වැලන්ටයින් දිනයේ එකට යන්න හොද තැන්

Sasika1992

Active member
  • Jun 7, 2011
    602
    83
    28
    වැලන්ටයින් දිනයේ එකට යන්න හොද තැන්

    කොළඹ වැලන්ටයින් දිනය සඳහා ඉහළ පෙළේ තැන් පහක්

    vdayy.jpg


    ඔන්න ආයෙත් ඒ කාලය උදාවෙලා. වැලන්ටයින් ඩේ හෙවත් ආදරවන්තයන්ගේ දිනය. අපි මේ ළඟදි ඇහුවා අත්‍යවශ්‍ය හා භයානක වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මම කොහේටද මගේ පෙම්වතිය රැගෙන යන්නේ?

    ඔබට වැදගත් හොඳ වයින් හා රස ආහාර නම් කොළඹ ඔබට මිත්‍රශීලී තැනක්. අපි එහෙම ආදරවන්තයන්නේ. අපි පහත පෙළගස්වන්නේ සම්භාවනීය, මිළ අධික, මතක හිටින ආදරවන්තයන්ගේ දිනයක් ගත කළහැකි තැන් පහක්. ඉතින් අපි ආදරය කරමු.


    1. චෙසා ස්විස්

    birfday-018.jpg

    කෙටියෙන් කීවොත් චෙසා ස්විස් මිළ ඉහළයි. ඒ වගේම එතැන ඉතාම හොඳයි. එය කොළඹ හොඳම අවන්හල් අතරින් එකක්ය කියන එක ගැන සැකයක් නැහැ. මෙහි ගතකරන ආදරවන්තයන්ගේ දිනයක් ඇත්තෙන්ම ලස්සන දවසක්. ඉතා හොඳ වයින් එකතුව, කොලොම් පුරයේ හොඳම ආහාර හා පරිසමාප්ත සේවාව සමග ඔබට පිටත ගොස් ආහාර පාන ගැනීමේ පූර්ණ අරුත විඳගන්න පුළුවන්. තැනනම් ඒතරම් සුවිශේෂ නැහැ. එය අවම අලංකාර සහිත සන්සුන් සරළ නිවසක්. උද්‍යානය රාත්‍රියට සුන්දරයි.

    මෙතැන ඉක්මණින් වෙන් කරගෙන අවසන් වේවි. ඒ නිසා යනවානම් කලින් වෙන් කරගන්න. අපේ පූර්ණ විවරණය මෙතැනින් කියවන්න

    http://www.yamu.lk//web.php?p=3754&preview=true

    2. ගැලරි කැෆේ
    Screen-shot-2012-07-30-at-6.17.56-PM.png


    හොඳ හේතු සහිත ශෲංගාරාත්මක හමුවීම් සඳහා ගැලරි කැෆේ තමයි තැන. කීර්තිමත් ගෘහනිර්මාන ශිල්පී ජෙෆ්‍රි බාවාගේ පැරණි කාර්යාලයේ පිහිටුවන ලද ගැලරි කැෆේහි සුන්දර උද්‍යානය එළිමහන් භෝජනයක් සඳහා පුරව‍රයේ තිබෙන හොඳම තැනක්. මෘදු, සිත් ඇදගන්නාසුළු ආලෝකය ඇති එ‍තැනදී විශිෂ්ට කොක්ටේල් වර්ග රැසක් අතරින් ඔබ කැමති දේ තෝරාගෙන භුක්ති විඳින්න පුළුවන්. සීතකළ මාගරිටා හා අතුරුපස වර්ග රසවිඳ බලන්න. ගැලරි කැෆේ කියන්නේ ඔබේ බලාපොරොත්තු සුන් කර දමාවිය කියා හිතන්න අමාරුම තැනක්. එහි කිසිදා වෙනස් නොවන මෙනුපත ගැන පැමිණිලි තිබෙනවා. ඒත්, ලැබෙන භෝජනය විශිෂ්ටබව නම් සහතික කරන්න පුළුවන්, ඔබ එය කලින් රසවිඳි එකක් වුණත්.

    ඉටිපහන් ආලෝකය සහිත සුන්දර පරිසරයක රසවත් භෝජනයක් සඳහා එහි යන්න



    3.හැව්ලොක් පෙදෙසේ බංගලාව

    Havelock-Bungalow-015.jpg


    එළිමහන් භෝජනයක් සඳහා The Havelock Place Bungalow තවත් හොඳ තැනක්. බොයාෆුට්හි හෝ ගැලරි කැෆේහි එළිමහනට වඩා කුඩා වුණත් ඒවාට සමානයි. ළං ළංව පිහිටි විශාල ගස් හා වටකුරු ගල් ඇතිරූ පොළව සුන්දර නිවර්තන පරිසරයක් මවනවා. කළු ලෑල්ලේ සුදු හුණු කූරෙන් සටහන් කරන ලද තරමට පොරොන්දු ඉටු කරනු ඇතැයි සහතික වෙන්න බැරි වුණාට ආහාර හොඳයි. ගෙදර හැදූ අයිස්ක්‍රීම් විශිෂ්ටයි. ඒවා රස රැසකින් පිරිනැමෙනවා. පැණිවද, අරක්කු, දිඹුල් හා පැණි ආදී වශයෙන්.

    4. කැසා කලම්බු
    DSCF1348.jpg


    එතරම් ප්‍රධාන ධාරාවේ තැනක් නොවෙයි. ඒත් සුන්දර කැසා කලම්බු බුටික් හෝටලය ඉතා විශිෂ්ට තැනක්. හොඳ මිළකට හොඳ කෑම හා බීම එහි පිරිනැමෙනවා. සුන්දර ලෙස ආලෝකවත් කරන ලද සුදු පුටු සහිත එළිමහනකුත්, සාසා (ZAZA) බාර් එකෙහි වීදුරු කුටියෙහි හෝ ප්‍රධාන අවන්හලෙහිත් ඔබට අසුන් ගන්න පුළුවන්. කැසා රාත්‍රියට ඉතා ලස්සනයි. රෝස පැහැති තටාකය ආලෝකවත් කළවිට එහි බාර්එකේ දිලිසෙන පුටුවල අසුන්ගෙන සිටීම සුන්දර අත්දැකීමක්. මෙය කොළඹ රැල්ලේ තැනක්. කල් ගත කරන ගමනක් සඳහා හොඳ තැනක්.

    5. නිහොම්බෂි (හොන්ටෙන්)
    untitled-shoot-009.jpg


    නිහොම්බෂි හොන්ටෙන් කියන්නේ ඇත්තෙන්ම විශිෂ්ට ජපන් බොජුන් පිරිනමන අවන්හලක්. පරවි ජෝඩු වගේ මුණුමුණුගාන පෙම්වතුන් මැද ඉන්න ඔබ අකැමැතිනම් ඔබට පුළුවන් මෙතැනින් කුටියක් ලබාගන්න. එය වඩා පෞද්ගලික, සමීපස්ථ ආහාර වේලක් සඳහා කදිම තැනක්. පුරාණ සෙන් පෙනුමැති මේ කුටි සාමාන්‍යයෙන් පුංචි පර්වත උද්‍යානයකට යාවෙනවා. ඒවායේ ජපන් විලාසිතාවේ මිටි මේස පුටු තිබෙනවා. සුදු බිත්තිවලින් වට වූ මේ මුළුවල ගුලි වී සකේ බඳුන් හා සැහැල්ලු සුෂි දීසි සමග ඔබට පුළුවන් ඔබේ ආදර කතාව සනිටුහන් කරන්න. නිහොම්බෂිහි හොඳම දේ තමයි, එහි ගොස් ආ පසු ඔබට අපහසුවක් දැනෙන්නේ දැනෙන්නේ නැහැ

    උපුටා ගැනීම http://www.yamu.lk/si/කොළඹ-වැලන්ටයින්-දිනය-සඳහ/

    කට්ටියට වැදගත් උනානම් rep දුන්නට කමක් නැහැ.අනෙක් යටත් දකින්න එකක් bump දා ගෙන යන්න
     
    Last edited:
    • Like
    Reactions: IAmMrDamnLOL

    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    වැලන්ටයින් එකට යන්න හොද තැන්

    ]වැලන්ටයින් දිනයේ ලාබෙට විනෝද විය හැකි තැන්
    vday.jpg


    වැලන්ටයින් දිනයේදී හැම ආදරවන්තයකුටම චෙසා ස්විස් යන්න බැහැනේ. නැතිනම් ඉහළ පෙළේ ෂිරෝහනා වෙතින් මීමැස්සන් ගැවසෙන අලුත් මල් කළඹක් පෙම්වතියට පිරිනමන්න බැහැනේ. ඒ වුණත් මේ වැදගත් දිනය සමරන්න වෙනත් අපූරු ක්‍රම ඕනෑතරම් තිබෙනවා. ඒවාට සල්ලි ගස් හොළවන්න ඕනැ නැහැ.

    කොළඹ කියන්නේ සැඟවුණු සුන්දරත්වයන් සහිත ලස්සන නගරයක්. පුරවරයේ ස්වභාවික සුන්දරත්වයන් සමග මුසුවෙමින් ආදරවන්තයන්ගේ දවස ආදරණීය ලෙස ගතකරන්න යෝජනා කීපයක් මෙන්න අපෙන් ඔබට.


    1. ගෝල් බක් ප්‍රදීපාගාරය
    DSCF0175.jpg


    කොළඹ තිබෙන නිදහස්ම හා සුන්දරම තැන්වලින් එකක්. ඇතැම් නුවරවැසියන් තවමත් මෙතැන ගැන දන්නේ නැහැ. ගාලුමුවදොර තණනිල්ලේ සරුංගල් යවන්න හා හා හිරු මුහුදේ ගිලෙන මනස්කාන්ත දර්ශනය නරඹන්න කොයිතරම් සෙනගක් එහි ඇදුණත්, ඒ අතරින් කීපදෙනායි ගාලුමුවදොර පිටියෙන් උතුරු දෙසින් වරාය අසබඩ තිබෙන නාවික හමුදා කඳවුරු ප්‍රදේශය වෙත පිවිසෙන්නේ. ගෝල් බක් ප්‍රදීපාගාරය පිහිටි මේ ප්‍රදේශය හිරු බැසයාම නරඹන්න තිබෙන කොළඹ පුරවරයේ හොඳම තැනයි.

    එතැන සිට ඉන්දියන් සාගරයේ අතිසුන්දර දර්ශනයක් නරඹන්න පුළුවන්. දකුණුපසින් ගාලුමුවදොර තණනිල්ලේ හා එහි කෙළවර ගාලුමුවදොර හෝටලයේ සිට ඈත ක්ෂිතිජය දක්වා පෙනෙනවා. 1950 දශකයේදී ඉදිකර තිබෙන මෙය අපේ පැරණි ගෘහ නිර්මාණයක් නොවෙයි. මෙතැනදී සවස පහට, හයට පමණ දකින්නට ලැබෙන දර්ශනය විස්මිතයි. ඔබේ සහකරු/සහකාරිය සමග අතිනත පටලමින් හිරු බැස යන දසුන නරඹන්න මෙතැන කදිම තැනක්:D. පාරේ අනෙක් පැත්තේ තිබෙන ලයිට්හවුස් ගැලී නම්වන අවන්හලෙන් වයින් වීදුරුවක් බොන්න හෝ ගාලු මුවදොර දෙසට ඇවිද ගොස් අයිස්ක්‍රීම් කන්න පුළුවන්.


    2. මැරීන් ඩ්‍රයිව්හි හිරු බැසයාම
    DSCF4056.jpg

    නියමිත වෙලාවේ හරියට කැමරාවට අල්ලාගන්නවානම් කොළඹ ඉතා ‍මනරම් දසුන් මවන තැනක්. එහි නිරුවත් ස්වාභාවික සෞන්දර්යය චමත්කාරයි. පුරවරයේ ලස්සන අවන්හල්, කැෆේ හා නිවෙස් තිබෙනවා. ඒත් ඒ කිසිවක් පැහැදිලි පෝය අහසක හෝ ගාලුමුවදොර නිල්ලේ මළහිරු බැස යන නිමේෂයක ඇති සුන්දරත්වයට සමාන වන්නේ නැහැ.

    මැරීන් ඩ්‍රයිව් පාරට සමාන්තරව විහිදෙන දුම්රිය පාර තරණය කර එහි විසිරී ඇති අවන්හල් හා කැෆේ පසුකර ගියවිට ඔබට හමුවෙනවා අනතුරුදායක පෙනුමක් ඇති පුළුල් ගල්තලාවක්. දවස හොඳනම්, වාසනාවත් තිබේනම් ඔබට පුළුවන් තිරය පුරා විහිදුණු මනස්කාන්ත දර්ශනයක් නෙතට හසු කරගන්න:cool:. අගනගරයේ ජීවත් වෙමින්ම සොබාදහමේ සුන්දරත්වය සමග එක්වන්න මේ තමයි ඉතාම හොඳ විධිය.

    පර්වත මත හිඳගෙන මුහුද බලන්න. දුම්රිය ගමන් කරන හඬ අසන්න. මේ හුදකලා ස්ථානය ඔබට පෞද්ගලිකව ඔබේම ලෙස හිමිකරගන්න පුළුවන්. මුහුද දෙස මුහුණ හරවාගත්විට ඔබ දෙන්නායි පාළු මහා සාගරයයි විතරයි.


    3. ගල්කිස්ස වෙරළ(කව්ද මේක නොදන්නේ නේද:rofl:)
    DSCF3975.jpg


    ගල්කිස්ස වෙරළ තමයි ලංකාවේ මුහුදේ නෑම සිදුවන ප්‍රධානතම ස්ථානය. ඍතුව අනුව මෙතැන දියරැළි පිහිනීම සඳහා ඉතා උචිත ඒවා වන්න පුළුවන්. එපමණක් නොවෙයි, මෙතැන මනස්කාන්ත හිරුබැසයාමේ දර්ශන ප්‍රදර්ශනය කරන තැනක්. එත්, මතක තබාගන්න, මෙතැන උණවටුන වගේ මුහුදු බොක්කක් නොවෙයි. මුහුදු රැළි පිහිනීම සඳහා උචිත වන්නේ අවුරුද්දේ එක් කාලයකදී පමණයි. අනෙක් කාලයේදී එය ඉතා රළු වන්න පුළුවන්. දියවැලුත් තිබෙනවා. කවුරුවත් පිහිනමින් නැතිනම් ඔබත් පිහිනන්න බහින්න එපා.

    පිහිනන්න යෝග්‍ය කාලය එළඹුණාම ගල්කිස්ස වෙරළ අපූරු තැනක්. ඔන්න දැන් ඒ කාලය එළඹිලා. මවුන්ට් ලැවීනියා හෝටලය අසලින් ඔබට වෙරලට පිවිසෙන්න පුළුවන්. ඒත්, මම නිර්දේශ කරනවා විද්‍යාල පාර දිගේ ත්‍රිරෝද රියකින් ඇවිත්, රේල්පාර තරණය කරලා, කකුල් තුනේ බල්ලා හා ගෝල්ඩන් මයිල් අවන්හල පසුකරලා පොදු වෙරළ ප්‍රදේශයට පිවිසෙන්න. එහිදී ඔබට රළ බිඳුම හා හිරු බැසයාම රසවිඳින්න පුළුවන්. වෙරළේ සක්මන් කරලා පසෙක ඇති අවන්හලකින් වයින් වීදුරුවක් තොලගාන්න හෝ යමක් හපන්න පුළුවන්.


    4. සපුමල් පදනම
    sapumal-3.jpg


    මේ තමයි කොළොම් පුරයේ තිබෙන හොඳම හා ලස්සනම කලාගාරය. එය චිත්‍රකලාවේදී හැරී පීරිස්ගේ නිවස වගේම එහි තිබෙන්නේ ඔහුගේ කලා කෘති එකතුව. එහෙත් කොළඹ කීපදෙනායි ඒ ගැන දන්නේ. ඉතාම සුළු පිරිසයි එය තුළට ගොස් තිබෙන්නේ.

    පොත්පත්, පැරණි වේවැල් හා තේක්ක ගෘහභාණ්ඩ හා චිත්‍ර පුරවා තිබෙන එහි සම්මත නවීන කලාගාරයක ඇති හිස්කම නම් ඇත්තේම නැහැ. දිගු කොරිඩෝ හෝ චිත්‍රවලට ආරාධනා කරන සුදු, පුළුල් බිත්ති හෝ එහි නැහැ.

    චිත්‍ර, නිවස හා එහි ගෘහභාණ්ඩ, යන්තමින් දිරාපත් වෙමින් ඇති පොත් එකතුව, විහිදුණු උද්‍යානය කෙතරම් ප්‍රසන්නද කියනවානම් ඔබට එහි සදහටම නතරවෙන්න හිතෙනවා. බාන්ස් පෙදෙසේ පිහිටි මේ අමුතු ලෝකයේ ඔබේ සහකරු හෝ සහකාරිය සමග හාන්සි පුටුවක දිග ඇදී ජෝජ් කීට්ගේ නාරි ලාලිත්‍යය හසුකරගත් රේඛා හා බෙලිංගේ විස්මිත කෝණ සහිත භූමි දර්ශන නැරඹීම අතිශය ශෲංගාරාත්මක අත්දැකීමක් වෙන්න පුළුවන්:oo:.


    5. ග්‍රහලෝකාගාරය:baffled:
    plan.jpg


    ග්‍රහ තාරකාවල සුපැහැදිලි දර්ශන යූටියුබ් හරහා පහසුවෙන් බලාගන්න පුළුවන් අදකාලයේ පවා ග්‍රහලෝකාගාරයේ ඉන්ද්‍රජාලික බලයක් තිබෙනවා. එය ස්වප්නමය සැහැල්ලුවකින් යුත් තැනක්. ඇලකරගතහැකි අසුන සම්බාහන අසුනක් සේ සුවපහසුයි. වායුසමනය නැතිවුණාට ආර්ද්‍රතාව නැතිකරන පැරණි පද්ධතියක් විසින් ස්ථානය ප්‍රසන්න ලෙස සිසිලනය කරනවා. මිහිරි සංගීතමය සිංහල හඬකින් කරන විස්තරය පසුබිමේ තාරකා මණ්ඩලයෙන් මණ්ඩලයට යමින් ඈත රජරට පැත්තේ ගසකට පිට දී හිඳගෙන ඒ විසල් අහස දෙස බලාගෙන දැහැනකට සමවදින්නා වැනි හැඟීමක් ග්‍රහලෝකාගාරයේදී ඔබට ඇතිවෙනවා.

    6. නුගේගොඩ නාගරික තෙත්බිම් උද්‍යානය
    DSCF14381.jpg


    දිගු බිම් පෙතක හරිත පැහැ තුරු ලියවලින්, තණ පෙතින් මායිම් වූ තෙත් බිම්වලින් සුසැදි, බයිසිකල් හා ව්‍යායාම සඳහා දිවීමේ පථ, ඇපල් සුදු වැලි අතුරන ලද පටුමං, නිල් දිය පිරි පොකුණු, වතුරමල් හා විවේකීව අසුන්ගැනීම සඳහා බංකු ආදිය සහිත මෙතැන සැඳෑ සක්මනකට හෝ කුඩ සෙවණක පෙම්වත් කතිකාවකට කදිම තැනක්. පෙම්වතියක් සමග කතාකරමින් හයිලෙවල් පාරේ තදබද බස්වල යනවාට හෝ පටුමංවල රස්තියාදු වෙනවාට වඩා ඉතා හොඳයි. මෙහි සැඳෑ සක්මනක් ඉතා සුන්දර වෙන්න පුළුවන්.

    7. ගාලුමුවදොර හෝටලය
    l.jpg


    ගෝල්ෆේස් හෝටලය නොමිළේ පෙම්වතියක් සමග යා හැකි තැනක් නොවුණත් අපි එය මෙහි ඇතුළත් කළා. රු. 1000ක් ගෙවා ඔබට එහි ලුණුදිය තටාකයේ සුවපහසු සන්ධ්‍යා පිහිනුම් සුවයක් අත්විඳින්න පුළුවන්:cool:, හිරු මුහුදේ ගිලෙන හැටිත් නරඹමින්. ශෘංගාරාත්මක සන්ධ්‍යාවක් ගතකරන්න කොළඹ තිබෙන සුන්දරම තැන මෙතැන වෙන්න පුළුවන්. තටාකයේ ගිලිලා පැමිණ, බරාඳයේ හිඳගෙන කොටු කොටු පළංගානක තබාගෙන සන්ධ්‍යා කොක්ටේලයක් රසවඳිනඑක තරම් තවත් සතුටක් කොයින්ද? නොමිළේ නොවුණත් එය අධික වියදම්කාරීත් නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: c boy

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ලාබෙට? කියන්නේ පට්ටම ගනන් කියන එකට සමාන වචනයක්ද බං :rofl:

    Yamu site එකේ Review කියෙව්වේ නැද්ද.. මම නම් බොහොම අමාරුවෙන් කියෙව්වා උන් මොකද්ද හු*** කරලා එකට auto scroll වෙනවා උඩට යටට.. :angry::angry::angry:

    කැම රහ නෑලු, පට්ට ගණන්ලු... බංගලාව ගූ 70යි :rofl:
     
    Last edited:

    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    :cool:

    kandy wala apita hoda than danna kaurth nadda ma wage?
    ehama dane na ban:no:

    ලාබෙට? කියන්නේ පට්ටම ගනන් කියන එකට සමාන වචනයක්ද බං :rofl:

    Yamu site එකේ Review කියෙව්වේ නැද්ද.. මම නම් බොහොම අමාරුවෙන් කියෙව්වා උන් මොකද්ද හු කරලා එකට වෙනවා උඩට යටට.. :angry::angry::angry:
    කැම රහ නෑලු, පට්ට ගණන්ලු... බංගලාව ගූ 70යි :rofl:
    uda ewanam fatta ganan ewa.2nd damma ewa labayne machan:rofl:.

    Thanks machan.. more useful...
    :D
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    Ela. Ekak.. Mount Lavenia Beach nam kello aragena yanna echchara hoda tanak nemei macho.. Be careful asahana karayo wadi e area eke.
     

    Similar threads