වාස්තු-ජෝතිශ්‍ය

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වාස්තු-ජෝතිශ්‍ය

    මචන්,

    අපි හදන්න යන ගෙදර ප්ලෑනේ වාස්තු දෝශ බලල, ජෝතිශ්‍යානුකූලව වෙලාවල් හදාගන්න හොඳ පුද්ගලයෙක් දන්නව නම් කියන්නකෝ. පිලියන්ද, මහරගම, කොට්ටව, හෝමගම, කහතුඩුව අවටින් නම් හොදයි.

    බන්ඩාරගම පැත්තෙ ගෑනු කෙනෙක් ඉන්නවා එයාව අල්ලගන්න අමාරුයි බන්. උදේ 8-9 අතර කෝල් කරල වෙලාවක් ගන්න ඕනෙ. දවසට 20යි බලන්නෙ. 20සෙට් උනාම ෆෝන් ඕෆ් කරනවා. 8.15 වෙද්දි ඕෆ්. හරියට රේඩියෝ එකෙන් සින්දුවක් ඉල්ලනව වගේ.

    වෙන හොඳ කෙන්ක් දන්නව නම් කියන්න ප්ලීස් තැන්කූ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් පොඩි කාලේ හිටපු ගේ හදන්න plan ඇන්දේ ලංකාවේ සුපිරිම වාස්තු බලන එකෙක්. ඔක්කොම දේවල් හොඳම නැකත් බලලා කරලා අන්තිමට ගේ හදලා ඒ ගෙයි ඉන්න වුණේ අවුරුදු 3යි. ප්‍රශ්න ගොඩක් ඇවිත් අන්තිමට ඉඩමයි ගේයි වික්කා. ඒකෙන් පස්සේ තාත්තලා ඔය වාස්තු ගැන තියෙන විශ්වාසෙ ගොඩක් අඩු වුණා.

    දැන් ඉන්න ගේ හදන්න ඔක්කොම plan ඇන්දේ ගේ හදපු බාසුන්නාහේම තමයි. දැන් අවුරුදු 12ක් විතර මේ ගෙදර ඉන්නවා කිසි අවුලක් නැතුව.

    කෝකටත් හොඳ කෙනෙක් හොයාගෙන වැඩේ කරගනින් මචන්. ඒත් ඕනෙවට වඩා ඔය වගේ දේවල් ඔලුවට ගන්න යන්න එපා. අපේ ලොකු තාත්තා කෙනෙක් ඉන්නවා මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් ගේ වැරද්දක් කියලා ගේ කඩ කඩා වෙනස් කර කර හදනවා. තාමත් ප්‍රශ්න නම් එහෙමමයි.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මිත්‍යාවට යටැවෙන්න එපා බන්
    ලොල් බන් එහෙම යට වෙලා නෑ. චාරිත්‍ර ටික සහ වාස්තු ටික තමා බලන්නෙ. වාස්තුවිද්‍යාවක්. ඔය ටිකවත් බලන්නෙ නෑ ගෙදර අය නහයෙන් අඩන්නෙ නැත්නම්
    :lol:
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    හොරණ තක්ෂිලා උයනේ ඉන්නවා සම්පත් කියලා මහත්මයෙක් වෙලාවල් බලන වාස්තු බලන බහිරව පිදවෙනි දෙන අවශ්‍ය නම් දෙන්නම් හොදයි වවාගෙන කන කෙනෙක් නම් නෙමෙයි මගේ ගෙදරත් වාස්තු බැලුවේ ලිද කපන තැන ටොයිලට් වල ඒහෙම කිව්වේ මෙයා

    ඒවයේ සත්‍ය තාවයක් නැ කියලා කියන්න ඒපා ඒවයේ අැත්තක් තියෙනවා වාස්තු දොෂ බලනවා කියන්නේ මිත්‍යාවක් නෙමේ ශක්තිය ගලා යැම නිවැරිදි බල තුලිත විම නිවසට වාතාශ්‍රය ලැබිම වගේ දෙවල් තමයි බලන්නේ
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මමත් පොඩි කාලේ හිටපු ගේ හදන්න plan ඇන්දේ ලංකාවේ සුපිරිම වාස්තු බලන එකෙක්. ඔක්කොම දේවල් හොඳම නැකත් බලලා කරලා අන්තිමට ගේ හදලා ඒ ගෙයි ඉන්න වුණේ අවුරුදු 3යි. ප්‍රශ්න ගොඩක් ඇවිත් අන්තිමට ඉඩමයි ගේයි වික්කා. ඒකෙන් පස්සේ තාත්තලා ඔය වාස්තු ගැන තියෙන විශ්වාසෙ ගොඩක් අඩු වුණා.

    දැන් ඉන්න ගේ හදන්න ඔක්කොම plan ඇන්දේ ගේ හදපු බාසුන්නාහේම තමයි. දැන් අවුරුදු 12ක් විතර මේ ගෙදර ඉන්නවා කිසි අවුලක් නැතුව.

    කෝකටත් හොඳ කෙනෙක් හොයාගෙන වැඩේ කරගනින් මචන්. ඒත් ඕනෙවට වඩා ඔය වගේ දේවල් ඔලුවට ගන්න යන්න එපා. අපේ ලොකු තාත්තා කෙනෙක් ඉන්නවා මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් ගේ වැරද්දක් කියලා ගේ කඩ කඩා වෙනස් කර කර හදනවා. තාමත් ප්‍රශ්න නම් එහෙමමයි.
    ඕක චාරිත්‍රයක් විතරයි බන්. ගෙදර ප්‍රශ්නෙ එන්නෙ මගුල වාස්තු දෝශ් නිසා නෙමේ. ඉන්න උන්ගෙ ප්‍රශ්න නිසා. ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මචන් මේ, plan එක පෙන්නපන් හොඳ architect කෙනෙක්ට. වාස්තු විද්‍යාවෙ කියන ඔක්කොම වගේ ඒ මිනිස්සු දන්නව. ජ්‍යෝතිෂ්‍ය කාරයෝ ගෙවල් හදන වැඩේට ගාවගන්ඩ එපා.