වැඩිහිටියන්ට_පමණයි

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    වැඩිහිටියන්ට_පමණයි

    ''වැඩිහිටියන්ට පමණයි! දර්ශන මට සැබෑ ලෙසම රඟපාන්න වුණා..''

    ''චිත‍්‍ර‍්‍රපටය පටන් ගනිද්දී මම අධ්‍යක්‍ෂගේ කෙළිබඩුවක්...'' - රඟපාන්න ගිහින් මුළු ජිවිතයම විනාශ කරගත් ජනප්‍රිය නිළියකගේ රහසිගත හෙළිදරව්වක්



    ‘‘මගේ නම නේරංජි... මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. මට එක අක්කා කෙනෙක් හිටියා. පවුලේ බාලයා වෙච්ච මම ගොඩක් දඟ චරිතයක්. උසස් පෙළ කරන දවස්වල පංති කට් කරලා චිත‍්‍රපටි බලන්න ගිහින් අහුවෙලා තාත්තගෙන් ගුටි කාලත් තියෙනවා.

    ඉස්සර අපේ පන්තියේ කෙල්ලෝ ටික එකතුවෙලා හොරෙන් බලපු චිත‍්‍රපටිවල චරිත රඟපානවා. ඒ කාලේ ජීවිතේ කිසිම බරක් පතළක් තේරුණේ නෑ... හරිම සැහැල්ලූයි. මගේ අම්මා ගොඩක් අහිංසකයි. අපි පාලනය කරන්නේ අපේ තාත්තා. ඒත් අපට රැකවරණය ඕනෑම කාලය වෙනකොට හදිසියේ හෘදයා බාධයක් හැදිලා තාත්තා නැතිවුණා.
    ඒ වෙද්දි අක්කා විශ්වවිද්‍යාලයේ හිටියේ. අම්මයි මායි ගෙදර තනිවුණා. අම්මා ඉස්කෝලේ ගියපුවාම එයා එනකම්ම මම ගෙදරට වෙලා ටී.වී. බලනවා. නැත්නම් පත්තර බලනවා.

    එක දවසක් මම වෙළඳ දැන්වීමකට ගෑණු ළමයි ගන්න දැන්වීමක් දැක්කා. ඉස්කෝලේ අපේ කෙල්ලෝ සෙට් එකත් එක්ක රඟපාපු මට ඒක සිම්පල් කේස් එකක් කියලයි හිතුණේ. ගෙදර කාටවත්ම නොකියා මම ඒ වෙළෙඳ දැන්වීමට තෝරගන්න ආයතනයට අයදුම්පත‍්‍රයක් දැම්මා. ඒකට පිළිතුරු ලියුමකුත් එවලා තිබුණා.

    මට සම්මුඛ පරීක්‍ෂණයට යන්න දවසකුයි වෙලාවකුයි දීලා තිබුණා. මම ඒ කිසිදෙයක් අම්මටවත්, අක්කටවත් කිව්වේ නෑ.... මගේ තිබුණ මුරණ්ඩුකමට තනියම මම කොළඹ ආවා. පළමුවෙනි දවසෙම මාව ඒ දැන්වීමට තෝරාගත්තා. මට අත්තිකාරම් මුදලකුත් ලැබුණා. මම ගෙදර ගියේ අම්මට අක්කට තෑගි ගොඩක් අරගෙන.


    එදා ගෙදර යද්දි රෑ වුණා. අම්මගෙන් බැණුම් අහන්නත් වුණා. මම කොළඹ ගියපු කාරනේ අම්මට කිව්වට පස්සේ මම අරගෙන ගියපු තෑගි භෝග කිසිම දෙයක් එයා ගත්තේ නෑ... එයා මට කිව්ව එකම දේ. ‘‘අපි මේ ගමේ වැදගත් විදියට හිටපු මිනිස්සු.... කාගෙන්වත් කයිකතන්දර ඇහුවේ නෑ..... ලෝකයා හිනස්සන්න එපා...’’ කියලා. මම මුකුත් කිව්වේ නෑ.... ඒත් මගේ හිතුවක්කාර හිත අම්මා කියපු කිසිදේකට ඇහුන්කන් නොදෙන්න එපා කියලයි කිව්වේ.

