වාහානයක් ලීසිං කරලා Help

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    වාහානයක් ලීසිං කරලා Help

    මචන් ලා වාහානයක් ලීසිං කරලා ගන්නවා කියන්නෙ ..මසේන් මාසෙට ගෙවන්න ගන්නවා කියන එකද ?

    අපි කාර් එකක් ලීසිං කරලා අරගෙන ගෙවාගන්න බැරුවුනොත් මහදි.. ලීසිං කොම්පැනි එකෙන් වාහානය අරන් යනවාද , එතකොට අපි ඒ වෙනකම් ගෙවපු සල්ලි වලින් කීයක් වත් දෙන්නෙ නැද්ද ?..

    වහානයක් ලීසිං කරලා ගන්නවානම් අනිවාර්යයෙන් පේශීට් පෙන්නන්න ඔනෙද..පේශිට් නැතුව බැරිද ..
     

    contra_RPF

    Member
    Sep 1, 2017
    112
    14
    0
    api maspatha gewanna one leasing companiyata, beriwela issuwoth egollo sale karana ganee oyage areass eke cover karaganna puluwannam ithurutika denawa,
    godak welawata hambenne ne ban
     

    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    ලීසිං කියන්නෙ මොකක්ද ෆිනෑන්ස් කියන්නෙ මොකක්ද කියල වාහනයක් අරගෙන පාරෙ ඒ වාහනේ ධාවනය කරන කෙනෙකුගෙන් අහල බලන්න. කීයෙන් කී දෙනෙක් උත්තර දෙයිද කියල හිතා ගන්න බැහැ. ඉස්සර නම් ලීසිංවලට අමතරව ෆිනෑන්ස් නැත්නම් ‘හයර් පර්චස්‘ කියල ක්‍රමයකුත් තිබුණා. ලීසිංවල තියෙන වාසිය මොකක්ද? ෆිනෑන්ස්වල තියෙන වාසිය මොකක්ද? අවදානම වැඩි ලීසිංද ෆිනෑන්ස්ද මේ එක කරුණක්වත් බොහෝමයක් ගනුදෙනුකරුවන් දන්නෙ නැහැ. ෆිනෑන්ස් නැත්නම් ‘හයර් පර්චස්‘ ක්‍රමය නැති නිසා අපි ලීසිං ක්‍රමය ගැන විතරක් කතා කරමු.
    ණය සහ පොලිය
    ලීසිං කරල හරි කමක් නැහැ වාහනයක් අරගන්න කලින් හුඟක් දේවල් ගැන දැනුමක් තියෙන්න ඕන. එයින් පළවෙනි එක තමයි හැම ලීසිං සමාගමක්ම වගේ අහනව ලීසිං ණය ලබා දෙන විට තම ආයතනයට පළමුව වාරික කීයක් ගෙවනවද කියල. ඒ කියන්නෙ අපි ගන්න මුදල රුපියල් ලක්ෂ 5ක් කියල හිතමු. අවුරුදු හතරකට පොලියත් එක්ක මාසෙකට රුපියල් 15000ක් ගෙවන්න තියෙනවා කියල හිතමු. ලීසිං ණය ගන්නත් කලින් අපි වාරික තුනක් හතරක් ගෙවන්න ඕන කියනවා. එතකොට මාසෙකට ගෙවන්න තියෙන ගාණ අඩුවෙනව කියලත් කියනව. ඇත්තෙන්ම අඩුවෙනව නෙමෙයිනේ. අපි මුලින් වාරික තුනක් හතරක් ගෙවන‍කොට අපි වාරිකවලින් කිහිපයක් කලින් ගෙවලා ඉවරයි. ඉතින් වාරිකය අඩු වෙන එක අහන්නත් දෙයක්ද? ඒත් මේ විදිහට අපිව අන්දවල තමයි හුඟක් ආයතන ලීසිං දෙන්නෙ.
    අපි මුලින් කතා කරපු ගාණම හිතමු. ලක්ෂ 5ක ලීසිං ගත්ත කෙනෙක් වාරිකයක් හැටියට රුපියල් 15000ක් ගෙවනවනම් ආරම්භයේදී වාරික 4ක් ගෙව්වොත් රුපියල් 60000ක් ගෙවල තියෙනවා. ඒ කියන්නෙ රුපියල් ලක්ෂ 5න් සියයට 12ක්ම අපි ණය ගන්නත් කලින් ගෙවල ඉවරයි. අපිට ගෙවන්න සල්ලි නැත්නං අපිට දෙන ලීසිං ණයෙන්ම අඩු කරල දෙන්න තරම් මේ ලීසිං ණය සපයන ආයතන හරිම කරුණාවන්තයි. බලාගෙන යනකොට ඒ අඩු මුදල ගෙවන්නත් තවත් ණයක් ගන්න වෙනවා. ලක්ෂ 5ක ණයක් ගන්න යන කෙනාට හැට දාහක් අඩුවෙනව කියන්න හොඳට ඇගට දැනෙන දෙයක්. මේ බව හුඟක් දෙනා දැන ගන්නෙ ලීසිං මුදල අතට ගන්න ගියහමයි.
