වෑන්රියේ බුදු පිළිමය ගෙනගිය වරදට පෙට්‍රල් ලීටරයක දඩයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වෑන් රථයක ඉදිරිපස බුදු පිළිමයක් තබා තිබීම වරදක් බව පෙන්වා රියැදුරු බලපත්‍රය ගෙන දඩ කොළයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීමට මාවතගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු පෙට්‍රල් ලීටරයක් ඉල්ලා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.මෙම සිද්ධියට මුහුණ පෑ බව කියන පුද්ගලයා ඔහුගේ නමද සඳහන් කර සිද්ධිය සමාජ මාධ්‍යට මුදා හැර ඇත.

    මෙම පුද්ගලයා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියකු බැලීමට මහනුවර ප්‍රදේශයේ සිට සිය දරුවන්ද සමඟ ගොස් ආපසු එමින් සිටියදී මෙම පොලිස් මාර්ග බාධකයේ නිලධාරීන් වාහනය නතර කළ බව ඔහු සමාජ මාධ්‍ය පළ කළ ඇති තොරතුරුවල සඳහන් කර තිබේ.මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු වෑන් රථයේ ඉදිරිපස බුදු පිළිමයක් තබා ගෙන යෑම වරදක් බව කියා තමාගේ රියැදුරු බලපත්‍රය ගෙන දඩ කොළයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීමට සහ රියැදුරු බලපත්‍රය නැවත දීමට පෙට්‍රල් ලීටරයක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද ඔහු සමාජ මාධ්‍යයේ පළ කර ඇති තොරතුරුවල සඳහන් කර ඇත.

    තමන් පදවාගෙන ආ රථයෙන් පෙට්‍රල් ලීටරයක් ගෙන එම නිලධාරියාට දුන් පසු ඔහු එම පෙට්‍රල් මාර්ගබාධකය අසල නතර කර තිබූ යතුරුපැදියකට දමා ගන්නා අයුරු ද දුටු බවත් ඔහුගේ එම ක්‍රියාව මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි සෙසු නිලධාරීන් ද දුටු බවත් එම තොරතුරුවල සඳහන් කර තිබේ.

    තමන් මේ බව මාවතගම පොලිසියේ නිලධාරියකුට දුරකතනයෙන් කතා කර දැනුම් දුන් බව සඳහන් කර ඇති ඔහු මෙය ඉහළ පොලිස් නිලධාරියකුගේ නෙත ගැටී සොයා බැලීමක් කරන ලෙසද ඉල්ලීමක් කර ඇත. මෙය පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියක් ගෙන දෙන සිදුවීමක් බවද ඔහු එහි සඳහන් කර තිබේ.

    මේ අතර සමාජ මාධ්‍යයේ පළ වී ඇති මෙම තොරතුර තමාද දුටු බවත් මෙහි ඇති සත්‍ය අසත්‍යතාව ගැන වහා සොයා බලා වාර්තාවක් සපයන ලෙස කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාට උපදෙස් දුන් බව වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගෙන් කළ විමසුමකදී පැවසීය.මෙහි සත්‍යතාවක් තිබෙන බව හෙළිවුවහොත් එම නිලධාරියාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඕනවට වඩා පැහෙනවා ලංකාවේ උන් . ඔච්චර උදව්වක් කරාම . දේවදත්ත එලවනකොට මොන බුදුපිලිම තිබ්බත් වැඩක් නෑනේ
     
    • Haha
    Reactions: SLK_sri

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    පෙට්‍රල් අල්ලස් විදියට ගනිපු එක වැරදයි

    ඒ වගේම බුදුපිලිමෙ තියං ගියපු එකත් වැරදියි. ඔය වගේ එකක් එයාබෑග් එක උඩ තිබිලා, එයාබෑග් එක ඩිප්ලෝයි කරොත් බුදු පිලිමෙ මොලේ ඇතුලෙ නවතින්නෙ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    පෙට්‍රල් අල්ලස් විදියට ගනිපු එක වැරදයි

