වැවක ප‍්‍රධාන අංග

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    වැවක ප‍්‍රධාන අංග

    වැව් බැම්ම වැවක් තුළ ජලය රඳවා තබාගන්නේ වැව් බැම්ම මගින්. වැවක් සෑදීමේදී ලබාගන්නා පස්වලින් වැව් බැම්ම ගොඩනංවනු ලබයි. වැව පතුලේ සිට පළල්ව පටන් ගෙන ඉහළට එන විට ක‍්‍රමයෙන් පළලින් අඩුවන ආකාරයට මෙය ඉදිකරයි. වැව් බැම්ම සකස් කිරීමේදී ඒ තුළ කුහර ඇති නොවීමට වාරි ශිල්පීන් කටයුතු කර ඇත. ඒවා තුළින් ජලය කාන්දු වීම එයට හේතුවයි. එහෙයින් වැව් බැම්ම මනාව ශක්තිමත් වීමට අලි ඇතුන් ලවා පාගවා සවිමත් කරනු ලැබීය. රළ පහර අධික තැන්වල වැව් බැම්මට කිරිමැටි යොදා සකස් කර තිබිණි.

    Untitled.png
    Untitled2.png

    වැව් තාවුල්ලවැව් බැම්ම නොමැතිව, ක‍්‍රමයෙන් උසින් වැඩිවන ප‍්‍රදේශය වැව් තාවුල්ලයි. මෙය ස්වභාවික පොළොවයි. මුහුදේ වෙරළ මෙන් වැවට අයත් වෙරළ ලෙස වැව් තාවුල්ල හැඳින්විය හැකිය. මෙහි ප‍්‍රධාන කාර්යය වන්නේ, ගොඩබිම සිට පැමිණෙන කුණු රොඩු වැවට පැමිණීම වැළැක්වීමයි.

    රැළපනාව විශාල වැව්වල ඇතිවන දිය රැළි මගින් වැව් බැම්මට සිදුවන හානිය අවම කර ගැනීමට යොදා ඇති උපක‍්‍රමය රැළපනාව යනුවෙන් හඳුන්වයි. මේ සඳහා වැව් පතුලේ සිට ඉහළට කළුගල් ඇතිරීම හෝ පඩි දැමීම සිදුකරයි.

    දෙණිකඩ මෙය වැව් තාවුල්ල තුළම ඇති කොටසකි. වැවෙන් ගොඩබිම දෙසට නෙරා තිබෙන, දෙපැත්තෙන් ජලය, ගලායන මඳක් පහත්වූ බිම් ප‍්‍රදේශයකි. ගවයන් වැනි සතුන් වැඩිපුර ගැවසෙන මෙහි විවිධ පලා සහ ඖෂධ වර්ගද දැකගත හැකියි.

    වාන වැවකට දරා සිටිය හැකි ජල ධාරිතාවට වඩා වැඩි ප‍්‍රමාණයක් ජලය එකතු වුවහොත් එම වැඩි ජලය පිටකිරීම සඳහා ඉදිකර ඇති ස්ථානය වාන යනුවෙන් හඳුන්වයි. වැවක වාන් දමන ජලය ආරක්ෂිතව තවත් ප‍්‍රදේශයකට ගෙන යාමට වානට පහළින් ඇළක් ඉදිකර ඇත.
    පෝටා වැටිය කුඩා වැව්වල මෙය දැකගත නොහැකිය. විශාල වැව්වල පමණක් පිහිටා තිබෙන මෙය කුල්ලක හැඩයෙන් යුක්තය. වැවට ජලය ගලා ඒමේදී ජලය සමග එන කුණු රොඩු හා මඩ වැවට ඒම වැළැක්වීම මෙයින් සිදුකෙරෙයි.

    සොරොව්ව වැවක ජලය පිටකරන ස්ථානය සොරොව්වයි. සමහර විට වැවක සොරොව් කීපයක්ම තිබෙන අවස්ථාද දැකගත හැකියි. දිය සොරොව්ව සහ මඩ සොරොව්ව යනුවෙන් ප‍්‍රධාන සොරොව් වර්ග 2 ක් ඇත. වැව් බැම්ම මත සිටගත් පුද්ගලයෙකුට ජලය ගලාබසින ශබ්දය හැර ජලය පිටවන ස්ථානයක් දැකගත නොහැකිවීම යන අර්ථයෙන් එය සොරොව්ව යනුවෙන් නම් කර ඇත.

    මඩ සොරොව්ව වැවේ ජල මට්ටම අඩු කාලවලදී ජලය ලබාගැනීමට යොදා ගන්නා මඩ සොරොව්ව වැවේ පතුළට ඉතා ආසන්නයේ පිහිටා ඇත. වැවක් අලුත්වැඩියා කිරීමේදී රොන්මඩ හා ජලය ඉවත් කිරීමත් මඩ සොරොව්වෙන් සිදුකෙරෙන තවත් කාර්යයක්.

    දිය සොරොව්වවැවට පහළින් ඇති කුඹුරු යායට ජලය නිකුත් කරන සොරොව්වයි. මෙය වැව් ජලය ගෙනයන ප‍්‍රධාන ඇළ මාර්ගයට සම්බන්ධ වී පවතී.

    වැව් පතුලකිරිමැටි යොදා තද කිරීමෙන් වැවක පතුල නිමවා ඇත. වැව් පතුලෙන් යටට ජලයට කාන්දුවීම වැලැක්වීම එහි අරමුණයි. වැවෙන් ජලය පිටතට ගෙනයන ඇළ මාර්ග පිහිටා ඇත්තේ වැව් පතුලට මඳක් ඉහළින් වැවක ජලය ඉවත් කිරීමේදී වැවේ තිබෙන ජලය සියල්ල පිටතට නොයාමට ඇළ මාර්ග එසේ ඉදිකර ඇත. අධික උෂ්ණත්වයෙන් වැව් පතුල ආරක්ෂා කර ගැනීමත් එහි එක අරමුණක්.

    දියකැට පහණ මෙය බිසෝකොටුව තුළ පිහිටා ඇති, වැවෙන් මුදාහරිනු ලබන ජලය ප‍්‍රමාණය මැන ගැනීමට යොදා ගන්නා උපකරණයක්. සිලින්ඩරාකාර ගල් කණුවක් වන මෙය ටිකින් ටික ඉහළට ඔසවන විට පිටවන ජලය ප‍්‍රමාණය වැඩිවේ. දියකැට පහණ ජල “මාණය” ලෙස ද හැඳින්වෙයි.

    තිස් බඹේ විශාල වැව්වල දිය සොරොව්ව සහ මඩ සොරොව්ව අතර පිහිටි තිස් බඹයක ප‍්‍රමාණයෙන් යුතු වතුර වළක් තිස් බඹේ යනුවෙන් හඳුන්වන බව පැරණි ගැමි මතයයි. වැව් ජලයේ කිවුල් ගතිය අඩු කිරීමට එය යොදාගත් බව ඔවුන්ගේ විශ්වාසයයි. එහෙත් නුවර ප‍්‍රදේශයේ ගැමියන්ගේ මතය වන්නේ රැස්වීමට සහ කී‍්‍රඩා කිරීමට යායේම පැත්තකින් වැව අසළ පිහිටි නිදහස් පිට්ටනියක් වැනි බිම්කඩක් තිස්බඹේ යනුවෙන් හඳුන්වන බවයි.

    බිසෝකොටුව පුරාණ ලංකාවේ වැව්වල රැස්කරගත් ජලය පාලනයකින් යුක්තව මුදාහැරීමට සොරොව් වර්ග තුනක් යොදාගෙන තිබෙන බව පුරාවිද්‍යාත්මක සාහිත්‍ය සහ ශිලාලිපි වලින් සාධක හමුවෙයි. බිසෝ කොටු සොරොව්ව, රජ්මොහොල් සොරොව්ව සහ කැට සොරොව්ව යනුවෙන් හැඳින්වූ එම තුන් වර්ගයෙන් බිසෝකොටුව අපේ රටේ වාරිකර්මාන්තයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස හැඳින්විය හැකිය. වැව්කණ්ඩියට ඇතුළතින් වැව දෙසට වන්නට හතරැස් හෝ ආයත චතුරාශ‍්‍රාකාරව ළිඳක ස්වරූපයෙන් මෙය ඉදිකර තිබුණු බැවින් එයට සොරොව් ළිඳ යනුවෙන්ද ව්‍යවහාර කෙරෙයි. වැවේ ජලය පාලනයකට ලක්කර බාහිර ඇළ මාර්ග වෙත මුදාහැරීම මේවා ඉදිකිරීමේ අරමුණ විය.
    --------------------------------------------------------------
    විජයාවතරණයට පෙර සිට ලංකාවේ පැවත එන වැව් සහ වාරි මාර්ග පිලිබද විස්තරය සහ එහි ශිල්පීය අංශය ගැන විමසුමක්
    [FONT=&quot]විජයාවතරණයට පෙර සිට ලංකාවේ වැව[/FONT][FONT=&quot]හල්දුම්මුල්ල සිට බලන කල්හි දැකගත හැකි සපරගමු බිම්තැන්නට ඉහලින් පිහිටි කවුක්ගිරිය නම් අහස් වැවක් සහ එයින් පෝෂණය වු ගම් වැව් දැනට හඳුනාගෙන තිබේ.මෙහි තාක්ෂණය නම් ගැබ්බරවු වලාකුල් වලින් ජලය ආකර්ශනය කොට අහස් වැවට පාත් කර ගැනීමයි. ඉන් පසුව ගම් වැව දක්වා දිය කදුරු මගින් ජලය නිකුත් කෙරේ.[/FONT] [FONT=&quot]
    ගම් වැවක වාරි නිරමිත
    [/FONT]

