වැලිකඩ ඝාතන ලැයිස්තුව එව්වේ කවුද?
The Voice
කවි , කෙටිකතා ,ගීත, රසාස්වාදය
HOME
පුවත්
කලා පිටුව
වීඩියෝ
අපි ගැන
අපට ලියන්න
විශේෂාංග
මානව හිමිකම්0
ඝාතන ලැයිස්තුව දුන්නේ කවුද? (වැලිකඩ සිදු වූ ඇත්ත කතාව.) – කසුන් පුස්සෙවෙල
BY ADMIN 01 · JANUARY 13, 2015
gotas_journalism
ජනාධිපතිතුමණි,පාඨලී ඇමතිතුමා ඇතුලු දූෂණ විරෝධී සංවිධානයේ අවධානය පිණිසයි..
මෙම ඝාතන පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළද වසර තුනක් යනතුරු කමිටු වාර්තාව හෙලි නොකරමින් පවතී.ඝාතන ලැයිස්තුව දුන්නේ කවුද?නියෝග දුන්නේ කවුද?මහජනතාව සත්‍ය දැනගැනීමට අවධානයෙන් සිටී..
ලැයිස්තුගත කර මරාදැමීමෙන් ඉක්බිතිව…(වැලිකඩ සිදු වූ ඇත්ත කතාව.)
බන්ධනාගාරය රටේ අංක එකට දූෂිත බව කියන්නේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාය. අංක දෙක පොලීසිය බව කියන්නේද ඔහුමය. ඒ දූෂිත ගොඬේම සිටින ඔහුට අනුව බන්ධනාගාර නිලධාරීන් දූෂිතය. බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානියා වන කොමසාරිස් ජෙනරාල්වරයාට අනුවද දූෂිතම ආයතනය සහ දූෂිතම නිලධාරීන් ඇත්තේද මේ බන්ධනාගාරයේය. ඇමති ගජධීරට අනුව තමා හැර බන්ධනාගාරයේ සියලූම නිලධාරීන් දූ ෂිතය. නිල වශයෙන් මිය ගියා යැයි කියන සිරකරුවන් විසි හතට අමතරව තවත් සිරකරුවන් ලැයිස්තුවක් ගෙන මරා දැමූ බන්ධනාගාරයට වගකිව යුතු ඇමතිවරයාද වරදකරුවකු නොවන්නේද? ඊට ඔහුද වගකිව යුතු නොවන්නේද?
තම අමාත්‍යාංශයෙන් වරදක් වූ විට ඉල්ලා අස්වන්නෝ ඊජිප්තුවේ ඇමතිවරුය. නිලධාරීහුය. එහෙමත් නැත්නම් ඒ ජපානයේය. එක්කෝ ඒ ඉන්දියාවේ ඇමතිවරුය. ඒ වෙනුවට අපේ රටේ සිදුවන්නේ කෝකටත් තෛලය ලෙස ඇමතිවරයා විසින්ම කමිටුවක් පත්කිරීමය. තමන්ගේම අමාත්‍යාංශයේ වරද සොයන්න පත්කරන්නේ තමන්මය. ඒ අමාත්‍යාංශයේම නිල ධාරීන්ය. බන්ධනාගාරයම දූෂිත නම් ඔවුන් දූෂිත නොවන්නේ කෙසේද? හොරාගේ අම්මාගෙන් පේනය ඇසූ විට ඇත්ත එළිවේවිද? සිරකරුවන් යටත් කරගත් පසු ලැයිස්තුවකට අනුව සිරකරුවන් දණගස්සවා මරා දැමූ බව ඒ දූෂිත නිලධාරීන් රටට හෙළිකරනු ඇත්ද?
ඒ දූෂිත පොලීසිය ඇත්ත කියනු ඇත්ද?
වෙඩි කා මැරෙන්න බය සිරකරුවන් බන්ධනාගාර බිල්ලන් සමග එන ඇමතිගේ කමිටුවට තමන් දුටු සාක්ෂි ලබා දෙනු ඇත්ද? ජනපති පදවි ප්රාප්තියටත්, සෑම ප්රවෘත්ති විකාශයකටත් පසුව හැමදාම පෙන්වන හමුදාවේ සූර වෙඩි තැබීම්, යුද ජයග්‍රහණ, කැබිති ගොල්ලෑවේ මරණ දකින මිනිසුන් සිරකරුවන්ගේ මරණ තුට්ටුවකට මායිම් කරනු ඇත්ද? දරුණු ගණයේ අපරාධකරුවන් යැයි කියා මරා දමා පෙන්වන සිරකරුවන් ගැන අනුකම්පාවක් මිනිසුන් තුළ උපදිනු ඇත්ද? පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අතීතයේ මිනී කඳු පෙන්වා ‘‘ඔබට මතකදැයි’’ අසන පැනයම බන්ධනාගාර ඇමති වරයාගෙන්, නිලධාරීන්ගෙන් සහ රටේම ජනතාවගෙන් ඇසිය යුතුය. බන්ධනාගාරය තුළ මරා දැමුවේත් ‘‘මනුෂ්‍යයන්’’ බව ඔබට මතකද?
‘‘මම ඉන්නේ ඒ තී‍්‍ර වාට්ටුවේ. එල් වාට්ටුව සර්ච් කරලා තමයි අපි ඉන්න චැපල් වාට්ටුවට ආවේ. ඒ තී‍්‍ර එකේ එදා හැට තුනක් විතර හිටියා. ඒ හැට තුන ඉන්නේ කාමර විස්සක. වාට්ටු මහත්තුරු එක්ක ඒ වෙලාවේ අසූවක් අනූවක් විතර එස්ටීඑෆ් එකේ අය වාට්ටුව ඇතුළට ආවා. හැමෝගෙම අතේ තුවක්කු තිබුණා. එළියෙත් තුවක්කු තියන් තව තුන්සීයක් හාරසීයක් විතර හිටියා. එතකොට වෙලාව දෙකත්, දෙකයි හතලිස්පහත් විතර ඇති. එස්ටීඑෆ් අය ඇතුළට ඇවිත් තොපි ඔක්කොම වාඩි වෙයව් කිව්වා. ඊට පස්සේ හැන්ඞ් කප් දැම්මා. හැන්ඞ් කප් කිව්වාට ඒක ප්ලාස්ටික් වගේ තද වෙන බෙල්ට් එකක්. අපේ වාට්ටුවේ ඉන්නවා පි‍්‍රයන්ත කියලා කෙනෙක්. එයාට මානසික අවුලක් තියෙනවා. එහෙම හැන්ඞ් කප් දාද්දී එයා නැගිටලා කෑ ගැහුවා. උඹලා ඕවා ගෙනාවේ අපිව මරන්න නේ, ඉතින් අත පය බැදලා දාන්නේ නැතුව අපිව මරන්න කියල පි‍්‍රයන්ත කෑ ගැහුවා. අපි වගේම ඇතුළේ මහත්තුරුත් දන්නවා එයාට මානසික අවුලක් තියෙනව කියලා. ඒත් එස්ටීඑෆ් එකේ අය ඒවා දන්නේ නෑනේ. එස්ටීඑෆ් එකේ එක්කෙනෙක් වාඩි වෙයන් ප…… කියලා. කුණුහරුපයෙන් බැන්නා. ඒ වෙලාවේදී ඉන්දික කියන ජේලර් මහත්තයා අපිට කෑ ගැහුවා උඹලා මැරුම් නොකා ඉදපන් කියලා. එතන බන්ධනාගාර පොලීසියේ මහත්තුරු හතරක් විතර හිටියා. ඊට පස්සේ අපිව එළියට දැම්මා. චැපල් එක යට රවුම් තැනක් තියෙනවා. ඒ තී‍්‍ර, බී තී‍්‍ර, සී තී‍්‍ර, ඞී තී‍්‍ර කියන වාට්ටු හතර තියෙන්නේ කුරුසයක් වගේ. ඒක මැද තමයි ඒ රවුම් ඉඩ තියෙන්නේ. පස්සේ වාට්ටු සර්ච් කරලා අපිව ඇතුළට දැම්මා. ඒ වෙලාවෙදී වැඩවලට ගිය හිරකාරයොත් කෑම වෙලාව නිසා එතැනට ඇවිත් තිබුණේ. අපි ඇතුළට ගියාම දැක්කා එළියේ හිටපු අපේ එක්කෙනෙක්ගේ අත කඩන්න හදනවා එස්ටීඑෆ් එකේ එක්කෙනෙක්. ඒ එක්කම හැමෝම වගේ කෑ ගහන්න ගත්තා ලැජ්ජ නැද්ද උඹලා තුවක්කු අරන් ඇවිත් අපේ අත් බැදලා ගහන්න කියලා. හැමෝම වගේ වාට්ටුවේ තිබුණු වතුර බෝතල්වලින් ගැහුවා. ඒ වෙද්දී ෆොන්සේකා කියන මහත්තයා වාට්ටුවලට ඉබ්බ දාන්න හැදුවේ. මහත්තයට උඩින් කදුළු ගෑස් ගැහුවා අපි හිටපු වාට්ටුවට. අපේ වාට්ටු අඩි අටේ හයේ වාට්ටු. ඒ එකකට කදුළු ගෑස් තුනක් විතර ගැහුවා. අපිට විතරක් නෙමෙයි. ජී වාට්ටුව කියලා වාට්ටුවක් තියෙනවා. ඒකට චමින්ද වාට්ටුව කියලත් කියනවා. ඒකේ ඉන්නේ ක්ලචස් වලින් යන හැරමිටියෙන් යන වයසක හිරකාරයෝ. මේ අය ඒවා ඇතුළටත් කදුළු ගෑස් ගැහුවා. අපිට හුස්ම අල්ලන්න බැරි වුණා. ඇගම දන්න ගත්තා. ඒ සද්දේට අනිත් වාට්ටුවල අයත් කෑගහගෙන ආවා. ඉන්න බැරිම තැනයි අපි වාට්ටුව කඩාගෙන එළියට ආවේ. පාටිවල හිටපු අය ගල් අරගෙන එළවගෙන ලොකු ගේට්ටුව ළගට ගියා. එතනදී තමයි ඒ අය ආමරිය කඩලා තිබුණේ. ඒත් ඒවට එළියටවත් බැස්සේ නැති කපිලලා, තුෂාරලා ලිස්ට් එකක් බලල අරගෙන මැරුවේ අපේ ඉස්සරහදී’’.
තමන් ඇසින් දුටු බන්ධනාගාර කතාව මෙසේ කියන්නේ චැපල් වාට්ටුවේ සිරකරුවෙක්ය. චෝදනාව බරපතළය. ඔහුගේ කතාව අනුව නිලධාරීන් ගණනාවකගේම නම්ද කියවේ. බන්ධනාගාරය තුළට ආයුධ රැගෙන යා හැකිද? ගොඩනැගිලි තුළට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළ හැකිද? බන්ධනාගාරය තුළදී සිරකරුවන්ට මාංචු දැමිය හැකිද? ඊටත් වඩා බරපතළ චෝදනාව නම් යටත් කරගත් පසු ලැයිස්තුවකට අනුව තෝරාගත් සිරකරුවන් එලෙස මරා දැමිය හැකිද යන්නයි. බන්ධනාගාරය තුළ තහනම් භාණ්ඩයක් වන ජංගම දුරකථනයෙන් තවමත් එළියට අමතන්නේ බන්ධනාගාරය තුළ ඕනෑ තරම් ජංගම දුරකථන ඇති නිසා නොවේද? ඒවා බන්ධනාගාරය තුළට ගිය ආකාරය දන්නේ බන්ධනාගාරයම නොවේද? මරා දැමූවන් කුමක් ස`දහා මරා දැමුවාද? එසේත් නැත්නම් රටේ ඉහළම තැන්වල රහස් හෙළි වනවාට ඔවුන්ගේ අන්තේවාසික කටයුතුවල යෙදුණවුන්ද? තමන්ගේ ව්‍යාපාරවල ඒකාධිකාරිය තබාගන්නටද? පුද්ගලික කෝන්තරද?
මේවා රටේ ඇත්ත දන්න ජනතාව ප්‍රශ්න කරන කාරණ ය. හුදෙක් මේවා පුද්ගලික මට්ටමේ ඝාතන විය නොහැකිය. මේවා කරන්න ඉහළින්ම අණ ලැබිය යුතුය. ඒ අතර තම තමන්ගේ පුද්ගලික අරමුණු පිරිමහ ගත්තාදැයි දන්නේද ඔවුන්මය. රටේම ප්‍රසිද්ධ කුඩු ලොක්කන් ඉහළින්ම ආරක්ෂා කරද්දී ඔවුන්ගේම දාමයේ පහළ නියෝජනය කරන සගයන් ඝාතනය කරන්නේ ඒ විදියටය. මේවාට බන්ධනාගාර කමිටුවෙන් උත්තර ලැබෙනු ඇතිද?
‘වයි ඕ වාට්ටුවේ තමයි තුෂාර. සී තී‍්‍ර කන්ඩෙම් සේම් වාට්ටුවේ තමයි කපිල හිටියේ. ඒ අය එළියට බැස්සේ නෑ. ඒ වෙද්දී ඒවත් කඩාගෙන අනිත් කට්ටිය එළියට ඇවිල්ලා හිටියේ. ඒ වෙද්දී වෙලාව පහත්, හතරයි හතළිස් පහත් වගේ ඇති. තාප්පය වටෙන්ම කදුළු ගෑස් ඇතුළට ගැහුවා. වැස්ස වැටුණු නිසා ගොඩක් අයට පණ ගහලා ආවා. අපේ වාට්ටුවල ඉන්න අය දන්නවා මේවාට සම්බන්ධ වුණොත් අන්තිමට වෙන දේ. ඒක නිසා අච්චුවෙලා හිටපු අයයි, ගොඩක් කල් ඉදන් මෙහේ ඉන්න අයයි එළියට ගියේ නෑ. වටෙන්ම වෙඩි එනවා. අපි දැක්කා චමින්ද වාට්ටුවේ වයසක කෙනෙක් නැගිටලා ඇවිද්දා. එයාගේ ඔලූවටම වෙඩිල්ලක් වැදුණා. තව කෙනෙක්ගේ උර පත්ත පලාගෙන ගියා. ඒ අය එළියට ගන්නවත් බැරි වයසක අය. ඒක නිසා අපිත් බයට එළියට බැස්සේ නෑ. කොහොම හරි ? දොළහයි තිහත් එකත් අතර වෙලාවේදී තමයි වටේටම වෙඩි තියන සද්ද ඇහුණේ. අපිට බලන්න බයයි. ඒ තරමට වෙඩි සද්ද ඇහුණා. දැනුණේ වෙඩි බෙහෙත් ගදයි සද්දෙයි විතරයි. ටික වෙලාවකින් අපි හමුදාව තොපි ඔක්කොම එළියට බැහැපියව්, තොපි චණ්ඩිද, අපි උඹලව වට කරලා තියෙන්නේ කියලා වටේටම කෑ ගැහුවා. අපේ වාට්ටුවේ හිටපු සක්විති රණසිංහ තමයි මුලින්ම එළියට ගියේ වෙඩි තියන්න එපා. මම සත්විති රණසිංහ කියලා. එයා ටික වෙලාවකින් ඇවිත් අපිට කිව්වා කරදරයක් නෑ හමුදාවේ මහත්වරු ඇවිත් ඉන්නේ එළියට එන්න කියලා. අපි හැමෝම එළියට බස්සවලා පිට්ටනි කෑල්ලේ මුණින් අතට බුදි කෙරෙව්වා. ඊට පස්සේ තමයි බන්ධනාගාරයේ එස් පී ජ…………. මහත්තයි ලොකේෂන් සර්ච් කරන …………… මහත්තයි, නාකොටික් එකේ ……………… මහත්තයයි ඇතුළට ආවේ. අපිව අල්ලලා, නඩු දාලා, අපිට නිතර හම්බවෙන නිසා ………………. මහත්තයාව අපිට හොදට අදුනගන්න පුළුවන්. තවත් මහත්වරු හිටියා. ඒ අය ඔක්කොම සිවිල් ඇදුමින් හිටියේ. ඒ වෙද්දී පාන්දර තුනට විතර ඇති’’
විශේෂ තොරතුරු සපයන්නාට අනුව යුද හමුදාව විසින් බන්ධනාගාර පාලනය සියතට ගත් පසු බන්ධනාගාර අධිකාරී ගාමිණී ජයසිංහ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක ………………. …………. ද පැමිණ ඇත. බන්ධනාගාර නිලධාරීන්ට අනුව එම අවස්ථාවට පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ මූලස්ථාන භාර නිලධාරී ප්‍රසන්න අල්විස්ද එම ස්ථානයට පැමිණ ඇත. බන්ධනාගාරයේ සිරකරුවන්ට අනුව සියැසින් මෙතෙක් දුටු කතාව මෙසේය. එතැන් පටන් බන්ධනාගාරය තුළ සිදුවන්නේ කුමක්ද? ඉහළින්ම දූෂිතයැයි කියන බන්ධනාරගාරයත්, පොලීසියත් කියන කතාවට වඩා වෙනස් කතාවත් කියන්නේ බන්ධනාගාර සිරකරුවන්ය. නම් හෙළි නොකළ බන්ධනාගාර නිලධාරීන්ය.
‘‘මුලින්ම කපිලව හොයලා ගත්තා. ඊට පස්සේ මාලන්ව ගත්තා. කදුළු ගෑස් ගහද්දී දුවද්දී වැටිලා අත උලූක්කු වෙලා හිටපු මංජු ශී‍්‍ර අන්තිමට තමයි මගේ වාට්ටුවෙන් ඒ වෙලාවේ එළියට ආවේ. එයාව එහෙම්ම ගත්තා. ……………. මහත්තයයි තව දෙන්නෙකුයි වගේ තමයි ඒ අයව හෙව්වේ. ඒ වෙලාවේ කරුවල වුණත් යාන්තමින් එළිය වැටිලයි තිබුණේ. පොඩි එක්සයිස් කොළයක් වගේ එකක ලියලා තිබුණ නම් තමයි ……………….. මහත්තයා සාක්කුවෙන් අරගෙන බලන ගමන් පොඩි ටෝච් එකක් ගහලා කට්ටියව හෙව්වේ. ඒ තුන්දෙනාව මුලින්ම අරගෙන ගියා ආර් පී කන්තෝරුව පිටිපස්සට. ඒ අයව ගෙනිච්චේ අපේ ඉස්සරහින්. ඒ වෙද්දී කත්තෝරුව ඇතුළේ අපේ අයත් එක්ක බන්ධනාගාර මහත්තුරුත් හිටියා පණහක් හැටක් විතර. ඒ අය කලින් කදුළු ගෑස් ගහද්දිම තමයි ඒකට වෙලා ඉදලා තියෙන්නේ. ඒ අයටත් පුස්තකාලයයි, ආර් පී කන්තෝරුවයි කෑම ගබඩාවයි තියෙන මුල්ල පේනවා. ඒ ගෙනිච්ච තුන්දෙනාටම විනාඩි පහක් හයක් ඇතුළත ටෝන් ටෝන් ගලා වෙඩි දෙක දෙක තියනවා ඇහුණා. ඊට පස්සේ තුෂාර කෝ තුෂාර කෝ කියලා හෙව්වා. පස්සේ වාට්ටුවල නැති නිසා කන්තෝරුවේ තුෂාර ඉන්නවද කියලා බැලූවේ ………….. මහත්තයා. තුෂාර මාත්තුරුන්ට උදව් කරන නිසා කන්තෝරුව ඇතුළේ තියන් ඉදලා පස්සේ ………… මහත්තයා තමයි එළියට ඇවිත් …………….. මාත්තයට කිව්වේ තුෂාර ඇතුළේ ඉන්නවා කියලා. තුෂාරව එළියට අරන් ඇවිත් වයි ඕ සෙල් එක ළගදී මුලින්ම ගැහුවේ …………… මහත්තයා.
වයි ඕ එකේ ගේට්ටුව ළගදී තමයි අතපත්තුවයි, මාලු සුසන්තවයි මරලා තිබුණේ. ඒ වෙඩි සද්ද දෙක ඇහෙද්දී හරියටම හතරයි විස්සයි. කන්තෝරුවේ හිටපු අපේ අය ඒ වෙලාවෙදී වෙලාව බලලා තිබුණා. ඒ වෙලාව වෙද්දී ඒ තී‍්‍ර එකේ හිටපු අපේ අය එහෙට මෙහෙට හැංගෙන්න දුවලා තිබුණ. සමහරු එල් වාට්ටුවෙත් හිටියා. ජයසිංහ මහත්තයා කිව්වා තම තමන්ගේ වාට්ටුවලට යන්න කියලා. ඒ වෙද්දී උදේ හයට විතර ඇති. කොණ්ඩ අමිල කියන එක්කෙනා තවත් හයක් හතක් එක්ක විතර එන්න එද්දී ඒ අයට බිම වාඩි වෙන්න කිව්වා. ඒ වෙලාවෙදී එතනට ආව අජන්ත කියන මහත්තයා කිව්වා ‘‘ආ අමිල උඹ තවම ඉන්නවද, මම හිතුවේ උඹවත් මරලා’’ කියලා කිව්වා. ඊට පස්සේ තමයි ………………… මහත්තයයි, තව ආමි එකේ එක්කෙනෙකුයි කපිලලා ගැහුව තැනට එක්කන් ගියේ. එතකොට වෙලාව හයයි තිහට විතර ඇති. කොහොම හරි එතන හිටපු අනිත් අයත් එක්ක අමිල කියලා තිබුණා මාවත් මරන්නද දන්නෑ මම ගැන අජන්ත මාත්තයා කියන්නේ කියලා. කොහොම හරි අන්තිමට අරන් ගියේ අමිලව. අන්තිම වෙඩි සද්ද ඇහුණෙත් ඒ වෙලාවේ තමයි’’
මේ කතා කරන්නේ සියැසින් සිද්ධිය දුටු සිරකරුවන්ය. මේ කතාවම බන්ධනාගාර නිලධාරීන්ද කියන්නේ බන්ධනාගාරය තුළ එදා යම් දෙයක් සිදුවූ නිසා නොවේද? පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ……………….. මහතා එදින රාජකාරී සදහා ගියාදැයි විමසූ විට කියන්නේ එය පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාගේ ඇසිය යුතු බවයි. මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඇසූ විට ඔහු තිගැස්සී කියන්නේ කිසිදු රාජකාරියක් සදහා …………… මහතා හෝ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එදින බන්ධනාගාරය වෙත නොයැවූ බවය. ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඇසු විට ප්‍රසන්න අල්විස් මහතා කීවේද තමන් එදින රාජකාරී සදහා බන්ධනාගාරය වෙත ගියාදැයි පැවසීමට නොහැකි බවකි. ඊටත් වඩා කදිම උත්තරයක් සපයන්නේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාය. ලියුම්කරු ඇසුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එදින ආවාදැයි කියාය. ඔහු තිගැස්සී පිළිතුරු දෙන්නේ පොලීසියවත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයවත්, පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයවත් එදින බන්ධනාගාරයට නො ආ බවයි. ඔහුගේ කටින් හොරාට පෙර කෙහෙල් කැන වැට පැන්න බව ඔහු තවමත් නොදන්නවා විය යුතුය. මේ ප්‍රකාශ මොනවා වුණත් පහසුවෙන් බැහැර කළ හැකිද? සිර ගෙයක් තුළ යම් කලබලයක් කළ පිරිසක් මෙල්ල කිරීම පිළිගත හැකිය. එහෙත් ලැයිස්තුවකට ගෙන මරා දැමිය හැකිද? මේවා එළිවීම වැළැක්විය හැකිද? අධිකරණයෙන් ආරක්ෂා කිරීමට ලබාදෙන බන්ධනාගාරය තුළදී පහරදී හිසට, පපුවට වෙඩි තබා මිනිසුන් මරා දැමිය හැකිද? තමන්ගේ අනුගාමික මාධ්‍ය හෙංචයියන් මාර්ගයෙන් විසි පහක් මරාදැමීම සාධාරණය කළද හෙළි නොකළ අනෙකුත් මරණවලට වගකියන්නෝ කවුද?
‘‘අපිව මුණින් අතට බුදිකරවලා මූණට ටෝච් අල්ලලා කට්ටියව හොයපු වෙලාවේ අපිට ඇහුණා ඇතුළට ආපු හමුදා වාහන දෙකට මොනවද පටවන සද්දයක්. මම දැක්කා අපේ වාට්ටුව ළග වෙඩි වැදිලා මැරිලා හිටපු කෙනෙක්ව කළු පාට වගේ රෙද්දකින් වහලා ආමි එකේ එක්කෙනෙක් කරතියාගෙන අරන් ගියේ. අපේ වාට්ටුවල හිටපු ගොඩක් අය අද වෙද්දී අඩුයි. කන්ඩෙම් සෙල්වල හිටපු අය අන්තිමට එහෙම වෙඩි තියලා මැරුවට අපි අපේ ඇස්වලට දැක්කා තුෂාරලා, කපිලලා ඕවට සම්බන්ධ වුණේ නෑ. මාලන්ලා නම් තුවක්කු අරගෙන පිස්සු නැටුවා. ඒ වගේම ලිපි ලේඛන පිච්චුවා කිව්වාට අපේ අය කවුරුවත් එහෙම කළේ නෑ. මොකද 88/89 එහෙම වැඩ කරලා අදටත් දුක් වෙන අය තාම මේක ඇතුළේ ඉන්නවා. අපේ නඩු වාර්තා නැති වෙනවා කියන්නේ අපිට කවදාවත් ගෙදර යන්න ලැබෙන්නේ නෑ කියන එක. ගේට්ටු පොත ගත්තේ හමුදාව. අපේ අයට ඒවා ගන්න ඕන වුණේ නෑ. පොඩි පොඩි හොරකම්වලට ආව කුඩු කාරයෝ, මංකොල්ලකාරයෝ තමයි තුවක්කු අරගෙන පිස්සු නැටුවේ. තුෂාරලා, කපිලලා හොදයි කියනවා නෙමෙයි. ඒත් ඒ අය හිර ගේ ඇතුළේ මොන මොන බිස්නස් කළත් හැමෝටම සැලකුවා. වැඩියෙන්ම සැලකිලි ගත්තේ මහත්තුරු. ඒත් ඒ අය එදා ආයුධ අතට ගත්තේ නෑ. අන්තිමට මරපු ගොඩක් අය එදා ආයුධ අතට ගත්ත අය නොමෙයි’’
සිරකරුවන් සියලූ දෙනාගේම කතාව එකම කතාවකි. තවත් සිරකරුවෙකුට අනුව තමන්ගේ නඩු වාර්තා ඇතුළත් පොත් (ලොකට්) ගණන් කිරීමේදී පුද්ගලයන් නැති පොත් මිටියක් අවසන ඉතිරී වී ඇත. ඒවායෙහි සිරුරුද නැත. ඒවාට සිදු වුණේ කුමක්ද? කෙදිනක හෝ මේවා හෙළි නොවෙතැයි කාටනම් කිව හැකිද? මාධ්‍යයද ඇතිවන තුරු විවිධ පැති තුළින් විවිධ මති මතාන්තර ගොඩ නැගුවෝය. එහෙත් සිරකරුවන්ට අනුව බන්ධනාගාරයට ගෙන්වා ගත නොහැක්කේ ගණිකාවන් පමණි.
බන්ධනාගාරයේ තත්ත්වය එබදු නම් ඒවාට වගකිය යුත්තේ බන්ධනාගාරයම නොවේද? දූෂිත නිලධාරීන් සිවිල් සමාජයේ සිටම දූෂිත වැඩ කරනවා නම් පුනරුත්ථාපනය වීමට සිරගත කළ වුවත් කෙසේ නම් පුනරුත්ථාපනය වනු ඇතිද?
‘‘මාත්තයට මම දැන් මේ කතා කරන ෆෝන් එක එළියේ රුපියල් දෙදහස් නමසීයයි. ඒත් මම මේක ඇතුළට ගන්න ජේලර් මහත්තයට රුපියල් දහදාහක් දුන්නා. ඉතුරු සල්ලි එයාට. සිගරට් පැකට් එකක් ගන්න මහත්තයෙකුට රුපියල් දාහක් දෙන්න ඕන. ඇතුළට ගෙන්න ගන්න උන් සිගරට් එකක් විකුණන්නේ රුපියල් හැටට. ඇති හැකි එකාට හැත්තෑ පහට. මේ දවස්වල ඇතුළේ සිගරට් එකක් සීයක් වෙනවා. ජේලර් මහත්තුරු කුඩු ඇතුළට ගේන්න දහයක්, පහළවක් ඉදලා තිහක් විතර ගන්නවා. තොගය වැඩි වුණු තරමට තමයි කුඩු වුණත් මහත්තුරු ඇතුළට ඇදලා දෙන්නේ. අපේ ෆෝන් එකක් අහුවුණත් හෙට උදේට ගිහින් රුපියල් දාහක් දුන්නාම ආයිත් ගන්න පුළුවන්. …………. කියන මහත්තයා ගන්න ෆෝන් වෙන වාට්ටුවලට විකුණනවා. ………. කියන මහත්තයාට තමයි සර්ච් කරන්න භාර දීලා තියෙන්නේ. එයා තනියම ඇවිත් සර්ච් කරලා අහුවුණු සල්ලි සාක්කුවේ දාගෙන ෆෝන් ටික තමයි ගෙනිහින් භාර දෙන්නේ. ඉස්සර හිටියා කුස්සියේ මනෝහරන් කියලා මහත්තයෙක්. එයාට රුපියල් දාහක් දුන්නම කුකුළෙක් එවනවා කුස්සි පාටියේ හිරකාරයෙක් අතේ.’’
බන්ධනාගාරය තුළ තත්ත්වය එසේය. කුඩු එන්නේද නිලධාරීන් මාර්ගයෙනි. ජංගම දුරකථනයේ සිට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් බන්ධනාගාරය වෙත ගෙන්වා ගත හැක. ඒ සදහා ලබාදිය යුතු මුදල ඒ ඒ ද්‍රව්‍ය අනුව තීරණය වන්නකි. ලියුම්කරු ඇමතු සිරකරුවන්ට මාසිකව රුපියල් අටදහසක් පමණ බන්ධනාගාරය තුළ වියදමක් යයි. ඒ ජංගම දුරකථන,ආහාර, සිගරට්, කුඩු , ගංජා දක්වා බන්ධනාගාරය තුළට ගෙන්වා ගැනීමටත් නිලධාරීන් අතට පත්වන ද්‍රව්‍ය නැවත මුදවා ගැනීම සදහා ගෙවිය යුතු මුදල ගෙවීම් සදහාත්ය. යමෙකුට ගෙදරින් මුදල් ගෙන්වා ගැනීමට අවශ්‍ය මුදලට අමතර රුපියල් දාහක් හෝ පන්සීයක් නිලධාරීන්ගේ ගිණුමට දැමූ විට එම මුදල ඇතුළට ගෙනවිත් දෙන්නේද බන්ධනාගාර නිලධාරීන්මය. එවැනි කතා තවත් එමටය. ඒවා කියන්නේ අප නොව ඒවා දිනපතාම අත්විදිනා සිරකරුවන්මය. ඔවුන්ට අනුව තම බිරින්දෑවරුන් සිරගෙදරට ගෙන්වීම භයානකය. ඒ නිලධාරීන් බිරින්දෑවරුන් ඩැහැ ගන්නා බැවිනි. එක් සිරකරුවකුට අනුව යහපත් කල්කිරියාවෙන් සිට නිවාස නිවාඩු ලබාගැනීමට රුපියල් ලක්ෂයකට වඩා බන්ධනාගාර නිලධාරීන්ට ගෙවීමට සිදුව ඇත. ඒ මෝටර් සයිකල් ටයර්, කැමරා, ෆෝන් ආදිය ලබාදීමටය. තමන්ගේ ලිපි ගොනුව උඩට ගන්න නම් එවැනි වියදමක් දැරිය යුතුමය.
කෙසේ වෙතත් මේ වනවිට නෛතික දඩුවම් විදි සිරකරුවන් බොහොමයක් පරලොවය. ඔවුන් නිවැරදි, සුවච කීකරුවන් යැයි අපි කොතැනකවත් නොකියමු. එහෙත් ඔවුන්ට දණගස්සවා, ගුටි ඇ න වෙඩි තබා මරා දැමිය හැකිද? නැවත නැවතත් අසන්නට ඇත්තේ එයමය. පසුගියදා පුවත්පතකට කාන්තා කටයුතු ඇමති තිස්ස කරලියද්ද කියා තිබුණේ මරණ දඩුවම කි‍්‍රයාත්මක කර සියල්ල එල්ලා දැමිය යුතු බවකි. ඇත්තය. මෙලෙස සිර ගෙදර වසර දහය පහළොව අපා දුක් විදි සිරකරුවන් වෙඩි තබා මරණවාට වඩා එය ඔවුන්ට සැනසීමක්ද වනු ඇත. ඔවුන්ගේ නිවැසියන්ටද දාන මානයක් දී නිදහසේ ජීවත් වීමට ඉඩ සැලසෙනු ඇත. ශිෂ්ට යැයි කියා එල්ලන්න බැහැයි කියා රටේ වෙඩි තබා මරා දැමීම සාධාරණද?
මිය ගිය තුෂාරගේ බිරිද තිළිණි නිශාරාට අනුව බන්ධනාගාර නිලධාරීහු සෑම වසරකම තමන්ගේ මහරගම රෙදි සාප්පුවට පැමිණ මුළු නිවසටම අවශ්‍ය රෙදි පිළි නොමිලේම රැගෙන යති. බන්ධනාගාර අවුරුදු කී‍්‍රඩා උත්සවයටද වසර ගණනාවක සිට අවශ්‍ය සියලූම කුසලාන ලබා දෙන්නේද ඔවුන්ය. එතනින්ම බන්ධනාගාරයේ තරම අපට සිතාගත හැකිය. නිශාරා මහත්මියට අනුව සිද්ධිය වූ දිනද තුෂාර රාති‍්‍ර එකට පමණ ඇයට කතා කර ඇත. තමන් සිර මැදිරියට වී සිටින බවත්, තමන්ට කරදරයක් නැති බවත් පවසා ඇත. එහෙත් උදෑසන වන විට ඔහු මිය ගොස් ඇත. බන්ධනාගාරයට ගිය විට ඒ තුළ අතපය කැඩුණු, තැලී පොඩි වී ගිය සිරුරු බන්ධනාගාරය තුළ තිබූ බවත්, තුෂාරගේ වෙඩි සලකුණු දෙකක් තිබුණේ බෙල්ලට පහළින් බවත් කියන්නේ තුෂාරගේම බිරිදයි. මෙවැනි වෙඩි තැබීමකදී එලෙස සිදුවිය හැකිද?
බන්ධනාගාර අමතා්යාංශ ලේකම් ජී.එස් විතානගේ මහතාට අනුව ඉදිරියේදී වැලිකඩ රැදෙව්වන් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රට පුරා වෙනත් බන්ධනාගාර වෙත යැවිය යුතුය. එය ප්‍රායෝගිකව සිදු කළ හැකිද? පළමුව කළ යුත්තේ බන්ධනාගාර නිලධාරීන් හා බන්ධනාගාර අද පවතින ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම නොවේද? එලෙසම අදාළ සිදුවීම පිළිබදව සෙවීමට පත්කර ඇති කමිටුවේ ඇත්තේ තුන්දෙනෙකි. ඒ අතරින් ලලිත් අන්ද්රහැන්දි යනු බන්ධනාගාර අමාත්‍යාංශයේම නීති උපදේශකවරයාය. ඔහු හිටපු ප්‍රජා විශෝධන කොමසාරිස්ය. එම තනතුරේ රැදිය නොහැකි තරම් සේවා කාලයක් සිට කැබිනට් මණ්ඩලය සේවා කාලය දීර්ඝ නොකිරීම මත නීති උපදේශක වන්නෙකි. ඒ ඇමතිගේ හිතවත්කම මතය. එවැනි කමිටුවකින් ඇමතිට විරුද්ධව හෝ තමන් හම්බකරන් කන අමාත්‍යාංශයට, බන්ධනාගාරයට අභියෝගයක් වන තීන්දු ගනු ඇත්ද? ඉතින් එය ස්වාධිනද?
බන්ධනාගාර නිලධාරීන්ටද දැනගන්නට ලැබෙන පරිදි මාස තුනක පමණ සිට අතිකාල දීමනා ගෙවා නැත. බටා නොහොත් සේවා අවශ්‍යතා සදහා පිටව යන්නට අවශ්‍ය ගෙවීම් ද කර නැත. සිරකරුවන්ට අනුව අලූත් අවුරුද්දට, නත්තලට මේ නිලධාරීන් පෝලීමේ විත් සිරකරුවන්ගෙන් මුදල් සිගා කන්නේ බන්ධනාගාරයේම ඇති අඩුපාඩු නිසා නොවේද? ඔවුන්ට නිවැරදි ක්‍රමයකට අනුව දීමනා, නිවාස කුලී ලබා දෙනවාද? එවැනි තත්ත්වයක් තුළත් පෝස්ටර් ගැසූ ගමේ කොල්ලන්ට ජේලර් තනතුරු පහසුවෙන් ලබාදුන් විට මෙවැනි දේ කෙසේ නම් වළකන්නද? සිරකරුවොත් මනුෂ්‍යයෝය. ඔවුන්ද සමාජයෙන් ඈත් කළද දඩුවම් දුන්නද මනුෂ්‍යයෝය. මානසික පීඩනයන්ගෙන්, මානසික ඉච්ඡුා භංගත්වයෙන් සිටින ඔවුන්ට මානුෂිකත්වයෙන් සලකන්න නම් එම නිලධාරීන්ද, පාලකයන්ද මනුෂ්‍යයන් විය යුතු නොවේද

,