වැඩි කලක් නැති ලියුමක්.......................
තාත්තේ,
මේ මගේ අන්තිම කැමැත්ත. මම තව වැඩි කලක් ජීවත් වෙන්නෙ නෑ. ඒක දන්නව මම හොඳටම. තිත්ත වෙච්ච ජීවිතයකින් යන්න සොබාදහමත් මට උදව් කරනව. කල අකුසලයක් තිබ්බනම් ඒක ගෙවිල යන්න මේ සිද්ධවුනු දේවල් හොඳටම වැඩි.
ඒ නිසා ගෙවල්වල දවස් ගණන් තියාගෙන වද නොවී, කපන්න කොටන්න වද නොවී ඉස්පිරිතාලෙන් ගත්තු ගමන් ඇදගෙන හිටපු ඇඳුම් පිටින්ම ඔප නොදාපු ලෑලිවලින් අමුනපු පෙට්ටියකට දාගෙන ගෙනිහින් සීයගෙයි ආත්තම්මගෙයි ලගින්ම මාවත් තියල එන්න. කොන්ක්රීට් තට්ටු නැතුවට කමක් නෑ තාත්තේ. පස්වලට එකතු වෙනකම් තිබ්බොත් ඇතිනේ.
ඉතින් මම හිතනව මගේ අන්තිම කැමැත්ත ඉටු කරයි කියල. අම්මටයි තාත්තටයි ඉස්සෙල්ල මම යන එක ගැන දුක් වෙන්නත් එපා. ජීවිතේ එහෙම තමයිනේ.
මම ලොකූ......................