“Machine එකක් කියන්නෙ මිනිස්සුන්ගෙ වැඩ ලේසි කරන ඕනිම දෙයක්”
රැන්චො හෙවත් ඉන්දියානු නළු අමීර් කාන් මෙහෙම අපිට කියන්නෙ 2009 නිකුත් උන ඉන්දියානු සිනමා අද්යක්ෂක රාජ්කුමාර් හිරානිගෙ 3 Idots චිත්රපටියෙදි.
මැශින් කියන එක ඇහෙනකොටම අපිට මතකයට එන්නෙ දුම් දාන එන්ජින් වලින් සමන්විත ගොරහැඩි ශබ්ද එක්ක කැරෙකෙන දැති රෝද වයර් වලින් සමන්විත බරසාර ඇටවුම්. ඔව් ඇත්තටම ඒවට තමා අපි තාමත් මැශින් කියන්නෙ. ඒත් ඔබ නොදැනීම මේ මැශින් කියන යෙදවුම මේ මැවුන රූපයන්ට හාත්පසින්ම වෙනස් ආකාරයට පහුගිය දශක දෙක තුන ඇතුලත වෙනස් වෙලා තියෙනව. නුදුරු අනාගතයේදීම අපිට මැශින් කිව්වම මතක් වෙන සාම්ප්‍රදායික යන්ත්‍ර සූත්‍ර වෙනුවට අපගේ ජංගම දුරකතනයේ ඇති යෙදවුමක්, අපි එදිනෙදා භාවිතා කරන වෙබ් අඩවියක් වුවත් උදාහරණයක් ලෙසින් පෙන්වාලීමට හැකි ලෙසින් මේ තාක්ෂණික පෙරලිය ඉතාමත් ඉක්මනින් අප අවට සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරෙමින් සිටිනවා. වසරකට පමණ පෙර OpenAI සමාගම විසින් ප්‍රසිද්ධියේ එලිදක්වන ලද බුද්ධිමය යාන්ත්‍රවිද්‍යාව හෙවත් Artificial Intelligence මගින් නිර්මාණය කරන ලද ChatGPT මෘදුකාංගය මෙම පෙරලියට තවත් උත්තේජනයක් ලබාදුන්නේ මෙතෙක් මිනිසා බුද්ධියේ උදව් අනිවාර්යෙන්ම අවශ්‍ය උන Software තව දුරටත් මිනිසාගේ උදව් නොමැතිව ඕනෑම බුද්ධිමත් කාර්යක් වුවත් නිවැරදිව සහ පහසුවෙන් ඉටුකරලීමට හැකි වන ලෙසින් වෙනස් කරමිනි. වර්තමානය වන විට ලොව පුරා බිලියන ගණනක මිනිසුන් මෙම AI තාක්ෂණය සහිත මෘදුකාංග වලින් මහත් පළ ප්‍රයෝජන නෙලා ගන්නා අතර ඔබටද ඒවා ඔබගේ වැඩ කටයුතු වෙනුවෙන් පහසුවෙන්ම යොදාගැනීමට හැකියාව ලැබෙන්නේ තව දුරටත් ඔබ විසින් ඉතාමත් වෙහස මහන්සි වී නිර්මාණය කරනු ලබන ලිපි ලේඛණ ආදිය මෙන්ම ජායාරූප නිර්මාණය වැනි දෑද ඉතාමත් පහසුවෙන් කුඩා කාලයක් තුල නිර්මාණය කරගැනීමට ඉඩකඩ සලස්වමිනි.
ලිපි ලේඛණ සැකසීම
ලිපි ලේඛන සකස් කරලීම, මේක ඇත්තටම බහුතරයක් එතරම් කැමැත්තකින් කරන වැඩක් නම් නෙවෙයි. පිළිවලට සකස් කරලීම, ලිපි වල අන්තර්ගතය සමාලොචනය කරලීම, ලිපි වලට මාතෘකා යෙදීම, වෙළද දැන්වීම් සදහා අවශ්‍යය උද්දෘත පාඨ නිර්මාණය වැනි දහසකුත් නිර්මාණ ශීලී වැඩ සැබවින්ම ඒවාට කැමත්තක් ඇති කෙනෙකුට හැර අනෙක් අයෙකුට නම් සැබවින්ම කරදරකාරී ක්‍රියාවක්. නමුත් අපට එදිනෙදා වැඩ කටයූතු වලදී බොහෝ විට මගහැර යා නොහැකි ලෙසින් මේවා නිර්මාණය කරලීමට සිදුවන අතර බොහෝ විට ඒවා කීපවිටක්ම වෙහස වී අඩුපාඩු සකස් කරමින් නිර්මාණය කළයුතුව ඇත. නමුත් මෙම වැඩ කටයුතු සදහා ඉතාමත් පහසුවෙන් ඔබට Artificial Intellige තාක්ෂණයෙන් බලගැන්වුන වෙබ් අඩවි, ජංගම දුරකතන යෙදවුම් ආදය භාවිතා කරලීමට ඉඩකඩ ලැබී ඇත.
