ලංකාවේ EV අද තත්වය

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,869
    8,230
    113


    දැනගෙන ගන්න දැනගෙන යන්න...

    ලංකාවේ සාමාන්‍ය ගෙවල් වල වාහන පාවිච්චි වෙන විදි දෙකක් තියනවා.

    1. එදිනෙදා රස්සාවට යන්න ළමයි ඉස්කෝලේ දාන්න ගන්න වගේ දේවල් වලට දවස ගානේ පාවිච්චි කරන වාහන

    2. Weekend එකට හෝ නිවාඩු දවසකට විතරක් පාවිච්චි කරන එහෙම නැත්නම් හදිස්සියකට විතරක් පාවිච්චි කරන වාහන. මේවා තියන අය තමන්ගේ එදිනෙදා වැඩ කරගන්න වෙනම ප්‍රවාහන සේවා පාවිච්චි කරනවා..

    හරි මුලින්ම මේ දෙවනි කාණ්ඩය ඉන්නවා නේ. අද කාලෙ හැටියට උනත් එයාලට හරියන්නේ ප්‍රෙටල් හෝ ඩීසල් වාහනයක්. අඩුගානේ hybrid එකක් වත් හරියන්නේ නෑ. හේතුව එයාලගේ පාවිච්චිය අවම නිසා.

    පළවෙනි category එකට ගියාම ඊළඟට බලන්න ඕනේ එදිනෙදා පාවිච්චියට වාහනේ කොච්චර දුවනවද කියන එක. වාහනේ දුවන දුර ප්‍රමාණය දවසකට KM 30 විතර පනිනවා නම් මේ වගේ වාහනයක් හොයන අයට hydrid එකක් හෝ EV එකක් පාවිච්චි කරන එකෙන් වාසියක් තියනවා.
    ඇයි වාහනේ නිතර දුවන්නේ නැත්නම් battery එකක් තියන EV එකක් හෝ hybrid එකක් ගන්න එපා කියන්නේ ??

    සරලම හේතුව මේ වාහන වල කාලයත් එක්ක battery එකේ ක්ෂයවීම නිසා වෙන වියදම වෙනුවට තියන gain එක එන්නේ ඔයාගේ ඉන්ධන වියදම් අඩු කිරීම මගින්. හැබැයි ඒ වාසිය එන්නේ වාහනේ දුවනවා නම් විතරයි..

    දැන් EV පැත්තට හැරෙමු...

    EV එකක් ගත්තම එකට එක charge එකකින් යන්න පුළුවන් දුරක් තියනවා. ඒ වගේම ඒක charge කරන්න පුළුවන් speeds තියනවා.

    ගෙදරදී charge කරනවා නම් ඔයා කරන්නේ slow charging. ( Fast charging කරන්න නම් වෙනම වියදම් කරලා charger එකක් ගෙදර හයි කරගන්න ඕනේ සහ එකට ගැලපෙන power supply connection එකක් ඕනේ )

    දැන් EV එකක් පාවිච්චි කරන එකේ ප්‍රායෝගික පැත්ත බලමු.

    1. තමන්ගේ ගෙදර තමන්ට අවශ්‍ය වෙලාවට charge කරගන්න පුළුවන්. හැබැයි slow නිසා වෙලා යනවා. වාහනේ අවශ්‍ය නොවෙන වෙලාවට මේක කරගන්න පුළුවන්.

    2. වාහනේ ඇත්ත range එක 300km කියලා හිතමු. අතර මැද්දේ හදිස්සියක් උනොත් , traffic , පාර block වගේ කියන දේවල් වලට 25% විතර safe margin එකක් අයින් කරමු . එතකොට එනවා 225km.

    මෙන්න මේ දුර ඇතුලේ ඔයාට ආපහු ගෙදර එන්න හෝ පුද්ගලිකව ( ගමේ ගෙදර ගියා කියමු ) charge කරන්න සහ නවතින්න පුළුවන් තැනක් වෙනකං ගමනක් කිසි බයක් නැතුව පෙට්‍රල් හෝ hybrid වාහනයක් වගේම යන්න පුළුවන්.

