වාරියපොළ කෙල්ල, කොල්ලෙක්ට ගැහුවේ 'දේශපාලන හයියෙන්'
තරුණියක් විසින් තරුණයකුට පහරදීමේ සිදුවීමක වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ.ඒ වාරියපොළ නගරයේදී තරුණියකට උසුළු විසුළු කළ තරුණයෙකුට පහර දෙන ආකාරයකි.
වාරියපොළ නගරයේදී තමන්ට විහිලු කළ බව පවසමින් තරුණයෙකුට පහරදුන් තරුණිය දේශපාලන බලය පාවිච්චි කරමින් එම පහරදීම සිදුකළාදැයි සැක පහළවී ඇත.
ඇය ආසන්නයේ සිටින ඇමති ආරක්ෂකයෙකුගේ ස්වරූපය රැගත් පුද්ගලයා සහ ඔහු විසින් පහරකෑමට ලක්වූ තරුණයාට විවිධ අවස්ථාවලදී නියෝග නිකුත් කිරීම එයට හේතුවය.
එමෙන්ම පහරදීම සිදුකරන තරුණිය "කවුරු කියලද හිතන් ඉන්නෙ" සහ "දැන් මතක තියාගනින් කවුද කියලා" යනුවෙන් පහර කෑ තරුණයාට කරන ලද ප්රකාශයන්ද සැකයට භාජනය වී ඇත.
කෙසේ වුවද නීතී විශාරදයින් පවසන්නේ ප්රසිද්ධියේ කරන ලද මෙම පහරදීමට එරෙහිව මෙම තරුණයාට නීතිමය ක්රියාමාර්ග ගත හැකි බවය.
Source : Mirror (19 August 2014)