වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

hpalpola

Well-known member
  • ethakota mehema baluwot, dennek asraya karanna kathawenne nikan "fun" ekata kiyanawa. eth e denna kasada badinna kalin lingikawa ek wenawa. gewal walin dannet neha, orenma. eth dedena wadikal yanna kalin wen wenawa. e athara thura purushaya, (gehaniya mona karada dane neha) raagaanwitha dewal genama hitha yomu karan anek gehanu lamaiwa mula karanawa. ehet e genu lamai ge hageem ekkai sellam karanne, godakma anawashya widiyata, ehet pithatata pennnanne upasaka munak. anek aya genat one kam ishta karanna uthsaha kalat e de ishta wenne neha. e lamai ekka sharirika washayen badimak athi karaganne neha. passe e gahanu lamai okkoma athaharala dala ara lingikawa ek wechcha kena samaga wiwaha wenawa. meka man ahapu kathawak. mata wisthara karala denawada me pirimi kena karala thiyenne mona wage pawakda? ethana 3 wani sil padaya kadenawada mona aakarayen hari? ohuta ekathu wenne mona wage akusalayakda pahadili karala denna puluwanda karuna karala?

    හොඳයි බලමු ඔයාට උදව්වක් කරන්න පුළුවන්ද කියලා. මුලින්ම කියන්නම්. බෞද්ධ ධර්මය තුලදී පව් පින්, කුසල් අකුසල් ගැන ඕනා තරම් විග්‍රහයන් තියෙනවා. ඒවා මෙතනදි දක්වන්න මන් උත්සහ කරන්නේ නෑ. ඒත් ඔයාලා බුදුහාමුදුරුවෝ පුංචි රාහුල හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරන්න උපකාර වීම පිණිස දේශනා කරන්න යෙදුන අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය (මජ්ජිම නිකාය), රාහුල සූත්‍රය (සුත්ත නිපාතය) කියවලා තේරුම් ගන්න උත්සහ කරන්න. ධර්මයට ආධුනික අයට ඒ තුලින් හොඳ මග පෙන්වීමක් ලැබෙනවා.

    දෙන්න කසාද බඳින්න කලින් එක්වීම ‍වගේ දේවල් ගැන මීට කලින් කථා කරලා ‍තියෙන නිසා ආයිත් ඒ ගැන කථා කරන්න අවශ්‍ය වෙන එකක් නෑ.

    පළමු දේ තමයි නොයෙක් නොයෙක් අය එක්ක සම්බන්ධ වෙන්න අපි ඇති කරගන්න චේතනාව. මෛත්‍රියේ තියෙන්නෙත් හිනාව. ඒත් මෛත්‍රියේ තියෙන හිනාවයි රාගයේ තියෙන හිනාවයි දෙකක්. එකිනෙකට වෙනස් ශාරීරික බැඳීම් ඇති නොකරගත්තට ඒ දේවල් ඇති කරගන්න කරන උත්සහය මෛත්‍රී සහගත සිතකින් නොමෙයි නේ කරන්නේ. රාග මූලික සිතකින්. රාගය කියන්නේ අකුසල මූලයක් (රාග, ද්වේෂ සහ මෝහ). ඉතින් මෙතනින් එහාට ඒ ගැන කථා කරලා වැඩක් නෑ. එයා පස්සේ අර මුලින් කියාපු ගෑණු කෙනා ලඟට ගියාට වැඩක් වෙන්නේ නෑ. ඒ අතර මැද්දෙදි කර ගත්ත අකුසල් එයා ලඟ තියෙනවා. නමුත් ධර්මය අසාධාරණ නෑ කාටවත්. මෙයාට වුනත් අළුත් ජීවිතය පටන් ගත්තම හොඳින් හිතලා පරණ දේවල් ගැන පසු තැවෙන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන්නම් ජීවිතයේ සතුට විඳින්න පුළුවන්.

