Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විකා (Wicca) සහ Witchcraft
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්ර සහ Witchcraft සම්බන්ධ අධ්යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි.

මෙය ලෝකය පුරා පැතිරුණ ඉතා විවෘත වූ දර්ශනයකි. මෙහි ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති නිසා සම්ප්රදායෙන් සම්ප්රදායට මෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාටද විශ්වාස හා ඇදහිලි ක්රම වෙනස්වේ. නමුත් ඉතාම මූලික සිද්ධාන්ත හා වටිනාකම් එලෙසම පවතී.

මෙහි මූලිකම නීතිය හා වටිනාකම වන්නේ "කිසිවකුටවත් හානියක් නොවේනම් (පමණක්), ඔබට කැමැත්තක් කරව!", (An' it harms none, Do what thou wilt) යන්නයි.

විකා "Wicca" යන වචනය මුලින්ම හඳුන්වා දුන්නේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා විසින් 1954 වැනි මෑත අවධියකදී ය. නමුත් විකා වලට පදනම් වූ ස්වාභාවික අධ්යාත්මික දර්ශනය මිනිස් ශිෂ්ඨාචාරය තරම්ම ඉපැරණිය.

Witchcraft යන වචනය භාවිතයට පැමිණියේ 1484 දී පමණ වතිකානය මගින් ඔවුන්ගේ ඉගැන්වීම් වලට පටහැනි ඇදහිලි සහ අභිචාර විධි හැඳින්වීම සඳහාය. නමුත් දැනට මෙම වචනය භාවිතා කරන්නේ ප්රධාන වශයෙන්ම යටපත් වූ අධි මානසික හැකියාවන් දියුණු කරන ක්රමවේදය හැඳින්වීමටයි.

විකා (Wicca) සහ Witchcraft යනු ස්වායක්ත වූ පද්ධතීන් දෙකකි. එහෙත් මේවායේ ඇති අධ්යාත්මික පැතිකඩ වල ඇති සමානතාවය නිසාත් ඒවා එකම පුද්ගලයින් පිරිසක් විසින් ප්රචලිත කරන ලද නිසාත් ඉතා සමීප වූ අධ්යාත්මික හර පද්ධතීන් දෙකක් ලෙස පවතී. නමුත්, විකා ආගමක් ලෙස අදහන සියලු දෙනා Witchcraft ක්රමවේද භාවිතා නොකරන අතර Witchcraft ක්රමවේද භාවිතා කරන සියලු දෙනා විකා ආගමක් ලෙස නොඅදහයි.

මෙය බහු දේව වාදී ආගමකි. ප්රධාන වශයෙන්ම දේවත්වයේ ලා සැලකෙන්නේ පරිසරයේ, සොබාදහමේ ස්ත්රී සහ පුරුශ ශක්තීන් ය. මේ බලවේග (පුරුශ)දෙවියා සහ (ස්ත්රී)දේවතාවිය ලෙස සලකයි. මේ සම්බන්ධ ඇදහිලි සහ විශ්වාස ඒ ඒ සංස්කෘතීන් අනුවද වෙනස් වේ.

විකා අධ්යාත්මික දර්ශනය තුල පුරුශයාට මෙන්ම කාන්තාවටද සමාන තැනක් හිමි වේ. සමහර සම්ප්රදායන් වලදී කාන්තාවට විෂේශ ස්ථානයක් හිමිවන අතර දේවත්වයෙන්ද සලකයි. උදාහරණයක් වශයෙන් ගතහොත් Dianic (ඩයානික) සම්ප්රදාය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ කාන්තාවන් සඳහාය.

Witchcraft ක්රමවේද පුහුණු වන අය හැඳින්වීම සඳහා බොහෝ විට "Witch" යන වචනය භාවිතා වේ. මෙය ස්ත්රී පාර්ශවය සඳහා පමණක් නොව එම ක්රමවේද පුහුණු වන පුරුශ පාර්ශවය සඳහාද භාවිතා වන වචනයකි.

විකා (Wicca) සහ Witchcraft වල පසුබිම

විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්ර සහ Witchcraft සම්බන්ධ අධ්යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි.