ලිපියක් සකස් කර ගැනීම කියන එක මතක් වෙනකොටම අපිට මතක් වෙන Microsoft Office තමන්ගේ නවතම සංස්කරණය වන Office 365 සදහා OpenAI සමාගම සමග එක්වී එම තාක්ෂණය භාවිතා කරමින් Microsoft 365 Copilot මෘදුකාංගය එලි දක්වා ඇති අතර එමගින් ඔබට මින් පෙර දිනගණනක් ගතවූ සකස් කල ඕනෑම ආකාරයේ ලිපියක් විනාඩි කිහිපයක් තුල නිර්මාණය කරගැනීමට හැකියාව ලබාදී ඇත. සරලවම ඔබට අවශ්‍යය කුමක්ද යන්න එහි ඇති Promot එක මත Type කරලීම මගින් එම මෘදුකාංගය ලිපිය සකස් කරන්නේ අවශ්‍යය නම් ඒ සදහා වෙබ් අඩවි හරහා තොරතුරුද එකතු කර සම්පාදනය කරමිනි. ඔවුන්ගේ මෙම සේවාව PowerPoint, Excel, OneNote, Forms වැනි සේවාවන් සියල්ලටම ලබාගත හැකි ලෙසින් නිර්මාණය කර ඇති අතර ඔබට අවශ්‍ය Presentation ඉතාමත් පහසුවෙන් නිර්මාණය කරගෙන ඒවාට අවශ්‍ය ජායාරූපද Generative AI තාක්ෂණය මගින් නිර්මාණය කර එකතු කරගැනීමටද අවකාශය සලස්වා ඇත්තේ ඔබගේ මුදල් මෙන්ම වටිනා කාලයද ඉතුරු කරමිනි.
ගූගල් සමාගමද මෙයට සමාන ආකාරයෙන් ඔවුන්ගේ Google Docs, Google Sheets, Google Slides වෙත ඔවුන්ගේ Artificial Intellige තාක්ෂණය භාවිතා කරමින් ඉතාමත් පහසුවෙන් ලිපි ලේඛණ සකස් කරගැනීමට නොමිලේම ඉඩකඩ සලස්වා ඇත්තේ Microsoft 365 Copilot දැඩි තරගයක් ලබා දෙමිනි.
Email Processing
Gmail / Outlook වැනි සේවාවන් ඔබ මේ වනවිටත් භාවිතා කරනවා නම් ඇත්තටම මේ වනවිටත් ඔබට මේවායේ ප්‍රතිලාබ අත්විදීමට ඔවුන් ඉඩලබාදී ඇත. ඔබට ලැබෙන ඊමේල් පණිවිඩ ආදිය ක්රමානුකූල ලෙසින් වෙන් කරලීම, අනවශ්‍ය පණිවිඩ (Spam) ආදිය වෙන් කරමින් ඔබට බාදාවක් නොවන ලෙසින් ඉවත් කරලීම ආදිය මෙන්ම ඔබට පැමිණි ලිපි වලට පිළිතුරු ලිපි සැපයිමේදී එහි අන්තර්ගතයේ ඇති ව්‍යාකරණ අඩුපාඩු මෙන්ම එවායේ පණිවිඩයද ඉතාමත් පහසුවෙන් නිර්මාණය කරගැනීමට ඉඩකඩ සලස්වා ඇත.
ChatGPT App
මේ යෙදවුම ගැන නම් මේ වෙනකොට නොදන්න කෙනෙක් නෑ. නිකුත් කල දින කිහිපයකින් භාවිතා කරුවන් මිලියන 100ට ලගා වූ මෙම යෙදවුම මගින් මේ වෙනකොට බොහෝ පිරිසක් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු ඉටු කරගන්නේ විශ්වාසවන්ත බුද්ධිමත් සහායකයෙකු ලග සිටිනවාක් මෙනි. ඕනෑම ක්ෂේත්රයක ඕනෑම විශය කොටසක් සම්බන්ධව අසන ඕනෑම ගැටලුවකට පැහැදිලි මෙන්ම බොහෝ සෙයින් නිවැරදි පිලිතුරු ලබාදීමට සමත් මෙම මෘදුකාංගයේ සක්‍රීය ගිණුමක් ඔබ අනිවාර්යෙන්ම තබා ගත යුතු වන්නේ එමගින් ඔබට ලබාගත හැකි අතිමහත් ප්‍රයෝජන නිසාවෙනි. වර්තමානය වනවිට එහි ජංගම දුරකතන වලට සහයෝගය දක්වන Android, Apple Apps එම App Stores හරහා ChatGPT App ලෙස ඔබගේ ජංගම දුරකතනයටද ලබාගත හැකි වී ඇති නිසාවෙන් එහි භාවිතාවන් තවත් ඔබට සමීප කරවනු ලබයි.