    මේ අපිට වරදින එක තැනක්. ඒ වගේම තමයි ලීසිං වාරිකවලට ගෙවන‍ පොලී අනුපාතය ගැන පැහැදිලිවම දැන ගන්න ඕන. අනෙක හිතෙන හිතෙන වෙලාවට පොලිය වැ‍ඩි කරන්න සමහර ලීසිං සමාගම් කටයුතු කරනව. එතකොට අපි මුලින් ගෙවපු ගාණට වඩා වැඩි වාරිකයක් පස්සෙ ගෙවන්න වෙන‍කොට ‍කොහොමද? අනිත් එක අපි හොඳින් මතක තියා ගන්න ඕන කරුණ තමයි ලීසිං ණයක් ලබාගෙන වාහනයක් මිලදී ගන්නවා කියන්නෙ අපි අනුන්ගෙ වාහනයක් කුලියට අරගෙන දුවනව වගේ වැඩක්. එකම දේ තියෙන්නෙ අනුන්ගෙ වාහනේ කවදහරි ආපහු දෙන්න වෙන එකයි. ලීසිං කරපු වාහනේ හරියට ණය වාරික ගෙව්වොත් තමන්ට හිමි වෙන එකයි විතරයි. අනිත් කරුණ තමයි ලිසිං ලබා ගන්න කලින් ආපහු ගෙවන කාල සීමාව ගැන හොදින් හිතන්න වෙනවා. මොකද අතින් රුපියල් ලක්ෂ 10ක් විතර ගෙවල තවත් රුපියල් ලක්ෂ 10ක් ලීසිං කරල වාහනයක් ගත්තොත් ඒකට අපි හිතමු ලක්ෂ 10ට මාසෙකට රුපියල් 30000ක් පොලියත් එක්ක වාරිකය ගෙවන්න වෙනව කියල අවුරුදු හතරක කාල සීමාවකට. අපි අවුරුදු දෙකක් විතර ගෙවද්දි රුපියල් 30000 වාරික 24ක් කියන්නෙ රුපියල් 720000ක් විතර ගෙවල තියෙනවා.
    එකවර ගෙවීම
    අපිට හැකියාවක් ලැබෙනව ඉතිරි මුදල සියල්ලම ගෙවන්න. ණය ගෙවල මේ බරින් නිදහස් වෙන්න. පොතේ හැටියට නම් මුලු මුදලෙන් තව ලක්ෂ 5ක් විතරයි‍ ගෙවන්න වෙන්නෙ. ඒ කියන්නෙ ගෙවන කාලයෙන් භාගයක් ගෙවල ඉවරයිනෙ. ඒත් ලීසිං ණය ගත්ත ආයතනයට ගිහින් ආපහු ගෙවන්න ගියහම පොලියත් එක්ක ‍සේරම වාරික එක පාර ගෙවන්න කියනව. ඒ වෙලාවට දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. ඒ කියන්නෙ අපි ගෙවන්න තියෙන රුපියල් 30000ක් බැගින් ඉතිරි සියලුම වාරික එක පාරම ගෙවන්න කියනව. ඒ වෙලාවට ලිසිං ක්‍රමය හදපු අත්තල මුත්තල කිරි කිත්තල විතරක් නෙමෙයි හත් මුතු පරම්පරාවටම බැණ බැණ තමයි ආපහු එළියට එන්නෙ.
    ඒ කියන්නෙ අපි ඒ ගැන නිසි දැනුමක් තිබුණ නැති නිසයි මේ තත්ත්වය උදා වෙන්නෙ. ලීසිං වාරික කලින් ගෙවල ඉවර කරන්න ගියහම සමහර බැංකුවල යම් සහනයක් දෙනව. ඒ කියන්නෙ ගෙවන්න තියෙන පොලියෙන් සියයට 50ක් විතර අඩු කරනවා. මේ සේරම කරුණු අපි දැන ගන්න ඕන ලීසිං ගන්න කලින්. ලීසිං ගත්තට පස්සෙ ආයෙත් මුකුත් කරන්න බැහැ. ලොකුම කරදරේ මේක නෙමෙයිනෙ. අපිට වාහනේ විකුණන්න ඕන වුණොත්. ඒ වෙලාවට අලුත් ගැනුම්කරුවට ඒ ඉතිරි මුදල තමන් වෙනුවෙන් ගෙවන්න බැහැ. එයා අලුතින් ගිවිසුමක් ආයතනයත් එක්ක අස්සන් කරන්න වෙනවා. නමුත් අපි වෙන වාහනයක් ගන්න හදිසියට වාහනේ විකුණනවනම් ඉතිරි සේරම පොලියත් ගෙවන්න වෙනවා. සමහර විට අලුත් වාහනේට ලීසිං ගන්නෙත් ඒ සමාගමෙන්ම වෙන්න පුළුවන්. දැන් මොනද වෙන්නෙ. අපි මුලින් තිබුණු වාහනේටත් ඉදිරි අවුරුදු දෙකට පොලියත් ගෙවල. අලුතින් ගන්න වාහනේටත් පොලිය ගෙවන්න වෙනවා.