    කෙනෙක් මේ කියලා තියෙන ආකාරයට ගෑණු පස්සේ යන්න පටන් ගනිද්දී එයාගේ හිතේ මෝහය පැහැදිලිවම තියෙනවා. එයා ඒ විදියට කරන්නේ පංචස්කන්ධය ගැන තියෙන වැරදි වැටහීම නිසා. එයා ආත්මය විදියට සිතිවිල්ලක් ඇති කර ගෙනයි අනෙක් කෙනෙක්ව තමන්ගේ සතුට කරගන්න උත්සහ කරන්නේ. ආත්මයක් තියෙනවා කියලා මේ කෙනාට හිතන්නම වෙනවා. මොකද දෙයක් තියෙන නිසානේ එයා ඒ පස්සේ යන්නේ, ඒ දේ ලබා ගන්න උත්සහ කරන්නේ. ඉතින් ආත්මයක් ඇතැයි කියලා හිතාගෙන කරන හැම දෙයක්ම මෝහය මුල් කරගෙන කරන්නේ. මෝහයෙන් කොහොමද පින් කරන්නේ, කුසල් වඩන්නේ ?ශීලය කියන්නේ අකුසල් ප්‍රහීන කරන්න තියෙන යාන්ත්‍රණය. ඉතින් 3 වැනි සිල් පදය ඉතිරි වෙන්නේ වත් නෑ මෙතනදි. මෝහය කියන්නේ අකුසල් මූලයක්. ඉතින් එතනින් එහාට ඒ ගැන තවත් කථා කරලා වැඩක් නෑ.

    මීළඟට, තමන් හොයන දේ ලැබෙන්නේ නැති නිසා ආපහු තමන් මුලින් එක්වුන කෙනා සමග නැවත එක්වෙනවා. හ්ම් හොඳයි. එතනින් එයාට පුළුවන් තමන්ගේ අකුසල් නවත්වලා කුසල් වඩවා ගන්න. නමුත් ලොකු මහන්සියක් දරන්න වෙනවා. ඇයි දන්නවාද? එයා දැන් ප්‍රමාද වෙච්ච කෙනෙක්. අපි ගනන් ගත්තේ නැති වුනාට අප්පමාදෝ අමත පදං ප්‍රමාදෝ මච්චුනො පදං කියන ගාථා පාඨයේ ලොකු අර්ථයක් තියෙනවා මල්ලි. අපි අකුසල් කරමින් සිටින කාලය අපේ සංසාර ගමනට පොළිය විදියට එකතු වෙනවා. ඒ එකතු වෙන්නෙත් සැප ප්‍රතිඵල අත් කරන්න නෙමෙයි, දුක ප්‍රතිඵල ඇති කරවන්න. ඒකනේ බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ මුන් වැපිරුවොත් මුන් මිසක් තල බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඉතින් තවත් කුමන කථාද ආ ?

