Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙච්චර අලකලංචියක් වෙලත්, බ්රේක් නැති වාහනයක් උනත්, යන්න තියෙන්නේ වැස්සේ, මීදුමේ, රාත්රී කාලයේ, ගිනිගත්හේන පාස් එක හරහා උනත් මම එතකොටත් ගණන් හැදුවේ කීයට නුවර එලියට යන්න පුළුවන් වේවිද කියලයි. මගේ එකල වයසේ (22/23 වගේ) හැටියට මම හොඳ රියදුරෙක් කියන විශ්වාසය (ඒක අධිතක්සේරුවක් කියලා තේරුනේ එදායි) මට තිබුනා. ඒ කාලේ වාහන දෙකක් මාරු වෙන්න බැරි තරම් පටු රදැල්ල ෂෝට් කට් එකෙන් යන එක අත හැරලා, ප්රධාන පාරෙන් ගියොත් පැය දෙකහමාරකින් විතර මාගස්තොටට(නුවරඑලියට කිව්වාට සැබවින්ම යා යුතු වූයේ ග්රෙගරි වැවෙන් එගොඩ තිබුන මාගස්තොට, බේකර්ස් ෆාම් එකටයි ) යන්න පුළුවන් කියලා හිතෙන් ගණන් හැදුවේ මේ වාහනයේ තියන ලෙඩේ බ්රේක් නැති එක විතරයි කියලා හිතලයි.

වාහනය ස්ටාර්ට් කරගෙන, බ්රේක් නැති බවත් දැනගෙන ගමන පටන් ගන්නකොට මම හිතාගෙන හිටියේ මේ අංකල් ට වාහන එලවන්නේ මෙන්න මෙහෙමයි කියලා හිතෙන විදියට ටිකක් කලර්ස් පෙන්නලා එලවනවා කියලයි. මිනිහා ස්ටියරිං වීල් එක බදාගෙන එලෙව්වට මම බොහොම පහසුවට මේක එලවන්න පුළුවන් බව මිනිහාට පෙන්නන්න මට උවමනා උනා. නමුත් ඒ අදහස වෙනස් කරගන්න උනේ වාහනය ස්ටාර්ට් කර ගෙන පළමුවෙනි මීටර් කිහිපය එලවන කොටමයි. මේ අටමගලේ පාර පුරාම යනවා. පොද වැස්සට තෙමුණු පාරේ යාන්තම් 20kmph විතර වෙනකොටම කොන්ට්රෝල් නැති වෙනවා. ස්ටියරින් එක අත් දෙකෙන්ම බදලා අල්ලාගෙන වාහනේ පාරේ තියාගන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා.

මේ වෙනකොට මම මීටර් දෙසීයක්වත් දුර වාහනේ එළවලා නොතිබුනාට,මේ අංකල් එලවපු තරම්වත් වේගයකින් මට මේක එලවන්න බැරි බව හොඳින්ම තේරුනා. ටයර් ගෙවිලා වාහනය ලිස්සනවද, එහෙම නැත්නම් wheel alignment ප්රශ්නයක්ද එහෙම නැතිනම් මම (හිතෙන් )මේ අංකල් ව අවඥාවට ලක් කරපු එක පඩිසන් දීලා ඇතිවෙච්ච භූත දෝෂයක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්න අතරේ මම මේ වාහනේ කොහොම හරි පාරේ තියා ගන්න මුළු ඇඟේම තියන ජින්තු අත් දෙකට දීලා ෆුල් ට්රයි කරනවා.

