වැඩි කල ඉන්ධන කෝටාව ගැන තීරණයක් ගැනීම අද..⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1681695779-Fuel-Pass_L.jpg


    උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවු ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේ දී තීරණය කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

    පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණි.

    එය හෙට (18) සිට යළි පැවැති ආකාරයටම ක්‍රියාත්මක කිරීමට මීට පෙර තීරණය කර තිබු බව සඳහන්ය.

    ත්‍රිරෝද රථ සඳහා වු ලීටර් 5ක කෝටාව ලීටර් 8ක් දක්වාත් යතුරු පැදි සඳහා ලීටර් 4ක ඉන්ධන කෝටාව ලීටර් 7ක් දක්වාත් ඉහළ නැංවීමට පසුගිය දා පියවර ගත්තේය.

    බස්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත් මෝටර්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත් ලොරිරථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 50 සිට ලීටර් 75 දක්වාත් වෑන්රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30ක් දක්වා වු අගයකින් ඉහළ දැමුණි.

    ඉහළ දැමු කෝටා අගයන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේ ද නැතහොත් පෙර පැවැති අගයන් යළි ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    https://sinhala.adaderana.lk/news/180696
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල් වැඩ්ඩට මොකෝ කේතය නැතුව තෙල් දෙන්න බෑලු ද?අාපූ මහ බංකොලොත් රටක් නේ..ලෝකේ කේතයට තෙල් ගහන ඵකම රට🤣🤣..

    ඒ වුනාට @Don GasCan කලවම් පකය නම් රොකට් යවන්න කථාව.තව චීනෙට කින්ඩිත් දානවා..🤣🤣🤣🤣
     
    • Love
    Reactions: ushan sampath