    කොහොම වුනත් මේ වගේ අයව බුදු ධර්මයේදී අතහැරෙන්නේ නෑ. නියත මිථ්යා දෘෂ්ටියට නොවැටුන කෙනෙක් හැර අනිත් ඕනාම කෙනෙක්ට නිවන් අවබෝධ කරන්න පුළුවන්. නමුත් පරක්කු වෙනවා. ඒ කියන්නේ අකුසල් කරන්න කරන්න සංසාරේ ගත කරන්න වෙන කාලය වැඩි වෙනවා. මැරි මැරි උපදින්න වෙනවා. වැරදි හැසිරීමේ යෙදෙන අය සමාජයෙන් ගැරහුම් ලබනවා. හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. අන් අයගේ ශාපයට ලක් වෙනවා. නොයෙකුත් භයානක ලෙඩ රෝගයන්ට ගොදුරු වෙන්න වෙනවා. බලන්න ඒඩ්ස් වලට තාමත් බේත් නෑනේ. ඒඩ්ස් හැදෙන්න ලිංගික හැසිරීම්ම අවශ්‍ය වෙන්නේ නැති වුනත් කාම මිථ්‍යාචාරයේ යෙදෙන කෙනාට ඒ තුලින් හැදෙනවා. ඊ ළඟට නපුංසකයෝ, සත්‍රීන් වෙලා උපදින්න වෙනවා. තිරිසන්නු වෙලා උපදින්න වෙනවා. අවලස්සන රූප සම්පත්තියකට උරුමකම් කියන්න වෙනවා. නුවණ අඩු වෙනවා. මන්ද බුද්ධික වෙනවා. මිත්‍ර සම්පත්ති නැති වෙනවා. වස්තු සම්පත්ති නැති වෙනවා. අඩු වයසෙන් මැරෙනවා. කොටින්ම කිව්වොත් පරිහාණියට යනවා. ඉතින් මේ නිසා පුළුවන් තරම් අපි ඒ දේවල් වලින් ඈත් වෙන්න ඕනා. වැරදි හැසිරීම් කියන්නේ අකුසල්. ඉතින් අකුසල් වැඩීම නතර කරලා ඒ කියන්නේ නරක හැසිරීම් වලින් අහක් වෙලා හොඳ හැසිරීම් වඩන්න පටන් ගත්තම (සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තම) යම් කාලයකින් ඒ කෙනාට ඒකෙ ප්‍රතිඵල විඳින්න පුළුවන්. මේ වෙනස තේරුම් ගන්න ඕනා. ඒක තේරුම් ගන්න බැරි නිසා තමයි සංසාරේ පුරා දුක් විඳ විඳ අපි ගමන් කරන්නේ.

    මේ සිද්ධියේදී කියන කෙනා ෆන් එකට තව කෙනෙක් එක්ක ලිංගිකව එක්වුනා කියන්නේ ඇඟ පිනවන්න කටයුතු කලා කියන එකයි. ෆන් එක කියද්දීම එතන තියෙන්නේ මෝඩ කම. සිල් රක්ෂා කරන්න බෑ ෆන් එකට. ඒක තේරුම් ගන්න ඕනා. ඔය සමහරු රස්තියාදු ගහන්නේ, අරක්කු බොන්නේ, සිගරට් බොන්නේ,සත්තු මරන්නේ, පච කෙලින්නේ, කුණු හරප කියන්නේ ෆන් එකට. එතන කොහේද සිල් රැකෙන්නේ. තමන් කරන්නේ මොකක්ද කියලා නොදන්න මනුෂ්‍යයෙක් කොහොමද පිනක්, කුසලයක් කර ගන්නේ ? ආපහු එයා ගාවට එනවා කියන්නේ ආයිත් ඒ මුලින් වින්ද සැප හොයාගෙනම එනවා කියන එකමනේ. ඉතින් අපි ‍ලෞකික සැප මේ විදියට හොයනවා කියන්නේ පංචස්කන්ධය පිනවනවා කියන එකයි. පංචස්කන්ධය පිනවන්නේ ස්කන්ධ අල්ලගෙන ඉන්න නිසා. ස්කන්ධ අල්ලගන්නේ ස්කන්ධ තියෙනවා කියලා දකින නිසා. ස්කන්ධ තියෙනවා කියලා දකින්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව ඇති කරන්නේ දුක. ඒ කියන්නේ දුකට හේතුව තණ්හාව. ඉතින් චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියන එක වැදගත් වෙන්නේ මේ වෙලාවට. ඒත් මේ කියන කෙනාට මේ මුකුත් තේරුම් ගන්න වෙන්නේ නෑ. මොකද එයා ලඟ රාගය, ඡන්දය මූලික වෙලා තියෙන නිසා. ඒ කියන්නේ අකුසල මූල තියෙන නිසා. ඉතින් මේ කෙනා කරගන්න දේ ගැන කුමන කථාද ?