    මම අම්මා ඉස්කෝලේ ගියාට පස්සේ ඇඳුම් කීපයකුත් දාගෙන කොළඹ නැන්දලගෙ ගෙදර ගියා. මම එච්චර මුරණ්ඩු වුණේ කොහොමද කියලා අද මටම පුදුම හිතෙනවා. අද මට මගේ අම්මා ගැන පුදුම දුකක් හිතෙන්නේ.. මම නිසා එයා කොච්චර හිතින් අඬන් ඇද්ද? ඒත් මොනා කරන්නද? ඉරණමේ තිබුණ විදියට හැමදේම සිද්ධ වුණා. මම වෙළෙඳ දැන්වීමට කැමතිවෙලා ලියුමක අත්සන් කළා. සල්ලිත් ගත්තා. ඒ නිසා අම්මා අකමැති වුණත් මට ඒ දැන්වීමට යන්නම වුණා. ඒ තමයි මගේ ජීවිතයේ වෙනස්කරපු මංසන්ධිය.

    මම මගේ හිතුවක්කාරකම් හින්දම ජීවිතේට ආ අභියෝගවලට කිසිදු බියක් නැතිව මූණ දුන්නා. කෙල්ලෙක් වුණත් වැඩකළේ කොල්ලෙක් වගේ... ඒ නිසාම ස්කින් ටෙස්ට් එකටත් ගියේ තනිවමයි. ඒක පුංචි කාමරයක් පාට පාට ලයිට් දාලා තිබුණා. කැමරා කීපයක් තිබුණා.


    මට වාඩිවෙන්න, හිටගන්න කියලා එක එක විදියේ පින්තූර ගත්තා. ඒ හැම වෙලාවකම එතන හිටපු අයියා මම ඉන්න ඕන විදියට අතපය, ඇඳුම සකස් කළා. සමහර වෙලාවට එකපාරටම කාමරය අඳුරුවෙනවා. ආයේ ලයිට් එනවා. පිරිමි දෙතුන් දෙනෙක් විතරයි හිටියේ.

    ඒත් මට කිසිම බයක් හිතුණේ නැහැ.... එතැන හිටිය අයත් මගේ හොඳ මිත‍්‍රයෝ වුණා. ඊට පස්සේ දවස් කීපයක්ම මම ෂූටින් ගියා. මගේ ඒ තිබුණ එඩිතරකම හින්දම පිරිමි අයත් එක්ක සුහදතාව ගොඩ නගා ගනිමින් මගේ කොටස් හොඳට රඟපෑවා... හැමෝම මට හොඳයි කිව්වා. ඒ මගේ පළමුවෙනි වෙළඳ දැන්වීම... එතනදී මට කිසිම කරදරයක් වුණේ නෑ... මුදලූත් ලැබුණා. ප‍්‍රසිද්ධියත් ලැබුණා. ඒ නිසා මට බයක් තිබුණෙත් නෑ....


    මම මාස ගණනක් ගෙදර ගියේ නෑ.... අම්මා නැන්දලාගේ ගෙදර ඇවිත් මාව බලලා ගියා. මම හිතුවක්කාර නිසා අම්මා මට වැඩි බලපෑමක් කරන්න ආවෙත් නෑ... එයා දන්නවා කොච්චර එපා කිව්වත් මම කරන්නේ මට ඕන දේ කියලා. මම රඟපාපු වෙළඳ දැන්වීම දැකලා මට එක කලාකෘතියක රඟපාන්න අවස්ථාවකුත් ලැබුණා. මම ඒක ගොඩක් සතුටින් භාරගත්තා. ඒ තමයි මට මාව නැතිවුණ මූසල මංසන්ධිය.

    ඒක වැඩිහිටියන්ට පමණයි නිර්මාණයක්. මට ලොකු මුදලක් දෙන්න පොරොන්දු වුණා. කතාවේ පිටපතත් කියවන්න දුන්නා. සමහර දර්ශන කැමරා ටි‍්‍රක්ස් කියලා කිව්වා. ජීවිතේ ගැන අබමල් රේණුවකවත් බයක් තිබ්බේ නැතිමම කිසිම චකිතයක් නැතිව ඒ නිර්මාණයට කැමති වුණා.

    මට හිටපු එකම භාරකාරයා අම්මා. එයා ඉන්නේ ගමේ. මම ඉන්නේ ලොකු නැන්දලාගේ ගෙදර මම ගැන හොයන්න කවුරුවත් හිටියේ නෑ.... ඒ නිසා භාරගත්ත චිත‍්‍රපටියේ වැඩ ටික කරන්න නුවරඑළිය පළාතට තනියම යන්න මම දෙපාරක් හිතුවේ නෑ.... මමයි, මගේ පාට්නයි, කැමරා ශිල්පියොයි, අධ්‍යක්‍ෂකයි, නිෂ්පාදකයි තවත් දෙදෙනෙකුයි නුවරඑළියේ ගියා. අපි ලස්සන කන්දක් උඩ තිබුණ ගෙදරකයි නැවතුණේ. මාත් එක්ක තව ගෑණු කට්ටිය දෙන්නෙක් හිටියා. අපි එක කාමරේක හිටියේ. අනෙක් පිරිමි අය වෙනමයි හිටියේ.


