වාහන විත්ති 419 - වාහනයක් ඩොලර් 10 යයි… !
කලකට පෙර එක්තරා විශේෂඥයෙක් මෙසේ කියා සිටියේය. … “ලෝකයේ ඉලෙක්ට්‍රොනික සහ පරිඝනක තාක්ෂණය” දියුණු වෙමින් ලාභ වන ආකාරයට වාහන ක්ෂේත්රය දියුණු වේ නම්, අනාගතයේ මෝටර් රථයක මිළ වනු යේ ඩොලර් 10 කි. ..!... !!
මේ ලාභ වීම යතාර්ථයක් බව පෙනී යයි. නමුත් ඒ ලාභය මෝටර් රථ ක්ෂේත්රයේ වෙනත් පැති කඩක් දියුණු කරන්නට ඇමරිකාවේ ටෙස්ලා සමාගම උනන්දු වන බවක් පෙනී යයි. එනම් ඉහත කී විශේෂඥයාට අමතක වූ එක් දෙයක් වන්නට ඇත්තේ, නුදුරු අනාගතයේ එන්නට නියමිත ‘ස්වයං පාලිත වාහනයි’. ස්වයං පාලිත වාහනයක් යනු මිනිස් අතකින් පාලනය වන වාහනයක් මෙන්ම ක්‍රියාත්මක වන වාහන වේ. බොහෝ විට තාක්ෂණයේ දියුණුව සමඟ එසේ පරිඝනකයකින් පාලනය වන වාහන මිනිසා අභිබවා යාම යතාර්ථයක් වේ.
ටොයෝටා, වොක්ස්වැගන් වැනි වෙනත් සම්ප්‍රදායික වාහන සමාගම් හැරෙන්නට පෙර, ඒ ‘ස්වයං පාළිත වාහන හැකියාව’ ද ලබා දෙමින් ටෙස්ලා සමාගමේ වාහන වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. දුර ගමනක් යන විට වාහනයක් එළවා ගෙන යන්නේ නොමැතිව එය පරිඝනකයකට භාර කර කාලය ඉතිරි කර ගැනීම මෙහි බලාපොරොත්තුව වේ.
මේ ඉලෙක්ට්‍රොනික දියුණුව පමණක් නොව, වාහනයක් විකිණීමට අවශ්‍ය අනෙක් කාර්මික නොවන සියළු පසුබිම් පරාමිතික අතරින්ද ටෙස්ලා සමගම මූලික ස්ථානයක් ගනී.
‘නිකේ’ යනු ලොව මූල්‍ය ආයතන ගැන අනාවැකි කියන විශාලතම ආයතනය වේ. ටෙස්ලා මොඩල් 3 වාහනයක් සම්පූර්ණ කෑලි වලට ගලවා ලැබූ නිරීක්ෂණය අනුව ඔවුන් මෙසේ කියති. වර්තමාන වෙළඳපල සහ නිෂ්පාදන කොන්දේසි සමඟ සැසඳීමේදී ටෙස්ලා සහ ටොයෝටා අතර විශාල පරතරයක් ඇතිවී තිබේ. ටෙස්ලා විසින් 2019 දී වාහන විකුණා ඇත්තේ 367,500 ක් පමනි. ටොයෝටා වාහන මිලියනයක් විකුණා ඇත. එහෙත් ටොයෝටා වාහන විකිණීම භයානක සේ අඩු වෙම්න් යයි. ඒ ඇයි ?
ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය, මූලාශ්‍ර, සැපයුම් සහ ව්‍යාපාර ආකෘති නිර්මාණ පමණක් නොව, එලොන් මස්ක්ගේ බොහෝ නවීන සහ වසර කීපයක් පමණක් පැරණි සමාගම අනෙක් වාහන කර්මාන්ත යෝධයින්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටී.
වඩාත්ම කැපී පෙනෙන දෙය වන්නේ ටෙස්ලා හි, ‘ඒකාබද්ධ මධ්‍යම පාලන ඒකකය’ වන අතර එය “පූර්ණ ස්වයං-රිය පැදවීමේ පරිගණකයක්” වේ. මෙය දැන් හඳුන්වන්නේ දෘඩාංග 3 [Hardware 3] ලෙසයි. එය කුඩා පරිපථයක් වන අතර එය වේගයෙන් වර්ධනය වන EV වෙළඳපොලේ තීරණාත්මක අවියක් වේ. එය ඔවුන් පවසන පරිදි කර්මාන්ත සැපයුම් දාමයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකිය.
ජපානයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයෙකුගේ එක් ජපන් ඉංජිනේරුවෙක් එම ටෙස්ලා පරිගණකය පරීක්ෂා කර “අපට එය කළ නොහැක” යනුවෙන් මවිතයට පත්ව පැවසීය.
