වාහනේ වතුරට වැටුනොත් කොහොමද බේරෙන්නේ?🛑🚨⚠️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,075
    113
    වාහනේ වතුරට වැටුනොත් කොහොමද බේරෙන්නේ?
    ගගකට /canal එකකට/ගං වතුරට වැටුණු වාහනයකින් බේරෙන්නේ කොහොමද?)


    4IbdCmW.jpeg



    Kalmunai දී Vezel මෝටර් රථයක් canal එකකට වැටී සිදුවු අනතුරින් අවාසනාවන්ත ලෙස ඒකේ ගමන් ගත් තිදෙනා ජීවිතක්ෂයට පත් උනා 🏳️😢,

    ඒ නිසා මේ වගේ විපත් ඇති උනොත් අපි ක්‍රියා කළ යුතු ආකාරය ගැන දැනුවත් වීම ඉතා වැදගත්.

    දැන් බලමු වාහනේ වතුරට වැටුනොත් මොකක්‌ද කරන්නේ කියලා?
    මේකේ තියන පලවෙනි chance එක තමයි වාහනේ වතුරට වැටුන ගමන් ගිලෙන්නේ නෑ. විනාඩි 1–2 car එක පාවෙනවා. අන්න ඒ වෙලාවෙන් තමයි අපි ජීවත් වෙනවද නැත්නම් ගිලෙනවද කියලා තීරණය වෙන්නේ.

    ඒ නිසා panic වෙන එක නවත්වලා ඉතා ඉකමනින් මේ ටික කරන්න.

    1️⃣ මුලින්ම Seatbelt එක ගලවන්න
    (මතක තියාගන්න: Seatbelt මුලින්ම ගැලෙව්වේ නැත්නම් ඔයාට එලියට එන්න වෙන්නේ නෑ .)

    2️⃣ පුළුවන් ඉක්මනට windows අරින්න බලන්න
    Power Windows සාමාන්‍යයෙන් තත්පර 30–60 වතුරේ උනත් වැඩ කරනවා
    මොකද,
    👉 Engine එක off උනත්, battery short උනත්, power windows තත්පර ගානක් වැඩ කරනවා.

    3️⃣ වීදුරුව අරින්න බැරි නම් ? Side එකේ එක වීදුරුවක් කඩා ගන්න ඕනේ
    windscreen එක බිදින්න යන්න එපා ඒක බිදින්න අමාරුයි තව ඒක බිදින්න වෙලාවකුත් නෑ.

    🔨කොහොමද වීදුරුව කඩන්නේ?
    වාහනේ තියන seat headrest එක use කරන්න පුළුවන්.
    How to do it:
    Headrest එක remove කරන්න (rods 2 තියනවා ඒක push කරගෙන headrest එක උඩට pull කරන්න)
    ඊටපස්සේ headrests එකේ තියන යකඩ කූරු දෙකෙන් side වීදුරුවක කොනකට හය්යෙන් ගහන්න කොනකට ගැහුවම ඉක්මනට කුඩු වෙනවා
    වීදුරුව කුඩු උනාම කකුලෙන් හරි අතින් හරි ගහල සම්පුර්ණයෙන්ම ගලවල headrest එකත් අරගෙන එලියට යන්න මොකද ඔයාට පීනන්න බැරි නම් headrest එකෙන් උඩ ඉන්න පුළුවන්.

    uXkjkTd.jpeg


    4️⃣Door එක open කරන්න try කරන්න එපා වැඩක් නෑ
    ❌ Water pressure එක වැඩි උනාම door එක open කරන්න බෑ. දොර ඇරියොත් beeding gap වලින් වතුර ඇතුලට එනවා එතකොට වාහනේ ඉක්මනින් ගිලෙනවා .

    5️⃣ මුලින්ම වාහනෙන් පොඩි ළමයි ඉන්නවනම් එයාල තමයි මුලින්ම එලියට යවන්න ඕනේ (මේක හබැය් අවධානම් rescue team එකක් එළියේ ඉන්නවනම් පුළුවන් නැත්නම් ලොකු කෙනෙක් එලියට ගිහින් පොඩි ළමයි ගන්න ඕනේ )

    🚫 මේ ටික කරන්න එපා
    • Door එක open කරන්න එපා
    • Phone එකෙන් call ගන්න try කරන්න එපා වෙලව නෑ
    • Panic වෙන්න එපා
    • Back seat glass එක break කරන්න try කරන්න එපා ඉස්සරහ වීදුරු 2 ලේසි, අනිත් එක සමහර වාහන වල පිටිපස්සේ වීදුරුව පොඩි වැඩි එලියට එන්න බෑ .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,470
    67,809
    113
    Widuruwa keduwath bada ussagena widruwen panidda puluwanda ban sinhaluta.bada hirawena okotama kalin