    එදා අපි නුවරඑළියට යද්දී හවස් වෙලා තිබුණේ. පිරිමි අයත් ගෑණු අයත් දෙගොල්ලොම ‘ඩි‍්‍රන්ක්ස්’ ගත්තා. මට ඩි‍්‍රන්ක්ස් අරගෙන පුරුද්දක් තිබුණේ නෑ... ඒත් මගේ ජීවිතේ නෑ, බෑ කියලා දෙයක් තිබුණේ නෑ කවදාවත්. ඒ නිසා මමත් පුරුදුකාරියක් වගේ එයාලත් එක්ක බිව්වා.

    අනෙක් දවසේ කරන වැඩ ටික කතා කරලා කාලා බීලා අපි නිදාගන්න කාමරවලට ගියා. මම මත්වෙලා හිටියේ. අපේ කාමරයට ආපු එක අයියා කෙනෙක් අපේ අධ්‍යක්‍ෂතුම මට කතා කරනවා කිව්වා. මම එදා වැනි වැනීම කාමරයෙන් එළියට ගියා. එයා හිටියේ එළියේ බංකුවක වාඩිවෙලා මම එතනට ගිහින් වාඩි වුණා.


    ‘‘ඔයා මහ පුදුම කෙල්ලෙක්. ගමේ කෙල්ලෙක් කියලා කියන්නවත් බෑනේ වස්තුවේ....’’ ඔහු මගේ අතකින් අල්ලලා ළඟින්වාඩි කරවා ගත්තා.

    එදා මට හිතුණේ ඒක මහ ලොකු දෙයක් කියලා. මම හිතුවේ එයා මහ ලොකු මිනිහෙක් කියලා. එයා මට කිව්වා.... කවදාකහරි මම ජනපි‍්‍රයම තරුවක් කරනවා කියලා. අර ඈත අහසේ පායලා තියෙන ලස්සන තරුවක් කරනවා කියලා. මම ඒ කතා අහලා ගොඩක් සතුටු වුණා. පාට පාට ලයිට්දාපු, ලොකු ස්ටේජ් එකක අත්පොළසන් නාදය මැද්දේ සම්මාන ගන්න හැටි එයා මට එදා ලස්සනට පෙන්නුවා.

    මම ඒ හීනේ අතරමං වුණා. මම ලස්සන සුරංගනාවියක්, මට තියෙන්නේ තාරුකා වගේ ලස්සන ඇස් දෙකක් කියලා එයා කිව්වා. එදා මට එයා මගේ ලෝකේ වීරයෙක් වුණා. එයාගේ පිහිටෙන් ජීවිතේ දිනන්නයි මට ඕන වුණේ....

    මත්වෙලා හිටපු මම එදා රැය ගතකළේ එයාගේ තුරුලේ... කෙල්ලෙක් විදියට ගෙදරින් එළියට බැහැපු මම එදා ගැහැණියක් වුණා.. උදේ ඇහැරෙද්දි මම හිටියේ එයා ළඟ.


    මගේ හිස කැරකෙන්න ගත්තා. ජීවිතේ කිසි දේකට බයවෙච්ච නැති මම, කවදාවත් ඇස් දෙකට කඳුළක් නගා ගත්තේ නැති මම ජීවිතේ පළමුවෙනි වතාවට ගෑණුකම ගැන තේරුම් ගත්තා. එදා මම හොඳටම ඇඬුවා. ඒත් ළිඳට වැටුණ මිනිහා ළිං කටින්ම ගොඩ වෙන්න ඕන කියලා කියමනක් තියෙනවානේ.

    මමත් මාව විනාශ කරපු ඒ නරුමයාගේ කරේම එල්ලිලා එයා මට පෙන්නපු හීනය දකින්න අධිෂ්ඨාන කරගත්තා. ඒත් මම ඒ මිනිහාට දෙවනි පාරටත් රැවටුණා කියාල හිතන්න තරම් මොළයක් එදා මට තිබුණේ නෑ..''

    ‘‘ඔයා දන්නවද මගේ ජීවිතෙත් අන්ධකාරයෙන් වැහිලා තියෙන්නේ.... එදා උදේ ඒ මිනිහා මට තවත් කාලකණ්නි යෝජනාවක් ගෙනාවා. මීට අවුරුදු කීපයකට ඉස්සරවෙලා තිබුණ සමාජ පරිසරයත් එක්ක මම ඒ තත්ත්වයට කොහොම මූණදුන්නද කියලා.’’

    මම ඇය දෙස බැලූවෙමි. ඇය කියන්නට උත්සහ ගන්නේ කුමක්දැයි සිතුවෙමි. ඒත් මට එය නිශ්චය කරගත නොහැක. එහෙත් එය ඇගේ ජීවිතයේ එක අවාසනාවන්ත ඇත්දැකීමක පෙර නිමිත්තක් බව නම් මට පසක් විය. මම ඇගේ ඒ දුක්බර පුවත ඇගේ මුවින් වචන වනතුරු නිහඬව බලාසිටියෙමි.

    ‘‘මම මේ නිර්මාණයට දායක වුණේ ඒකෙ තියෙන සමහර දර්ශන කැමරා ටි‍්‍රක්ස් කියලා කියපු නිසා. ඒත් මේ නරුම මිනිහා ඒ දර්ශනවලට මට සජීවීව ඉන්න කිව්වා. මම මගේ තිබුණු හිතුවක්කාරකම් නිසා අම්මගේ හිතරිද්දලා තනියම කොළඹ ඇවිල්ලා කෙල්ලක් විදියට ආරක්‍ෂා කරපු හැමදේම නැතිකර ගත්තා.

    ඊට පස්සේ ඒ ගින්නත් එක්කම මුළු ලෝකයකට පේන්න සෑහෙන පිරිසක් ඉදිරියේ නිරුවත් දර්ශනවලට පෙනී සිටින්න කියලා බලපෑම් කළා. ඒ වගේම ඒ නිර්මාණයට වුවමනාවටත් වඩා මම වෙනුවෙන් වියදම් කරලා තියෙන්නේ කියලා චෝදනා කළා.

    අන්තිමට මම ගොඩක් අසරණ වුණා. මට කරකියාගන්න දෙයක් නැතිවුණා. නන්නාඳුනන තැනක මට කාගේ පිහිටක්ද? මගේ තිබුණ දඟකාරකම්, කෙළිගති, සියල්ලක්ම හීන වුණා. මට ඒ මිනිස්සු කියපු දේ කරන්න වුණා. හැමෝම ඉස්සරහා මම මගේ ලජ්ජා භය වෙන්දේසි කළා.


    එදා මට මාව නැත්තටම නැතිවුණා. ජීවිතේ පළමුවෙනි වතාවට මත්පැන් බිව්වා. එදා ඒ ඊට පස්සේ දවසේ මුළු ලෝකෙටම පේන්න මම නිරුවත් වුණා. මම තවත් මොනවා රකින්නද? මට මගේ අම්මාගේ මූණ බලන්න බෑ. ආයෙත් ගමට ගිහින් ජීවත් වෙන්න බෑ....

    මම මගේ ජීවිතය මාව විනාශ කරපු ගෙන්දම් පොළොවෙන්ම හොයාගන්න ඕන. ඒ නිසා මම මාව විනාශ කරපු නරුම මිනිහවම මගේ ඉලක්කයට යන්න පාවිච්චි කළා. ඒ මිනිහා බැඳපු මිනිහෙක්. දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්. මට තවත් දරු පවුලක් අනාථවෙයි කියලා හිතන මානසිකත්වයක් තිබුණේ නෑ...

    ඒ මිනිහාගේ බිරිඳගේ කඳුළු මම පිච්චියකට මායිම් කළේ නෑ.... ඒ දරුවන්ගේ පුංචි හිත් ගැන අංශු මාත‍්‍රයක තරම්වත් අනුකම්පාවක් ඇතිවුණේ නෑ.... මම මාව විනාශ කරපු මිනිහගේ ජීවිතේ එල්ලූණා. ඔහුගේ අනියම් බිරිඳ වුණා. නිත්‍යානුකූල බිරිඳටයි දරුවන්ටයි ලොකු ගින්දරක් දැනෙන්න ඇති. ඒත් මම ඒ ගැන හිතන්න කාලයක් මිඩංගු කළේ නෑ...

    ඒ මිනිහා මාව කරළියට ගෙනවා. දීප්තිමත් නවක තරුවක් විදියට සමාජයට හඳුන්වලා දුන්නා. මමත් ටික ටික සමාජයේ ජනපි‍්‍රය තාරකාවක් බවට පත්වුණා. ඒ ආපු ගමනේ දේශපාලන අංශයේ ප‍්‍රධාන චරිත මට මුණගැහිලා තියෙනවා. අධ්‍යක්‍ෂකවරු, නිෂ්පාදකවරු මුණ ගැහිලා තියෙනවා. මම මගේ ටාගට් එකට යන්න ඕනම දෙයක් කරන සුදානමින් හිටියේ.