    සමහරු ලීසිං තියෙන වාහන විකුණන්නෙ ලීසිං සමාගමට හොරෙන්. ඒ කියන්නෙ නීතිඥයෙක් ළඟ අස්සන් කරල පොඩි ගිවිසුමක් ගහ ගන්නව අලුත් ගැනුම්කරුවා දිගටම ලීසිං ගෙවනව කියල. ඒව ලීසිං සමාගමට හරි යන්නෙ නැහැ. සමාගම දැන ගත්තොත් වාහනය වෙනත් කෙනෙකුට දීල කියල ආයිත් දෙපාරක් හිතන්න දෙයක් නැහැ වාහනේ අරගෙන යනවා. ඒ ලීසිං කොන්දේසිවල හැටි. වාහනේ පූර්ණ රක්ෂණයක් ඒ කියන්නෙ ‘ෆුල් ඉන්ෂුවරන්ස්‘ කරන්න ඕන බැංකුවට නැත්නම් ලීසිං සමාගමටත් ඇතුළත් කරල. හදිසියේ අනතුරක් වුණොත් රක්ෂණ වන්දි ගන්නත් වාහනයේ හිමිකරුට අදාළ ලීසිං සමාගමෙන් සමාගමේ විරුද්ධත්වයක් නැති බවට ලිපියක් ගෙනැත් දෙන්න වෙනවා.
    ඒ තමයි ලීසිං නීතිය. නීතිඥයන් ළඟ ගිවිසුම් ගැහුවට වැඩක් නැහැ. ඒකත් නීතියක් කැඩීමක් මොකද අපි එක් පාර්ශ්වයක් එක්ක ගිවිසුමක් තියෙද්දි තවත් පාර්ශ්වයක් එක්ක ගිවිසුමක් අස්සන් කරන්නෙ කොහොමද? මේ කිසි දෙයක් අපිට ලීසිං ගන්න තියෙන හදිස්සියට තේරෙන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි ලීසිං කරල වාහනයක් අරගෙන හරියට වාරික ගෙවන්න බැරි වුණොත් මොකද වෙන්නෙ. ඉස්සරවෙලාම අදාළ ලීසිං සමාගමෙන් ලියුම් එවනව හිඟ වාරික ගෙවන්න කියල. පිළිතුරක් නැත්නම් වාහනය ගෙනැත් බාර දෙන්න කියල ලියුම් එවනව. ඒකටත් පිළිතුරක් නැහැනෙ. කවුද කැමැති වාහනේ ගිහින් බාර දෙන්න. ඊට පස්සෙ වාහනේ උස්සගෙන අරගෙන එන්න කියල කට්ටියකට බාර දෙනවා. වාහන එහෙම උස්සන් අරගෙන එන්න බාර දෙන්න වෙනම කට්ටියක් ඉන්නව. එයාලට වාහන ලෝකයේ කියන්නේ 'සිසර්' ල කියල. මේ සිසර්ල ට වාහන උස්සල හොඳට හුරු පුරුදුයි. එයාල කට්ටියක් එක්ක එකතු වෙලා එන්නෙ. ඉස්සරවෙලාම ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දානවා ලීසිං ගෙවල නැහැ කියලා. වාහ‍නේ අදාළ සමාගමට නැත්නම් බැංකුවට අයිති බවත් කියනව. ඒක නොදෙන නිසා අරගෙන යන්න ආව කියනවා.
    නීතිය හමුවට
    ඒ විදිහට ගිහින් වාහනේ අරගෙන යනවා. එයාලත් එක්ක රණ්ඩු‍වෙන්න ගහ ගන්න එක නම් ඒතරම් නුවණට හුරු දෙයක් නෙමෙයි. මොකද මේ හැම කෙනෙක්ම හොඳට අත්දැකීම් තියෙන අය. එයාල ඕන ‍දේකට ඔට්ටු වෙන්නයි එන්නෙ. අන්තිමට වාහනෙත් නැතිවෙලා ඉස්පිරිතාලෙත් ඉන්න වෙන්න පුළුවන්. කාටවත් තවත් කෙනෙකුට පහර දෙන්න කිසිම අයිතියක් නැහැ. ඒ රටේ නීතිය වුණත් වාහනේ තබා ගැනීමේ සිට වැරැදි 100ක් විතර එයාලට පෙන්නන්න පුළුවන්. සමහර විට නීතිය හමුවට යන්න වෙන්නත් පුළුවන් තමන් පහර දුන්නා කියලා. ඒ විතරක් නෙමෙයි වාහනය 'සීසර්' මහත්තුරුන් අරගෙන යන‍‍කොට ඒකෙ සමහර කොටස් ඒ අය ගලවල අරන් තියෙනව. පරිස්සමට වෙන්න ඇති. ඒ කියන්නෙ. ‍එක්කෙනෙක් වාහනේ තියෙන හොඳ සී ඩී සෙට් එක ගලව ගන්නවා. තව එක්කෙනෙක් හොද ටයර් ටික ගලවල පරණ දුවන්න බැරි ටයර් ටිකක් දානවා.