ඔබගේ ඉංග්‍රීසි කතනයට මෙන්ම ලිවීමට අවශ්‍ය දැනුම මෙන්ම ඒවා සංස්කරණය කරගැනීමට හැකිවීම, ඔබට අවශ්‍යය ලිපි ලේඛණ සකස් කරගැනීමට හැකිවීම, ඔබට සෙවුම් යන්ත්‍රයක් මගින් නොලැබෙන ආකාරයට අවශ්‍ය පියවරවල් මෙන්ම කලයුතු නොකළයුතු දෑද ඔබගෙ සෙවුමට අදාලව ලබාදීම මෙන්ම මුදල් ගෙවා වෙන් කරගන්නා ගිණුම් මගින් අවශ්‍යතාවයේ පරිදි පින්තූර කැමරාවකින් ලබාගත්තාක් මෙන් පැහැදිලිව නිර්මාණය කරගැනීමටද හැකියාවක් මෙම යෙදවුම මගින් ඔබට ලබාගත හැකි සේවාවන්ය.
Window CoPilots
ඔබගේ පරිගණකයේ ඇත්තේ යාවත්කාලීන කරන ලද windows 11 නම් මේ වනවිට ඔබටත් මෙම මෘ දුකාන්ගය ඔබගේ පරිගණකය තුල අනිවාර්යෙන්ම ස්තාපනය වී ඇත. මෙය ඔවුන් විසින් ඕනෑම වැඩකට උපකාර ලබාගැනීමට හැකි ලෙසින් නිර්මාණය කර ඇති අතර එමගින් ඔබට ඔබගේ පරිගණකයේ ඇති ඔබගේ ලිපිගොනු ආදිය සැකසීම, ඔබ විසින් කරමින් සිටිනා ඕනෑම වැඩකට අවශ්‍යය විශේෂඥ සහය ලබාගැනීම ආදිය තත්පර කිහිපයකින් ඉටු කරගැනීමට හැකිය.මෙම යෙදවුම Microsoft සමාගමේ සෙවුම් යන්ත්‍රය වන Bing සමග සම්බන්ධ කර ඇති නිසාවෙන් ඔබට නැවත නැවතත් සෙවුම් යන්ත්‍රයක සෙවීම් සිදු කිරීමට කාලය වෙන් කරලීමට අවශ්‍යය නොවන අතර බොහෝ විට එක් ඉල්ලීමක් මගින් අවශ්‍යය සියලුම තොරතුරු පරික්ෂාකර ඔබට අවශ්‍ය කොටස පමණක් මෙම මෙඋඉ මගින් ඔබට ලබා දෙනු ලබයි.
Grammarly
ඔබගේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කර ඇති ලිපි ලේඛණ වල ඇති අඩුපාඩු හදුනාගෙන සකස් කර ගැනීමට මෙම වෙබ් අඩවිය මගින් ඔබට ඉතාමත් පහසුවෙන් ඉටු කරගැනීමට හැකිය. මෙම වෙබ් අඩවිය තත්වයෙන් ඉතාමත් ඉහල ලෙසින් ඔබගෙ ලිපි ලේඛණ වල ඇති අඩුපාඩු සකස් කරනවාක් මෙන්ම ඔබ විසින් ලියා ඇති ලිපිය ආමන්ත්‍රණය විය යුතු ස්වභාවය එනම් රජකාරිමය, මිත්‍රශීලී අදියට ගැලපෙන ලෙසින්ද වෙනස් කරගැනීමට හැකියාව ලබාදෙයි. නොමිලේම මෙහි සේවාව යම් තාක් දුරකට ලබාගත හැකි අතර සැබවින්ම එම නොමිලේ ලබාදෙන සේවාව ඔබගේ බොහෝ වැඩ රජකාරිවලට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වනවාට කිසිදු සැකයක් නැත.
Typeform
ඔබගේ වැඩ කටයුතු සදහා අවශ්‍ය තොරතුරු එකතු කරගැනීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම වෙබ් අඩවිය මගින් ඉතාමත් පහසුවෙන් AI තාක්ෂණය මගින් තොරතුරු එකතු කරගැනීමට අවශ්‍ය Form ආදිය නිර්මාණය කර ගැනීමට හැකියාව පවතින්නේ ඔබ විසින් ඔබට අවශ්‍ය කුමක්ද යන්න පමණක් පැවසීම මගිනි.
playHt/ Murf
මෙම වෙබ් අඩවි මගින් ඔබට අවශ්‍ය Sounds Track, Voices ආදිය ඔබ විසින් ලබාදෙන වාක්‍ය වලට අදාලව නිර්මාණය කරගැනීමට හැකිය. මෙලෙස නිර්මාණය කරගනු ලබනSounds Track, Voices ඔබව අවශ්‍යතාවය පරිදි ඔබගේ Presentation එකකට ඉතාමත් පහසුවෙන් එකතු කරගැනීමට හැකි අතර අවශ්‍ය නම් ඒවා voice messages ලෙසින් අලවිකරණ වැඩකටයුතු වලටද භාවිතා කරලීමට හැකියාව පවතී.
