වැ....ඩ..ක් නෑ... බං..............

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැ....ඩ..ක් නෑ... බං..............


    දිනක් චීන ජාතිකයෙක් කොළඔ ප්‍රදේශයේ අතරමංව චීන එම්බසිය සොයා ගැනීමට නොහැකිව ඉබාගාතේ ඇවිදිමින් සිටියේය ....එවිට හදිසියේම අසල මුරපොළක සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකු දුටු ඔහුට ඉමහත් ප්‍රිතියක් ඇතිවිය ....වහාම ඔවුන් දෙදෙනා අසලට දුවගිය ඔහු ඉංග්‍රීසි බසින් චීන එම්බසිය විමසා සිටියේය... අවසනාවකට පොළිස් නිළධාරීන් දෙදෙනා හට ඉංග්‍රීසි බස පිළිබඳ කිසිම දැනුමක් නොවීය ....නමුත් අධෛර්යට පත් නොවු චීන ජාතිකයා ජර්මන්, ප්‍රංශ, රුසියන් හා අරාබි යන භෂාවන් වලින් ද චීන එම්බසිය කොහිදැයි අසා සිටි නමුත් ඉංග්‍රීසිවත් නොදැනසිටි දෙදෙනාගේ අනිත් භාෂා පිලිබඳ දැනුම ගැන කවර කතාද....අනතුරුව කුඩා පොත් පිංචක් එලියට ගත් චීන ජාතිකයා දෙමළ හා පාලි භාෂාවන් ගැට ගසමින් යලිත් විමසා සිටියේය.....

    කිසිම ඵල ප්‍රයෝජනයක් නොලැබූ වෙහෙසට පත් චීන ජාතිකයා ඉවතට යන්න ගියේය...

    ඔහු නොපෙනී ගිය පසු එක පොලිස් නිළධාරියෙකු අනෙකා ඇමතුවෙය.....

    මෙහෙම ඉඳලා හරි යන්නෙ නැ බං ...අපිත් ඔය මොන මොනා හරි භාෂාවන් ටිකක් ඉගෙන ගන්න ඔනේ දැක්කද ....අර චීනා ....පුහ් ...කීයක් බාසා කියෙවිවද....


    වැඩක් නෑ බං....

    ඇයි වැඩක් නැත්තේ.....?

    බලපං ......අර චීනා බාසාවන් කීයක් තෙපර බෑවද.....

    ඉතිං......

    කො ....ඉතිං... කිසිම ප්‍රයෝජනයක් වුනාද ..නෑ....නේ......... වැ..ඩ..ක් නෑ ........!


    :lol::lol::lol::lol:

     
    Last edited: