වැදගත් කරුණු කිහිපයක් !!!

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
වැදගත් කරුණු කිහිපයක් !!!

වැදගත් කරුණු කිහිපයක් !!!
1. සුළං සහිත දිනක ඔබ ටයි පටියක් පළඳින්නේ නම්, කාසියක් රැගෙන ටයි පටියේ වාටියේ ඇතුළෙන් රඳවන්න. ටයි පටිය එහා මෙහා පාවෙන එක නතර කර ගැනීමට පුළුවන් වේවි.
2. මදුරුවෙක් කෑවද? එතැනට රත්වූ හැන්දක් තබන්න. (ගොඩක් රත් වෙච්ච එකක් නෙවෙයි. ඔබේ උණුසුම් කෝපි කෝප්පය හැඳි ගාපු හැන්ද තරම් උණුසුම් එකක්.) එම උණුසුම ප්‍රතික්‍රියාව ඇති කරන ප්‍රෝටීන විනාශ කිරීමට ප්‍රමාණවත් අතර එම ස්ථානයේ කසන ස්වභාවය අඩු කරනු ඇත.
3. ඔබේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ ලැබීම දුර්වල වූ අවස්ථාවක ඔබටම කෙටි පණිවිඩයක් යවාගන්න. එවිට ලැබෙමින් පවතින කෙටි පණිවිඩ ඉක්මණින්ම ලබාගත හැකියි.
4. ඔබට ඉතා ඉක්මණින් කාගේ හෝ හිත ගන්න අවශ්‍යයිද? එයාගෙන් උපදෙසක් පතන්න. මොනවා ගැනද කියලා ගැටළුවක් නැහැ. කැමති ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා ඒ ගැන ඔහුගේ/ ඇයගේ තීරණය හෝ අදහස විමසා එම අදහස පිළිබඳව ගරු කරන බවත්, පිළිතුර සතුටින් බාරගන්නා බවත් පෙන්වන්න. ඉක්මණින්ම මිතුරු කරගැනීමට පුළුවන් වේවි.
5. ඔබ කිසියම් සංකල්පයක් සමඟ අධික ලෙස පෙරළි කරමින් තව උපකාර සහ තොරතුරු බලාපොරොත්තු වෙනවාද? එහෙනම් ගූගල් වෙත ගොස් ඔබට තොරතුරු අවශ්‍ය විෂය සඳහන් කොට ඒ ඉදිරියෙන් “site:.edu” ලෙස හෝ “type:.ppt” ලෙස සඳහන් කර සෙවීම සිදු කරන්න. මෙමඟින් ඔබට විශ්වවිද්‍යාල වල දේශන වල පවර්පොයින්ට් පාඩම් අධ්‍යයනය කිරීමට හැකියි.
6. පරිගණකය ඉදිරිපිට රැඳී සිටින්න අපහසුයි ද? ඔබ කැමතිම වීඩියෝ ගේම් එකෙන් උපුටා ගත් සංගීත ඛණ්ඩයක් වාදනය කිරීමට සළස්වන්න. එය ඔබ සිදුකරන වැඩ නැවත කිරීමට පොළඹවාවි.
7. චිත්‍රපටියක් රූපවාහිනියෙන් නොමැතිව පරිගණකයෙන් බලන අවස්ථාවක වීඩියෝ එකෙහි රූප වලට සමගාමීව එක විට හඬ ඇසෙන්නේ නැත්නම් එම හඬ ප්‍රමාදය සකසා ගැනීමට ‘J’ සහ ‘K’ යන යතුරු පාවිච්චි කරන්න. මෙය VLC Player එකට තමයි අදාල වෙන්නෙ.
8. ලොව වටා සිදුවන කිසියම් ප්‍රවෘත්තියක් ඔබට මඟ හැරී ගියාද? එසේනම් විකීපීඩියා වෙත ගොස් “[මාසය] [දිනය]” ලෙස සෙවීම සිදු කරන්න. එවිට ඔබට ලොව පුරා සිදුවූ විශේෂ පුවත් එම දිනයට අදාලව දැක ගැනීමට පුළුවන් වේවි.
9. අපි පරිගණකයේදී කොපි කරන අවස්ථාවල බොහෝ විට ඒ ස්ථානයේ යොදා තිබූ විශේෂ අකුරු හැඩතල, වර්ණ වැනි දේත් ලැබෙනවා. එවැනි අවස්ථාවල Control+Shift+V භාවිතා කර paste කිරීමෙන් පැරණි හැඩතල නොමැති අකුරු පමණක් ලබා ගැනීමට පුළුවන්.
10. ගූගල් ක්රෝම් හිරවුණු අවස්ථා ඔබ අත්විඳ ඇති. එවිට Shift + Esc ඔබන්න. (ctrl+shift+del ඔබලා ටාස්ක් මැනේජර් එක ගන්න විදිහ මතකයිනෙ පරිගණකය හිර වෙච්ච වෙලාවට) ගූගල් ක්රෝම් වල ඇතුළතින්ම සකස් කළ ටාස්ක් මැනේජර් එක මෙමඟින් ඔබට ලබා ගැනීමට හැකියි.
 
  • Like
Reactions: Executer