    දැන්වත් තේරුම් අරන් ජීවිතේ හදාගන්න ලමයෝ. සත්‍ය දකින්න පරක්කු වෙන්න එපා. ෆන් කියන්නේ ගෑණු එක්ක ලිංගිකව එක් වෙන එක නෙමේ. අනික ෆන් එකට කවදාවත් කිසිම කෙනෙක්ට ලිංගිකව එකතු වෙන්න බෑ. ඒක සමහර මෝඩ ක්‍රිස්තියානි කාරයෝ තමන් කරන ජරා වැඩ සාධාරණය කරන්න හදාගත්ත සංකල්පයක්. අපේ මෝඩ තකතීරුවොත් දේව වන්දනාවේ ගිහිල්ලා දැන් තමන්ගේ ජීවිත වලටත් ඒවා එකතු කරන් තමන් සිල් කැඩුවම ඒක සාධාරණය කරන්න යොදා ගන්නවා. ඥානවත් බෞද්ධයෝ මේ දේවල් තමන්ගේ මනසින් දැකලා තමන්ගේ ජීවිතය පාපයෙන් අකුස‍ලයෙන් තොර ජීවිතයක් බවට පත් කරගන්නවා නම් ඒ තමයි මගේ ප්‍රාර්ථනාව. ඒ වෙනුවෙන් උත්සහ කරන අයට මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මන් ලබා දෙනවා. මට පුළුවන් මාර්ගය පෙන්වන්න විතරයි. යාම තමන් සතුයි.

     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    යාළුවා පළමුවෙන්ම මතක තියා ගන්න ධර්මය තියෙන්නේ කොහේවත් නෙමෙයි තමන් ලඟමයි කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ධර්මය දකින්නා මා දකී කියලා මිසක් මා දකින්නා ධර්මය දකී කියලා නෙමේ.

    බුදු දහමට අනුව වැරදි කාම සේවනය කියන්නේ පර ස්ත්‍රීන් ඇසුර පමණක්ම නෙමෙයි. හොඳින් හිතන්න. බුදු දහමේ මූලික ඉගැන්වීම වන්නේ චතුරාර්්‍ය සත්‍යයි. දුක මුල් කරලයි තියෙන්නේ. දුක තණ්හාව නිසා හටගන්නේ. තණ්හාව නොයෙක් හේතු නිසා ඇති වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඇලීම නිසා තණ්හාව ඇති වෙනවා. ඒ අනුව ඇලීම හේතුවෙන්ම දුක ඇති වෙනවා. දුකින් මිදෙන්න නම් තණ්හාව නැති කරන්න ඕනා. ඒ කියන්නේ ඇලීම නැති කරන්න ඕනා. සේවනය කියන්නේ ඇලීම යන්නට යෙදෙන එක වචනයක්. අපේ ජීවිතයේ අපි හුඟක්ම සතුටු වෙන්නේ අපේ කය සතුටු කිරීමෙන්. ඒ වෙනුවෙන් අපි කොයි තරම් දේවල් කරනවාද? කෙනෙක් හොරකම් කරන්නෙත් තවත් කෙනෙක් යහපත් විදියට ජීවිකාව ගෙනි යන්නෙත් මේ කය පිනවීමටම තමයි. ඉතින් කය පිනවන්න තියෙන වඩාත්ම වින්දනීය ක්‍රමය තමයි ලිංගික තෘප්තිය. මේ ගැන මිනිස්සු කොයි තරම් නම් වහල්ද කියනවා නම් දන්නවානේ ලෝකේ තියෙන පැරණිම වෘත්තියත් මීට සම්බන්ධයි. හැබැයි මේ එකක් විතරයි. ඔයාට පළමු ප්‍රශ්නයට මේ ටික ඇති මනස පාදා ගන්න.

