වැඩ නාගන්නවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා සාකච්ඡාවක දී කනස්සල්ල පළ කළේය.

    ශ්‍රී ලංකාවට ජපානයෙන් ගෙන්වන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවනු ලබන බදු අනුපාත අනෙක් රටවලින් මෙරටට ගෙන්වන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවනු ලබන බදු අනුපාතසමග සංසන්දනය කිරීමේදී ඉහළ මට්ටමක පවතින බවත් ශ්‍රී ලංකාව සහ ජපානය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹෙන්නේ නම් ජපානයෙන් මෙරටට ගෙන්වන වාහන සඳහා පනවනු ලබන බදු අනුපාත පිළිබඳව අනිවාර්යයෙන්ම සාකච්ඡාවට බඳුන් විය යුතු බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් හුදෙක් දෙරට අතර වෙළෙඳ ගිවිසුමක් තිබෙන බව පෙන්වා දීම සඳහා ජපානය ශ්‍රී ලංකාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට සූදානම් නැති බව ද ඔහු පැවැසීය.


    කෙසේ නමුත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබී නොමැති බව ද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.


    දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් යථාර්ථවාදී වනු ඇත්තේ ඉන් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පමණක් බව ද ඉසොමාටා මහතා පැවැසුවේය.


    දේශපාලනමය හෝ සංකේතාත්මක හේතුමතනිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට ජපානය කිසිසේත් සලකා නොබලනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.


    එහිදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ජපානය ලද අත්දැකීම් බෙදා හදා ගනිමින් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේ තීරුබදු ප්‍රකාශයට පත් කළ වහාම පසුගිය අප්‍රේල් 7 වැනිදා ජපාන අගමැතිවරයා ජනපති ට්‍රමප්ට දුරකතන ඇමතුමක් දුන් බවත් එහිදී තීරු බද්ද සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ඒ වෙනුවෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කළ බවත්ය.


    ඇමෙරිකාව සමග ජපානයට වෙළෙඳ ගැටලුවක් ඇති වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් ජපානයට මෙය අලුත් අර්බුදයක් නොවන බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.


    මීට පෙර කපු රෙදි පිළි විශාල ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කළ 1930 දශකයේ දී ද මෙවැනිම ගැටලුවක් ඇති වූ බවත් එහිදී යම් ආකාරයක ස්වේච්ඡා අපනයන සීමා ක්‍රියාත්මක කිරීමට ජපානයට සිදු වූ බවත් ඉසොමාටා මහතා පැවැසුවේය.


    නැවතත් 1970 දශකයේදී ද මෙවැනීම ගැටලුවක් මතු වූ බව ද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය
     

    Similar threads