වැඩිවෙන ජීවන වියදමත් එක්ක ගේම ගහන්න උපදෙස් කීපයක්!💪💪

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,564
    16,396
    113
    ටික කාලෙකට ඉස්සර ලංකාවේ සීනියර් පොලිටික්ස් හාදයෙක් මිනිස්සුන්ගෙන් ඇහුවා, “ළඟදි අල එහෙම කෑවද, ලූණු කීයද, දැන් සැපද?” කියලා.

    mahinda-mahinda-rajapaksha.gif


    හැබැයි ඉතින් දැන් වෙනකොට මිනිස්සු ඒ පොලිටික්ස් කට්ටියට චන්දෙ දීලා බලේට ගෙනාපු අයගෙන්ම අහන්න පටන් අරගෙන තියෙනවා “ළඟදි පැට්‍රල් එහෙම ගැහුවද? ගෑස් එහෙම තියෙනවද? කිරි පිටි එහෙම කීයද? දැන් සැපද?” කියලා. හැබැයි ප්‍රශ්නේ මේකයි. ඔය විදියට බඩු මිල අහස උසට නැගලා, ජීවන වියදම පිස්සු කොර වෙලා, සැප හම්බුවෙලා තියෙන්නේ ඡන්දේ අරයට දුන්නු, මෙයාට දුන්නු පොදු ජනතාව හැමෝටම මිසක්, තෝරලා බේරලා නෙවෙයි. ආන්න ඒ නිසා,

    පොලිටික්කොන්ට සලකන්න ඡන්දයක් එනකල් ඉන්න අතරෙම, පක්ෂ පාට භේද නැතුව දැන් පොදු ජනතාවටත් පොඩ්ඩක් හිතන්න වෙනවා කොහොමද මේ ගේම ගහන්නේ කියන එක ගැන.


    ඇත්ත, දැන් කාලේ වැඩ කරන්න තියෙන කාලෙන් සෑහෙන ප්‍රමාණයක් කරුවලේ ඉන්නයි, පෝලිම් වල ඉන්නයි ගෙවලා, කීයක් හරි හම්බු කරගත්තත්, ඒ ගාණ වැඩි වෙන ජීවන වියදමට මුහුණ දෙන්න මදි. විශේෂයෙන්ම ඔය මහ ලොකු පඩියක් ගන්නෙ නැති, හම්බුවෙන පඩියෙන් ගේමක් ගහලා සතුටින් හිටපු මධ්‍යම පංතියටයි, හැමදාමත් ජීවත් වෙන්න අරගලයක් කරපු ඊට පල්ලෙහා පංති වලටයි තමයි මේ තත්වය දරුණුවටම දැනෙන්නේ. අනාගතේට යමක් ඉතුරු කරන එක පැත්තකින් තියමුකෝ. ඉඳලා හිටලා ෆිල්ම් එකක් බලන්න යනවා වගේ ආතල් එකක් ගන්න එකත් පැත්තකින් තියමුකෝ. කොහොමද මේ ජීවන වියදම ඉහළ යන විදියත් එක්ක කාලා බීලා ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි ගොඩක් අයට තියෙන්නේ!

    හැබැයි පොඩ්ඩක් අපි මොළේ කල්පනා කරලා බැලුවොත්, ඒ වැඩිවුණු ජීවන වියදම එක්ක ගේමක් ගහලා, වැඩේ අමාරුවෙන් හරි ගොඩදාගන්න බැරි කමකුත් නැහැ හැබැයි. ඉතින් අපි හිතුවා, ආන්න ඒක කොහොමද කරන්නේ කියන එකට අදහස් කීපයක් දෙන්න!


