වාහනයක ඉන්ධන භාවිතය අඩු කර ගැනීමට

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    වාහනයක ඉන්ධන භාවිතය අඩු කර ගැනීමට

    ඔබ ඔබේ මෝටර් රථය හෝ මෝටර් බයිසිකලය ධාවනය කරන ආකාරය මෙන්ම මෝටර් රථයේ තත්වය අනුව වැයවන ඉන්ධන ප්‍රමාණය වෙනස් වේ. පහතින් දැක්වෙන්නේ ඉන්ධන මෙන්ම මුදල් ද ඉතුරකරගත හැකි විදි කිහිපයකි.

    1. කෙටි ගමන් වාර අඩු කිරීම.

    සාමාන්‍යෙයන් වාහනයක් ගමනාරම්භයේ දී හා කෙටි ගමන් වලදී වැඩි වශයෙන් ඉන්ධන භාවිත කරයි. එනම් එංජිම නිෂ්චිත උෂ්ණත්වයට පත් වන තෙක් වාහනය නිසි පරිදි කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක නොවේ. සාමාන්‍යයෙන් කිලෝ මීටර් 5කට අඩු ගමන් වාර වලදී වාහනය නිසි උෂ්ණත්නයට පත් වීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොලැබේ. ඒ නිසා කෙටි ගමන් වාර ප්‍රමාණය අඩු කිරීමෙන් වාහනයේ ඉන්ධන අරපිරිමැස්ම සඳහා බෙහෙවින් දායක වේ.


    2. නිවැරදි ගියරයේ (Gear) ධාවනය කිරීම.

    අවශ්‍ය ගියරයට වඩා අඩු ගියරයක ධාවනය කිරීම වැඩි වශයෙන් ඉන්ධන දහනය සඳහා හේතු වේ. ඒ නිසා manual වාහනයකනම් වාහනය ධාවනය පහසු වන සෑම විටම ගියරය ඉහළ දැමීමත්, අනවශ්‍ය පරිදි accelerator එක තද නොකිරීමත් යෝග්‍ය වේ.

    Automatic ගියර් සහිත වාහනයක අවශ්‍ය පරිදි ගියර් ඉහළ දැමීමේ කාර්යය ස්වයංක්‍රීයව සිදු වුවත් නිතර නිතර වේගය අඩු කිරීම, නැවැත්වීම වැනි දේ නිසා සාපේක්ෂව වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වේ.


    3. මෘදු ලෙස ධාවනය කරන්න.

    විටින් විට නවත්වමින් ධාවන කිරීමට වඩා එක දිගට නියත වේගයක ධාවනය කිරීම ඉන්ධන භාවිතය අතින් හිතකර දෙයක්. ඒ නිසා හැකි තරම් වාහන තදබදය අඩු මාර්ග හෝ අධිවේගී මාර්ග වල ධාවනය පෙළඹෙන්න.


    4. එංජිම පණගන්වා නවත්වා තැබීමෙන් වලකින්න.

    බොහොමයක් මොටර් රථ එංජිම පණගන්වා රත් වීමට තැබිය යුතු නැහැ. එය සම්පූර්ණයෙන්ම ඉන්ධන නාස්තියක්. එමෙන්ම වාහනය ධාවනය කරන විටත් කෙට් වෙලාවකට හෝ නවත්වා සිටී නම් එංජින අක්‍රිය කිරීම සුදුසුයි. බොහෝ දෙනෙකු සිතන්නේ එංජිම පණගැනවීමේදී අධික ඉන්ධන ප්‍රමාණයක් වැය වේ යැයි කියායි. එහෙත් නවත්වා ඇති විට එංජිම පණගන්වා තබනවාට වඩා එංජිම අක්‍රිය කර තැබීමෙන් වැඩි ඉන්ධන ප්‍රමාණයක් ඉතුරු කර ගත හැක.


    5. අධික වේගයෙන් යාම නුසුදුසුයි.

    පැයට කිලෝමීටර් 90ක (90 km/h) වේගයට පසුව අධික ලෙස ඉන්ධන වැය වේ. 110 km/h කදීට වඩා සියයට 25ක් පමණ ඉන්ධන ප්‍රමාණයක් අඩුවෙනුයි 90 km/h දී වැය වන්නේ.


    6. වායුගතික ප්‍රතිරෝධය අඩු කිරීම.

    වීදුරු විවර කර තැබීම, roof racks හා spoilers සවි කිරීම වැනි දේවල් නිසා වායු ප්‍රතිරෝධය අධික වී ඉන්ධන භාවිතාව වැඩිවේ. වහලේ යම් දෙයක් රැගෙන ගෙන යාමට ඇත්නම් එය අනාකූල ලෙස වායු ප්‍රතිරෝධය අඩු වන පරිදි පටවා ගෙන යාමෙන් ඉන්ධන භාවිතාව සියයයට 20ක් දක්වා අඩු කර ගත හැක.