මෙම මොඩියුලය සියලුම නව මාදිලි 3 හි ඇත, මොඩල් එස් සහ මොඩල් එක්ස් වාහන සඳහා වර්ග මිලි මීටර් 260- කෘතීම බුද්ධිය ඇතුලත් පරිපථ දෙකක් [260-sq.-mm Artificial intelligence chips] ඇතුළත් වේ. දෘඩාංග සඳහා අනුපූරක වීම සඳහා ටෙස්ලා සිය මෘදුකාංග සඳහා පරිපථ තනිවම නිර්මාණය කළේය. මෙම පරිගණකය මෝටර් රථවල ස්වයං-රිය පැදවීමේ හැකියාවන් මෙන්ම ඔවුන්ගේ සංකීර්ණ තොරතුරු නිවැරදිව විශ්ලේෂණය කරයි.
එය ඉතා බැරෑරුම් කාර්යයක් වන්නේ වාහනය එහි යන මගීන් ආරක්ෂා කරගත යුතු හෙයිණි.
මොඩල් 3 හි “පූර්ණ ස්වයං-රිය පැදවීමේ පරිගණකය” පුවරු දෙකකින් සමන්විත වේ: එකක් ස්වයංක්‍රීය රිය පැදවීම සඳහා වන කෘතීම බුද්ධිය රැඳි පරිපථය [Artificial intelligene] සහ “තොරතුරු පද්ධතිය” hevath “මාධ්‍ය පාලන ඒකකය” වේ. මේ පරිපථ ජලය මගින් සිසිලණය වීමට සැලසීමෙන් ටෙස්ලා ඒ පරිපථ දෙකේ වැදගත්කම මැනවින් වටහා ගෙන ඇත. (මූලාශ්‍ර - Nikkei xTech, Bloomberg ) ඔබ දන්නා කිසිම රූපවාහිණියක් හෝ රේඩියෝවක් ජලයෙන් සිසිලණය වේද ?
එසේ සක්‍රීය සිසිලණයක් අවශ්‍ය වන්නේ, ඉතා කුඩා කාලයකදී අධික දත්ත ප්‍රමාණයක් හැසිරවීම සඳහා වේ. බොහෝ දත්ත හසුරුවන ප්‍රමාණයට සමානුපාතිකව පරිපථ තාපය මුක්ත කරයි. පරිපථ නියත උෂ්ණත්වයක තබන තරමට එහි ආයු කාලය වැඩිවේ. එවිට පාලනයෙන් යුතු සක්‍රීය සිසිලණයෙන් ඒ දත්ත හසුරුවන පරිපථ ආරක්ෂා වේ. ඒ පිළිබඳව කර්මාන්තයේ අභ්‍යන්තරිකයින් පවසන්නේ එවැනි තාක්ෂණය අනෙක් අයට සොයා ගැනීමට හැකි වන්නේ 2025 වසරේ දී පමණ බවය.
මේ ආකාරයට ගියහොත් ටෙස්ලා වාහන නිෂ්පාදනයේ වළිගය වත් අල්ලා ගැනීමට සම්ප්‍රදායික වාහන සමාගම් අසමත් වනු ඇත.
මෙම 2014 දී හඳුන්වා දුන් මුල් ස්වයංක්‍රීය නියමු පද්ධතියට අද වන තෙක් දිගෙන් දිගටම වැඩි දියුණු කිරීම් මාලාවක් සමඟින් ගොඩනගා ඇත. එයට ටෙස්ලා හී දත්ත පද්ධතියද ඇතුළත් වේ. එම දත්ත පද්ධතිය හුදෙක් ටෙස්ලා සමාගමට පමණක් ආවේනික දෙයකි.
ටොයොටා හෝ වොක්ස්වැගන් සමාගමට ඔවුන්ගේ දැවැන්ත මූල්‍ය සම්පත් හා අතිවිශාල කුසලතා සංචිත සමඟ එවැනි වර්ධනයන් කිරීමට හැකි වනු වුවද, ඒ මුල්ම කාලය 2025 පමණ වනු ඇත. එහෙත් ප්‍රමාද වීමට හේතුව තාක්ෂණික බාධාවන් පමණක්ම නොවේ. “අපට එය කළ නොහැකිය.” කියූ ජපන් ඉංජිනේරුවරයා මෙසේ පැවසීය.
මෙම ප්‍රමාදයට සැබෑ හේතුව, ටෙස්ලාට ආවේනික පරිගණක දශක ගණනාවක් තිස්සේ දියුණු වෙමින් යන ගමනට පරිබාහිර උපාංග නිෂ්පාදනය අනෙක් නිෂ්පාදකයන්ට මුල සිටම කිරීමට සිදු වීම වේ.
https://www.facebook.com/lalith.karunaratna