විකා වල වඩා වැදගත් වන්නේ පරිසරය, සොබාදහම සහ පුද්ගලයා සමඟ ඇති සබඳතාවය වර්ධනය කර ගැනීමත්, ඒවාට දේවත්වයෙන් සලකා ආචාර කිරීමත්, සොබාදහමේ සෘතු වෙනස්වීම් උත්සවාකාරයෙන් සංවත්සර සැමරීමත් ය. මීට අමතරව පුද්ගල සංවර්ධනය සඳහා උපකාරී වන භාවනා සහ ව්යායාම ක්රමද මීට ඇතුලත් වේ. අධිමානසික හැකියාවන් දියුණු කිරීම සහ ගුප්ත ශාස්ත්ර අධ්යයනයට හිමි වන්නේ දෙවන තැනයි.

මෙහි ඇති විවෘත ස්වභාවය, ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති වීම සහ සංවිධානාත්මක ආගමක් නොවන නිසාත් විවිධ ආකාරයේ සංස්කෘතීන් හා දර්ශන වල ඇති අංග එකතු වී නොයෙක් නිකායන් බිහි වී ඇත. නමුත් මේ තුල නිකායන් හැඳින්වීමට භාවිතා කරන්නේ සම්ප්රදාය (Tradition) යන වචනයයි.

විකා වල සංකේතය වන්නේ මෙම Pentacle, එනම් වෘත්තයක් තුල ඇති පස් කොන් තරුව යි. මෙය ඉතා ඈත ඉතිහාසයක් ඇති සංකේතයකි. ප්රධාන වශයෙන්ම මෙයින් සංකේතවත් වන්නේ පංච මහා භූතයින් ය. එනම් අප අවට ඇති පරිසරය, ලෝකය තැනී ඇති ප්රධාන මූල ධාතූන් ය. තවද මෙය පුරානයේ සිට පැවත එන ආරක්ෂාව සම්බන්ධ ශුද්ධ වූ හැඩතලයකි. මෙහි පිටතට යොමූ වූ උල් ත්රිකෝන පහෙන් භාහිර බලවේග වලින් ආරක්ෂා වීමත්, මැද ඇති පංචාස්රයෙන් ගර්භාශයත්, වට කර ඇති වෘත්තයෙන් සමතුලිතතාවයත් සංකේතවත් වේ.

විකා වලට මූලික වී ඇති ඇදහිලි සහ විශ්වාස, සශ්රීකත්වය උදෙසා වූ පුරාණ අභිචාර විධි තුලින් බිහි වූ ඒවා යැයි සැලකිය හැක. ලෝකය පුරා තිබුනු පුරාණ ශ්රේෂ්ඨ සං ස්කෘතීන් වූ ග්රීක, ඊජිප්තු, නෝර්ස්, කෙල්ටික් මෙන්ම සිංහල සම්ප්රදායන් වල මේ සම්බන්ධ ඇදහිලි සහ අභිචාර විධි වල බොහෝ සමානකම් දැකිය හැකිය. මේවා එකිනෙකින් වෙන්ව ස්වාධීනව දියුනු වුවද, ඒවායේ අදහන දෙවි වරුන් ගේ නම් වෙනස් වුවද, ඒවායේ පසුබිම් වන සංකල්ප වල මවිතකරවනසුලු ගැලපීමක් ඇත.

ස්වභාව ධර්මයේ පවතින ජීව ශක්ති ස්වභාවයේ ස්ත්රී හා පුරුශ පැතිකඩ දෙකක් ඇත. මේ ස්වභාවයන් දෙක විකා වල දේවත්වයෙන් සලකයි. මෙය දේවතාවා සහ දේවතාවිය ලෙස අදහන අතර ප්රධාන වශයෙන් ස්ත්රී හා පුරුශ ලිංගිකත්වය අදහස් වේ. දේවතාවිය සහ දේවතාවා දෙපසක සිට සොබාදහම (හෝ ස්වභාවය) සමතුලිත කරන ලෙස සැලකේ. එමෙන්ම වර්ශයේ වඩා සීත සෘතු වලට (පුරුශ)දෙවියා අධිපති බවත් උණුසුම් වූ සෘතු වලට දේවතාවිය අධිපති ලෙසත් ඇදහීමක් ඇත.

විකා වල ඉතිහාසය

විකා දර්ශනය ප්රතිසංස්කරනය කර පොදු මහජනයා අතර ප්රචලිත කිරීමට දායක වී ඇත්තේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතාය. ඒ 1954 වර්ශයේදීය. ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා, ශ්රී ලංකාවේ යටත් විජිත පාලන සමයේ සේවය කල රබර් වතු පාලක වරයෙකි.

බ්රිතාන්යයේ 1952 දක්වා Witchcraft ආගම තහනම් කර තිබුනි. එම තහනම ඉවත් කිරීමත් සමඟ අධ්යාත්මික සහ ගුප්ත-ශාස්ත්ර විශයයන් සම්බන්ධ ප්රබෝධයක් ඇති වුනි. එතෙක් රහසිගතව පැවතුන අධ්යාත්මික සංගම් කිහිපයක්ම පොදු මහජනයා සඳහා ප්රසිද්ධියේ විවෘත විය.

මේ කාලයේ ගාර්ඩ්නර් මහතා විශ්රාම ලබා නැවත බ්රිතාන්යයට පැමිණෙයි. එහිදී ඔහුට ඇලියෙස්ට ක්රව්ලි (Aliester Crowley), ඩොරීන් වැලන්ට් (Doreen Valiente) වැනි Witchcraft ක්රමවේදඅධ්යයනය කරන බොහෝ පිරිසක් හමු වේ. ඔවුන් සමඟ එක්ව අතීතයේ පැවති පුරාණ ඇදහිලි ක්රම එකතු කොට, හින්දු දහම, බුදු දහම, වැනි පෙරදිග දර්ශන වල අධ්යාත්මික ඉඟැන්වීම් ද සම්බන්ධ කරගත් විකා දහම, ගාර්ඩ්නර් මහතා විසින් ප්රතිසංස්කරනය කලේය.

විකා ගැන ලෝකය දැනගන්නේ ගාර්ඩ්නර් මහතාගේ "Witchcraft Today" නම් කෘතිය එලි දැක්වීමත් සමඟය. ගාර්ඩ්නර් පවසන පරිදි විකා යනු අතීතයේ සිට පැවති Witchcraft ආගමේ වර්තමාන අවස්ථාවයි.

1899 දී ඉතාලි ජාතික චාල්ස් ලේලන්ඩ් විසින් අරඩියා (Aradia, or the Gospel of the Witches) නමින් කෘතියක් ප්රකාශයට පත් කර Witchcraft ඇදහිලි පිලිබඳව පොදු මහජනතාවට හෙලි කර ඇත.

තවද රේවන් ග්රිමාසි (Raven Grimassi) වැනි ඉතාලි ලේඛකයින් ද මේ සම්බන්ධ පොත් පොදු මහජනයා වෙනුවෙන් ප්රකාශ කර ඇත. ඉතාලි බසින් Witchcraft හඳුන්වන්නේ Stregha නමින් ය. ඉතාලියේ කිසි දිනක Witchcraft ආගම තහනම් කර තිබී නැත. එමෙන්ම ඉතාලි සම්ප්රදායන් සහ ගාර්ඩ්නර් විසින් හඳුන්වාදුන් බටහිර යුරෝපීය සම්ප්රදාය අතර සමහර වෙනස්කම්ද ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ විකා දර්ශනය ආගමක් ලෙස නිල වශයෙන් පිලිගැනුනේ 1975 වර්ශයේදීය. ඇමරිකාවේ මෙය ජනප්රිය වීමට ප්රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ රේමන්ඩ් සහ රෝස්මරි බක්ලන්ඩ් (Raymond & Rosemary Buckland) යුවලයි. රේමන්ඩ් බක්ලන්ඩ්, අචාර්ය ගාර් ඩ්නර්ගේ ශිෂ්යයෙකි. ඔහු විසින් ලියන ලද පොත් විශාල වශයෙන් ගුප්ත ශාස්ත්ර පොත් ම පල කරන ලෙවෙ'ලින් (Llewellyn) ආයතනය මගින් මුද්රනය කරන ලදී.

සියැක්ස් විකා (Seax-Wicca) නමින් නව සම්ප්රදායක් බිහි කල මොහු ඇමරිකාව පුරා වැඩමුලු පවත්වමින් මේ සම්බන්ධ යම් උනන්දුවක් ඇති පිරිස් දැනුවත් කලේය. විකා සහ විෂේශයෙන් Witchcraft ක්රම අධ්යයනය කරන බොහෝ දෙනෙක් තම අත් පොත ලෙස සලකන "The Complete Book Of Witchcraft" පොත ලියන ලද්දේද රේමන්ඩ් බක්ලන්ඩ් විසිනි .

ඉන්දියාව:

ඉප්සිතා රෝයි චක්රවර්තී ඉන්දියානු කාන්තාවකි. ඇය මීට දශක කිහිපයකට පෙර තම මව් රට වන ඉන්දියාවට නැවත පැමිනෙන විට, විකා සහ Witchcraft දැනුම රැගෙන ආවාය. ඇය 2000 වසරේදී මේ සම්බන්ධව පොත් කිහිපයක් ද පල කර ඇත. ඇය ඉන්දියාවේ සමාජ සුභසාධන ක්රියාකාරිණියකි. එමෙන්ම ඇය රෝගී වූ අය සුවපත් කරමින් පොදු ජනතාවට සේවයක් ද කරගෙන යයි. ඇගේ දියණිය වන දීප්තා රෝයි චක්රවර්තීද ඉප්සිතාගේ ගමනට සහාය දක්වයි.

විකා (Wicca) සහ Witchcraft ඇදහිලි

ස්වභාවධර්මයේ වෙනස් වීම්, සෘතු සහ සංවත්සර උත්සවාකාරයෙන් සැමරීමද විකා වලට අයත් අංගයකි. වර්ශයේ සෘතු සතර සහ ඒ අතරමැද සංක්රාන්ති සමඟ වර්ශයකට ප්රධාන සංවත්සර අටක් ඇත. මේවා Samhain, Yule, Imbolc, Spring, Beltane, Midsummer, Lughnasadh, Autmn ලෙස හඳුන්වයි. තවද වර්ශයකට උදා වන පුර සඳ (පොහොය) දහ තුන ද උත්සවාකාරයෙන් සමරනු ලබයි.

සෘතු අනුව වර්ශය අඳුරු අර්ධය සහ ආලෝක අර්ධය ලෙස කොටස් දෙකකට බෙදා ඇත. සෘතු, සංවත්සර ඇති වන්නේ සූර්යයා සහ පෘථිවියේ ගමන් මාර්ගය නිසාය. එම නිසා සංවත්සර වලදී, (විෂේශ්යෙන්ම වර්ශයේ අඳුරු අර්ධයේදී) පුරුශ දේවතාවා සම්බන්ධ පූජා විධි සිදු කරයි.

විකා වල චන්ද්ර දේවතාවියටද විෂේශ තැනක් හිමි වේ. ඩයානික සම්ප්රදායේ ඩයානා දේවතාවිය සංකේතවත් වන්නේ චන්දයාගෙන් ය. තවද මෙම පුර සඳ දෙපස සඳේ වැඩෙන කලාව සහ ගෙවෙන කලාව දැක්වෙන සංකේතයද දේවතාවිය සංකේතවත් කරන සලකුනකි. මෙයින් අදහස් වන්නේ දේවතාවියගේ යෞවනිය, මව සහ මැහැල්ල යන ත්රිත්ව ස්වභාවයයි.

කර්මය සහ පුනර්භවය, පෙරදිග දර්ශන වලින් පසුව විකා දහමට එකතු වූ අංගයන් ය. පුනර්භවය යනු යම් පුද්ගලයෙක් හෝ සත්වයෙක් මරණයෙන් පසුව නැවත ජීවිතයක් ලබන බවයි. එනම් අපගේ ශරීරය තුල පවතින ජීව ශක්ති ස්වභාවයේ යම් කොටසක් මරණයෙන් මතුද පැවත නැවත උපතකට හේතු සදන බවයි.