    01. වියදම් බජට් කරමු

    Tips-to-battle-the-rising-cost-of-living-01.jpg


    වැඩිවෙන ජීවන වියදමත් එක්ක සටන් කරන්න අවශ්‍ය නම්, මේක තමයි පළවෙනි කාරණාව. බජට් එකක් හදන එක. හරි, අපි පුරුදු වෙලා ඉන්නේ මාසේ වියදම් ඔක්කොම ඔළුවෙන් හැන්ඩ්ල් කරන්න. එන එන විදියට බිල් ගෙවන්න. එහෙම නේද? හැබැයි ඒක ඒ තරම් සාර්ථක වැඩක් නෙවෙයි. අපේ මොළේ සුපර් කොම්පියුටරයකට වඩා ප්‍රබල වුණත්, හැම දේම ඔළුවේ තියාගෙන කළමනාකරණය කරන්න යෑමෙන් අපිට මග හැරෙන දේවල්, අතපසු වෙන දේවල් වැඩියි. අන්න ඒ නිසා, අපි මුලින්ම මාසිකව අපිට තියෙන වියදම් ලියන්න පටන් ගමු. ගෙවන්න ඕන බිල් වල ඉඳලා, ගෙදරට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන බඩුමුට්ටු වල මිල ගණන් දක්වා ලියමු. එහෙම ලියලා බැලුවහම, අපිට හිතාගන්න පුලුවන් මාසෙකට අපි ගෙවන්න තියෙන ගාණ. මතක තියාගන්න, මේ මාසික වියදම් ලැයිස්තුව හදනකොට කිසිම දෙයක් අමතක කරන්න එපා. ටොපියක් කන්න යන ගාණ පවා එතන තියෙන්න ඕන. දැන් ඒ ලැයිස්තුව ආයෙමත් කියවලා බලන්න, එතනින් ඇත්තටම අවශ්‍ය නොවන දේවල් මොනවද කියලා. ඒවා කපා හරින්න. දැන් අපේ මාසික ආදායම් අනික් පැත්තේ ලියන්න. ඒක වඩාත් ලේසි වැඩක් වියදම් ගණනය කිරීමත් එක්ක බලනකොට. දැන් ආදායමට වඩා වියදම වැඩියි වගේ නම්, අර වියදම් ලිස්ට් එකෙන් අත්‍යාවශ්‍ය නොවෙන දේවල් මොනවද කියලා බලන්න. දැන් එතනින් එහෙම අත්‍යාවශ්‍ය නොවෙන දේවලුත් කපා හරින්න. දැන් අපිට ආදායම් සහ වියදම් ලැයිස්තුවක් තියෙනවා. මේක තමයි අපේ මාසික මූල්‍ය පුරෝකථනය.

    දැන් තියෙන්නේ මේකේ තියෙන විදියටම වැඩේ කරගෙන යන එක.

    02. ග්‍රොසරි අයිටම්ස්

    Tips-to-battle-the-rising-cost-of-living-02.jpg


    සාමාන්‍යයෙන් මාසිකව අපිට ගෙදරදොරේ කන බොන දේවල් වලට යන වියදම ගණන් හදලා බලනකොට, එතන අවශ්‍ය දේවල් වල ඉඳන් අනවශ්‍ය දේවල් දක්වා තියෙනවා. හරි, හොඳ කොලිටි චොකලට් එකක් කන එක අපිට අත්‍යාවශ්‍ය දෙයක් නොවෙන්න පුලුවන්. හැබැයි ඒ වගේ දේවල් වලින් තමයි අපිට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. එහෙමනේ? හැබැයි අමතක කරන්න එපා. අපි රටක් වශයෙන් ඉන්නේ ආර්ථික අර්බුදයක. අන්න ඒ නිසා, කොලිටි චොකලට් කියන අයිටම් එක අපේ ග්‍රොසරි ලිස්ට් එකෙන් මේ මොහොතට කපා හැරියට කමක් නෑ. ඊට පස්සේ, බලන්න ඔය ග්‍රොසරි අයිටම්ස් වලින් මොනවද අඩු කරන්න පුලුවන් වියදම් කියන එක. උදාහරණයක් ගත්තොත්, ෆුඩ් සිටි එකකින් බිත්තර 12 පැක් එකක් ගන්නවට වඩා අඩුවෙන්, බිත්තර විකුණන සාමාන්‍ය කඩේකින් බිත්තර 12 ක් ගන්න පුලුවන් වෙයි. පුලුවන් නම් ඒ අඩු ගාණට එක පාර බිත්තර 20 ක් ගන්න බලන්න. ඒකෙන් තවත් වියදම අඩු වෙයි. එතකොට මස් කඩෙන් චිකන් කිලෝ එකක් ගන්න ගාණට වඩා අඩුවෙන්, මස් විශාල ප්‍රමාණයෙන් ගන්න පුලුවන් ෂොප් එකකින් ගන්න පුලුවන් වෙයි. එතකොට අවශ්‍ය වෙලාවට මස් කිලෝ එක කිලෝ එක ගන්නවට වඩා, එක පාර මස් කිලෝ දෙක තුනක් ගන්න එක ලාභයි. වෙනත් විදියකට කියනවා නම්, මාසෙකට අවශ්‍ය කෑම බීම බඩුමුට්ටු, අඩු වෙන අඩු වෙන සැරේට සුපර්මාකට් එකට ගිහින් මාසෙකට කීප වතාවකට ගන්නවට වඩා, එක පාර අරගෙන ස්ටොක් කරලා තියාගන්න පුලුවන් නම් වියදම් අඩුයි.

