වාහන ආනයනය සියයට 93.9 කින් ඉහළට

monson

Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    වාහන ආනයනය සියයට 93.9 කින් ඉහළට

    මෙන්න! කාර් වලින් ලංකාව පිරුණු හැටි. මුල් මාස පහේ ඩොලර් මිලියන 478 ක වාහන ගෙන්වලා

    ශ්‍රී ලංකා මහ බැංකු විසින් නිකුත් කර තිබෙන නවතම ආනයන දත්ත මගින් අනාවරණය වන්නේ මේ වසරේ මුල් මාස පහ තුළදී ලංකාවට සිදුකළ ආනයන වලින් දෙවැනියට වැඩියෙන්ම වර්ධනය වී තිබෙන්නේ වාහන ආනයන බවයි.

    මේ අනුව, 2015 ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා ලංකාවට ආනයනය කළ වාහනවල වර්ධනය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 93.9 කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

    මේ අනුව, මෙම මාස පහ තුළදී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 477.9 ක් වටිනා වාහන ගෙන්වා තිබෙන අතර ගිය වසරේ මුල් මාස පහ තුළදී ගෙන්වා තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 246.4 ක් වටිනා වාහන පමණි.

    මෙහිදී, කැපී පෙනෙන තවත් කාරණයක් වන්නේ මෙම කාලය තුළදී වැඩිම ආනයන වර්ධනයක් පෙන්වා තිබෙන්නේද වාහන වලට සම්බන්ධ ආනයන කාණ්ඩයක් වීමයි.

    එනම්, ජනවාරි සිට මැයි දක්වා මාස 05 ක කාලය තුළදී පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ප්‍රවාහන උපකරණ ආනයනය සියයට 123.6 කින් වර්ධනය වී වැඩිම ආනයන වර්ධනයක් පෙන්වා ඇත.

    පසුගිය වසරේ අදාළ කාලයේදී ඩොලර් මිලියන 196.6 ක ප්‍රවාහන උපකරණ ලංකාවට ගෙන්වා තිබූ අතර මෙම ප්‍රමාණය මේ වසරේ මුල් මාස පහ තුළදී ඩොලර් මිලියන 439.5 ක් දක්වා වර්ධනය වී ඇත.

    නව රජය විසින් කුඩා මෝටර් රථවල මිල ගණන් අඩු කිරීම නිසා පසුගිය කාලයේදී ලංකාවට ගෙන්වන කුඩා මෝටර් රථ ප්‍රමාණය විශාල ලෙස ඉහළ නැගුණි.


    - http://www.adaderana.lk/biz/මෙන්න-කාර්-වලින්-ලංකාව-පි/