වාහන අංක තහඩුත් හිඟවෙයි!

monson

Well-known member
  • May 7, 2007
    25,573
    28,482
    113
    මෝටර් වාහනයක් නව ලියාපදිංචියේදී අංක තහඩු නිකුත් කිරීම අත්‍යාවශ්‍ය වුවත් අංක තහඩුවල හිඟතාව හේතුවෙන් නව ලියාපදිංචි කරන ලද මෝටර් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම පසුගිය 28 වනදා සිට තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

    මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද දැනුවත් කර ඇති අතර නව මෝටර් රථ ලියාපදිංචි කරන මෝටර් රථ හිමියන්ට ද ලිපියක් මගින් දැනුම් දී තිබේ.

    ඒ අනුව නව ලියාපදිංචි කරන ලද මෝටර් රථවලට තාවකාලික අංක තහඩු සවිකර ධාවනය කිරීමට අවසර ලබාදී ඇති බවයි පොලිස් රථ වාහන කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

    වාහන අංක තහඩු නිකුත් කිරීම සඳහා නව ආයතනයක් තෝරාගැනීම වෙනුවෙන් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර මේ වනවිට එහි තාක්ෂණික ඇගයීම් අවසන් වී ඇති බවත් මොරටුව විශ්වවිද්‍යාලයෙන් එහි වාර්තාව ලැබුණු පසුව නව සැපයුම්කරුවකු තෝරාගෙන අංක තහඩු නිකුත් කිරීම නැවත ආරම්භ කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසා ඇත.

    image-18.png


    - https://sinhala.lankanewsweb.net/05/16/164276/