වැට්‌ පනත යළි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අතීතයටද බලපාන පරිදි වැට්‌ පනත යළි ගෙනඒමේ සූදානමක්‌



    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශූන්‍ය කළ වැට්‌ බදු පනත අනුව අතීතයේදී අය කළ වැඩි කළ වැට්‌ බදු මුදල් ද නීත්‍යානුකූලව රජයට තබා ගත හැකි වන ආකාරයට යළිත් වැට්‌ බදු සංශෝධන පනත ගෙන ඒමට රජය සූදානම් වේ.

    ඒ සම්බන්ධව මුදල් අමාත්‍යාංශය දැනටමත් කටයුතු ආරම්භ කර ඇති අතර අලුත් පනතක්‌ ලෙස ගෙන එන්නේ සියයට 15 දක්‌වා වැට්‌බදු වැඩි කිරීමේ පෙර යෝජනාවම බවත්, ඒ සඳහ තවමත් ශ්‍රීලනිප සංශෝධන හෝ වෙනත් සංශෝධන ඇතුළත් කිරීමට උපදෙස්‌ ලැබී නැති බවත් මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ ඊයේ (10 දා) දිවයිනට කීවේය.

    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශූන්‍ය කළ පනත යටතේ මැයි 02 සිට මැයි 11 දක්‌වා වැඩිපුර අය කළ වැට්‌ බදු මුදල් රජයට නීත්‍යානුකූලව තබා ගැනීමට බැහැ නේ දැයි කළ විමසුමකට පිළිතුරු දුන් ඔහු සඳහන් කළේ දැන් තිබෙන තත්ත්වය එය වුවත් අලුතින් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසු එවැනි ගැටලුවක්‌ මතු නොවන බවයි.

    ශ්‍රේෂ්ඨාධිකරණය කියා තිබෙන්නේ පනත කැබිනට්‌ එකට ඉදිරිපත් නොකළ බවයි. ඒ නිසා නැවත අමාත්‍ය මණ්‌ඩලයට එම පනත ඉදිරිපත් කොට නිසි ක්‍රියාවලිය අනුගමනය කරමින් පාර්ලිමේන්තුවෙන් එය සම්මත කර ගැනීමට ක්‍රියා කරන බව ද ඒ සඳහා බාධාවක්‌ නැති බව ද එම මුදල් අමාත්‍යාංශ නිලධාරියා කීවේය.

    එම පනත සම්මත වීමෙන් පසු කලින් සියයට 15 දක්‌වා අය කළ වැට්‌ බදු මුදල් ද රජයට නීත්‍යානුකූලව ආදායමක්‌ ලෙස තබා ගත හැකි වනු ඇතැයි ඔහු තවදුරටත් දිවයින ට කීවේය.



    ශ්‍යාම් නුවන් ගනේවත්ත-divaina.com
     

    Similar threads