පුනර්භවය සහ කර්මය ඉතා සමීපව බැඳී ඇත. කර්මය යනු අප විසින් කරන ක්රියාවන් ගේ ප්රථිඵලය නැවත අප වෙතම පැමිනෙන විශ්වීය ස්වභාවයයි. විකා ඇදහීමට අනුව අප විසින් කරන හොඳ හෝ නරක තුන් ගුණයකින් වැඩිවී නැවත අප වෙතටම පැමිනේ. මෙය හඳුන්වන්නේ Three Fold Law නමිනි. කර්මය මේ ජීවිත කාලය තුලදීම හෝ මරණින් පසු ඊලඟ උපතේදී හෝ නැවත පැමිණිය හැක.

විකා, බොහෝ විට කන්ඩායමක් ලෙස සමරන ආගමික චාරිත්ර වලින් යුතුය. මෙසේ කන්ඩායමක් ලෙස රැස් වන පිරිස Coven ලෙස හඳුන්වයි. එසේ එකතු වන පිරිස අතර එක පවුලක් සේ ඉතා සමීප බැඳීමක් ඇති වීම ඉතා වැදගත් වේ. විකා වල කන්ඩායමකට එකතු වීම පූජකත්වයට පත්වීම හා සමානව සැලකේ. එසේ එකතු වීමට ප්රථම වර්ශයකුත් එක් දිනක් ශිශ්යයෙකු ලෙස මූලික අධ්යාපනය ලැබිය යුතුය.

වර්ශ තුනකට වඩා අත්දැකීම් ඇති විට කන්ඩායමක නායකත්වයට සුදුසු වූවකු ලෙස සැලකේ. කන්ඩායමකට නායක පූජක වරයෙක් සහ පූජක වරියක් සිටියද සියල්ලන්ම එක හා සමාන මට්ටමෙන් ගෞරවයෙන් යුතුව සලකනු ලබයි.

නමුත් මෙසේ කන්ඩායමකට එකතු වීමට අවස්ථාව නොලැබෙන අය ද සිටී. මෙයට හේතුව වන්නේ තමා හා සමාන අදහස් ඇති තවත් අය හෝ කන්ඩායමක් ලඟාවිය හැකි ප්රදේශය තුල සොයාගැනීමට නොහැකි වීමයි. මේ හේතුවෙන් බොහෝ දෙනා තමාගේම උත්සාහයෙන් පොත්පත් මගින් හෝ වෙනත් ක්රම වලින් තනිවම අධ්යයනය කර තම මාර්ගය සලසා ගනී.

පණ ඇති සියලුම ජීවීන් වන මිනිසා සතුන් සහ ගහ කොල වල ජීව ශක්තිය පවතින බවත් අප අවට ඇති පංච මහා භූතයින්ගෙන් තැනුන විශ්වයේද ශක්තියක් ඇති බවත්. ඒවා භාවිතා කිරීමෙන් බොහෝ ප්රයෝජන ගැනීමට හැකි බවත් බොහෝ දෙනා විශ්වාස කරයි. භාවනා ක්රම තුලින් සිත දියුනු කිරීමෙන් ද වචන සහ ශබ්ද වල බලයෙන් ද මෙම බල වේග පාලනය කල හැක, ඒ තුලින් ශාරීරික සහ මානසික සුවය, රෝගාබාධ වැලැක්වීම, සුවය ඉක්මන් කිරීම වැනි ප්රයෝජනද ලැබිය හැක.

තවද, භාවනා ක්රම තුලින් සිත දියුනු කිරීමෙන් විවිධ අධිමානසික හැකියා, එනම් ඈත සිදු වන දේ මනසින් දැකීම, අනාගතයේ විය හැකි අනතුරු කලින් දැකීම, සැඟවී ඇති දේ අවබෝධ කර ගැනීම ආදී කාරනා ද විකා සහ Witchcraft අනුගමනය කරන බොහෝ දෙනාගේ අවධානයට ලක් වන අනෙකුත් අංශයන් ය.