    ඒ වගේම බුදුපිලිමෙ තියං ගියපු එකත් වැරදියි. ඔය වගේ එකක් එයාබෑග් එක උඩ තිබිලා, එයාබෑග් එක ඩිප්ලෝයි කරොත් බුදු පිලිමෙ මොලේ ඇතුලෙ නවතින්නෙ
    Budu pilima witarak newe eth dala joduwai pilimayai okkoma tiyenne 😂
     
    • Love
    Reactions: NEMISIS

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    "බුදුපිලිමෙ" කියලා හයිලයිට් කරලා තියෙන්නෙ සිංහලුන්ගෙ ඉමොශනල් කෑල්ලට.

    ඕකට දඩයක් තියෙනවා නෙහ්
    ඉශ්ට රූප මොකක්ද එකක්,

    ඉස්සරහා ස්ක්‍රින්/ඩැශ්බෝර්ඩ් එක පුරාවට අටමගල් තියන් යන එකට දඩ දෙන්න ඕනෙ තමයි,

    එකෙක් අල්ලස් දීලා, අනිත් එකා අල්ලස් අරන්
    බුදුපිලිමේ දාලා, හෑල්ල ලිව්වම අල්ලස් දීපු එකා බේරෙයි කියලා හිතෙ ඇත්තේ... :rofl: 🙏
     

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    ඔය වගේ එකක් එයාබෑග් එක උඩ තිබිලා, එයාබෑග් එක ඩිප්ලෝයි කරොත් බුදු පිලිමෙ මොලේ ඇතුලෙ නවතින්නෙ
    පෙට්‍රල් ලීටරේ අල්ලස් විදිහට ගන්න මනුස්සයෙක්ගෙන් ඔච්චර සබුද්දික පුරෝකතනයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ
     
    • Like
    Reactions: banda065

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Budu pilima witarak newe eth dala joduwai pilimayai okkoma tiyenne 😂
    උඹට කියන්න මේ ලඟදි වයිපරේට කාර් එකක් අරගෙන දුන්නා
    ඒකෙ බුදුපිලිමෙකුයි ඇත් දල දෙකයි තිබුනා කියපන්කෝ. හවසට ෆොටෝ එකක් දාන්නං. ඒක දැක්කම මට බය හිතුනා එයා බෑග් එක ඩිප්ලෝයි උනේ නැතත්, බ්‍රේක් පාරකට විසිවෙලා ගිහින් ඇත් දලයක් ඇහක ඇනුනොත් කියලා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    උඹට කියන්න මේ ලඟදි වයපරේට කාර් එකක් අරගෙන දුන්නා
    ඒකෙ බුදුපිලිමෙකුයි ඇත් දල දෙකයි තිබුනා කියපන්කෝ. හවසට ෆොටෝ එකක් දාන්නං. ඒක දැක්කම මට බය හිතුනා එයා බෑග් එක ඩිප්ලෝයි උනේ නැතත්, බ්‍රේක් පාරකට විසිවෙලා ගිහින් ඇත් දලයක් ඇහක ඇනුනොත් කියලා
    Man dekka fb eke dashboard eka uda badu organize karala tiyanna matt wagayak sell karanawa. 😂 ath dala joduwa nahayen gihin oluwen mathuwei ane manda munta pissu.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Man dekka fb eke dashboard eka uda badu organize karala tiyanna matt wagayak sell karanawa. 😂 ath dala joduwa nahayen gihin oluwen mathuwei ane manda munta pissu.
    සිංහලු හැම දේම රැල්ලට කරන්නෙ

    දැං ඔහොම එකක් ඇනිලා තියන ෆොටෝ එකක් වගේ හොයාගෙන, හෑල්ලකුත් ලියලා FB දැම්මනං සිංහලු රැල්ලට ඕව අයින් කරගෙන යනවා.
     
    • Haha
    Reactions: Max_r