වැරදුණු තැනින් යළි අරඹමු.

වැරදුණු තැනින් යළි අරඹමු.

වැරදුණු තැනින් යළි අරඹමු.
දෙටු ගැමුණු පරපුර යළි පුබුදවමු.

අපි අමාරුවෙන් දවසට තුන්‍ වේල කනවා. නිදා ගන්නවා. පවුල නඩත්තු කරමින් අප ලද ජීවිතය විදිනවා. මොහොතකට සිතුවාද අපේ අනාගතය ගැන. හෙට උදා වෙන්නේ අපි හිතපු සුඛෝපභෝගී අනාගතය නම් නෙවෙයි. සිංහල බෞද්ධයන් වශයෙන් අපි හැමෝටම වගකීමක් තියනවා අපේ ජාතියේ හා සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තහවුරු කරන්න. පෙර රජ දරුවන් කළ අප්‍රමාණ කැප කිරීම්වල ප්‍රතිපල භුක්ති විදින අපි අපේ දරුවන්ගේ අනාගතයට ඉතිරි කරන්නේ මොනවාද?

රටට, දැයට, සමයට ආදරයක කරන නියම සිංහලුන් නම් වරෙව්, ජනවාරි 25 වෙනි සිකුරාදා අනුරාධපුරේ වජිරාරාමයට. අපි කතා කරමු මොනවද අපේ වැරදි - අඩුපාඩු කියලා. දැනුවත් වෙමු. අපි හැමෝම අතින් නොදැනුවත්ව සිද්ධවෙන විනාශය ගැන. ජාතියක් හැටියට දවසක කණගාටු නොවන්න අප්‍රමාදව කටයුතු කරමු. අපේ වැරදි අපි හදාගමු. වැරදුණු තැනින් යලි අරඹමු. ඒ වෙනුවෙන් අපේ මුළු ජීවිත කාලයෙන් එක දවසක් වෙන් කරගනිමු.

2013 ජනවාරි මස 25 වෙනි සිකුරාදා හරියටම උදේ 9.00 ට - අනුරාධපුර වජිරාරාමයේදී හමුවෙමු.

ප්‍රධාන දේශනය - පූජ්‍ය පුලියද්දේ සුධම්ම හිමි.
සංවිධානය - රජරට බොදු හඩ.
544027_497441390306561_1602215696_n.jpg