වාහන ගැන අන්දෝ සංසාරයක් නොදන්නා මේ මනුස්සයාගෙන් මේවා ගැන අහලා වැඩක් නැති උනත්, වාහනේ ටයර් ගෙවිලාද කියලා මම අහපු ප්රශ්නෙට එයා දුන්න උත්තරේ උනේ "අපෝ නැහැ පුතා, ටයර් ගෙවිලා නැහැ, මම ටයර් වලට හුලං ගහන්නෙත් 'අහවල්' ටයර් කඩෙන්. වෙන එකක් තියා මේකේ ස්ටියරින් එක කපන්න අමාරුයි කියලා කිව්වමත් එතන බාස් උන්නැහේ මට මොනවා හරි කරලා ස්ටියරින් එක අතට පහසු වෙන විදියට හදලා දුන්නා'' කියලා කිව්වා. මොකක් හෝ පෙර වාසනාවකට මට නිකමට හිතුනේ ටයර් එකට පොඩ්ඩක් තට්ටු කරලා බලනවා කියලයි. කිතුල්ගල ටවුමට කිට්ටුව පාරේ ලයිට් කණුවක් යට නවත්තලා ටයර් එකට ගල් ගෙඩියකින් තට්ටු කරලා බැලුවාම රබානකින් එන සද්දේ එනවා. ටයර් එක පොලවේ වදින තැන bulging ගතියක් පෙන්විය යුතු උනත් මේ වාහනේ ටයර් හතරම බැලුං බෝල වගේ පේනවා මිසක් කිසිම bulging පෙනුමක් නැහැ.

මම එයාට කිව්වා අපි කිතුල්ගල ටවුමේ පෙට්රල් ෂෙඩ් එකට ගිහින් මේකේ ටයර් ප්රෙෂර් එක පොඩ්ඩක් බලමු කියලා. මිනිහා ඒකට වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ.ටයර් කඩේ බාස් උන්නැහේ මේක වෙන කාටවත් ඇඟිලි ගහන්න දෙන්න එපා, ඕනෑම දෙකට එයා ලඟට අරං එන්න කිව්වාලු.

මම පෙට්රල් ෂෙඩ් එකට ගිහිං බලනකොට ෂෙඩ් එක වහලා. ඒ මදිවට හුළං ගහන හෝස් එකත් ගලවලා. නමුත් එතනම තියන ටයර් කඩේක වහපු දොර ඇතුලෙන් එළියක් පේන නිසා මම ගිහිල්ලා දොරට තට්ටු කලාම ඒ මනුස්සයා දොර ඇරියා. හුලං ගහන්න එයා ලඟත් එයාර් කොම්ප්රෙසර් එකක් නැහැලු , එයා පාවිච්චි කරන්නෙත් පෙට්රල් ෂෙඩ් එකේ පොම්පේ කියලයි කිව්වේ්. මට හුලං ගහන්න ඕනෑ නැහැ, හුලං වැඩිද කියලා බලාගන්නයි ඕනෑ කියලා. මෑන්ට කිව්වා මේ ටයර් එකට පොඩ්ඩක් තට්ටු කරලා බලන්න, හුලං වැඩියි වගේ නේද කියලා. ටයර් එක්කම ජීවත් වෙන මේ මිනිහා ටයර් එකට තට්ටු කරපු ගමන් කිව්වා හුලං (ප්රෙෂර් එක) හොඳටම වැඩියි කියලා. එයා ළඟ කොම්ප්රෙෂර් එකක් නැති උනාට ප්රෙෂර් ගේජ් එකක් තිබිලා ප්රෙෂර් එක චෙක් කළා. ගාන රාත්තල් අසූවකටත් වැඩියි. අර අන්කල් කියාපු ටයර් කඩ කාරයා මේ ටයර් වලට බැලුම් පුම්බනවා වාගේ හුලන් ගහලා තමයි ස්ටියරින් එක පහසු කරලා දීලා තියෙන්නේ. දැන් මට ටිකක් හිතට සහනයක්. මේ ටයර් හතරේ හුළං අඩු කරලා සාමාන්ය ගානට ( 32-35psi අතර වගේ) හදා ගත්තානං මේ පාර පුරා දුවන ලෙඩේ අඩු වෙයි කියන එක මට විශ්වාසයි. ඒක ඒ විදියටම උනා. ඊට පස්සේ පාර පුරා දුවන ගතිය නැතිවෙලා, ස්ටියරින් එක හොඳ බරට අතට දැනෙන ගතියක් (මේවා muscle power steering වාහන නේ) ආවා. දැන් ඉතිං ප්රශ්න ඉවරයි කියලා හිතුවාට ඒක සිතුවිල්ලක් විතරයි.

