වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය

    වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය

    තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ
    ([email protected]/[email protected])

    වැලිකඩ බන්ධනාගාරයේ දී 2012 නොවැම්බර් නව වැනි දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (පුනරුත්තාපන) එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහත්වරුන් පසුගිය සතියේ අත්අඩංගුවට ගනු ලැබුවේ රහස් පොලිසිය විසිනි.
    ඒ සිද්ධියෙන් වසර පහමාරකට පමණ පසුවය. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ එම සිදුවීමයි. රහස් පොලිස් පරීක්ෂණ සහ රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළ කරුණු මෙන්ම මේ ගැන සෙවීමට අධිකරණ අමාත්‍යංශයෙන් පත් කළ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සඳහන් කරුණු අනුව ලිපිය සකස්වේ.
    ඒ 2012 වසරයි. දිනය නොවැම්බර් නව වැනි දා ය. වේලාව පස්වරු 1.30ට පමණ ඇත. ගිනි අවි අතැතිව පොලිස් විශේෂ කාර්ය බළකායේ 790 දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූහ. බන්ධනාගාරයේ දොරටු අසල සිටි නිලධාරීන්ගෙන් මුලින් ඔවුනට අවසර නොලැබුණේ ගිනි අවි අතැතිව වෙනත් ආරක්ෂක අංශයකට බන්ධනාගාරය ඇතුළට යෑමට නොහැකි බව කියමිනි. නමුත් ඉහළින් ආ නියෝග අනුව ඇතුළට යෑමේ අවස්ථාව ඔවුනට ලැබිණි.
    විශේෂ කාර්ය බළකා සාමාජිකයෝ බන්ධනාගාර බුද්ධි අංශ සාමාජිකයන් ද සමඟ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ. එක් වාට්ටුවක් පරීක්ෂා කිරීමෙන් පසු ඊළඟට ගියේ චැපැල් වාට්ටුව පරීක්ෂා කිරීම සඳහාය. මරණ දඬුවම නියම වූවෝ මෙන්ම විසි අවුරුදු සිර දඬුවම් ලැබූවෝ ද එහි සිටියහ. හදිසියේ ගිනි අවි රැගෙනවිත් වාට්ටු පරීක්ෂා කරනවාට සිරකරුවෝ විරුද්ධ වූහ.
    බහින්බස් වීම දුර දිග ගොස් එය ගැටුමක් දක්වා වර්ධනය වන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. විශේෂ කාර්ය බළකාය චැපැල් වාට්ටුවට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළේය. ප‍්‍රහාරයත් සමඟ සිරකරුවෝ තවත් කිපුණහ. එම සිදුවීම්වලින් පසු විශේෂ කාර්ය බළකා සාමාජිකයෝ බන්ධනාගාරයෙන් පිටව ගියහ.
    විශේෂ කාර්ය බළකාය යනු පොලිසිය යටතේ ඇති ආයතනයකි. පොලිසියේ අර්ධ මිලිටරි අංශය පොලිස් විශේෂ කාර්ය බළකායයි. විශේෂ කාර්ය බළකාය පිටව ගිය ද ඇති වූ ගැටුම නිම වී තිබුණේ නැත. සිරකරුවන් පිරිසක් බන්ධනාගාරයේ තිබූ ආයුධ ගබඩාවක් කඩා ගිනි අවි කිහිපයක් පැහැරගෙන තිබිණි.
    ත‍්‍රීරෝද රියකින් පිටතට යෑමට සිරකරුවන් පිරිසක් දැරීය. පිටත රැදී සිටි විශේෂ කාර්ය බළකා ප‍්‍රහාරයෙන් ඔවුහු නව දෙනා මිය ගියහ. මේ කළබලය අස්සේ බන්ධනාගාරයෙන් පැන යෑමට තැත් කළ බව කියන තවත් සිරකරුවන් පිරිසක් විශේෂ කාර්ය බළකා වෙඩි ප‍්‍රහාරයෙන් මරුමුවට පත්වූහ. ගැටුමේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ද තුවාල ලැබීය.
    මේ සිදුවීම්වලින් පසු රාත‍්‍රී අටට පමණ ශ්‍රී ලංකා යුද හමුදාවේ 150 දෙනෙක් පමණ බන්ධනාගාරයට ඇතුළු වූහ. ඔවුන් සමඟ යුනිකෝන් රථ දෙකක් ද බන්ධනාගාරය ඇතුළට පැමිණියේය. ත‍්‍රිපුද්ගල කමිටුව හමුවේ ඉතිරිපත් වී ඇති සාක්කි අනුව යුද හමුදාව බන්ධනාගාරය අදාළ පිට්ටනියක ස්ථාන ගතකර ඇත්තේ සවස්වරුවේය.
    කෙසේ වෙතත් රාත‍්‍රී 11ට පමණ ඔවුන්ගේ මෙහෙයුමද අවසන් විය. බන්ධනාගාරය යළිත් සාමකාමී තත්ත්වයට පත්වූ අතර සිරකරුවන් පස් දෙනෙකුගේ සිරුරු බන්ධනාගාරය ඇතුළේ තිබී සොයා ගැණිනි. සිරකරුවන් පිරිසක් දණ ගස්වා යුද හමුදාව ඔවුන් පරීක්ෂා කරමින් සිටියේය.
    බන්ධනාගාරයේ තිබූ කුඩා ආමරියක් කඩා සිරකරුවන් ලබා ගත් බව කියන ගිනි අවි යුද හමුදාව සිය බාරයට ගත් අතර එය යළිත් ආමරිය බාරව සිටි ජේලර්ට නානායක්කාරට ඒවා බාර දුන්නේය. ජේලර් ඒවා භාර ගත්තේ ගිනි අවිවල අංක සටහන් කර ගනිමිනි.
    රහස් පොලිස් පරීක්ෂණවලට සහ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවට අනුව ඊළඟට බන්ධනාරයට ඇතුළු වී ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකි. ඉන් එක් අයෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව බව විමර්ශනවලදී ප‍්‍රකාශ වී තිබේ.
    සාමාන්‍ය ඇඳුමෙන් බන්ධනාගාරය තුළට පැමිණි බව කියන ඔවුන්ගෙන් කෙනකු අත නම් ලැයිස්තුවක් තිබී ඇත.
    ඊට පෙර යුද හමුදාවෙන් දණ ගස්වා සිටි පිරිස සිටින තැනට ගිය මොවුන් අතේ තිබූ කොළේ ඇති නම් අඬගසා ඔවුන් වෙන් කර පැත්තකට කැඳවා ගැණිනි.
    මේ අතුරින් මුලින්ම වෙන් කර රැගෙන ගියා යැයි කියනුයේ මාලන්ය. දෙවැනියට කපිලය. කපිලගෙන් පසු එළඹ ඇත්තේ මංජු ශ්‍රී ගේ වාරයයි. 2012 මාර්තු මාසයේ දී කොට්ටේ රජ මහා විහාරයේ වැඩ වාසය කළ බොරලැස්ගමුවේ ගුණරතන හිමි සහ පිටිගල ජිනසිරි හිමි ඝාතනයට ලක් කළැයි සැකපිට මංජු අත්අඩංගුවට පත්විය. 26 හැවිරිදි හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති , රක්ෂණ සමාගමක නියෝජිතයකු ලෙස කටයුතු කළේය.
    සැකකරුවන් විහාරස්ථානයට ගියේ එහි තිබූ කඩුවක් සොරා ගැනීමට බව පසුව වාර්තා වූ අතර මංජු ළඟ තිබී එවැනි කඩුවක් හමු වූයේ නැත. මෙම සිදුවීම ගැන ඉදිරි දිනකදී අධිකරණය හමුවේ පාපොච්චාරණයක් කිරීමට මංජු බලාගෙන සිටි බව වාර්තා විය. එසේ නම් මංජුගේ නම අඬ ගසා වෙනම රැගෙන ගියේ එම පාපොච්චාරණය නැවැත්වීමට දැයි සැක සහිතය. කටුගෙයි සොරකම සිදුවී තිබුණේ ද මේ අවධියේදීය.
    ඉන් පසු බන්ධනාගාර නිලධාරියකුද පෙරටුකරගෙන ඔවුන්වයි ඕ වාට්ටුවලට ගොස් තිබේ. එම වාට්ටුව ඉබි යතුරු දමා වසා දමා තිබුයෙන් වෙඩි තබා ඉබි යතුරු කැඩූ බව සාක්කිකරුවන් ප‍්‍රකාශ කර ඇත.
    ලැයිස්තුවේ ඇති නම් අනුව ඉන් කිහිප දෙනකු පිටතට ගෙන ඇත්තේ ඉන් පසුවය. මේ ආකාරයට නම් අඬ ගසා එළියට ඇදගෙන ගිය පිරිස අට දෙනෙකි.
    මාලන් හෙවත් කංකානම්ලාගේ මලින්ද නිලේන්ද්‍ර පැල්පොල, නිර්මල අතපත්තු, ගුණ්ඩු මාමා හෙවත් විජය රෝහණ, චින්තාමනී මොහොට්ටිගේ තුෂාර චන්දන හෙවත් කලූ තුෂාර, පොන්න කපිල හෙවත් අන්දුපුලිගේ ජෝතිපාල, මංජු ශ්‍රී හෙවත් හර්ෂ ශ්‍රී මහකීර්ති පෙරේරා, මාලි ප‍්‍රසන්න හෙවත් රයිගමගේ සුසන්ත පෙරේරා සහ කොණ්ඩ අමිල හෙවත් මලලගේ මලිත් සමීර පෙරේරා ඔවුහුය. මේ පිරිස අතරේ සිටින මොහොමඞ් විජය රෝහණට 1997 වසරේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති හැඳුනුම්පත අනුව ඔහු ජනහඬ පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර තිබේ. ඔහුගේ මව ප‍්‍රකාශ කර තිබූ කතාව මෙසේය.
    ‘මගේ පුතා පත්තරේ ඉන්දි පත්තරේ දාපු දෙයක් නිසා ඒ තරහට කුඩු දාලා ඇල්ලූවා. මගේ ගෙදර පිටිපස්සේ කොල්ලෙකුට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් ගහලා මැරුවා. ඒ නඩුව එයාට විරුද්ධව ඔප්පු වෙනවා මගේ සාක්කියෙන්. මම උසාවි ගිහින් දැක්ක සාක්කි දුන්නා. සාක්කිය දීලා ආවට පස්සෙයි මගේ පුතාව මහෙම මරලා දැම්මේ. මගේ සාක්කිය නවත්වන ලෙස මීට පෙර පුතාට තර්ජනය කර තිබුණා.‘
    කොණ්ඩා අමිල ඝාතනය වූ තවත් රැඳවියෙකි. කොණ්ඩා අමිල අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් මත්ද්‍රව්‍ය චෝදනා මතය. ඔහු බන්ධනාගාර ගතව සිටිය දී කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් ගැන වෙනම නඩුවක් ද ගොනු කර තිබී ඇති අතර බන්ධනාගාරයේ අධිකාරී එමිල් රංජන් සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහුගේ මව බී ටී ඩී ජයවීර මහත්මිය එච්ආර්සී/1841/2012 යටතේ මැගසින් බන්ධනාගාර අධිකාරීට විරුද්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණීල්ලක් ද ගොනු කර තිබී ඇත.
    මේ සියලූ දෙනා එක්කෝ ප‍්‍රසිද්ධ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටියෝය. නැතිනම් මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවෝය. එසේත් නැතිනම් බන්ධනාගාරයේ ප‍්‍රධානින් සමඟ ගැටුම් ඇතිකරගත් පුද්ගලයෝය.
    බන්ධනාගාරයේ ගැටුම්කාරී වාතාවරණය යුද හමුදාවේ මැදිහත් වීමෙන් නිමා වූ පසු බන්ධනාගාරයට ගිය තිදෙනාගේ මෙහෙයවීමෙන් නම් කතාකර එළියට ගත් රැඳවියන්ගේ මළ සිරුර තැන තැන වැටී තිබිය දී පසු දින සොයා ගැණිනි. ඒ බොහෝ සිරුරු අසල ගිනි අවි ද තිබිණි. ඒ මැවූ අපරාධ ස්ථානයයි.
    මැවූ අපරාධ ස්ථානය සුණු විසුණු වූයේ මේ පිරිස මරා දමා තිබිය දී රාත‍්‍රී කාලයේ ලබා ගත් ඡායාරූප කිහිපයක් සොයා ගැනීමත් සමඟය. එම ඡායාරූපවල ඔවුන් අසල ගිනි අවි නැත. එසේ නම් එම ගිනි අවි මෙම රැඳවියන් කැරැල්ලේදී මිය ගිය බව පෙන්වීමට පසුව දැමූ ඒවා විය යුතුය. ඒ සැකය වඩාත් තහවුරු කරන සාක්කි රහස් පොලිසිය මෙන්ම විමර්ශන කළ ත‍්‍රිපුද්ගල කමිටුව ද සොයාගෙන තිබිණි.
    යුද හමුදාව සොයා ගත් ගිනි අවි ඇතුළු උපකරණ යුද හමුදා පනාගොඩ යුද හමුදා කඳවුරේ සැරයන් පී බී එස් තෙන්නකෝන් මහතා විසින් බන්ධනාගාර අවි අංශය භාර නිලධාරී ජී එල් ඩබ්ලිව් නානායක්කාර මහතා වෙත භාර දී ඇත. ඒ ලේඛන සහිතවය. නානායක්කාර මහතා ලේඛන ගතව ඒවා ලබා ගැනීමට කටයුතු කළේ සැරයන් තෙන්නකෝන්ගේද එකඟත්වයෙනි. (එම ලේඛනයේ පිටපතක් ඡායාරූපවල ඇත.)
    ටී 58 අවි තුනක්, ටී 56 මාක් 11 අවි 03ක්, ටී 58 මැගසින් 07ක්, ටී 56 මැගසින් 08ක් ඇතුළු ආයුධ එලෙස නියමාකාරයට බාර දී බොහෝ වේලාවකට පසුව එවකට මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා පැමිණ යුද හමුදාවෙන් බාර දුන් ගිනිඅවිවලින් කිහිපයක් ඉල්ලා තිබේ. ගිනි අවි භාර නිලධාරියා ඒවා දීමට අදිමදි කරද්දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස එවකට කටයුතු කළ කොඩිප්පිලි මහතා එම ගිනි අවි ලබා දෙන ලෙස දැනුම් දී ඇතැයි ත‍්‍රිපුද්ගල කමිටුවට මෙන්ම රහස් පොලිසියට ද සාක්කි ලැබී තිබේ. ඒ අනුව අවි භාර නිලධාරියා එම ගිනි අවි ලබා දී ඇත්තේ ඒවායේ අංක සටහන් කර ගැනීමෙන් පසුවය.
    පසුදින දහවල් වන විට මරා දමා තිබූ රැඳවියන් අසල තිබී ඇත්තේ එම ගිනි අවිය. ඒ අනුව රහස් පොලිසිය මෙන්ම ත‍්‍රිපුද්ගල කමිටුවද සැක හැර දැනගෙන තිබුණේ මෙම රැඳවියන් පිරිස මරා දැමීමෙන් පසු කැරැල්ලේ දී මැරුණු බව පෙන්වීමට සිද්ධියෙන් බොහෝ වේලාවකට පසු ඔවුන් අසලට ගිනි අවි ගෙනැවිත් දමා ඇති බවයි.
    සිද්ධිය සම්බන්ධයෙන් ත‍්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ අනුව පොලිස්පතිවරයා විසින් පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලදුව විමර්ශන ආරම්භ විය. විමර්ශනයේ දී විශාල පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත්හ. වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම් ධාමයෙන් පසු බන්ධනාගාරයට ඇතුළට ගොස් තෝරාගත් සිරකරුවන් අට දෙනකු මරා දැමීමේ චෝදනාවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ නිල නිවසේ සිටියදීය. ඒ පසුගිය 28 වැනි දා ය.
    රංගජීව මෙන්ම එවකට මැගසින් බන්ධනාගාර අධිකාරී ලෙස සේවය කළ එමිල් රංජන් ළමා හේවා මහතා අත්අඩංගුවට ගන්නේ බන්ධනාගාර නිල නිවස්නයේ සිටියදීය. අත්අඩංගුවට පත් වන විට එමිල් රංජන් මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයකු (පුනරුත්තාපන) දේවය කරමින් සිටියේය.
    මේ දෙදෙනාම රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් පසු තමන්ට අසනීප බව පැවසූයෙන් ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට රහස් පොලිසිය පියවර ගත්තේය. පසුව මහේස්ත‍්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ගිය මහේස්ත‍්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය. පොලිස් අධිකාරී නුවන් අසංක, පොලිස් පරීක්ෂක සාගල කරසිංහ, කාන්තා උප පොලිස් පරීක්ෂිකා අචලා, පොලිස් සැරයන් නන්දපාල යන නිලධාරීහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියහ.
    බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරයේ එවකට සේවය කළ ඉහළම නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ පවත්වයි. කෙසේ වෙතත් මේ වන විට ඔහු විදේශ ගත වී සිටින බවට ද තොරතුරු ඇතැයි පොලිස් ආරංචි කියයි.
    ආරක්ෂක අංශයක් භාරයේ සිටින පිරිස් මිය යෑම රජයේ වගකීමක් ලෙස සැලකේ. සිරකරුවන්ද මනුෂ්‍යයෝය යන්න බන්ධනාගාරයේ තාප්පවල සටහන් කළාට වැඩක් නැත. ඔය සිරකරුවන් අතර පොලිසියෙන් බොරුවට අත්අඩංගුවට ගත්තෝ ඕනෑ තරම් සිටිය හැකිය.
    ඩීඑන්ඒ නොතිබුණේ නම් ඇතැම් විට කොටදෙනියාවේ පාසල් සිසුවා සේයා දැරිය ඝාතනය සම්බන්ධයෙන් සිරබත් කමින් සිටින්නට පිළිවෙන. ඩීඑන්ඒ නොතිබුණේ නම් අම්මා මැරී යැයි අත්අඩංගුවට ගත් කහවත්තේ සිසුවාට ද සිරබත් කන්නට සිදු වන්නේය.
    කහවත්තේ පාසල් සිසුවාට නිදහස් වූයේ වසරක් පමණ බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවකු ලෙස සිටීමෙන් පසුවය. එසේ නම් මරා දැමූවන් අතර මෙවැනි බොරු චෝදනාවන්ට අත්අඩංගුවට ගත්තවුන් නැතැයි කෙසේ කියම්ද? සිරකරුවන් ඝාතනයෙන් ලංකාවට වූ අපකීර්තිය වෙනුවෙන් සිද්ධිය නිර්මාණය කළවුන් පෙනී නොසිටිනු ඇත.
    image_0f5a74305a.jpg

    image_fee2a00b12.jpg

    image_d09be28e71.jpg

    image_ca23cc2fba.jpg

    image_f7e664ecba.jpg

    image_370708210c.jpg


     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ලංකාදීපේ මමත් කියෙවුව
    අපරාධකාරයෝ තමයි මැරුවේ
    මොනවා උනත් මිනිස්සු නෙ බන්

    ow ne ban , ube kata hari wedi tiyanakan un manussyeo , balapan me dan yana kudu udda nisa ahiska minissu keeyak marunada kiyala , waraddak noraka athulata damma nam waradi tama , et oke inna godak un waradikarayo ban ,
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    waradi ekak nokarapu kenek marunananm thamai waradi...but othana nikan hitapu ewun nane ban..ekek hari marapu ekeknam marapu eka sadaranai..un thwa tika kaalayak idala apa pita eliyata awama thawath maranawa minissu..eelagata ubalage amma thaththa akka ayya wenna puluwan target eka....nikan hithapalla pathale ekek eka minihek marala hire gihin awith nikan idida kiyala..un athule iddith minissu marawanawa..