වික්ටෝරියා ඇතුලට යමු

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    වික්ටෝරියා ඇතුලට යමු

    මේහෙම වේල්ලක් තියනවා කියලා ගොඩක් අය දන්නවා උනාට මෙකෙන් අපේ රටට වෙන සේවය දන්නේ ටික දෙනයි. වික්ටෝරියා ව්‍යාපාරය පටන් ගන්නේ මහවැලි සංවර්ධන වැඩසටහනෙන්.ඒ කියන්නේ ලංකාවේ විශාලම බහුකාර්‍යය ජාතික සංවර්ධන වැඩසටහන.මේ ව්‍යාපෘතිය ගැන කෙටියෙන් කිව්වොත් කෘෂිකර්මාන්තය,ජල විදුලිය නිශ්පාදනය,ගංවතුර පලනය,වාරි කර්මාන්තය, ඉඩම් නොමැති හා රැකියා නොමැති පවුල් නගාසිටුවීම වගේ ජාතික සංවර්ධන කටයුතු ගොඩක් මහවැලි ගග කේන්ද්‍ර කරගෙන සිද්ධ කරන එක තමයි මේකේ මූලික අරමුණ.මේකේ පලවෙනි පියවර 1961දී පටන් ගන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රදානත්වයෙන්.


    මේකෙන් පස්සේ ජේ ආර් ජයවර්ධන ජානාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ ඊලග අදියරය පටන් ගන්න තීරණය කරනවා 1977දී.මේකෙන් කොත්මලේ,වික්ටෝරියා,මාදුරු ඔය,රන්දෙණිගල වේලි හදන්න සැලසුම් කරනවා.මේ සම්පූර්ණ වික්ටෝරියා ව්‍යාපාරය හදලා ඉවර කරන්න ඒ කාලේ හැටියට ලංකාවේ ආර්ථික ශක්තිය එක්ක රජයට අවම අවුරුදු 30ක් විතර යනවා කියලා ගණන් බලනවා.මොකද මේ කාලේ ලංකාවේ සංවර්ධනය වෙන රටක්.කොච්චද කියනවා නම් අඩුම ගානේ TV එක්කවත් නෑ.ඕනේ නම් එක ගමකට රේඩියෝ දෙකක් තුනක් තියෙන්න ඇති.ඒ තිබුනත් කරන්ට් එක නෑ.කාර් බැටරි වලට පින්සිද්ද වෙන්න ඒ කලේ මිනිස්සු රේඩියෝ ඇහුවේ.මේන්න මේ වගේ තත්වෙක කොහොමත් ලංකා ආණ්ඩුවට මේ වැඩේට තනියෙන් අත ගහන්න තියා හිතන්නවත් බෑ.මේ නිසා ඒ කලේ ජනාධිපතිතුමා වෙලා ඉදපු ජේ ආර් ජයවර්ධන,ඒ වගේම ඉඩම් සංවර්ධන මහවැලි සංවර්ධන,විදුලි බල අමාත්‍ය ගාමිණි දිසානායක,වෙළද හා නාවික කටයුතු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි කියන අයගේ ප්‍රධානත්වයෙන් එංගලන්තයෙන් අධාර අරගෙන මේ වික්ටෝරියා ව්‍යාපාරයට අත ගහනවා.

    වික්ටෝරියා වේල්ලෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණ කිහිපයක් තියනවා.

    1.අපේ රට කෘෂිකාර්මික රටක් නිසා කෘෂිකාර්මික කටයුතු වලට ඕන කරන ජලය ගබඩා කරන්න
    2.ජල විදුලය නිෂ්පාදනය කරන්න.
    3.වේල්ලට ඉහළ ප්‍රදේශ වල ජල පරිබෝජනය
    4.මිරිදිය ධීවර කර්මාන්තය
    5.වාර්ෂිකව ඇති වෙන මහා ගංවතුර තත්ව පාලනය



    gihin thiyanawa nm bump ekak dagena yanna
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මරු ප්ලේස් එක...ඇතුලට ගියාම මාර ෆීලින්ග් එකක් එන්නෙ...ඇයි යකෝ ලීටර කීදාහක වතුර ගොඩක් යටද ඉන්නෙ...
    මේ මම කාලෙකට කලින් කරපු එකක්...

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම රන්දෙනිගල රන්ටැඹේ වික්ටොරියා වේලි 3 ඇතුලටම ගිහින් තියෙනවා
    කවදාවත් අමතක වෙන්නේ නැති ගමනක්

    :yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan owa kadennathuwa thiyenne kohomada bn owage peedenekata?

    victoria eke Concrete anala tiyenne ice wathuren.
    anika curve design ekata pressure eka godak daranna puluwan.
    Sorow arapu dawasata dam eka cm kihipayak issarahata bara wenawalu.
    :):):)