වික්‍රමය ගැන චිත්‍රපට දෙකක්
වික්‍රමය ගැන චිත්‍රපට දෙකක්
තායිලන්ත ලෙන තුළ සිරවුණු පාසල් පා පන්දු කණ්ඩායම බේරා ගැනීමේ අසීරු මෙන්ම අවදානම් මෙහෙයුම ඇසුරින් හොලිවුඞ් සිනමා නිර්මාණයක් පමණක් නොව තායිලන්ත සිනමා නිර්මාණයක් ද එකිනෙකට නොදෙවැනි අයුරින් නිර්මාණය කිරීමට සැලැසුම් සකස් වෙමින් පවතී.
හොලිවුඞ් සිනමා නිෂ්පාදන සමාගම් කිහිපයක් තායිලන්ත රජය, නාවික හමුදාව පමණක් නොව, තායිලන්ත චිත්‍රපට නිෂ්පාදන සමාගම් සමඟ ද එක් වී හොලිවුඞ් සිනමාපටය නිර්මාණය කරන ඇත. තායිලන්ත චිත්‍රපටය නිර්මාණය කරනු ඇත්තේ ‘නව් යූ සී මී 2’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජෝන් එම්. චූ යැයි ද පැවැසෙයි.
එපමණක් නොව, පාසල් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ සහාය පුහුණුකරු සිරවුණු දෙස් විදෙස් කාගේත් අවදානයට ලක් වුණු චියැංග් රායි පළාතේ ලෙන, කෞතුකාගාරයක් ලෙස නම් කිරීමට ද තායිලන්ත රජය කටයුතු කරන බව එරට පුවත් සේවා වාර්තා කරයි.
තායිලන්ත අගමැති ප්‍රයාත් චා ඕචා පවසා ඇත්තේ ඉදිරියේ දී ලෙන නැරැඹීමට සහ ගවේෂණයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ද සකස් කරන බවය.
(රොයිටර්)