වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර..
ලොව ඇති සොඳූරුම ඇසුර ලබමු
බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් ඇසුරුකරන්ට කැමති කෙනා, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට සේඛ ධර්ම ඇතිකරගන්ට ඕනැ. සේඛ ධර්ම ඇතිකරගෙන ඒ සේඛ ධර්ම පරිපූර්ණ කරගන්ට එයා කටයුතු කරන්ට ඕනැ. එතකොට ඒ සේඛ ධර්ම දියුණු වීමෙන් ම නිවන පිණිස අපේ සිත දියුණුවෙනව.
අපේ සිත දියුණුවීමට උපකාරවන සියළු ධර්මයන් ඒ සේඛ ධර්ම මුල්කරගෙන දියුණුකරගන්ට පුළුවන්කම තිබෙනව. ඒ විදිහට ඒ ධර්මයන් පුරුදුකරගන්න කෙනා බුදුරජාණන් වහනස්සේ නමක් ගෞරවයෙන් ඇසුරුකරන කෙනෙක් බවට පත්වෙනව. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ නමක් ගෞරවයෙන් ඇසුරුකිරීම ආරම්භකරන්නේ කොතනින් ද? සේඛ ධර්ම පුරුදුකරගැනීමෙන්.
ඒ විදිහට බුදුරජාණන් වහන්සේව ගෞරවයෙන් ඇසුරුකරන කෙනා, කැමතිවෙන්ට ඕනැ පිරිණිවන් පාන්ට යි. වෙන දෙයක් තියෙනවද? වෙන දේකට කැමතිවෙන්ට විදිහක් නෑ. බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් ඇසුරුකරන කෙනාට පිරිණිවන් පාන්ට සිද්ධවෙනව. ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමක් ඇසුරුකිරීමෙන් අත්කරගන්ට තිබෙන පරිපූර්ණ ලාභය.
ඒක තමයි ජීවිතයක් සුන්දරවීමෙන් ඇතිකරගන්ට තිබෙන පරිපූර්ණ ලාභය. ඒක තමයි සුන්දර බවේ අග්‍ර බව. අග්‍ර ම සුන්දර බව තියෙන්නෙ ඒ විදිහට ජීවිතය දියුණුවෙලායාමෙන්. අපිට අතීත ජීවිතවලදී මේ ධර්මය ලැබුනෙ නෑ. ධර්මය අවබෝධකරගන්ට බැරිවුනා. එහෙම වුනේ ඇයි? ඒ ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරුකරන්ට අපිට බැරිවුනා. බැරිවුනේ ඒ සඳහා වුවමනා කරන මූලික දේ අපි ඇතිකරගත්තෙ නෑ. මූලික බලය අපි ඇතිකරගත්තෙ නෑ.
මේ හිතේ හටගෙන තියෙන, හට ගන්නා රාගය, ද්වේෂය, මෝහය, ආදී ලාමක හීන වූ ස්වභාවයන් මඟින් තමයි සසරේ අපිව අරගෙන යන්නෙ. ඒ හීන ස්වභාවයන් වලින් හිත නිදහස්කරගන්ට සමාන්‍ය කටයුතුවලින් බෑ. ඒ සඳහා ලොකූ බලයක් ඕනැ. හිතේ තියෙන රාගය බැහැරකරගන්ට ලොකු බලයක් ඕනැ.
හිතේ තියෙන ද්වේෂය බැහැරකරගන්ට ලොකු බලයක් ඕනැ. හිතේ තියෙන මෝහය බැහැරකරගන්ට ලොකු බලයක් ඕනැ. ළාමක දේකින් බලවත් දෙයක් කරන්ට බෑ. මේ රාග, ද්වේෂ, මෝහ දුරුකරගන්ට අපි තුළ ඇතිකරගෙන තියෙන ලොකුම බලය තමයි සේඛ බලය.
සේඛ බල ඇතිකරගත්තොත් අන්න ඒ සේඛ බල මත පිහිටා අපිට පුළුවනි රාගය දුරුකරගන්ට, ද්වේෂය දුරුකරගන්ට, මෝහය දුරුකරගන්ට. ඊට අදාල ප්‍රතිපදාව ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් පුරුදුකරගන්ට අපිට පුළුවන්. ඒ රාග, ද්වේෂ, මෝහ දුරුකිරීම කියන එක එකපාරට සිද්ධවෙන්නෙ නෑ. එකපාරට කරන්ට පුළුවන් දෙයක් නෙවෙයි.
ඒක ක්රමාණුකූල වැඩපිළිවෙලක යෙදීම මඟින් සිදුවෙලා යන දෙයක්. ඒ සිතේ පරිපූර්ණ පිරිසිදු බව කියන එක, එක පාරට ඇති වෙන්නෙ නෑ. ඇති කරගන්ටත් බෑ. ඉතින් අපි ඒ වැඩපිළිවෙල හඳූනාගත්තොත්, ඒ වැඩපිළිවෙලේ යෙදෙන කෙනාට සිදුවෙන දේ තමයි සිත පිරිසිදුවෙලා යාම. සිත පිරිසිදු වෙන වැඩපිළිවෙලේ යෙදෙන කෙනාට සිත පිරිසිදුවීම සිද්ධවෙනව.
ඒ නිසා සිත පිරිසිදු වීම පිණිස ඒ වැඩපිලිවෙලේ ආරම්භය තමයි සේඛ ධර්ම ඇතිරකගැනීම. එසේ සේඛ ධර්ම ඇතිකරගන්න කෙනා භාග්‍යවතුන් වහන්සේගේ ඇසුරට හොඳින් පිවිසේනට දක්ෂයෙක් වෙනව. හොඳින් භාග්‍යවතුන් වහන්සේ ඇසුරුකරන්ට, ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේ ඇසුරුකරන්ට එයාට පුළුවන් කම තිබෙනව. ඒකට අවකාශය ඇතිවෙනව.
ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ නමක් ඇසුරුකරන කෙනාට පිරිණිවන්පාන්ට පුළුවන්කම තිබෙනව. එතකොට අපි භාග්‍යවතුන් වහන්සේ ඇසුරුකරන්ට කැමතිනම්, එසේ කැමතිවන අය විසින් ඊලඟට කැමතිවිය යුත්තේ මොකටද? පිරිණිවන් පාන්ට. එයා කැමතිවෙන්ට ඕනැ ඒකට. ඒ ඇසුර අවසන් වෙන්නේ පිරිණිවන් පෑමෙන්. ඒ ගෞරවණීය ඇසුර අවසන්වෙලා යනව. ඒක තමා මේ ලෝකෙ තියෙන අතිශයින් සුන්දර ම ඇසුරුකිරීම.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

Last edited: