වැරැද්ද තියෙන්නේ දේශපාලකයාගේ පමණක්ම නොවේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    මේ ඡායාරූපය දුටු විට ඔබට හිතෙන්න ඕනේ වැරැද්ද තියෙන්නේ දේශපාලකයාගේ පමණක්ම නොවන බව.

    මස් මරන්නෙකු හරකුන් මරන්නේ ඒවා මිළදී ගැනීමට පාරිභෝගිකයන් සිටින නිසා බව ඔහු කියයි. හරකුන් මරා මස් කර සිටින නිසා අප ඒවා මිළදී ගත් බව පාරිභෝගිකයා කියයි. මේ දෙදෙනා අතර ඇත්තේ අන්තර්සම්බන්ධය කෙසේ වේද, එලෙසම අන්තර්සම්බන්ධයක් මේ පක්ෂ සහ ඒවායේ පාක්ෂිකයන් අතර තිබේ.

    රත්නපුරෙන් වරදකරු වූ මිනී මරුවෙකු උඩින්ම පාර්ලිමේන්තුවේ ගිය බවත්,
    ගම්පහින් සුප්‍රසිද්ධ කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවේ ගිය බවත්,
    අල්ලස් කරුවන්, කොමිස් කරුවන් යළි යළිත් පාර්ලිමේන්තුවේ යන බවත්,
    අරක්කු මුදලාලිලා සියල්ලම පාහේ පාර්ලිමේන්තුවේ සිටින බවත්,
    කප්පම් කරුවන් එහි වැජඹෙන බවත්
    අපිට අලුත් දේවල් නොවේ.
    පුදුමය නම් ඒ කිසිවෙකුත් තනියෙන් තමාට ඡන්දය දමා ගනිමින් පාර්ලිමේන්තුවේ නොයෑමය. ලක්ෂ ගණනින් මනාප ලබා ඔවුන් එහි අසුන හිමි කර ගත්තේ ය. පක්ෂ ඔවුන් ඉදිරිපත් කිරීමට ද ජනතාව ඔවුන් පත් කර යැවීමට ද මැලි වී නොමැත. පුරවැසියන් ඔවුන්ට කැමැත්ත ලබා දී තිබේ.

    අපි හැමෝටම මේ වළෙන් එගොඩ වීමට සිදු වී තිබේ. එය කාටවත් බැන, ඇඟිල්ල දික් කිරීමෙන් විසඳෙන්නක් නොවේ. එය වෙහෙස වී කළ යුතු දේශපාලන ව්‍යායාමයකි. එය දේශපාලකයාට පවා තනිවම කළ හැක්කක් නොවේ. පක්ෂ වලට තනිව කළ හැක්කක් ද නොවේ.

    එය විශාල සමාජ පරිවර්තනයකි. එය සිදු කර ගැනීමට විශාල වෙහෙසක් දරා මිනිසුන් වෙනස් කළ යුතු වේ. ඔබට වනාන්තරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම්, ඔබ කළ යුත්තේ ගස් සිටුවීමට පෙර පොළොව සූදානම් කිරීමයි. එනයින්, හැකිතරම් මිනිසුන් වෙනස් කර ගන්න. පොළොව සකස් කරන්න. ටික ටික.
    දවසක ඒ ටික මහා සෙනඟක් වේවි.
    ඒ දවස දුරක නොවේ.
    එතෙක් ඔබ අලුතින් එක් නායකයෙකු හෝ තනන්න.
    පක්ෂ වලින් දාන ඕන කෙනෙක් බරා ගැනීමට සූදානම් නොවන්න.
    මිනිස්සු හදන්න. නායකයින් සූදානම් කරන්න.
    ඔබට පුළුවන්.
    එසේ නොවන්නේ නම්, ඔබට ලැබෙන්නේ හිටපු පාලකයෝම බව අමුතුවෙන් කිව යුතු නොවේ.
    වෙනසක් ඕනේ නම්, වෙනසක් කරන්න.

    අප පරාජය කල යුත්තේ දේශපාලකයා හො ඔහුගේ පක්ෂය නොවේ. අප පරාජය කළ යුත්තේ මේ දේශපාලන ක්‍රමයයි, සංස්කෘතියයි. වල් ගස් වැවී ඇති භූමියක වල් ගස් කපා දැමීමෙන් ඒවා වඳ කළ නොහැක. අප කළ යුත්තේ භූමිය සම්පූර්ණයෙන් පෙරළා දමා ප්‍රයෝජනවත් ගස් සිටුවීමයි. එවිට දේශපාලකයාද පක්ෂද ඉබේම පරාජය වනු ඇත.

    #Weneednewleaders
    #හරිත
    පැතුම් කර්නර්