    සමහර අවස්ථාවල රුපියල් සීයට දෙසීයට විකිණෙන ගණිකාවක් නොවුණත්, දාස් ගණන්වලට විකිණෙන රෑ සමනලියක් වෙලා තියෙනවා. ලස්සන ගෙවල්, සුඛෝපභෝගී වාහන, රට රටවල සංචාර, විවිධ ඇඳුම් පැළඳුම්, පාර්ටිස්, නයිට් ක්ලබ් යන්න, විස්කි බ‍්‍රැන්ඩි බොන්න හොඳට සල්ලි ඕන. මට මගේ රූපේ ඒකට ගොඩක් උදව් වුණා.

    කවදාවත් කොල්ලෙකුට ආදරේ නොකරපු මම ආදරය මොනවගේද කියලා දැනගෙන හිටියේ නෑ.... මම ආදරය කියලා හඳුනා ගත්තේ ලිංගික සූරාකෑම... අද මට හොඳ නමක් තියෙනවා. සල්ලි තියෙනවා. ව්‍යාපාර තියෙනවා. ඒත් තාම මම තනිකඩයි. මම කාවද විශ්වාස කරන්නේ...? මට ආදරේ කරපු මාව රැකගත්තු මගේ අම්මා තාත්තා ඇරුණුකොට මේ ලෝකේ කිසිකෙනෙක් මම විශ්වාස කරන්නේ නෑ...


    හැමෝම අවස්ථාවාදියෝ ගෑනු ගෑනියෙක් උඩට එනවට කැමති නෑ... පිරිමි උදව්වක් කළොත් තවත් දේවල් බලාපොරොත්තු වෙනවා. හොඳ අයත් ඇති. ඒත් මට එහෙම අය මුණ ගැහිලා නෑ. ආදරය කියන්නේ බොරුවක්. අවස්ථාවාදී කියමනක්.

    දන්නවද කාන්තා හිංසනය ගැන හැමෝම කතා කරනවා. ඒත් කවද්ද කොතනදිද කාන්තාවන් හිංසනයට පත් නොවුණේ. මම පුංචි කාලේ ගොඩක් දඟයි. ඒත් නරක නැහැ. මගේ තාත්තා ගොඩක් සැරපරුෂයි. සමහර විට එයා ළමයෙකුට දරාගන්න බැරි දඬුවම් මට දීලා තියෙනවා. ඒ වෙලාවට මට පුදුම තරහක් ආවේ.

    සමහර විට මම හිතුවක්කාර වැඩ කරන්න පුරුදු වුණෙත් ඒ නිසා වෙන්න ඇති. අපේ ගෙදර කි‍්‍රයාත්මක වුණේ තාත්තා ගේ නීතිය. අම්මා හැමවෙලාවෙම තාත්තාගේ නීතිවලින් හෙම්බත්වෙලා හිටියේ. ඒවා දැකපු මම ගෑනියෙක් අහිංසක වීම නිවටකමක් කියලයි හිතුවේ.

    අන්තිමට තාත්තා නැතිවුණාම මට ලොකු නිදහසක් ලැබුණා. මම මගේ ජීවිතය හොයාගෙන ගියේ තනියම. මට මම ගෑනියෙක් කියන එක අමතක වුණා. පිරිමි එක්ක එකට වාඩිවෙලා මත්පැන් බිව්වා. මගේ ගැහැනුකම ඔවුන් ව්‍යාජලෙස උදුරාගත්තා.

    මාව සමාජයේ වෙන්දේසි කළා. ප‍්‍රසිද්ධ තරුවක් වෙන්න එක එක්කෙනා සතුටු කරන්න වුණා. දෙපාරක් මම ඇබෝෂන් කළා. කවුද මම දිහා අනුකම්පාවෙන් ලැබුවේ. කවුරුවත් නෑ. හැමෝම අවස්ථාවාදියෝ. ඒ නිසා මගේ හිතේ කවුරුවත් වෙනුවෙන් අනුකම්පාවක් උපදින්නේ නෑ... මම මගේ ඉලක්කයට යන්න ඕනම දෙයක් කරනවා...''


    who is this girl ? :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: **cut

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ane oya boruwak wenna athi bn....pattara klaraya liyapu....kohomath common story ekane oka...
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    1288705659760.jpg