වාන්ග මචා...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අද උදෑසන සිදු විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය අර්ජුන රණතුංග ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු ඇතුළුව
    සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට එක් විය. ඉන්දීය කලාපයේ ගුවන් ප්‍ර‍වාහනයේ අනගි අවස්ථාවක් බවට පත් වන යාපනය ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු රත්මලානෙන් යාපනයටත් යාපනයෙන් චෙන්නායි වෙතත් ගුවන් ගමන් ඇරඹෙන අතර ඉන්දියාවට ගමන් කරන ද්‍රවිඩ ජනතාවට මෙන්ම සිංහල බෞද්ධ දඹදිව වන්දනා බැතිමතුන්ට මෙම ගමන් මග පහසුවක් වනු ඇත.

    මින් ඉහත ගුවන් හමුදාවට අනුයුක්ත පලාලි

    ගුවන් පථය වැඩි දියුණු කර යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිර්මාණය වූ අතර විවෘත කිරිම වෙනුවෙන් අද උත්සවය පවත්වන අවස්ථාව වනවිට ගුවන් ගමන් සිදු කළ හැකි මට්ටමක තිබුණත් බාහිර අවසන් කළ යුතු වැඩ රාශියක් ඉතිරිව තිබූ අතර එම ඉදිකිරීම් නිම වෙන්නට පෙර මෙම විවෘත කිරීම සිදු කර ඇති බව හදුනාගන්නට ලැබිණි.

    උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීම සිදුවන්නේ සිංහලෙන්ද දෙමළෙන්ද යන්න ගැන පසුගිය දිනවල මතභේදකාරී තත්වයක් තිබූ අතර පසුව ගායනයකින් තොරව සංගීත අනුවාදනය කිරීම පමණක් සිදුවූ බවද වාර්තා වේ.

    ජාතික ගීය ගායනය කිරීම වෙනුවෙන් උත්සව සභාවට ළමුන් ගෙන්වා තිබුණත් ළමුන් ලවා ජාතික ගීය ගායනය කිරීමක් සිදුනොවුණි.


    lfKOuzW.jpg


    9pzFZZc.jpg
     
    Last edited: