වාහන දැන්වීම් වල ඉංග්‍රීසි වචන සහ සිංහල තේරුම

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    වාහන දැන්වීම් වල ඉංග්‍රීසි වචන සහ සිංහල තේරුම

    Lady used - සම්ප් එකේ ගල් පාරවල් දෙකයි තැබිලි කෝම්බ එකයි. ෆුට් පාත් දිගේ ගොස් එක පැත්තකම ලෝවර් ආම් ශොක් ඇක්සල් අලුතෙන් දමා ඇත. ප්ලග් ඇන්ජින් ෆිල්‍ටර් ෆැක්ට්‍රි එකෙන් ආපුවා තාම ඇති මමනම් ගත්තේ නෑ🤣

    First owner- සුමනක්කටත් නීති පොතේ ඇත්තේ එක කසාදෙකි😂😂

    doctor owned- ඇන්ජින් ඔයිල් මාරු කිරීම දෙවාරයකට එක්වරක් බැගිනි.. බාස්ලා අයිතිකරු අන්දවා ඇටවූ තැන් බොහෝය😅

    lawyer owned - ටූටන් කාමන් රජුගේ මමියටවත් කර නැති සාප රුපියලක් රුපියලක් ගානේ වාහනේට මිනිසුන් කර ඇත. මිලදීගත් පසු අල්ලපුගෙදරටත් හෙන ගහන්න ඉඩ ඇත🤣🤣

    Mint condition - වාහනේට වෙලා තියෙන හරිය මියාකලීෆට වත් වෙලා නැත😂

    One of the 3 cars available in Sri Lanka - ඒකට ස්පෙයාපාර්ට් කියා ජාතියක් මේ සක්වල නැත🤣

    Used by a car enthuastic - දොරවල් හතරම ඇර ඩිකියත් ඇර ඩ්‍රයිවින් සීට් එක හොයාගන්න මට්ටමේ එකෙක් භාවිතා කර ඇත 🤣

    Company maintained - දෙකට කැඩෙන්න හැප්පුනාට වෙලාවට සර්විස් කර ඇත😂

    New hybrid battery - සෙල් දෙකක් අලුතෙන් දමා ඇත😅

    genuine milage - කුරුනෑගල ඔරලෝසු කනුවට පොඩ්ඩක් අඩුවෙන් කරකවා ඇත🤣

    unic ride - ස්පෙයා පාර්ට්ස් වාහනේ හදපු එකාගේ අප්ප ලගවත් දැන් නැත😅

    Engineer owned - සයිට් බඩගා සස්පෙන්ශන් සැමන් ටින් එකට ගල් දාලා හොලවනා වැනිය😐

    Owner migrating - හෙඩ් එකට ගම් දාලා වික්ක නිසා නෙමේ ටික දවසකින් ෆෝන් වැඩකරන්නේ නැත්තේ... ඌ ඕස්ට්‍රේලියා ගිය නිසා😶

    12km per liter - ගැලුමට 12ක් වැඩ😂

    All eco test records available - දුම් පරීක්ශනයට කලින් ඊට කලින් එකේ ගානට 5000ක් තියල රීසෙට් කරල පාසින් දමා ඇත😂😂

    New battery - කරල තියෙන ලොකුම මේන්ටෙනන්ස් එක ඒකය😅

    Used as second car - කවර්ඩ් පාකින් එකක් දැක්ක කාලයක් මතක නැත😄

    Never been off road - සමතලා පොලවක තිබ්බහම එක රෝදයක් බිම වදින්නෙත් නැත😂😂

    New body fitted - යට කෑලි ටික පඩුවස්දෙව් රජ සමයේ බඩුය😂

    Partially repainted - කැට්ලොවි බාල්දියක් දැමීමෙන් පසු පේන්ට් බූත් එකක් උගෙ අප්පවත් දැකලා නැති බාසෙක් අඹ ගහක් යට තියන් පේන්ට් කර ඇත😅

    family used - පස්සේ සොක් දෙකේ ඔයිල් කදුලක් නැත🤣

    Carefully used - මහගෙදරට අනුරාදපුරේ සිට කිලෝමීටර් 20ක් අලිනාවන වලවල් ඇති පාරක් ඇත😂

    Selling due to upgrade- ඒ ගල් මරනෙට වියදම් කරලම ඌ හාන්සිය😂

    Urgent - තවත් මේ වහුකුන ගෙදර තියාගත්තොත් කසාදෙත් කැඩෙන සීන් එකකි 🤣

    Need some mechanical works- ඇන්ජින් ගියර් වෙනමම ගෙනියන්න ලොරියක් අරන් එන්න😂

    Need attention on paint - දාපු කැට්ලොවි පතුරු ගලවා කවපෙති විසිකල හැක🤣
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    lawyer owned - ටූටන් කාමන් රජුගේ මමියටවත් කර නැති සාප රුපියලක් රුපියලක් ගානේ වාහනේට මිනිසුන් කර ඇත. මිලදීගත් පසු අල්ලපුගෙදරටත් හෙන ගහන්න ඉඩ ඇත hell yeah
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    doctor owned- ඇන්ජින් ඔයිල් මාරු කිරීම දෙවාරයකට එක්වරක් බැගිනි.. බාස්ලා අයිතිකරු අන්දවා ඇටවූ තැන් බොහෝ