    7. ටයර් පිළිබඳ සැලකිලිමත් වීම.

    සෑම විටම ටයර් වලට උපරිම ප්‍රමාණයට වායු පීඩනය ලබාදී ධාවනය කරන්න. එමෙන්ම වාහනයේ රෝද නිවැරදිව align වී ඇත්දැයි තහවුරු කරගන්න. ටයර් පිළිබඳව සැලකිලිමත් වීමෙන් ඔබේ ඉන්ධන ඉතුරු වනවා මෙන්ම ටයර් වල ආයුකාලයද වැඩිවීමට හේතු වනවා.


    8. නිවැරදිව A/C භාවිත කරන්න.

    සාමාන්‍යෙයන් වායුසමීකරණය සඳහා සියයට 10 පමණ අමතර ඉන්ධන ප්‍රමාණයක් වැයවේ. එහෙත් 80 km/hකට වඩා වැඩි වේග වලදී වීදුරු විවර කර යනවාට වඩා වායුසමීකරණය on කර ධාවනයේ යෙදීම සුදුසුයි. මන්ද වීදුරු විවර කිරීමෙන් ලැබෙන වායු ප්‍රතිරෝධය නිසා වැය වන ඉන්ධන ප්‍රමාණය සාපේක්ෂව ඉහළයි. ඔබ වාහනයෙන් ගමන් ආරම්භ කරන විට වාහනයේ ඇතුලත උෂ්ණත්වය ඉහළ නම් මිනිත්තු 5ක් වැනි කෙටි කාලයක් වීදුරු විවර කර අනතුරුව වායුසමීකරණය ක්‍රියාත්මක කිරීම සුදුසුයි.


    9. හැකි තරම් බර අඩුවෙන් ධාවනය කිරීම.

    රැගෙන යන බර ප්‍රමාණය වැඩි වන විට නිතැතින්ම වැය වන ඉන්ධන ප්‍රමාණයද ඉහළ යයි. මෝටර් රථය ගබඩා කාමරයක් ලෙස භාවිත කරන්න එපා. අනවශ්‍ය උපකරණ, ක්‍රීඩා භාණ්ඩ වැනි දේ අවශ්‍ය විට පමණක් වාහනයේ පටවාගෙන යාමෙන් ඉන්ධන නාස්තිය සැලකිය යුතු ලෙස අවම කර ගත හැක.


    10. වාහනය සෑම විටම හොඳ තත්වයේ තබා ගන්න.

    වාහනය නියම තත්වයේ තබා ගැනීමට නියමිත වේලාවට නඩත්තු කරන්න. නිෂ්පාදන ආයතනය විසින් නිකුත් කරන ලද පොතේ ඇති පරිදි නියමිත කාල වේලාවට සේවා (Service) කර නියමිත පරිදී එංජින් ඔයිල් මාරු කරන්න. නිෂ්පාදිත ආයතනය විසින් නියම කරන ලද පෙට්‍රල් පමණක් භාවිත කරන්න. Premium වර්ගයේ පෙට්‍රල් භාවිත කිරීමට නිපැයූ මෝටර් රථයක සාමාන්‍ය පෙට්‍රල් භාවිත කර ධාවනය කිරීමෙන් වැඩි පෙට්‍රල් හානියක් සිදුවනවා මෙන්ම වාහනයේ ජවය අඩු වීමටද හේතුවේ. එමෙන්ම සාමාන්‍ය පෙට්‍රල් සඳහා නිපදවූ මෝටර් රථයක Premium වර්ගයේ පෙට්‍රල් භාවිතයෙන් ඉන්ධන භාවිතය කාර්යක්ෂම බවක් සිදූවූවත් සාපේක්ෂව බලන කල එය ඉන්ධන සඳහා අමතර මුදලක් වැය කිරීමක්.

    මේ දේවල් වලට අමතරව ඉන්ධන කාර්යක්ෂමව භාවිත කරන්නට ඔබට කළ හැකි දේ තිබෙනවා නම් එ්වා පහතින් දක්වන්න.



    බුකියෙන් ගත්තේ හොදයි නම් සලකල යන්න..:yes::yes:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මේ දේවල් වලට අමතරව ඉන්ධන කාර්යක්ෂමව භාවිත කරන්නට ඔබට කළ හැකි දේ තිබෙනවා නම් එ්වා පහතින් දක්වන්න.

    :yes:
     

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    මෙ කාලේ හැටියට හුගක් වැදගත් තේරෙඩි එකක්.තැන්ක්ස් දැමිමට....කටිටිය කියනවා ෆුල් ටැන්ක් තෙල් ගහලා දුවනකොටත් තෙල් හොදට කරනවා කියලා.මම ඇත්තද නැත්තද කියලා දන්නේ නැ..
     
    • Like
    Reactions: raveenrdk