[QUOTE="1sam, post: 26055006, member: 557062"] මෙච්චර අලකලංචියක් වෙලත්, බ්රේක් නැති වාහනයක් උනත්, යන්න තියෙන්නේ වැස්සේ, මීදුමේ, රාත්රී කාලයේ, ගිනිගත්හේන පාස් එක හරහා උනත් මම එතකොටත් ගණන් හැදුවේ කීයට නුවර එලියට යන්න පුළුවන් වේවිද කියලයි. මගේ එකල වයසේ (22/23 වගේ) හැටියට මම හොඳ රියදුරෙක් කියන විශ්වාසය (ඒක අධිතක්සේරුවක් කියලා තේරුනේ එදායි) මට තිබුනා. ඒ කාලේ වාහන දෙකක් මාරු වෙන්න බැරි තරම් පටු රදැල්ල ෂෝට් කට් එකෙන් යන එක අත හැරලා, ප්රධාන පාරෙන් ගියොත් පැය දෙකහමාරකින් විතර මාගස්තොටට(නුවරඑලියට කිව්වාට සැබවින්ම යා යුතු වූයේ ග්රෙගරි වැවෙන් එගොඩ තිබුන මාගස්තොට, බේකර්ස් ෆාම් එකටයි ) යන්න පුළුවන් කියලා හිතෙන් ගණන් හැදුවේ මේ වාහනයේ තියන ලෙඩේ බ්රේක් නැති එක විතරයි කියලා හිතලයි. වාහනය ස්ටාර්ට් කරගෙන, බ්රේක් නැති බවත් දැනගෙන ගමන පටන් ගන්නකොට මම හිතාගෙන හිටියේ මේ අංකල් ට වාහන එලවන්නේ මෙන්න මෙහෙමයි කියලා හිතෙන විදියට ටිකක් කලර්ස් පෙන්නලා එලවනවා කියලයි. මිනිහා ස්ටියරිං වීල් එක බදාගෙන එලෙව්වට මම බොහොම පහසුවට මේක එලවන්න පුළුවන් බව මිනිහාට පෙන්නන්න මට උවමනා උනා. නමුත් ඒ අදහස වෙනස් කරගන්න උනේ වාහනය ස්ටාර්ට් කර ගෙන පළමුවෙනි මීටර් කිහිපය එලවන කොටමයි. මේ අටමගලේ පාර පුරාම යනවා. පොද වැස්සට තෙමුණු පාරේ යාන්තම් 20kmph විතර වෙනකොටම කොන්ට්රෝල් නැති වෙනවා. ස්ටියරින් එක අත් දෙකෙන්ම බදලා අල්ලාගෙන වාහනේ පාරේ තියාගන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා. මේ වෙනකොට මම මීටර් දෙසීයක්වත් දුර වාහනේ එළවලා නොතිබුනාට,මේ අංකල් එලවපු තරම්වත් වේගයකින් මට මේක එලවන්න බැරි බව හොඳින්ම තේරුනා. ටයර් ගෙවිලා වාහනය ලිස්සනවද, එහෙම නැත්නම් wheel alignment ප්රශ්නයක්ද එහෙම නැතිනම් මම (හිතෙන් )මේ අංකල් ව අවඥාවට ලක් කරපු එක පඩිසන් දීලා ඇතිවෙච්ච භූත දෝෂයක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්න අතරේ මම මේ වාහනේ කොහොම හරි පාරේ තියා ගන්න මුළු ඇඟේම තියන ජින්තු අත් දෙකට දීලා ෆුල් ට්රයි කරනවා. වාහන ගැන අන්දෝ සංසාරයක් නොදන්නා මේ මනුස්සයාගෙන් මේවා ගැන අහලා වැඩක් නැති උනත්, වාහනේ ටයර් ගෙවිලාද කියලා මම අහපු ප්රශ්නෙට එයා දුන්න උත්තරේ උනේ "අපෝ නැහැ පුතා, ටයර් ගෙවිලා නැහැ, මම ටයර් වලට හුලං ගහන්නෙත් 'අහවල්' ටයර් කඩෙන්. වෙන