මෙම Artificial Intelligence මගින් ක්‍රියාත්මක වන මෘදුකාංග සියල්ලම ඉතාමත් පහසුවෙන් හැසිරවිය හැකි වුවත් ඒවායින් උපරිම ඵල නෙලාගැනීමට නම් ඒවායේ ක්‍රියාකාරිතවය සම්බන්ධයෙන්ද යම් තාක් දුරක අවබෝධයක් තිබිය යුතුය. මෙම මෘදුකාංගයන් බොහෝ විට නිවැරදි ප්‍රතිඵල දුන්නද එම ප්‍රතිඵල සෑම විටම නිවැරදි නොවීමට විශාල ඉඩක් පවතින බව ඔබ විසින් පළමුවෙන්ම තේරුම් ගත යුතු කාරනාව වන්නේ එසේ නොමැති උවහොත් ලබා ගන්නා තොරතුරු 100% විශ්වාස කරලීමට ගොස් අමාරුවේ වැටීමට බොහෝ සෙයින්ම ඉඩ ඇති නිසාවෙනි. දෙවනුව ඔබ විසින් තේරුම්ගත යුතු වන්නේ මේවා සෑම විටම ඔවුන්ට තේරුම් ගිය පරිදි කටයුතු කරනවා යන්නයි. උදහරණයක් ලෙස ඔබ විසින් ඒවාට “මට පිලිතුරු ලිපියක් සකස් කර දෙන්න” ලෙසින් පැවසූ විට එම ඉල්ලීමට මෘදුකාංගය විසින් ලබාදෙන පිලිතුර ඔබට අවශ්‍යය පිළිතුර නොවන්නෙ ඔබගේ ඉල්ලීම අසම්පූර්ණ ඉල්ලීමක් වන නිසාවෙනි. ඔබ විසින් පිලිතුරු යැවිය යුතු ලිපියද අමුණාලීමෙන් පසු මෙම ලිපියට පිලිතුරු ලිපියක් සකස් කරදෙන්න ලෙස ඉල්ලා සිටිවිට එම ඉල්ලීම එම මෘදුකාංගයන්ට ඉතාමත් පහසුවෙන් සහ නිවැරදිව ඉටු කරලීමට හැකියාව ලැබෙන්නේ ඔබගේ ඉල්ලීමට අදාල තොරතුරුද සියල්ලද සමගින් අංග සම්පූර්ණව ඉල්ලීම ඔවුන්ට ඉදිරිපත් කර ඇති නිසාවෙනි. එමෙන්ම ඔබ තේරුම්ගත යුතු අනෙක් කරුණ වන්නේ ඔබගේ ඉල්ලීම හැකි තාක් සරලව ඉදිරිපත් කරලිය යුතු බවයි. එමගින් ඔබ වැඩය පවරන AI මෘදුකාංගයට පහසුවෙන්ම ඔබට අවශ්‍ය දෑ වටහාගැනීමට හැකිවනවාක් මෙන්ම එමගින් ඔබට අවශ්‍ය පිලිතුරද වෙනත් කිසිදු සහයකින් තොරව ලබාගත හැකිය.
වර්තමානය වනවිට ඉතාමත් තියුණු මෙන්ම තරගකාරී ස්වභාවයක් පෙන්වන මෙම ක්ෂෙත්රය දිනපතාම අලුත් වෙමින් නව නිර්මාණ රාශියක් සීග්‍රයෙන් එලි දක්වමින් සිටින්නේ මානව වර්ගයාගේ පරිණාමයේ නවමු පිටුවක් පෙරළමිනි. මේවායේ අනිසි භාවිතාවන්ද අපට අසන්නට දකින්නට ලැබුනද බොහොමයක් දෙනා මෙම තාක්ෂණයෙන් යහපත් ප්‍රතිලාභා ලබාගනිමින් සිටින අයුරු සෑම විටම නිරීක්ෂණය කරලීමට ලැබීම සැබවින්ම සතුටට කාරණාවකි.
https://archive.mawbima.lk/backend/uploads/e_paper/Matrix-26-11-2023-Matrix.pdf
https://m.facebook.com/story.php?st...4VULuZCnJl&id=100014323926123&mibextid=Nif5oz
#artificialintelligence