සිටියා’ එවිට ඔහුගේ බිරිඳගේ මව කියා සිටියේ ඬේව් ගෙදර නැති බවත්” මොරොන්තුඩුවේ ත‍්‍රීවිල් හදන ගෙදර සිටින බවත්ය’ පසුව අප ත‍්‍රීවිල් හදන නන්දජිත් නමැති අයගේ නිවසට ගියා’ එහි ඬේව් නමැති අය සිටියා.

    මා ඬේව්ගෙන් මගේ නංගි හා පැතුම් හෙවත් ජහරියා නමැති අය ගැන විස්තර විමසා සිටි විට” ඬේව් දුවන්නට සැරසුණා’ එවිට මා ඬේව් ව අල්ලා ගත්තා’ ඒ අවස්ථාවේ ඬේව්ගේ කකුල පැටලී වැටුණා’ ඔහුගේ තොලද පැලී තිබුණා’ පසුව මාත් මල්ලීත් ඬේව් යන අයව අප නිවසට ගෙනගොස්” පසුව ආසන්නයේ තිබෙන වාද්දුව පොලිස් ස්ථානයට ගෙන ගියා’ මගේ තාත්තාත්” නැන්දාත්” තවත් අසල්වාසීන් දෙදෙනෙකුත් පොලිසියට ආවා.
    මා පොලිස් නිලධාරියෙකුට කිව්වා” මෙයාගේ ත‍්‍රීවිල් එකේ මගේ නංගිව ගෙනියලා තියෙන්නේ” මෙයාගෙන් අහන්න කියලා’ එවිට එම පොලිස් නිලධාරියා මට කුණුහරුපයක් කියා” ඬඬඅපිට ඕන විදිහට අපි විභාග කරන්නේ” ඉස්සෙල්ලා මේක විභාග කරලා ඉන්න ඕනා” උඹගේ නංගිව පස්සේ හොයලා දෙන්නම් කිව්වා’ එම නිලධාරියා මගේ මූණට අතින් පාරවල් තුනක් විතර ගැහුවා.

    මම කිව්වා මට ගහන්න කලින් මේ ප‍්‍රශ්නෙ විසඳලා ඉන්න” පෞද්ගලික තහරක්නේ මේ පිරිමහන්නේ කියලා’ එවිට එම නිලධාරියා” ඬඬපුද්ගලික දේවල් මට ඕන්නෑ අඩෝඬඬ කියලා තවත් පාරවල් දෙකක් ගැහුවා’ මට ගහන නිසා ඒ නිලධාරියාව මම තල්ලූකළා’ එවිට ඒ අවට සිටි නිලධාරින් 7 පමණ ඇවිත් මාව බිමදාගෙන මට අතින් පයින් පහර දුන්නා’ එසේ පැය කාලක් විතර මට පහරදුන්නා.

    මට මුලින්ම පහරදුන් නිලධාරියා කිව්වා මූව කූඩුවට දාපන් කියලා’ මම බිම වාඞීවී සිටියේ’ මම කිව්වා මට කූඩුවට යන්න බෑ කියලා’ පසුව ඒ නිලධාරින් මාව නැගිට්ටවලා නැවතත් අතින් පයින් මගේ යටි බඩට පහරදුන්නා’ මට පහරදෙන ගමන් මට මුලින්ම පහරදුන් නිලධාරියා” ඬඬමෙතන්ට ආවාම අපි තමයි චණ්ඩිඬඬ කියලා කුණුහරුපයක් කියා මට බැනලා” දණගහපන් කිව්වා’ පොලිස් නිලධාරින් පහරදීම නිසා මම ඒ වෙලාවේ ගොඩක් අමාරුවෙන් හිටියේ’ මා අමාරුවෙන් දණ ගැහුවා’ ඒ වෙලාවේ එහි සිටි නිමල් නමැති සාජන්වරයා” නිමල් කරුණාරත්න කියලා තියෙන්නේ අන්තිම උණ්ඩෙ උඹෙන් ඉවර කරන්න කියලා කිව්වා’ (වාද්දුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නම නිමල් කරුණාරත්නයි.)

    පසුව නිලධාරියෙකු පොතක් අරගෙන ඇවිත් ඬඬඋඹව ඉස්පිරිතාලේ ගෙනියන්න හදන්නේ” මේකේ අත්සන් නොකර උඹට ඉස්පිරිතාලේ යන්න බෑඬඬ කියා මගෙන් අත්සන් ගත්තා’ පසුව මාව පානදුර මූලික රෝහලට ගෙන ගියා’ මාව ගෙනගියේ මට මුලින්ම පහරදුන් නිලධාරියා හා තවත් නිලධාරින් තුන්දෙනෙක්” ජීප් රථයෙන්’
    පසුව මාව වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළා’ මම ඒ වෛද්‍යවරයාට කිව්වා මට පොලිස් නිලධාරින් පහරදුන් බව’ පසුව මාව 1 වන වාට්ටුවට ඇතුළත් කළා’ මා ළඟ පොලිස් නිලධාරින් දෙදෙනෙකු නවතා තැබුවා’ මගේ එක් අතකට හා රෝහල් ඇඳට තබා මාංචු දැමුවා’ අනිත් නිලධාරින් යන්න ගියා.

    2011.07.30 වන දින (පසුදින) උදේ මගේ ගෙදර අය මාව බලන්න ආවා’ වෛද්‍යවරු මාව පරික්ෂාකර බලා එක්ස්රේ ගත්තා’ දහවල් 12.00 පමණ අම්මා පැමිණියා’ අම්මා කියා සිටියේ” උදේ අම්මා මා බැලීමට වාද්දුව පොලිසියට ගිය බවත්” එවිට” මට රෝහලේදී ඇප දෙන බව පවසා සිටි බවත්ය’ පසුව මා ළඟ සිටි නිලධාරින් මට ඇප ලබාදුන්නා’ අම්මා ඇපයට අත්සන් කළා’ මා හට 2011.08.02 වන දින උසාවියට එන ලෙස පවසා එම නිලධාරින් ගියා.

    2011.07. 31 වන දින දහවල් අධිකරණ වෛද්‍යවරයා වෙත මා යොමු කළා’ එම වෛද්‍යවරයා මා පරික්ෂා කර බලා සටහන් කරගත්තා’ පසුව එදින ටිකට් කැපුවා’ මා දින 02 ක් පානදුර මූලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගත්තා.

    මා හට පොලිස් නිලධාරින්ගේ පහරදීම නිසා අමාරුවෙන් සිටි නිසා” 2011’ 08’ 02 වන දින මා හට අධිකරණයට යාමට නොහැකිවූ අතර” එදින අම්මා අධිකරණයට ගියා’ එහිදී මට විරුද්ධව නඩු දෙකක් පවරා ඇති බවත්” එම නඩු දෙකට” මා ඬේව් යන අයට පහරදීමත් හා මා පොලිසියේ කලහකාරී ලෙස හැසිරීමත් යන චෝදනා නගා තිබූ බව අම්මාගෙන් දැනගන්නට ලැබුණා.

    මේ වන තුරුත් මාගේ නංගී වන ටිලෝමා ප‍්‍රභානි ගැන කිසිදු තොරතුරක් දැනගැනීමට නොමැති අතර” වාද්දුව පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ද ගෙන නොමැත.

    මීට ඉහතදී” 2004 වසරේදී ද වාද්දුව පොලිසියේ නිමල් නමැති සාජන්වරයා ආරවුලක් සම්බන්ධයෙන් මට පහරදී නඩු පවරා තබේ.

     මාගේ නංගී අතුරුදහන් වීම සම්බන්ධව තොරතුරු දන්නා අයව පොලිසියට ගෙනගිය විට” එම ඬේව් නමැති පුද්ගලයාට විරුද්ධව නිතිමය පියවර නොගෙන” මා හට පරුෂ වචනයෙන් බැණවැදී ඉතා අමානුෂික ලෙස පහරදීම.

     ඬේව් නමැති පුද්ගලයාට මා පහරදුන් බවට හා පොලිසියේ කලහකාරී ලෙස හැසිරුණු බවට ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම.

     මාගේ නැගණිය අතුරුදහන්වීම පිළිබඳ කිසිදු නීතිමයට පියවරක් නොගැනීම.

    මා ඉල්ලා සිටින්නේ,

    1. ඉහත කරුණු සලකා බලා” මට පහරදී ව්‍යාජ නඩු පැවරූ වාද්දුව පොලිසියේ අදාළ නිලධාරින්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසත්,

    2. මාගේ නැගණිය අතුරුදහන්වීම සම්බන්ධව ඬේව් හා පැතුම් නොහොත් ජහරියා නමැති අයට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසත්,

    3. මටත් මගේ පවුලේ අයටත් නිදහසේ ජීවත් වීමට අවශ්‍ය ආරක්ෂාව සලසාදෙන ලෙසත්ය’

    පී’ ප‍්‍රසන්න රම්‍යජිත් ප‍්‍රනාන්දු
     

    fengshui

    Banned
    Apr 16, 2012
    141
    25
    0
    mu gamey indan transfer wela awilla thiyenna kolamba loku lokko jiwath wena galkissa pradeshayata. gamey dapu sellam muta kolamba daanna hamba wena ekak naha.
     
    Last edited:

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    mu gamey indan tranfer wela awilla thiyenna kolamba loku lokko jewath wena galkissa pradeshayata. gamey dapu sellam muta kolamba daanna hamba wena ekak naha.

    eka atta machan

    eth Galkissa kiyanne hena Ice place ekakne ban