එකක් තියා මේකේ ස්ටියරින් එක කපන්න අමාරුයි කියලා කිව්වමත් එතන බාස් උන්නැහේ මට මොනවා හරි කරලා ස්ටියරින් එක අතට පහසු වෙන විදියට හදලා දුන්නා'' කියලා කිව්වා. මොකක් හෝ පෙර වාසනාවකට මට නිකමට හිතුනේ ටයර් එකට පොඩ්ඩක් තට්ටු කරලා බලනවා කියලයි. කිතුල්ගල ටවුමට කිට්ටුව පාරේ ලයිට් කණුවක් යට නවත්තලා ටයර් එකට ගල් ගෙඩියකින් තට්ටු කරලා බැලුවාම රබානකින් එන සද්දේ එනවා. ටයර් එක පොලවේ වදින තැන bulging ගතියක් පෙන්විය යුතු උනත් මේ වාහනේ ටයර් හතරම බැලුං බෝල වගේ පේනවා මිසක් කිසිම bulging පෙනුමක් නැහැ. මම එයාට කිව්වා අපි කිතුල්ගල ටවුමේ පෙට්රල් ෂෙඩ් එකට ගිහින් මේකේ ටයර් ප්රෙෂර් එක පොඩ්ඩක් බලමු කියලා. මිනිහා ඒකට වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ.ටයර් කඩේ බාස් උන්නැහේ මේක වෙන කාටවත් ඇඟිලි ගහන්න දෙන්න එපා, ඕනෑම දෙකට එයා ලඟට අරං එන්න කිව්වාලු. මම පෙට්රල් ෂෙඩ් එකට ගිහිං බලනකොට ෂෙඩ් එක වහලා. ඒ මදිවට හුළං ගහන හෝස් එකත් ගලවලා. නමුත් එතනම තියන ටයර් කඩේක වහපු දොර ඇතුලෙන් එළියක් පේන නිසා මම ගිහිල්ලා දොරට තට්ටු කලාම ඒ මනුස්සයා දොර ඇරියා. හුලං ගහන්න එයා ලඟත් එයාර් කොම්ප්රෙසර් එකක් නැහැලු , එයා පාවිච්චි කරන්නෙත් පෙට්රල් ෂෙඩ් එකේ පොම්පේ කියලයි කිව්වේ්. මට හුලං ගහන්න ඕනෑ නැහැ, හුලං වැඩිද කියලා බලාගන්නයි ඕනෑ කියලා. මෑන්ට කිව්වා මේ ටයර් එකට පොඩ්ඩක් තට්ටු කරලා බලන්න, හුලං වැඩියි වගේ නේද කියලා. ටයර් එක්කම ජීවත් වෙන මේ මිනිහා ටයර් එකට තට්ටු කරපු ගමන් කිව්වා හුලං (ප්රෙෂර් එක) හොඳටම වැඩියි කියලා. එයා ළඟ කොම්ප්රෙෂර් එකක් නැති උනාට ප්රෙෂර් ගේජ් එකක් තිබිලා ප්රෙෂර් එක චෙක් කළා. ගාන රාත්තල් අසූවකටත් වැඩියි. අර අන්කල් කියාපු ටයර් කඩ කාරයා මේ ටයර් වලට බැලුම් පුම්බනවා වාගේ හුලන් ගහලා තමයි ස්ටියරින් එක පහසු කරලා දීලා තියෙන්නේ. දැන් මට ටිකක් හිතට සහනයක්. මේ ටයර් හතරේ හුළං අඩු කරලා සාමාන්ය ගානට ( 32-35psi අතර වගේ) හදා ගත්තානං මේ පාර පුරා දුවන ලෙඩේ අඩු වෙයි කියන එක මට විශ්වාසයි. ඒක ඒ විදියටම උනා. ඊට පස්සේ පාර පුරා දුවන ගතිය නැතිවෙලා, ස්ටියරින් එක හොඳ බරට අතට දැනෙන ගතියක් (මේවා muscle power steering වාහන නේ) ආවා. දැන් ඉතිං ප්රශ්න ඉවරයි කියලා හිතුවාට ඒක සිතුවිල්ලක් විතරයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom