වැට්‌ මිස වෙන විකල්ප නැද්ද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැට්‌ මිස වෙන විකල්ප නැද්ද?

    fea8-1.jpg

    රජයේ බදු ආදායම් වැඩි කරගත හැකි විකල්ප රැසක්‌ අපට දීර්ඝවම සාකච්ඡා කළ හැකිය. මේ සඳහා වන නොයෙකුත් විකල්ප යෝජනා බොහොමයක්‌ සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුව විසින්ද පසුගිය බ්‍රහස්‌පතින්දා (18 දා) මුදල් ඇමැති රවි කරුණානායකට භාරදී තිබේ. මව්බිම ලංකා පදනම ඇතුළු නොයෙකුත් සංවිධාන හා විද්වතුන් සතුවද මේ සඳහා වඩාත් ප්‍රායෝගික විකල්ප යෝජනා තිබේ. මේ සියල්ල ගැන හොඳින් අධ්‍යයනය කර හිතුවක්‌කාරී නොවී මල නොතලා රොන් ගන්නා බඹරෙකු මෙන් බදු ගෙවන මහජනතාව තලා පෙලා පීඩාවට පත් නොකර, රජයේ බදු ආදායම් වැඩි කිරීමට පියවර ගන්නා ලෙස අපි රජයට යෝජනා කරමු.

    බොහෝ දුරට අඩුවී ඇති රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා රජයට බදු පැනවීමට සිදුව තිබේ. බදු ආදායම වැඩි කර ගැනීම සඳහා රජයකට අනුගමනය කළ හැකි පියවර බොහොමයකි. එසේම රජයකට බදු අය කර ගත හැකි බදු වර්ග ද බොහොමයකි. එහෙත් පසුගිය දිනවල රජය ක්‍රියා කළ ආකාරයෙන් නම් පෙනී ගියේ වැට්‌ බදු වැඩි කිරීම හැර රජයට බදු ආදායම් වැඩි කර ගැනීමට වෙනත් විකල්පයක්‌ නැති තරම්ය. ආණ්‌ඩුව හිතන්නේ "බදු" කියන්නේ "වැට්‌" (පමණයි) කියාද? බදු කියන්නේ වැට්‌ පමණක්‌ නොවන බවත් රජයට බදු අය කර ගත හැකි වෙනත් විකල්ප ක්‍රම තිබෙන බවත් ආණ්‌ඩුව නොදන්නවා නොවේ. රජයේ බදු ආදායම වැඩි කර ගැනීමේ තවත් විකල්ප ක්‍රම රැසක්‌ තිබියදී රජය වැට්‌ බදු වැඩි කිරීමටම මෙතරම් වෙහෙසක්‌ දරන්නේ ඇයි? මේ සඳහා කිසියම් රහසක්‌ තිබිය හැකිය. මේ ගැන වෙළෙඳ සංගම් නියෝජිතයන් නම් කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සඳහා වැට්‌ බදු වැඩි කිරීමට රජය එම අරමුදලට පොරොන්දුවී තිබීම මෙයට හේතුව බවය. රජය "වැට්‌" වැඩි කිරීමෙන්ම බදු ආදායම් වැඩි කිරීමට උත්සාහ දරන්නේ ඇතැම් විට ඒ නිසා විය හැකිය. එසේ නම් වැට්‌ බඳු වැඩි කිරීම රජය විසින් අත්හරිනු ඇතැයි සිතිය නොහැකිය. කෙසේ වෙතත් රජයට අවශ්‍ය බදු ආදායම් වැඩි කර ගැනීමට නම් ඒ සඳහා ඇති තවත් විකල්ප පිළිබඳ අවධානය යොමු කිරීමද වැදගත්aය.

    රජය වැට්‌ බද්ද සියයට 11 සිට සියයට 15 දක්‌වා වැඩි කිරීමෙන් අපේක්‍ෂා කළේ රු. බිලියන 100 ක ආදායමක්‌ රැස්‌ කර ගැනීමටය. එනම් රු. කෝටි 10,000 ක බදු ආදායමකි. රජයට ඔය තරම් දඟලන්නේ නැතුව ඔය මුදල උපයා ගැනීමට බැරිකමක්‌ නැත. මේ වැට්‌ බදු වැඩි කිරීම අනවශ්‍ය දෙයක්‌ වන්නට තිබූ බවට, අවශ්‍ය නම් එකම තර්කයක්‌ පමණක්‌ අපට ඉදිරිපත් කළ හැකිය. යම් හෙයකින් ලක්‍ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයට පත් නොකළේ නම් මේ වැට්‌ වැඩිකිරීම සිදු නොකළ හැකිව තිබූ දෙයක්‌ බව එම තර්කයයි. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාව සිටියදී සිදුවූ බවට චෝදනා එල්ල වූ "බැඳුම්කර මගඩිය" නිසා අනවශ්‍ය ලෙස පොලී අනුපාත ඉහළ ගොස්‌ රජයේ ණය පොලී වියදම විශාල වශයෙන් ඉහළ යැමට එය හේතු වූ බව අපි දනිමු. මේ නිසා රජයේ පොලී වියදම රු. කෝටි දහස්‌ ගණනකින් ඉහළ ගිය බව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් පෙන්වා දුන් කරුණකි. එහෙත් බදු ආදායම වැඩිකර ගැනීමට නම් 'වැට්‌' ම ආණ්‌ඩුවට අවශ්‍ය කරන්නා සේම රජයට රජයේ එජාප පාර්ශ්වයට) අවශ්‍ය කළේ මහ බැංකු අධිපති නම් අර්ජුන මහේන්ද්‍රන්මය. අර්ජුනම මහ බැංකු අධිපති පුටුවේ තබා ගැනීමේ අවශ්‍යතාව නිසා චෝදනා එල්ල වූ "බැඳුම්කර මගඩිය' හරහා රජයේ පොලීS වියදම ඉහළ ගියේය. මේ නිසා එක අතකට මේ වැඩි කළ වැට්‌ බද්ද හඳුන්වා දීමට වඩාත්ම සුදුසු නම "බැඳුම්කර දූෂණ බද්ද" කියා ද කියන්නට පුළුවන. එහෙත් මේ වැට්‌ බදු වැඩි කිරීම, මුදල් ඇමැති රවි කරුණානායක නම් හඳුන්වා දුන්නේ "රාජපක්‍ෂ දූෂණ බද්ද" කියාය. ඔය විදිහට නම් කරමින් දේශපාලන වෛරයෙන් රජයක්‌ මහජනතාවට බදු පනවන්නේ නම්, මේ රජයෙන් පසු අනාගතයේ බලයට පත්වන රජය අලුත් බද්දක්‌ හඳුන්වාදී එය 'බැඳුම්කර දූෂණ බද්ද' ලෙස නම් කළොත් එය හරිද? එයද නිවැරදිනොවන බව අපගේ අදහසයි. පසුගිය රජය කළ හැම දෙයක්‌ම නිවැරැදි නොවන බව ඇත්තය. එම රජය තුළ වංචාව, දූෂණය නොතිබුණාද නොවේ. එහෙත් ඒ නිසා 'රාජපක්‍ෂ දූෂණ බද්ද' කියා ජනතාව පිට බදු පනවමින් ජනතාව පීඩාවට පත් කිරීම හරිද? තමන්ගේ යහපාලන රජය යටතේම මේ කෙටි කාලයට සිදුවූ බවට චෝදනා එල්ලවූ වංචා හා දූෂණ ගැන මේ රජය කියන්නේ කුමක්‌ද? ඒවාට නීතිය ක්‍රියාත්මක වන බවක්‌ද පෙනෙන්නට නැත.

    මීට අමතරව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් පිරිහීම නිසාද රජයේ විදේශ ණය පැටව් ගැසුවේය. මේ නිසා ඉහළ ගිය විදේශ ණය තොගය ගිය වසර (2015) ට පමණක්‌ රු. බිලියන 285 කි. එනම් රු. කෝටි 28,500 කි. මෙය වැට්‌ බදු වැඩි කිරීමෙන් උපයා ගැනීමට රජය ඉලක්‌ක කළ මුදල මෙන් තුන් ගුණයකට ආසන්නය. රුපියල පිරිහී විදේශ ණය පැටව් ගැසීම නිසා ගෙවිය යුතු විදේශ ණය බර මෙතරම් ප්‍රමාණයකින් ඉහළ නොගියා නම්, ඒ නිසාද මේ වැට්‌ බදු වැඩි කිරීමක අවශ්‍ය නොවන්නට තිබුණි. ඒ නිසා රාජපක්‍ෂ රජය තුළ වංචා හා දූෂණ කොතරම් තිබුණා වියහැකි වුවද මේ කරුණු සළකා බැලීමේදී මේ වැට්‌ බදු ඉහළ නැංවීම "රාජපක්‍ෂ දූෂණ බද්ද" ලෙස හඳුන්වා දීම කිසිසේත්ම සාධාරණීකරණය කරන්නට පුළුවන්කමක්‌ නැත. වත්මන් රජයේ අයහපත් ආර්ථික කළමනාකරණය නිසාද රාජ්‍ය ණය වගකීම් විශාල වශයෙන් ඉහළ ගොස්‌ තිබේ.

    මේ අප සඳහන් කළේ රට තුළ ඉමහත් ආන්දොaලනයට තුඩු දුන්, එසේම ශේ්‍රෂ්ඨාධිකරණයෙන් පවා තහනම් නියෝග දුන් මේ වැට්‌ බදු වැඩි කිරීමට, වත්මන් රජයේ ක්‍රියා කලාපයම හේතුවූ බවට තර්ක කළ හැකි ප්‍රධාන කරුණු දෙකක්‌ පමණය. අවශ්‍ය නම් තවත් කරුණුද සඳහන් කළ හැකිය. කෙසේ හෝ අපේ බදු ආදායම අඩු බවත් එය වැඩිකර ගැනීම අත්‍යවශ්‍ය බවත් අප සැම පිළිගත යුතු කරුණකි. බැඳුම්කර මගඩි සිදුවී රුපියල ද පිරිහී හමාරය. ඒවාට වගකිවයුත්තන්ට නීතියෙන් පියවර ගැනීම වෙනම කාරණයකි. මූලික වශයෙන්ම වැට්‌ යනු වක්‍ර බද්දක්‌ නිසා එහි බර මුළුමනින්ම පැටවෙන්නේ සමස්‌ත බදු ගෙවන ජනතාව මතය. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වරක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයකින් කීවේ වක්‍ර බදු (භාණ්‌ඩ හා සේවා මත පනවන බදු) අඩුකර සෘජු බදු (ආදායම මත පනවන බදු) වැඩි කරන බවය. මේ වැට්‌ බදු වැඩි කිරීම, මුලින් රජය ප්‍රකාශ කළ එම බදු ප්‍රතිපත්තියටද විරුද්ධව යැමකි. එසේ නම් රජය විසින් ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිපත්තියට අනුකූලව රජයට බදු ආදායම් වැඩි කර ගැනීමට ක්‍රියාමාර්ග ගතයුතුව තිබේ. බදු ගෙවිය යුතු නමුත් තවමත් බදු නොගෙවා බදු ගෙවීම පැහැර හරින්නන් ක්‍රමානුකූලව බදු දැලට ඇතුළත් කර ගැනීම සඳහා වන වැඩපිළිවෙළක්‌ දියත් කිරීම මෙහිදී අත්‍යවශ්‍යමය.

    රජයේ බදු ආදායම් වැඩි කරගත හැකි විකල්ප රැසක්‌ අපට දීර්ඝවම සාකච්ඡා කළ හැකිය. මේ සඳහා වන නොයෙකුත් විකල්ප යෝජනා බොහොමයක්‌ සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුව විසින්ද පසුගිය බ්‍රහස්‌පතින්දා (18 දා) මුදල් ඇමැති රවි කරුණානායකට භාරදී තිබේ. මව්බිම ලංකා පදනම ඇතුළු නොයෙකුත් සංවිධාන හා විද්වතුන් සතුවද මේ සඳහා වඩාත් ප්‍රායෝගික විකල්ප යෝජනා තිබේ. මේ සියල්ල ගැන හොඳින් අධ්‍යයනය කර හිතුවක්‌කාරී නොවී මල නොතලා රොන් ගන්නා බඹරෙකු මෙන් බදු ගෙවන මහජනතාව තලා පෙලා පීඩාවට පත් නොකර, රජයේ බදු ආදායම් වැඩි කිරීමට පියවර ගන්නා ලෙස අපි රජයට යෝජනා කරමු.

    දුම්කොළ බදු වැඩි කිරීමෙන් ද රජයට පහසුවෙන්ම වසරකට තවත් රු. කෝටි දහස්‌ ගණනක ආදායමක්‌ උපයා ගත හැකිය. පසුගිය කාලයේදී ඒක පුද්ගල ආදායම වැඩිවීමට සාපේක්‍ෂව සිගරට්‌ මිල ගණන් ඉහළ ගොස්‌ නැත. එසේම පසුගිය වැට්‌ බදු වැඩිකිරීමද සිගරට්‌වලට අදාළ නොවීය. වරින්වර සගරට්‌ මිල ගණන් වැඩිවන බවක්‌ පෙණුනද, එය නිතරම සිදුවන්නේ දුම්කොළ කර්මාන්තයට වාසිසහගත වන පරිදිය. ඒ නිසා දුම්වැටි අලෙවිය අඩුවුවද, ඔවුන්ගේ ආදායම් ඉහළ ගොස්‌ තිබේ. වැට්‌ වැඩි කරමින් සාමාන්‍ය ජනයා අසීමිතව පීඩාවට පත්කරන වත්මන් රජයට දුම්කොළ කර්මාන්තය වෙනුවෙන් විශාල කරුණාවක්‌ තිබෙන්නේ ඇයි? දුම්කොළ කර්මාන්තය විසින් වසරකට අප රටට අහිමි කරන වටිනා මිනිස්‌ ජීවිත ප්‍රමාණය 20,000 කට අධිකය. මේ නිසා දුම්කොළ බදු වැඩිකිරීම හරහා රජයට වැඩි බදු ආදායමක්‌ උපයාගන්නා අතරම දුම්පානයට අලුතින් යොමුවන පිරිස අවම කරගැනීමටද හැකියාව ලැබේ. මේ අනුව තවමත් අඩු මට්‌ටමක පවතින සිගරට්‌ මිල ගණන් රුපියල් 5 කින් පමණ පහසුවෙන්ම ඉහළ නැංවිය හැකිව තිබේ. ඒ හරහා වැට්‌ බද්දෙන් ජනතාව පීඩාවට පත් නොකර රුපියල් කෝටි දහස්‌ ගණනක බදු ආදායමක්‌ පහසුවෙන් රජයට උපයා ගත හැකිය. එසේම හැම විටම දුම්කොල කර්මාන්තයට වාසිදායක වන පරිදි අඩුවන ප්‍රතිශතයකින් දුම්කොළ බදු පැනවීමද වළක්‌වාගත යුතුව තිබේ. දුම්කොළ බදු වැඩි කිරීම ඇතුළු තවත් විකල්ප බදු යෝජනා ගැන අපි තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරමු.


    * ශ්‍යාම් නුවන් ගනේවත්ත