    sadhu......sadhu......uba mahana weyan
     

    LankaBaba

    Member
    Jan 28, 2011
    2
    0
    0


    දැන්වත් තේරුම් අරන් ජීවිතේ හදාගන්න ලමයෝ. සත්‍ය දකින්න පරක්කු වෙන්න එපා. ෆන් කියන්නේ ගෑණු එක්ක ලිංගිකව එක් වෙන එක නෙමේ. අනික ෆන් එකට කවදාවත් කිසිම කෙනෙක්ට ලිංගිකව එකතු වෙන්න බෑ. ඒක සමහර මෝඩ ක්‍රිස්තියානි කාරයෝ තමන් කරන ජරා වැඩ සාධාරණය කරන්න හදාගත්ත සංකල්පයක්. අපේ මෝඩ තකතීරුවොත් දේව වන්දනාවේ ගිහිල්ලා දැන් තමන්ගේ ජීවිත වලටත් ඒවා එකතු කරන් තමන් සිල් කැඩුවම ඒක සාධාරණය කරන්න යොදා ගන්නවා. ඥානවත් බෞද්ධයෝ මේ දේවල් තමන්ගේ මනසින් දැකලා තමන්ගේ ජීවිතය පාපයෙන් අකුස‍ලයෙන් තොර ජීවිතයක් බවට පත් කරගන්නවා නම් ඒ තමයි මගේ ප්‍රාර්ථනාව. ඒ වෙනුවෙන් උත්සහ කරන අයට මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මන් ලබා දෙනවා. මට පුළුවන් මාර්ගය පෙන්වන්න විතරයි. යාම තමන් සතුයි.

    බොහොම ස්තුති ඔබේ පහදා දීම් වලට, මම එලකිරියට අලුත්. ඔබ ගොඩක් ප්‍රග්න්යාවෙන් යුක්ත කෙනෙක් කියල පෙනෙනවා :)
    මෙ කතවට අයත් කෙනා බුද්ධ ධර්මයේ නම් නෙවේ, ක්‍රිස්තියනි අගමේ කෙනෙක්. එත් එහෙම කිව්ව කියල, එත් මෙක වෙන දෙයක් නිසා නෙවේ, ඔහුගේ වැරැද්දක්. ආගම් බේදයක් නැතිව මේවගේ වැරැදි කරන අය ඉන්නවා. මට හිතෙන්නේ මේ ඔබේ පහදා දීම කාටත් හොදා. අනන්තවත් ඉන්නවා මේ කියල තියෙන වැරැදි කරන අය. විශේෂයෙන්ම හිස් වචන sms මාර්ගයෙන් ගැහණු ලමයි, පිරිමි ලමයි එකතුවෙලා කතා කරන අය. එයාලටත් මෙ දෙයින් අදහසක් ගත්තොත් හොදයි.
     

    hpalpola

    Well-known member
  • බොහොම ස්තුති ඔබේ පහදා දීම් වලට, මම එලකිරියට අලුත්. ඔබ ගොඩක් ප්‍රග්න්යාවෙන් යුක්ත කෙනෙක් කියල පෙනෙනවා :)
    මෙ කතවට අයත් කෙනා බුද්ධ ධර්මයේ නම් නෙවේ, ක්‍රිස්තියනි අගමේ කෙනෙක්. එත් එහෙම කිව්ව කියල, එත් මෙක වෙන දෙයක් නිසා නෙවේ, ඔහුගේ වැරැද්දක්. ආගම් බේදයක් නැතිව මේවගේ වැරැදි කරන අය ඉන්නවා. මට හිතෙන්නේ මේ ඔබේ පහදා දීම කාටත් හොදා. අනන්තවත් ඉන්නවා මේ කියල තියෙන වැරැදි කරන අය. විශේෂයෙන්ම හිස් වචන sms මාර්ගයෙන් ගැහණු ලමයි, පිරිමි ලමයි එකතුවෙලා කතා කරන අය. එයාලටත් මෙ දෙයින් අදහසක් ගත්තොත් හොදයි.

    යාළුවා ධර්මය කියන්නේ විශ්වීය දෙයක්. අපි බුද්ධ ධර්මය කියලා දාගෙන ඉන්න නමක්. ඒ කියන්නේ සම්මුති ධර්මයක්. ධර්මය අපිට පේන්නේ ඇස් වලින් නෙමෙයි. නමුත් අපි ධර්මය දකින්න හදන්නේ ඇස් වලින්. ඊළඟට ධර්මය අල්ලලා බලන්න බැරි බව තාම අපේ අයට තේරෙන්නේ නෑ. අනෙක් ආගමිකයන්ට තියෙන ප්‍රශ්නෙත් ඒකම තමයි. කොහොම වුනත් එක දෙයක්, මේ ලෝකේ මෙතක් පහලවෙච්ච හැම කෙනෙක්ම දැක්ක ලෝකයට වඩා වෙනස් ලෝකයක් බුදුහාමුදුරුවෝ දැක්කා. ඒ ගැන කිසිම විවාදයක් නෑ කවුරු මොනවා කිව්වත්. අපිත් උත්සහ කරන්න ඕනා ඒ විදියට ලෝකය දකින්න. අපිට පුළුවන් එහෙම ලෝකය දකින්න. දන්නවාද අද වෙනකොට බුදුන් වදාල ධර්මයේ විදියට ලෝකය දැකපු අය කෝටි ගණනක්... ලෝකය පුරාම... අපේ රටේ කොයි තරම් නම් රහතන් වහන්සේලා වැඩ වාසය කරලා තිබ්බාද ඒත් අද...

    මේ ත්‍රෙඩ් එක විශේෂයෙන්ම 3 වන සිල්පදය මුල් කරගෙන අපේ හොඳ යාළුවෙක් පටන් ගත්ත එකක්. අද මේ තරම් දුරට ඇවිල්ලා තියෙනවා. ඔයා කිව්වනේ ඔයා කී කෙනා ක්‍රිස්තියානි කියලා. මන් ඔයාට පුංචි කථාවක් කියන්නම්. සමහරවිට ඔයා දන්නවත් ඇති.

    පසිඳුරන් පිනවීම තමයි අපි මුල් කරන් ඉන්නේ. ඒකෙනුත් විශේෂයෙන්ම ලිංගික සැපතට මුල් තැන ලැබෙනවා. ඉන්ද්‍රිය සංවරය අඩුයි. අපේ බුද්ධ ශාසනයේ වැඩ සිටි දිවැස් ඇත්තවුන් අතරින් අග්‍ර අනුරුද්ධ මහ රහතන් වහන්සේ දවසක් ධර්ම ප්‍රචාරයට වැඩම කරලා ආපහු විහාරයට වඩිද්දී රාත්‍රී වුනා. කෝසලයේ සිට සාවත්ථියට එන අතර මගදී.ගම්මානයක භික්ෂුවකට රැය ගෙවන්න හොඳ ස්ථානයක් හොයලා හොයාගන්න බැරි වුන උන්වහන්සේට අන්තිමට නවාතැන් ලැබුනේ එක්තරා පවුලක් විසින් පවත්වාගෙන යන නවාතැන්පොලක. කල් ගෙවිද්දී නවාතැන්පොලට එන සෙනග වැඩි වෙලා අනුරුද්ධ හාමුදුරුවන්ට ඉන්න අපහසු වුන බව දැක්ක මේ නවාතැන්පොල අයිති අයගේ දුව ඔවුන්ගේ නිවහනේ කාමරයක් ලෑස්ති කරලා දුන්නා රාත්‍රිය ගත කරන්න. හැබැයි මේක කලේ ඇගේ සිතේ අනුරුද්ධ හැමුදුරුවෝ ගැන ඇති වෙච්ච රාගාශාව නිසා. ඉතින් රෑ ඇය නොයෙක් විදියට අනුරුද්ධ හාමුදුරුවන්ව තමන්ගේ වසඟයට ගන්න හැදුවා. සුවඳ ගාලා හැඩවෙලා, සල්ලි දෙන්නම් කියලා අන්තිමට නිරුවත් වෙලා පවා උත්සහ කලා. නමුත් මේ උත්තමයා තමන්ගේ ඉන්ද්‍රියන් කොයි තරම් හොඳින් පාලනය කරන් හිටියද කියනවා නම් කිසිම උනන්දුවක් ඇය කෙරේ දැක්වූවේ නෑ.අඩු තරමේ වචවයක් වත් කථා කලේ නෑ. අන්තිමේදී මේ කාන්තාව කියනවා පුදුමයි මගෙත් එක්ක නිදා ගන්න කොයි තරම් නම් අය උත්සහ කරනවාද , ඒත් මේ මහණගෙන් මමම අහලත් මගේ ධනය ගැනවත් මා ගැනවත් කිසිම ආශාවක් නැති හැටි කියලා. එහෙම කියපු කාන්තාව තමන්ගේ ඇඳුම් ඇඳගෙන හාමුදුරුවන් ලඟ වැඳ වැටිලා තමන් කරපු දේ ගැන සමාව ඉල්ලුවා. ඒ වෙලාවෙදි තමයි පළමු වතාවට ඇය වෙනුවෙන් අනුරුද්ධ හාමුදුරුවෝ තමන්ගේ වචනයක් පිට කලේ. ඇයට සමාව දුන්න උන්වහන්සේ අනාගතයේ ඇගේ ආරක්ෂාව ගැන ඇයට කරුණු වටහා දුන්නා. ධර්මය දේශනා කරන්න යෙදුනා. එයින් ඇය උපාසිකාවක් බවට පත් වුනා. මේ සිද්ධිය අහපු බුදුහාමුදුරුවෝ භික්ෂුවකට කාන්තාවකගේ නිවස්නේ වැඩ වාසය කරන්න එපා කියලා විනය පැනෙව්වා.

    නමුත් මෙතනදි වැදගත් වෙන්නේ අනුරුද්ධ හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය සංවරයයි. අද අපි ඉන්නේ කොතනද කියලා හිතාගන්න පුළුවන්නේ ඔයාට...

    St. Bernard of Clairvaux ගැන ඔයා ටිකක් බලන්න කෝ. මේ ක්‍රිස්තියානි ආගමේ කෙනෙක්. දවසක් මෙතුමාත් ගමනක් ගිහිල්ලා රෑ බෝ වෙච්ච නිසා නවාතැන් පොලක නවාතැන් ලබා ගත්තා. එතුමාටත් ලැබුනේ සෙනග පිරිලා ඉන්න තැනක්. ‍මේ නවාතැන්පල අයිතිකාර‍යාගේ දුවට කඩවසම් මෙතුමා ගැන හිතක් පහලවෙලා රාත්‍රියේදී එතුමා ලඟට ගියා. මේ වෙලාවේ තමන්ගේ ලෝගුව ඇඟ පුරා පොරවගෙන බිත්තිය පැත්තට හැරුන මෙතුමා ඔබ හොයන්නේ නිදාගන්න ඉඩක් නම් මේ කාමරේ ඇති තරම් ඉඩ තියෙනවා කියලා කිව්වා. මේ කථාව ඇ‍යව දැඩි ලැජ්ජාවට පත් කරන්න සමත් වුනා. ඒ නිසාම ඇය ලැජ්ජාවෙන් එතනින් ඉවත් වුනා.

    මේ තමයි ඉන්ද්‍රිය සංවරය. මන් මේ දෙදෙනාව සමාන කරන්න යන්නේ නෑ. නමුත් ලෝක ධර්මතාවන් පිලිගන්නා ආකාරය පෙන්වන්නයි ඉදිරිපත් කලේ. මේවා සත්‍ය සිදුවීම්. අපි අතරේ බිහිවුන, අපි අතරේ ජීවත් වුන මැරිලා ගිය මිනිස්සු ගත කල පිරිසිදු ජීවිතයන්ගේ මතක සටහන්. අපි අද ඉන්නේ කොතනද කියලා පුංචි චිත්‍රයක් ඇඳගන්න මේ වගේ දේවල් අපිට උදව් කරනවා.....
     
    • Like
    Reactions: conservative

    chirantha.you

    Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    යාළුවා පළමුවෙන්ම මතක තියා ගන්න ධර්මය තියෙන්නේ කොහේවත් නෙමෙයි තමන් ලඟමයි කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ධර්මය දකින්නා මා දකී කියලා මිසක් මා දකින්නා ධර්මය දකී කියලා නෙමේ.

    බුදු දහමට අනුව වැරදි කාම සේවනය කියන්නේ පර ස්ත්‍රීන් ඇසුර පමණක්ම නෙමෙයි. හොඳින් හිතන්න. බුදු දහමේ මූලික ඉගැන්වීම වන්නේ චතුරාර්්‍ය සත්‍යයි. දුක මුල් කරලයි තියෙන්නේ. දුක තණ්හාව නිසා හටගන්නේ. තණ්හාව නොයෙක් හේතු නිසා ඇති වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඇලීම නිසා තණ්හාව ඇති වෙනවා. ඒ අනුව ඇලීම හේතුවෙන්ම දුක ඇති වෙනවා. දුකින් මිදෙන්න නම් තණ්හාව නැති කරන්න ඕනා. ඒ කියන්නේ ඇලීම නැති කරන්න ඕනා. සේවනය කියන්නේ ඇලීම යන්නට යෙදෙන එක වචනයක්. අපේ ජීවිතයේ අපි හුඟක්ම සතුටු වෙන්නේ අපේ කය සතුටු කිරීමෙන්. ඒ වෙනුවෙන් අපි කොයි තරම් දේවල් කරනවාද? කෙනෙක් හොරකම් කරන්නෙත් තවත් කෙනෙක් යහපත් විදියට ජීවිකාව ගෙනි යන්නෙත් මේ කය පිනවීමටම තමයි. ඉතින් කය පිනවන්න තියෙන වඩාත්ම වින්දනීය ක්‍රමය තමයි ලිංගික තෘප්තිය. මේ ගැන මිනිස්සු කොයි තරම් නම් වහල්ද කියනවා නම් දන්නවානේ ලෝකේ තියෙන පැරණිම වෘත්තියත් මීට සම්බන්ධයි. හැබැයි මේ එකක් විතරයි. ඔයාට පළමු ප්‍රශ්නයට මේ ටික ඇති මනස පාදා ගන්න.
    awesome
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එල කිරි මචන් මමත් ඔතනට එන්න හිටියේ

    පුතා චෙතනාව දෙන්නා කැමති නම්? මොකක්ද ඕබේ පැහැදිලි පිලිතුර?

    meke den godak dharmaya gena karunu sadahan unane.

    Y2K machan, methana chethanawa kiyana eka uba waraddagena. othana sadahan wenne a denna kemathida nedda kiyana eka nemei.
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    කාන්තාවක්ගේ කැමත්තෙන් ඇය හා ලිංගිකව එක්වීම වැරද්දක් නෙවෙයි. සල්ලි ගෙවලා කැමතිනම් එකතු වුනත් ඒකත් වැරද්දක් නෙවෙයි. අතීතයේ හිටපු නූගත්, කපටි, බොරුකාර ආගමික නායකයන් ගේ විකාර අදහස් කිසිම සාධකයක් නැතිව අද ලොව පුරාම හිස මුදුනේ තියාගෙන ඉන්නවා. වික්ටෝරියා සංකල්ප නිසා අද බටහිර දේශපාලන නායකයන්ට හුඟක් බලපෑම් තියෙනවා.මේ අය කැමති ගෑනියෙක් එක්ක බුදියා ගත්තොත් දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕනී.මේක ගොන් සදාචාරයක්.

    උබේ ගැනිත් එක්ක වෙන එකෙක් උබේ ගැනිගෙ කැමැත්තෙන් බුදිය ගත්තොත් එක වැරදි නැද්ද???
     
    • Like
    Reactions: conservative