තව එක්කෙනක් අමතර රෝදය ගන්නවා මේ විදිහට වාහනේ කොටස් අරගෙන වාහනේ සමාගමට ගිහින් බාර දෙන්නේ. අන්තිමට වාහනේ ඉතිරි මුදල‍ ගෙවල ආපහු ගෙනියන්න ආපුවහම ගෙනියන්න වෙන්නේ ඒ අඩුපාඩු එක්ක තමයි. ඒ ටික දාන්න තව රුපියල් ලක්ෂයක් හමාරක් විතර යයි. අදාළ බැංකුවෙන් නැත්නම් සමාගමෙන් ඇහුවොත් කියන්නෙ වාහනේ තිබුණෙ ඔහොම තමයි කියල. ඉහළ කළමනාකාරීත්වය හමුවුණොත් කියන්නෙ ‘අපි ලියුමක් එව්වනේ ඇයි වාහනේ ගෙනැත් බාර දුන්නෙ නැත්තෙ කියල‘ අපි හිතමුකො මේ විදිහට අරගෙන යන වාහනේ හිඟ මුදල් ගෙවා ගන්න විදිහක් නැහැ කියල. අදාළ බැංකුව නැත්නම් ලීසිං ආයතනය රුපියල් ලක්ෂ 10ක් ලීසිං දීල තියෙනව. අතිනුත් රුපියල් ලක්ෂ 5ක් දීල තමයි අරගෙන තියෙන්නෙ. ලක්ෂ දෙකක් විතර වාහනේට වාරිකත් ගෙවල තියෙනව. ඒ කියන්නෙ අපි වාහනේට ලක්ෂ 7ක් වියදම් කරල තියෙනව. ලීසිං සමාගම ලක්ෂ 10ක ලිසිං දීල තියෙනව.
    ප්‍රමාද ගාස්තු
    වාහනේ හිමිකරු නොගන්න නිසා පුවත්පත්වල දැන්වීම් දානව වාහනේ විකුණන්න කියල, ලීසිං සමාගම දැන් ගණන් හදනව. ලක්ෂ 10න් ලක්ෂ එකහමාරක් විතර වාරික ලැබුණා. ලක්ෂ දෙකක් ගෙවල තිබ්බ ඉතිරි හරිය පොලියනේ. එතකොට තව ලක්ෂ අටහමාරක් ලැබෙන්න ඕන. ඊළඟට ප්‍රමාද ගාස්තු, අතිරේක පොලිය, වෙන්දේසි ගාස්තු, පරිපාලන වියදම් වගේම වාහනේ හිමිකරුගෙන් අරගෙන එන්න ‘සීසර්‘ ලට දීපු ගාස්තුත් එක්ක තවත් ලක්ෂ දෙක හමාරක් විතර මේ ගාණට එකතු වෙනවා. එතකොට සමාගමට අය විය යුතු ගණන ලක්ෂ 11ක් විතර වෙනවා.
    වාහනේ වෙන්දේසි කරන්නේ අර අඩුපාඩුත් එක්ක. වාහනේ රුපියල් ලක්ෂ 10කට විතර වෙන්දේසි වුණොත් සමාගම බලනව තමන් ට ලක්ෂ 11ක් ඕන. ලැබුණෙ ලක්ෂ 10යි. දැන් ලක්ෂයක් අඩුයි. ඒ අඩු ලක්ෂය ගෙවන්න කියල හිමිකරුට ලියුමක් එවනව. ඒ ලියුම ආවහම දැනෙන සනිපය කියල නිම කරන්න බැරිව ඇති. ඇයි දෙයියනේ ලීසිං සමාගම වාහනෙත් අරගෙන ගිහින්, අතින් ලක්ෂ 5ක් වාහනේ ගන්නත් දුන්න, ඒ මදිවට වාරික.ත් ලක්ෂ දෙකක් ගෙවලා දැන් තවත් ලක්ෂයක් ඉල්ලනවා. කාටද කියන්නෙ. ගෙවන්නෙ නෑ. මොකද වෙන්නෙ. ලීසිං සමාගම ඒ ඉතිරි ලක්ෂයක මුදල ලබා ගන්න නඩු දානවා.
    මේ කිසි දෙයක් නොදැන නේද ඔබ ලීසීං අර ගන්නෙ.පොඩ්ඩක් සති අන්ත පත්තර ටික අරගෙන බලන්න ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්න වාහන කොයිතරම් දාල තියෙනවද කියල? ඒ සේරම වගේ අර සීසර්ල ගෙනාපු වාහන. කොහේ හරි හංගල පාරෙ දුවන්නෙ නැතුව තමයි වාරික නොගෙවන වාහන තියා ගන්න වෙන්නෙ. එහෙමත් බැහැ ‘සීසර්‘ ල වාහනේ නොගෙනාවොත් සමාගම නඩු දානවා. එතකොට වැරැදි දෙකකට අහුවෙනවා. ලීසිං නොගෙවීමයි. ලීසිං සමාගමට අයත් වාහනයක් අස්ථාන ගත කිරීමයි. සමහර ලීසිං සමාගම්වල සේරම වාරික ගෙවල ඉවර වුණාට පස්සෙ වුණත් අයිතිය පවරන්න රුපියල් 25000ක් 30000ක් වගේ ලොකු මුදලක් ඉල්ලනව. ලීසිං ගන්නවා කියන්නෙ දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්. ඊටත් වඩා දැනගෙන ගියොත් කතරගම වගේම නොදැන ගියොත් අතරමඟ වගේ වැඩක්.

