වැලන්ටයින් යනු

deepaldas

Well-known member
  • වැලන්ටයින් යනු

    ආදරවන්තයන්ගේ දිනය එහෙමත් නැත්තන් ශුද්ධ වූ වැලන්ටයින්ගේ දිනය සමරන්නේ පෙබරවාරි 14....ම්ම්ම්ම් ගොඩක් අයට ආදරේ දැනෙන දවසක්...ආදරේ විදින දවසක්...:):):)

    තමන් ආදරේ කරන කෙල්ලට එහෙමත් නැත්තන් කොල්ලට ආදරෙන් කතා කරන්න , තෑග්ගක් දෙන්න , එයත් එක්ක කොහෙ හරි ඇවිදින්න යන්න ගොඩක් අයට තියෙන්නෙ පෙබරවාරි 14 විතරමයි. එත් කරැමේ කියන්නේ ආදරේ කරන 95%ක් දෙනා valentine’s day කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නෑ. ඇත්තටම මේ valentine’s day එක කියන්නෙ මොකක්ද ????

    නිධාන කථාව....

    වැලන්ටයින් කියන්නෙ ක්‍රිස්තියානි පූජකතුමෙකුගෙ නමක්.

    st-valentine1.jpg


    එතුමගෙ නම අනුසාරයෙන් තමා මේ දවස නම් වෙලා තියෙන්නෙ. ලංකාව තුළ වැලන්ටයින් සැලකිය යුතු මට්ටමකින් සැමරීම ආරම්භ වූයේ 1990 දශකයේදීය. අපේ රටේ නම් වැලන්ටයින් කියන්නෙ ආගමික ස්වරූපයක් ගන්න උත්සවයක් නෙමේ. වාණිජමය සහ සමාජයීයමය ස්වරූපයක් ගන්න වැලන්ටයින් ගොඩක්ම සමරන්න පෙළබෙන්නෙ තරුණ තරුණියො.

    pakistan-society-valentines_8094a826-f1e7-11e6-8b6e-25a65c287ec4.jpg


    වැලන්ටයින් සාමි ගැන පුරාවෘත කීපයක්ම තියෙනවා. වැලන්ටයින් තුමා කියන්නෙ ක්‍රි.ව. 3වන සියවසේ රෝමෙ හිටපු පූජකවරයෙක්.ඔය කාලෙම තමයි 2 වන ක්ලෝඩියස් කියන රෝම අධිරාජ්යයා ඉඳලා තියෙන්නෙත්.

    ඔය කියන අධිරාජ්යයාට ලොකු උණක් තිබිලා තියෙනවා අධිරාජ්යය ලොකු කරගන්න. ඒ හින්දම එයා නියෝග කලාලු රටේ ඉන්න හැම මිනිහෙක්ටම හමුදාවට බැදෙන්න කියලා.කසාද බැදපු මිනිස්සුන්ට වඩා පවුල් බරක් නැති තනිකඩයෝ බදව ගත්තම හොදට වැඩ කරගන්න පුලුවන් නේද කියලා කල්පනා කරපු මේ අධිරාජ්යයා කසාද බදින එක තහනම් කලාලු. වැලන්ටයින් පියතුමා හිටියෙත් ඔය කාලෙමනෙ , ඉතින් එයාට තේරිලා මේ නීතිය නිසා couple විදින දුක,එයා හොරෙන්ම ආදරය කරන couple ගෙන්නලා කසාද බන්දවලා. මේ වැඩේ ටික දවසක් යද්දි කොහොම හරි ක්ලෝඩියස් ලොක්කට ආරංචි වෙලා වැලන්ටයින් පියතුමාව හිර කරලා පස්සෙ පෙබරවාරි 14 වෙනි දවසක හිස ගසා මරා දමලා .

    History-of-St.-Valentines-Day-Original-Story-and-facts-feb-14th.-1024x729.jpg


    ඊට කාලෙකට පස්සෙ කතෝලික සභාව තීරණය කරලා තියෙනවා වැලන්ටයින් පියතුමාගේ සේවය අගය කිරීමක් වශයෙන් එතුමාව ශුද්ධවරයට ඔසවන්න. ඉතින් ක්‍රි.ව 496දී (1969) ග්ලාසියස් කියන පාප්තුමා වැලන්ටයින් තුමාව “ආදරවන්තයන්ගේ සාන්තුවරයා” වශයෙන් නම් කරලා තියෙනවා.


    වැලන්ටයින් දින විවිධ විශ්වාසයන් හා සබැදි චාරිත්‍ර...

    • අතීතයේ දී රෝමයේ සිටි මිථ්යා දෘෂ්ඨික ජනයා ජූනෝ නමැති රෝම දෙවඟනට පැවැත්වූ පුද පූජා උත්සවය අනාගත සහකරු / සහකාරිය සොයා ගැනීමේ හා තම ප්‍රේමය ඔවුනොවුන් වෙත ප්රකාශ කිරීමේ දිනයක් විය. “ලුපර්කාලියා” නම් වූ මෙම උත්සවයට එවකට සිටි කිතුනුවන් ද පුරුද්දකට මෙන් සහභාගි වූහ. එය පළමු දේව පණතට විරුද්ධ වූවක් බැවින් කතෝලික සභාව විසින් එයට සහභාගිවීම තහනම් කරන ලදි. එහෙත් එයින් ප්‍රථිපලයක් නොවූයෙන් එම උත්සවය වෙනුවට සාන්ත වැලන්ටයින් දිනය හඳුන්වා දුණි. එදින දෙව්මැදුරු වලට රැස්වන කිතුනු බැතිමතුන් කිතුනු ලීලාවෙන් එය සැමරීමට යොමු විය. අතීතයේ පටන් තම පෙම්වතා හෝ පෙම්වතියව ස්වකීය “වැලන්ටයින්” යන නමින් හඳුන්වා ඇත. අතීතයේ එංගලන්තයේ වේල්ස් හි කිතුනු ජනයා ලීයෙන් සකස් කළ හෘදයක හැඩතළ කැපූ හැඳි තම සිත් ගත් අය අතර හුවමාරුවක් කර ඇත. එහි අදහස වී ඇත්තේ “ඔබ මගේ හදවතේ දොරගුළු විවර කරන්න” යනු යි. මධ්යතන යුගයේ දී තම ඇඳුම් වල හදවතක රූපයක් සිතුවම් කර සතියක් පුරා ඇඳ පැළඳ සිටීම මගින් තමන්ගේ “වැලන්ටයින්” වන්නේ කවරෙක් දැ යි විමසිල්ලෙන් සිටීමේ සිරිතක් පැවතී ඇත. එමගින් තම සිතැඟි අන් අයට ප්රකාශ කර ඇත.

    c654a0f4d6454ed69f69d189aed0aa8f.jpg

    මෙ තියෙන්නේ ලුපර්කාලියා උත්සවයේ චිත්‍රයක්

    • යුරෝපයේ ඇතැම් රටවල තරුණයන් තම සිත් ගත් තරුණියන්ට වැලන්ටයින් දිනයේ දී ත්‍යාගයක් වශයෙන් ඇඳුමක් දී ඇත. එය ඊළඟ වසරේ පෙබරවාරි 14 තෙක් සුරක්ෂිතව තබා ගන්නා තැනැත්තිය තමන් හා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින්නියක් ලෙසින් සළකා ඇත.
    v-day.jpeg


    • වැලන්ටයින් දින දී කිසියම් තරුණියකගේ හිස උඩින් “රොබින්” කුරුල්ලෙකු පියඹා ගියේ නම් ඇයට නාවිකයෙකු සමග විවාහ වීමට සිදුවන බවත්, ගේ කුරුල්ලෙකු පියඹා ගියහොත් දිළිඳු මිනිසෙකු හා විවාහ වී එහෙත් සතුටින් දිවි ගෙවිය හැකි බවත්, “ගෝල්ඩ් ෆින්ච්” වර්ගයේ කුරුල්ලෙකු නම් ධනවතෙකු සමග විවාහ වන බවත් විශ්වාස කර ඇත.
    il_340x270.787359114_qlve.jpg

    ගොල්ඩ් පින්ච් කුරුල්ලා

    • වැලන්ටයින් දින උත්සව වල දී ඉංග්රීසි ඒස් අකුරේ හැඩයට තැනූ “ආදර අසුන” {Love Seat} මත අසුන් ගන්නා තරුණ තරුණියන් පසුකලෙක විවාහ ගිවිස ගන්නා බවට මතයක් යුරෝපය තුළ විය.

    Modern-Courting-Chair-e1435121106114.jpg


    • වැලන්ටයින් දින ඇපල් ගෙඩියක් ගෙන එහි නටුව අඹරා එය දිග හැරී ඇපල් ගෙඩිය බිම පතිත වනතුරු තමන් විවාහ වීමට කැමති සිත් ගත් තරුණ / තරුණියන් හය දෙනෙකුගේ නම් කියති. ඇපල් ගෙඩිය නටුවෙන් ගිළිහෙන විට තමන් තම උච්චාරණය කරමින් සිටි තරුණියව / තරුණයාව තමන්ට විවාහ කර ගැනීමට හැකි බවත් විශ්වාස කර ඇත.


    apple-heart-branch.png


    • වැලන්ටයින් දින දී කහ පැහැති මල් පිපෙන “dandelion” නමැති ගසක් වෙත ගොස් එහි පැළී ඇති කරලකට දීර්ඝ හුස්මක් ගෙන පිඹීම කරයි. එවිට එහි ඇට සුළඟේ පාවී යයි. කරල තුළ ඉතිරි වන ඇට සංඛ්යාව විවාහයෙන් තමන්ට හිමි වන දරුවන් සංඛ්යාව පෙන්වන බවට විශ්වාසයක් ද විය.
    http://www.healthiestalternative.com/wp-
    content/uploads/2015/09/dandelion-bess-780x481.jpg

    • එසේම එදින දී ඇපල් ගෙඩියක් ගෙන එය හරි මැදින් කපා ඒ තුළ තිබෙන ඇට සංඛ්යාව නිවැරදිව ගණනය කළ හැකි නම් විවාහයෙන් හිමි වන දරුවන් සංඛ්යාව ද එයම වන බව ද විශ්වාස කර ඇත.

    වැලන්ටයින් දින දී ආදරවන්තයන් හා විවාහකයන් අතර රෝස මල් හුවමාරුව ඉතා ප්‍රචලිත වූවකි. එයට බලපෑවේ සාන්ත වැලන්ටයින් පූජකතුමා රෝම සිර මැදිරියෙහි සිටින කාලයේ එතුමාගේ මරණ තීන්දුව ගැන ඇසූ බැතිමතුන් හා හිතවතුන් එතුමාගේ සිර මැදිරිය තුළට රතු රෝස මල් එවීම ය.වැලන්ටයින් දින දී ආදරවන්තයන් අතර පෙම් හසුන් හුවමාරුවීම් බොහෝ විට සිදුවේ. මෙම සම්ප්‍රදාය පැමිණියේ සාන්ත වැලන්ටයින්තුමා මරණයට පත් වීමට පෙර දින තම හිතවත් සැදැහැවතියක් වූ සිරමැදියේ මුලාදෑනියාගේ දියණියට යැවූ සුභාශිංසන හසුන නිසා ය.වැලන්ටයින් සින පෙම්වතුන් අතර සුභ පැතුම්පත් හුවමාරුව ඇරඹී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1800 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ එස්තර් හොව්ලන්ඩ් නමැති තරුණිය තම පෙම්වතාට යැවූ සුභ පැතුම්පතක් මුල් කර ගෙන ය.පසුකාලීනව මෙම සියලු චාරිත්‍ර වලට වාණිජමය මුහුණුවරක් හිමි විය.

    [
    Howland.jpg
    ]

    ආදරය....එක දවසකට විතරක් සීමා කරන්න පුළුවන්ද ? මගේ අදහසනම් එහෙම බෑ. ආදරවන්තයෙක්/ආදරවන්තයෙක් ඉන්න හැමොටම ඒ ගෙවෙන හැම දවසක්ම ආදරවන්තයන්ගේ දවස වගේ තමයි. එත් අද??? වැලන්ටයින් කියන්නේ ඇත්තටම කිතුනු ඡනයාගේ උත්සවයක්, වැලන්ටයින් තුමා සිහිපත් කරන්න වෙන් කල දිනයක්, ඒත් අද අපේ නිදහස් දිනයවත් සමරන්නේ නැති විදියට සමරනවා.. මේ දිනය අපේ සංස්කෘතියට ගැලපේනවාද? අපේ ආගමට ගැලපෙනවාද? උත්තරය නෑ. පන්සලේ බණකට පෙරහැරකට උදවු කරන්න නොයෙන කොල්ලෝ කේල්ලෝ ෆිල්ම් හෝල්, පාක්, මල් වතු ගානේ රින්ගනවා. මේකද අපි බලාපොරා්ත්තු වෙන්නේ? කොල්ලාට කෙල්ලව මතක් වෙන්නේ valentine’s day එකට විතරද?? ජීවීතේට තමන්ගේ කෙල්ලව බලන්න නොයන කොල්ලා, එදා උදේම හොදට ඇදගෙන රෝස මලයි,චොක්ලට් එකයි,කාඩ් එකයි අරගෙන ගිහිල්ලා කෙල්ලට දීම සැබෑ ඇදරයද? ආදරය යනු මෙය යැයි අර්ථ දැක්වීම අපහසුය. එහෙත් ආදරය යනු ජීවී දෙයක් මිස අජීවි දෙයක් නොවන බව අප තේරුම් ගත යුතුය.තමාගේ ආදරය පෙන්වීමට අනුන්ගේ දවසක් එන තුරු බලාසිටිය යුතු නැත. දවස් තුන්සිය හැට පහේදීම ආදරය ජීවි විය යුතුය. සරලවම කියතොත් හැමදාම ආදරය කල යුතුය. ඕනෑම පෙම්වතුන් යුවලකට පෞද්ගලිකව වැදගත්වන දින තිබේ සංවත්සර දිනය හොද උදාහරනයකි. එවැනි දිනයක් සතුටින් සැමරීම වැලන්ටයින් වැනි අහසින් වැටුන දිනයක් සැමරීමට වඩා අගනේය. ඒ එය තමාගේම දිනයක් බැවිනි.

    ඒ කොහොම උනත් valentine සමරන එක අද trend එකක් වෙලා. කාට නැතත් රෝස මල් විකුනන අයට , greeting cards විකුනන අයට වගෙම gift shops වල අයට valentine’s day එක එහෙමත් නැත්තන් පෙම්වතුන්ගෙ දිනය කියන්නෙ අවුරුද්දෙම හොදම බිස්නස් දවස් වලින් එකක්.


    valentine-cards-and-goods-on-display-in-a-marks-and-spencer-store-c0w429.jpg


    2-indian-married-couples-rose-bouquet-surprise-valentine-day-ENC09D.jpg


    උපුටාගැනීම සූම් වෙබ් අඩවියනි හැඩ වැඩ දැම්මේ නම් මම
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    tfs ලෝකේ 99.99999...... උන් couple එකක් තමයි කවද හරි , තනිකර marketing වැඩක් business කරන උන්ට හොදයි.

    563.gif
    [/IMG]