    3. අංක 2 කියන සීමාවෙන් එහාට යනවා නම් , ඔයාට ඔයාගේ control එක නැති තැනකින් charge කරගන්න වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ගමන charge කිරීම එක්ක plan කරන්න වෙනවා.

    Charger එක වැඩ කරනවා ද, එතන කොච්චරක් පොලීමද කියන එක වගේම , රෑ නවතින හෝටලයක් නම් ඔයා හැර තව EV ඉන්නවා නම් සම්පූර්ණයෙන් ආපහු charge කරගන්න වෙලා හම්බවෙයිද කියන වගේ ඔයාගේ control එකෙන් පිට තියන factors එක්ක ගමන plan කරන්න වෙනවා.
    කවුරු ඔලුවෙන් හිටගෙන කිව්වත් මේක තමා ප්‍රායෝගික තත්වය.

    4. දුර ගමන් කරන්නේ නැතත් ගෙදර එකම වාහනේ EV එක නම් හැම වෙලේම තමන් ගමන් සදහා වෙන් කරන range එක වෙන්න ඕනේත් මේ 75% හෝ අමතර 30-50km වගේ range එකක් අයින් කරලා. හේතුව තමා ගෙදර වාහනයක් තියනවා නම් හදිස්සියක් වෙනුවෙන් පාවිච්චි කරන්න ඕනේ වීම. අසනීපයකට hospital යන්න වගේ දේකට වාහනේ සූදානම්ව තියන්න ඕනේ නිසා. බින්දුවට බස්සගෙන ගෙදර ඇවිල්ලා බෑ. පෙට්‍රල් එකක් තිබ්බත් අපි ටැංකියේ තෙල් ටිකක් තියන ඉන්නවා වගේ තමා මේක...

    5. EV එකක් ගන්නවා නම් අවුරුදු 5-10 ඇතුලේ ගෙවන ගානට හරියන්න වැඩක් ගන්න බලාගෙන ගන්න. සරලවම කියනවා නම් පට්ට ගහන්න බලාගෙන යන්න. පෙට්‍රල් වාහනයක් වගේ දුම් අල්ලාගෙන තියලා ආපහු විකුණන ගාන හරහා වාසි ගන්න බලාගෙන ගන්න එපා...
    මේක තමා අද කාලේ හැටියට තත්ත්වය. තව අවුරුදු 10ක් යද්දී මේ දේවල් වෙනස් වෙලා තියෙයි...

    Copied
    😍
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,759
    1,274
    113
    Mars
    city car ekak hatiyata EV podi car ekak hodai, lankawe thawa models enna ona.

    hodama de thama wifeta EV ekak ganna kiyapan.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,045
    46,521
    113
    5 years yaddi hydrogen technology awilla EV ma obsolete tamai
    මට තියෙන ප්‍රශ්ණේ.....අල්ලපු ගෙදර ඵකා අඳින අැඳුමටත් ඉරිසියා කරන සිරි ලාංකිකයෝ අැයි බං මේ තරම් EV ගන්න අයට විතරක් අාදරේ...බැලුුවොත් EV ගැන හෑල්ලක්..නැත්නම් EV ගන්න ඵපා අරකයි මේකයි කිය කිය පුදුම අාදරයක් තියෙන්නේ🤣👍
     
    1)හැමදාම ස්කෝලෙට ළමයි අරන් යන්න 12.5km යනවා අපහු 2pm ගෙදර එන්න ඕනි ආපහු බිස්නස් එකට යන්න 12.5km යනවා ගෙදර එන්න 12.5km ස්මනයෙන් දවසකට
    50km -75km යනවා ඕකට මම තියන් ඉන්නේ 1991 L 200 2w cab එකක් 23-25km අතර කරනවා ලීටර් එකකින් විත් අ A/C එක්ක.(මේක ගත්තේ ලක්ෂ 24කට 2019)
    2) කොහේ හරි යන්න තියන් ඉන්නේ මොන්ටෙරෝ එක එකනං 6-8km කරන්නේ (මේක ගත්තේ ලක්ෂ 75කට 2014)
    මට නං EV වලට වඩා ලාබයි.