    http://www.silumina.lk/2017/07/15/%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD/%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%82-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
     
    Last edited:
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඉතා වැදගත් ලිපියක්. මම මගේ කලින් කාර් එක ගනිද්දි ලීසින් එකක් දාල තමයි ගත්තේ. මේකෙ තියන කරුණුවලට අමතරව යම් මුදල් හිරවීමක් උනොත් ඒ මාසෙ ලීසින් වාරිකේ ගෙවන්න මුදල් හොයන්න ඕන නේද කියන මානසික වදෙත් එනවා. මමත් ආයෙ ලීසින් නොදාන්න තමයි හිතාගන ඉන්නෙ. රටට ලෝකෙට පේන්න ණය වෙලා වාහනයක් ගන්නවට වඩා අතේ තියන මුදලට පරණ වාහනයක් අරගන පදින එක සැපයි. ඉන්වෙස්ට් කරන්න හරි මුදලක් ඉතිරිවෙනවා.

    මම ලීසින් එක ලබාගත්තු සමාගම මම මෙතන සඳහන් කරන්නේ නැහැ. ඕන කෙනෙක් ඉන්නවා නම් PM කරන්න. මේ ලිපියෙ සඳහන් වෙන ඇතැම් නරක කරුණු හැබැයි ඒ සමාගමේ නැහැ.

    1) වාරික එකක්වත් මුලින් ගෙවන්න අවශ්‍ය නැහැ.
    2) මඟින් මුලු මුදලම ගෙවල ලීසින් එක අවසන් කරනවා නම් යම් මුදල් ප්‍රමාණයක් අඩුවෙනවා. මම වාහනේ අරන් අවුරුදු දෙකකින් විකුණන්න යනකොට මුලු මුදලම එකපාර ගෙවලා ගිවිසුම අවසන් කරලයි වික්කෙ. වාරිකය * ගෙවන්න තියන වාරික ගාණට වඩා අඩු ගාණක් තමයි මට ගෙවන්න උනේ. එහෙම උනේ එක පාර ගෙවපු නිසා.
    3) ගිවිසුම ඉවරකරලා පැවරීම කරද්දි සත පහක්වත් අමතරව ගෙවන්න සිද්දු උනේ නැහැ.

    මොනා උනත් ලීසින් එකක් නොදාන එක තමා හොඳ. මගේ නම් වාරික එකක්වත් හිඟ හිටියෙ නැහැ. නමුත් හැම මාසෙම යම් ගාණක් ලීසින් එක වෙනුවෙන් වෙන් කරන්න වෙන එක හෙනම අපරාදයක් කියලා හිතෙනවා කාලයක් යද්දි