    [FONT=&quot]වෑ කන්ද[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සොරොව්ව[/FONT][FONT=&quot] (ගොඩ සොරොව්ව හා මඩ සොරොව්ව)[/FONT]
    පිටවාන
    ගස් වැටි නොහොත් පෝටා වැටි
    තාවල්ල සහ ගිල්ම
    රළපනාව
    වැවක ඉහත්තාව
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]කොට සොරොව්ව[/FONT]
    [FONT=&quot]මැටි නළ වැව් අඩියේ සිට ඉහලට ඔසවා එකිනෙක මත තබා සකස් වෙයි[/FONT]
    [FONT=&quot]. වෑ කන්ද හරහා යන මැටි නලය කුඩහ ලෙසින් හැදින්වෙයි. වැවක ජලය නිකුත් කරන කල්හි එක් වරකට එක් නලයක් බැගින් ඉවත් කරයි. එය එක වතුර මුරයකි. එලෙස වතුර මුර උපරිම වශයෙන් හතරක් පමණ නිකුත් කරයි. මෙහිදි කෙතට පිට වන්නේ වැව මතුපිට පවතින පිරිසිදු ජලය පමණකි. වැවක ඉතිරි වන ජලය බීමට නෑමට සහ සතුන්ට ඉතිරි කර තබයි.
    [/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]කුඩහ[/FONT][FONT=&quot] (මැටි නළය)

    [/FONT]
    [/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]
    Untitled4.png

    [/FONT]
    [/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]බිසෝ කොටුව
    [/FONT]
    [/FONT]
    [/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]
    Untitled6.png
    [/FONT]
    [/FONT]
    [/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]බිසෝ කොටුවත් තරමක් විශාල සොරොව්වකි. එහෙත් එය ක්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරයකටයි. මහ වැව් උදෙසා බිසෝ කොටු නිර්මාණය ව ඇති අතර වැවේ ජල කදේ බර සැලකිල්ලට ගෙන වතුර පිට කිරීම පාලනය කිරීම එහි අරමුණයි. මාදුරු ඔය පැරණි බිසෝ කොටුව මෙහිදි සැලකිල්ලට ගත හැකිය.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]

    [/FONT][/FONT]
    [/FONT]
    [/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]වාරි මාර්ග සහ වැව් පිලිබද ඓතිහාසික විකාශනය[/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot]පණ්ඩුකාභය රජ දවස - (කි.පු. පස්වන සියවස) ඓතිහාසික දොර මඩලාව සමග බැඳීම, අභය වැව කරවීම (බසවක් කුලම)
    [/FONT]
    Untitled7.png
    [FONT=&quot]
    පළමුවන සියවස -[/FONT]

    [FONT=&quot]ඉළනාග රජ - තිස්සවාපී (තිසාවැව) සහ දූරවාපී සෑදීම[/FONT]
    [FONT=&quot]වසභ රජු - මයන්ති (විලච්චිය වැව) මහා නික්ක වට්ටි (මානන් කැටිය) කාලී වාපී, වාථමංගණ (නොච්චි පොතාන) අග්ගිවඩ්ඩමානක (අක්වඩන්නා - හබරණ හිරි වඩන්නා) මහවාපී නොච්චියාගම අසල[/FONT]
    [FONT=&quot]තෙවන සියවස-[/FONT]
    [FONT=&quot]මහසෙන් රජ - මින්නේරිය හුරුලු වැව මහකනදරාව මාමිණීයා වැව කිඹුල් වාන මහ රත්මල් වැව, රන්තිසා වැව (කවඩුල්ල) මාගල්ලේ වැව, මහගල්කඩවල වැව, කාලවාණ වැව

    [/FONT] [FONT=&quot]පිටවාන (අංගමුව වැව)[/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]
    Untitled8.png
    [/FONT]
    [/FONT]

    [/FONT]

    [FONT=&quot][FONT=&quot]සතරවන සියවස -[/FONT] [/FONT] [FONT=&quot]පළමුවන උපතිස්ස - රාජප්පුල, වලාහස්ස, අම්බුටී, තෝපා වැව, පොක්ඛර පාසාය, ගොණ්ඩිගාමය[/FONT]
    [FONT=&quot]ධාතුසේන - වැව් දහඅටකි. - මහාදත්තවාපී, පාණගම් වැව මානා මාතු වැව (යෝධ වැව) සංගමු වැව (මැද්දකැටිය වැව) මාඑළිය වැව[/FONT]
    [FONT=&quot]පළමුවන අග්ගබෝධි - සිරිවඩ්ඩමානකවාපී කුරුන්ද වාපී (තන්නිමුරුප්පුකුලම - මුලතිව්) මාමඩුවා වැව (වව්නියා) මිනිපේ ඇළ[/FONT]
    [FONT=&quot]මහා පරාක්‍රමබාහු - පරාක්‍රම සමුද්‍රය, පදවිය විශාල කිරීම[/FONT]
    [FONT=&quot]වාරි මාර්ග තැනවීම[/FONT]
    [FONT=&quot]ජනගහනය වැඩිවීමත් වගාකළ හැකි භූමිය පුළුල් වීමත් නිසා මහා වාරි ව්‍යාපාර බිහිකිරීමට රජවරුනට සිදු විය. මහසෙන් රජු විසින් මෙම වාරි ව්‍යාපාර දියුණු කිරීම ආරම්භ කරනලදි. ලංකාවේ මධ්‍යම කදුකරයෙන් ආරම්භව තැනිතලාව හරහා ගලන මහවැලි ගඟ අඹන් ගඟ,මල්වතු ඔය. දැදුරු ඔය, කිරිදි ඔය, මොර ඔය හරස් කර අමුණූ බඳවා හිර වන ජලය මහා වැව් කරා ගෙන යෑමට සලස්වන ලදි. එසේම මහා වැව් වල ජලය යෝධ ඇළවල් ඔස්සේ සැතපුම් ගනන් ගෙන ගොස් රජරට මෙන්ම වන්නි පළාත්ද සාරවත් කරන ලදි.[/FONT]
    [FONT=&quot]ගන්තලාව යෝධ ඇළ[/FONT]

    [FONT=&quot]
    Untitled11.png


    [/FONT]

    [FONT=&quot]සැතපුම් හතරහමාරක් දිග යෝධ වැවේ බැම්ම නිසා පැතිර යන ජල ධාරිතාවය වර්ග සැතපුම් 38ක් බව පැවසේ.එම නිසා අක්කර අඩි 26600 ක් එහි රඳා පවත්වා ගත හැකිය. මේ නිසා අක්කර 14000ක පමණ කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දීමට ලක් කර ඇත. මේ ප්‍රදේශය ලංකාවේ සහල් බඳුන යයි නම් දරා තිබෙන්නේ මේ වැවේ විශිෂ්ඨත්වය නිසාය. මේ වැවට ජලය ගෙන එන ප්‍රධාන ඇළ මාර්ගය සැතපුම් 24ක් දිගය. තේක්කමදී මල් වතු ඔය හරස් කිරීමෙන් පසුව එයට පහලින් අමුණක් මගින් ජලය පාලනය කරයි. තේක්කම අමුණ සැදීමට විශාල ගල් කුට්ටි රාශියක් යොදවා ගෙන ඇත. මේවා කපා සම මට්ටම් කිරීමට විශාල ශ්‍රමයක් එකල යොදවා ගන්නට ඇතැයි සිතිය හැකිය. අඩි 12ක් උස මේ බැම්ම අඩි 640ක් දිගැතිය. අඩි 90ක් පළලය. ගල්බැම්මේ විශාල දොරටු 3ක් ඇත. මල්වතු ඔය දිගේ ගලා එන විශාල ජල කඳ මේ නැම්මේද හරස් වී වයඹ දෙසට ඉහලට ගමන් කිරීම අරඹයි. දොරටු තනවා ඇත්තේ පීඩනය තදින්ම දැනෙන ස්ථානයට උතුරු දෙසින්ය. වැඩි පුර ජලය වෙත් නම් අමුණෙන් පහලට වැටී නැවත මල් වතු ඔයටම එකතු වෙයි. මෙම ශිල්පය පුරාණ යක්ෂ ගෝත්‍රිකයන්ගේ අමුණු බැඳවීමේ ශිල්පය වෙයි. වර්ෂය පුරාම මෙහි ගලන ජලය නිසා යෝධ වැවට ජලය හිඟ වන්නේ නැත. [/FONT]
    [FONT=&quot]මන්නාරම් පළාත සාමාන්‍යයෙන් සූක්ෂ පරිසරයක පිහිටා ඇත. එහි වර්ෂාපතනයද අඩුය. එබැවින් කුඩා වැව් වලින් ලැබිය හැකි පළ ප්‍රයෝජනය මද බව පෙනේ. මේ නිසා මන්ගුණු වැව නොහොත් ධාතු සේන රජු විසින් විශාල කරවා හැදවු මානාමාතුක වැව නොහොත් වත්මන් යෝධ වැව මේ ගැටළුවට සාර්ථක පිළිතුරක් දෙන්නක් බවට පත් විය. මේ යෝධ වැවට ජලය ගෙන යන මාර්ගය ආරම්භ වන්නේ මල්වත් ඔයේ නැම්මකිනි. දැනට තේක්කම නම් ස්ථානයේ මේ අමුණ බඳවා ඇත. මෙම තේක්කම නම් නාමය යොදා ගෙන ඇත්තේ ධාතු සේන රජ නොවේ. දෙවන උදය රජතුමා බව සඳහන් කළ යුතුය. එයට හේතුව ඔහු විජය රාජ වංශයේ ටිකා ග්‍රෝත්‍රයට අයත් වීමයි. එහි සැබෑ නාමය ටික්කම විය යුතුය. පැරණි අමුණට මදක් පහළින් තවත් අමුණක් බඳවා වම් පාර්ශවයට සැතපුම් දාහතරක තවත් ඇලක් නිර්මාණය කරමින් මල්වතු ඔයට පහළින් අකාති මුරුප්පු නමින් වර්තමානයේ හඳුන්වන වැවට ජලය ගෙන ගිය බවට ඉතිහාසයේ සදහන්ව ඇත.[/FONT]
    [FONT=&quot]මේ නිසා අතීතයේදී මේ පෙදෙස තුල විශාල සිංහල ජනගහනයක් වාසය කළ බවට සාක්ෂි ඇත. ඔවුහු යෝධ ඇළට ජලය ගෙන එන ඇළට පහළින් විශාල කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දුහ. එසේම විශාල වැව් ප්‍රමාණයක් පෝෂණය කිරීමටද මේ ජලය යොදා ගත්හ.[/FONT]

    [FONT=&quot]
    (මතුගම සෙනෙවිරුවන් මහතාගේ දේශනයක් ඇසුරින්[/FONT][FONT=&quot],විද්‍යා හා තාක්ෂණ නිලධාරී -මතුගම, පල කල ලිපිකින් කොටසක්ද මෙයට ඇතුලත් කරන ලදී.ය)[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    බොහෝ දෙනකුගේ ඉල්ලීම පිට තව කරුණු එකතු කරන ලදී. rep දුන්නාට බොහොම ස්තුතියි
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    බොහෝ දෙනකුගේ ඉල්ලීම පිට තව කරුණු එකතු කරන ලදී. rep දුන්නාට බොහොම ස්තුතියි

    ඔය තියෙන්නේ මචන් බඩු..
    සුපිරි..
    ෆොටෝ center උනා නම් තවත් මරු..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොලේ මෙච්චර වටින ත්‍රෙඩ් එකක් මග ඇරුනේ කොහොමෙයි මට??? :(
    රෙප්+ (20ද 21 ද කියල මතක නෑ බං)