    03. ගෑස් වගේ එව්වා

    Tips-to-battle-the-rising-cost-of-living-03.jpg


    අපි දකින දෙයක් තමයි, මේ දවස් වල ගෑස් එහෙම හිටු කියලා ගණන් වැඩිවෙනවා. එතකොට සමහර වෙලාවට ඔය අමතර ගෑස් එකක් එහෙම ගෙනැල්ලා තියාගන්න එක. ගෑස් කියන්නේ කල් ඉකුත් වෙන දෙයක් නෙවෙයිනේ. එතකොට අමතර ගෑස් සිලින්ඩරයක් ගන්න මූලික ආයෝජනයක් කරන්න වුණත්, ඒක වටිනවා. ඒ වගේම, අවශ්‍ය නම් ඔය කිරි පිටි වගේ දේවල් වුණත් ගෙදර පරිභෝජනය වෙන විදිය අනුව ස්ටොක් කරලා තියාගන්න පුලුවන්. හැබැයි ඉතින් ඒකෙන් කියන්නේ කිරි පිටි පැකට් හතර පහ ස්ටොක් කරලා තියාගෙන, වෙළඳපොළේ බඩු හිඟයක් නිර්මාණය කරන්න දායක වෙන එක නෙවෙයි. මෙතනදී අර අපි මුලින්ම හදපු ලැයිස්තුවට අනුව, යම් යම් බඩු අපිට කොයි තරම් කාලෙකට ප්‍රමාණවත් වෙනවද කියන එකත් වෙනම ප්ලෑන් එකක් හදාගන්න පුලුවන්. දැන් ඒ යම් යම් බඩු ප්‍රමාණවත් වෙන කාලය උපරිමයෙන් වැඩි කරගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න පුලුවන්. විශේෂයෙන්ම මේකෙන් කියන්නේ ලෙවකාලා ජීවත් වෙනවා කියන එකට වඩා, නාස්තිය පිටුදැකීම කියන එක. ඒ ගැන අපි ඊළඟ පොයින්ට් එකක කියනවා.

    04. විකල්ප වලට යමු

    Tips-to-battle-the-rising-cost-of-living-04.jpg


    උද්ධමනය සහ ආර්ථික අවපාතය කියන එව්වට ප්‍රායෝගිකව මුහුණ දෙන්න වෙලා තියෙන මේ කාලයේදී අපිට විකල්ප කියන එව්වා සෑහෙන්න වටිනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට ගෑස් එකෙන් එදිනෙදා උයනකොට වුණත්, දර ලිපක්, කුඩු ලිපක් වගේ විකල්පයක් සයිඩ් එකෙන් පාවිච්චි කරන්න පුලුවන්. ඇත්තටම දැන් කාලේ ඔය නව නිර්මාණ විකල්ප තියෙනවා. ඒකට එක උදාහරණයක් තමයි, ෆෑන් එකක් හයිකරලා තියෙන බොහොම කාර්යක්ෂම නව නිර්මාණ දර ලිප. ඒක ලොකු කරදරයක් නැතුව ගේ ඇතුළෙම පාවිච්චි කරන්න පුලුවන්. එතකොට ගෑස් වෙනුවට ඔය බයෝ ගෑස් වගේ සිස්ටම් එකකට ආයෝජනයක් කරන්න පුලුවන්. එතකොට, විශේෂයෙන්ම මේ කරන්ට් කපන කරදරෙත් එක්ක, අපිට පොඩි ඕෆ් ග්‍රිඩ් සෝලර් පවර් සිස්ටම් එකකට එහෙම ආයෝජනය කරන්න පුලුවන්. හැබැයි එකක්. රැල්ලට විකල්ප වලට යන්න හදන්න එපා. විකල්පෙකට යන්න කලින්, ඒ ගැන හොඳට හොයලා බලලා, හොඳ රිසර්ච් එකක් කරලා, අපිට ඇත්තටම විකල්ප ක්‍රමයෙන් ලාභයක් තියෙනවද, ඒ විකල්ප ක්‍රමයට ආයෝජනය කරන මූලික ගාණ ඒ ලාභයෙන් ටික කාලයක් ඇතුළතදී කවර් වෙනවද කියන එක හොයලා තමයි පටන් ගන්න ඕන.



    05. වියදම අඩු කරන්න පුලුවන් තැන් හොයමු

    Tips-to-battle-the-rising-cost-of-living-05.jpg


    වියදම අඩු කරන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි නාස්තිය අඩු කරන එක. ඒක පුද්ගලිකව නාස්තිය අඩු කිරීමේ ඉඳන්, සාමූහිකව නාස්තිය අඩු කිරීම දක්වා විහිදෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කෑම නාස්තිය අඩු කරලා, මාසෙකට යන හාල් වියදම අඩු කරන්න පුලුවන්. ඒක අපිට දැනෙන ඉතුරුවක්. එතකොට ගෑස් එක පාවිච්චි කරනකොට එහෙම නාස්ති නොවෙන විදියට අවශ්‍ය ප්‍රමාණයට විතරක් පාවිච්චි කරන්න, මාසයක් පාවිච්චි කරන ගෑස් එක මාසයයි දවස් දහයක් වත් ඇදගන්න ට්‍රයි කරන එක කරන්න පුලුවන්. ඒකත් අපිට දැනෙන ඉතුරුවක්. හැබැයි අපි කාමරේකින් පැය බාගෙකට එළියට යනකොට, කාමරේ ලයිට් එක ඕෆ් කරලා යන එකෙන් අපේ කරන්ට් බිලට වෙන ඉතුරුව එහෙමට දැනෙන එකක් නෙවෙයි. හැබැයි ඒක ජාතික ජාලයටම වෙන ඉතුරුවක්.



    දෙවෙනියට, අපි තනියෙන් අපේ වාහනේක දිනපතා ඔෆිස් යනවා කියන්නේ, ඒක අපිට වියදමක් වගේම, සමස්ත පද්ධතියටත් නාස්තියක්. ඒ නිසා එක්කෝ කොළඹ ඔෆිස් තනියෙන් වාහනේක යන එකෙක් දෙන්නෙක් එක්ක සෙට් වෙලා මාරුවෙන් මාරුවට එක වාහනේක යන්න සෙට් කරගන්න පුලුවන්. එහෙම නැතිනම් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න පුලුවන්. ඒකෙන් වියදම සෑහෙන්න අඩු වෙනවා.

    👇

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,396
    113

    06. අනාගත වියදම් අඩු කරමු

    Tips-to-battle-the-rising-cost-of-living-06.jpg


    අපි මේ වගේ ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නකොට ප්‍රධාන වශයෙන්ම කරන්න අවශ්‍ය දෙයක් තමයි, අනාගතය දකින්න හැකිතාක් උත්සාහ කරන එක. එතනදී ඔය දේශපාලකයෝ කියන “හෙට එච්චර කළුවර නෑ” වගේ කතන්දර වලට නොරැවටී, ඇත්තටම ඊළඟ මාසෙදී, දෙකේදී, හයේදී වෙන්න පුලුවන් මොනවද කියන එක ගැන පුරෝකථනය කරන්න පුලුවන් වෙන්න ඕන. අන්න ඒක කරන්න නම්, රටේ සිද්ධ වෙන දේවල්, බිස්නස් නිව්ස්, ආර්ථික කරුණු ගැන එහෙම දැනුවත් වෙලා, අප්ඩේට් වෙලා ඉන්න ඕන. නිව්ස් පත්තර බලන්න ඕන. ආන්න ඊට පස්සේ, අනාගතේදී වෙන්න පුලුවන් අනවශ්‍ය වියදම් අඩු කරගන්න අපිට හැකියාවක් ලැබෙනවා.



    උදාහරණයක් විදියට ගත්තොත්, රටින් ගේන කොම්පියුටර් පාට්ස් සීමා කිරීමක් පනවලා තියෙනවා නම්, ඒකෙන් කියවෙන්නේ ඊළඟ මාස කීපය ඇතුළතදී කොම්පියුටර් එකක් ගන්න යන වියදම, අළුත්වැඩියා වලට යන වියදම එහෙම අහස උසට නගිනවා කියන එක. ආන්න එතකොට, ඒක කලින් දැකලා, තමන්ගේ දැන් තියෙන උපාංග හැකි උපරිම ප්‍රවේසමකින් පාවිච්චි කිරීම, සෙකන්ඩ් හෑන්ඩ් විකල්ප ස්ටෑන්ඩ් බයි තියාගන්න එක වගේ පියවර ගන්න පුලුවන්.

    07. අමතර ආදායම් සහ ආයෝජන

    Tips-to-battle-the-rising-cost-of-living-07.jpg


    ආර්ථික අර්බුදයක් එක්ක මේක අනිවාර්යයෙන්ම හිතන්න ඕන කාරණාවක්නේ. ඒ කියන්නේ වියදම ක්‍රමයෙන් වැඩි වෙනවා නම්, ඊට සාපේක්ෂව ආදායම වැඩි වෙන්නේ නැතිනම්, අපි හොයාගන්න ඕන අමතර ආදායමක් උපයන්න පුලුවන් ක්‍රම. ඒක සයිඩ් එකෙන් කරන බිස්නස් එකක් වෙන්න පුලුවන්. ෆ්‍රී වෙලාවට වාහනෙන් හයර් දුවනවා වගේ එදා වේල වැඩක් වෙන්න පුලුවන්. හැබැයි ආදායම වැඩි කරගන්න ක්‍රම සහ විධි දැන්ම තියාම හිතලා බලන එක හොඳයි. එතකොට අපිට තාමත් මාසෙකට ගාණක් ඉතුරු වෙනවා නම්, ඒක බැංකුවේ දාලා තිබ්බහම හරි යනවද? ඇත්තටම මේ ආර්ථික තත්වයත් එක්ක, මුදලේ අගය ශිඝ්‍රයෙන් අවප්‍රමාණ වෙන නිසා, ඒක තේරුමක් ඇති දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා, බැංකුවේ හරි මෙට්ටෙ අස්සෙ හරි සල්ලි ඉතුරු කරනවට වඩා, ඒ මුදලේ අගය අඩුවෙන්නෙ නැති ආයෝජන වලට යන එක බොහොම ඥාණවන්ත දෙයක්. හදිසියකට ගන්න මුදලක් අයින් කරලා තිබ්බට කමක් නෑ.



    හැබැයි එකක් මතක තියාගන්න ඕන. මේ වගේ ආර්ථික අවපාතයක් රට පුරාම එනකොට, හොරු එහෙමත් සෑහෙන්න වැහි වහින්න පටන් ගන්නවා. අන්න ඒ නිසා, ආයෝජන වගේ එව්වා බොහොම සිහිබුද්ධියෙන්, ප්‍රවේසමෙන් හිතලා මතලා කරන්න ඕන. එක රැයින් ලොකු සල්ලි හොයන්න නොයා ඉන්න හිතට ගන්න ඕන.



    අවසානයට කියන්න ඕන කාරණාව මේකයි. සමහර වෙලාවට කෙනෙක් මාසෙකට රුපියල් ලක්ෂයක්, එකහමාරක් හොයනවා නම්, ඔය බඩු ගන්න, තෙල් ගහන්න පෝලිමක ඉන්න වෙනවා වගේ කාරණාවකදී ඇරෙන්න, තාම එහෙම කෙනෙක්ට මේ ආර්ථික අර්බුදය ලොකුවට දැනෙන්න තියෙන ඉඩ අඩුයි. එහෙමයි කියලා තමන්ට මේ අර්බුදය බලපාන්නේ නෑ කියලා හිතන මෝඩ වැඩේ කරන්න එපා. අද නොදැනුනත්, තව මාසෙකින් තව බඩු ගණන් යනකොට, බඩු හිඟ වෙනකොට සල්ලිකාරයෙක්ට වුණත් මේ ආර්ථික අර්බුදය දැනෙන්න පටන් ගන්නවා. ආන්න ඒ නිසා, අදම ඒකට මුහුණ දෙන්න සූදානම් වෙන එකයි නුවණක්කාර.


    source
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕව මොකුත් කරන්ඩ ඕන නැ ලපකොටාව හරි සජියව හරි ජනාධිපති කරමු , සර්ට බැරි උනාට උන් කරයින්නෙ බන් අඩුවට දෙයිනෙ උබලට හා නැද්ද????🤣🤣🤣🤣🤣🤣
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    ඕව මොකුත් කරන්ඩ ඕන නැ ලපකොටාව හරි සජියව හරි ජනාධිපති කරමු , සර්ට බැරි උනාට උන් කරයින්නෙ බන් අඩුවට දෙයිනෙ උබලට හා නැද්ද????🤣🤣🤣🤣🤣🤣
    Gon harako economy eka collapse kare ube sir..vat nathi karala usd eka fixed karala
     
    • Haha
    Reactions: lilman

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Gon harako economy eka collapse kare ube sir..vat nathi karala usd eka fixed karala
    හරි බන් ලපකොටා වැඩ්ඩ පුචි අම්මට කෙලපු එකාට ආර්තිකය හදන එක කජ්ජක්ද, ඌව ජනාධිපති කරපල්ල මේකෙ තෙර්ඩ් දදා ඉන්නෙ නැතුව .🤣🤣🤣🤣🤣
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හරි බන් ලපකොටා වැඩ්ඩ පුචි අම්මට කෙලපු එකාට ආර්තිකය හදන එක කජ්ජක්ද, ඌව ජනාධිපති කරපල්ල මේකෙ තෙර්ඩ් දදා ඉන්නෙ නැතුව .🤣🤣🤣🤣🤣
    යාලුවා ඇයි බන් මෙහෙම ත්‍රෙඩ් එකකත් මේ වගේ කතා කියන්නෙ.

    උබලගෙ දේශපාලනේ එක්ක මට අවුලක් නෑ. ඒත් උබම හිතල බලපන්කො උබ මේ කරන වැඩේ තේරුම.
    ඕකෙන් උබේ පක්ශෙ තවත් අප්‍රසන්න වෙනවා බන්.
    (math pohottuwata gahapu ekek thamay)
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,085
    54,756
    113
    Colombo
    යාලුවා ඇයි බන් මෙහෙම ත්‍රෙඩ් එකකත් මේ වගේ කතා කියන්නෙ.

    උබලගෙ දේශපාලනේ එක්ක මට අවුලක් නෑ. ඒත් උබම හිතල බලපන්කො උබ මේ කරන වැඩේ තේරුම.
    ඕකෙන් උබේ පක්ශෙ තවත් අප්‍රසන්න වෙනවා බන්.
    (math pohottuwata gahapu ekek thamay)

    එයා වෙනුවෙන් මම සමාව ඉල්ලනව ප්‍රෙන් :(

    පොඩි කාලෙම පාසලෙන් කට්ටි පැනල,කඩේ මුදලාලිගෙන් අඩුවට බුල්ටො කන්න ගිහින් මුදලාලිගෙ බුල්ටො එක කටේ දාගෙන සූප්පු කරල,පස්සෙ මාට්ටු වෙලා මානසික අවපීඩනයට පත් වෙලා,

    ඊට පස්සෙ පන්තියේ අනිත් උන්ව බුල්ටො කවන්න එක්ක යන්න ගිහින් මාට්ටු වෙලා,ඉස්කෝලෙන් අස් කරල (පොස් විදියට කියනව නම් "ඩ්‍රොප් අවුට්" වෙලා),

    ආතක් පාතක් නැතුව හංදියෙ බෝක්කුව උඩ ඉද්දි පෝස්ටර් ගහන්න එක්ක ගිහින් කීයක් හරි අතට එන්න වැඩක් සෙට් කරන් ඩේට කාඩ් දාගෙන අනුන්ගෙ ලැට් හෝදන්න එන කෙනාට අනුකම්පා කරන්න සුදු මහත්තයො.නැත්නම් ඔයාට ගොඩක් පව් පිරෙයි :(
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,227
    113
    I advised my family to don't keep money in Saving accounts, invest on lands, Gold, or BTC. They don't know about BTC btw.
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හරි බන් ලපකොටා වැඩ්ඩ පුචි අම්මට කෙලපු එකාට ආර්තිකය හදන එක කජ්ජක්ද, ඌව ජනාධිපති කරපල්ල මේකෙ තෙර්ඩ් දදා ඉන්නෙ නැතුව .🤣🤣🤣🤣🤣

    raja paka lage ge chuu bonawa neda uba ?
     
    • Haha
    Reactions: siri_ayya

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    උබ කියන විදියට මස් කිලෝ 3ක් ගත්තා.දවසක් කරන්ට් කැපුවා,ආයෙ දවසක් කැපුවා ඊට පස්සෙ ඒ ටික බල්ලට දුන්න