Link: http://wiccaandwitchcraftlk.blogspot.com/

[QUOTE="criss_angel, post: 21080560, member: 495009"] [IMG]https://1.bp.blogspot.com/_7knLhiVNnxM/SBn9_gwQMYI/AAAAAAAAALk/1pFfhNS_sxU/s200/Pentagram_and_candles.png[/IMG] විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්ර සහ Witchcraft සම්බන්ධ අධ්යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි. මෙය ලෝකය පුරා පැතිරුණ ඉතා විවෘත වූ දර්ශනයකි. මෙහි ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති නිසා සම්ප්රදායෙන් සම්ප්රදායට මෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාටද විශ්වාස හා ඇදහිලි ක්රම වෙනස්වේ. නමුත් ඉතාම මූලික සිද්ධාන්ත හා වටිනාකම් එලෙසම පවතී. මෙහි මූලිකම නීතිය හා වටිනාකම වන්නේ "කිසිවකුටවත් හානියක් නොවේනම් (පමණක්), ඔබට කැමැත්තක් කරව!", (An' it harms none, Do what thou wilt) යන්නයි. [IMG]https://1.bp.blogspot.com/_7knLhiVNnxM/R_eoHIuW9jI/AAAAAAAAAIs/G1BxO15stwE/s200/Magic_Circle.jpg[/IMG] විකා "Wicca" යන වචනය මුලින්ම හඳුන්වා දුන්නේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා විසින් 1954 වැනි මෑත අවධියකදී ය. නමුත් විකා වලට පදනම් වූ ස්වාභාවික අධ්යාත්මික දර්ශනය මිනිස් ශිෂ්ඨාචාරය තරම්ම ඉපැරණිය. Witchcraft යන වචනය භාවිතයට පැමිණියේ 1484 දී පමණ වතිකානය මගින් ඔවුන්ගේ ඉගැන්වීම් වලට පටහැනි ඇදහිලි සහ අභිචාර විධි හැඳින්වීම සඳහාය. නමුත් දැනට මෙම වචනය භාවිතා කරන්නේ ප්රධාන වශයෙන්ම යටපත් වූ අධි මානසික හැකියාවන් දියුණු කරන ක්රමවේදය හැඳින්වීමටයි. විකා (Wicca) සහ Witchcraft යනු ස්වායක්ත වූ පද්ධතීන් දෙකකි. එහෙත් මේවායේ ඇති අධ්යාත්මික පැතිකඩ වල ඇති සමානතාවය නිසාත් ඒවා එකම පුද්ගලයින් පිරිසක් විසින් ප්රචලිත කරන ලද නිසාත් ඉතා සමීප වූ අධ්යාත්මික හර පද්ධතීන් දෙකක් ලෙස පවතී. නමුත්, විකා ආගමක් ලෙස අදහන සියලු දෙනා Witchcraft ක්රමවේද භාවිතා නොකරන අතර Witchcraft ක්රමවේද භාවිතා කරන සියලු දෙනා විකා ආගමක් ලෙස නොඅදහයි. මෙය බහු දේව වාදී ආගමකි. ප්රධාන වශයෙන්ම දේවත්වයේ ලා සැලකෙන්නේ පරිසරයේ, සොබාදහමේ ස්ත්රී සහ පුරුශ ශක්තීන් ය. මේ බලවේග (පුරුශ)දෙවියා සහ (ස්ත්රී)දේවතාවිය ලෙස සලකයි. මේ සම්බන්ධ ඇදහිලි සහ විශ්වාස ඒ ඒ සංස්කෘතීන් අනුවද වෙනස් වේ. [IMG]https://1.bp.blogspot.com/_7knLhiVNnxM/SBn_rwwQMZI/AAAAAAAAALs/KZs7tulcU1I/s200/Boucher_Diane_sortant_du_bain_Louvre_2712.jpg[/IMG] විකා අධ්යාත්මික දර්ශනය තුල පුරුශයාට මෙන්ම කාන්තාවටද සමාන තැනක් හිමි වේ. සමහර සම්ප්රදායන් වලදී කාන්තාවට විෂේශ ස්ථානයක් හිමිවන අතර දේවත්වයෙන්ද සලකයි. උදාහරණයක් වශයෙන් ගතහොත් Dianic (ඩයානික) සම්ප්රදාය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ කාන්තාවන් සඳහාය. Witchcraft ක්රමවේද පුහුණු වන අය හැඳින්වීම සඳහා බොහෝ විට "Witch" යන වචනය භාවිතා වේ. මෙය ස්ත්රී පාර්ශවය සඳහා පමණක් නොව එම ක්රමවේද පුහුණු වන පුරුශ පාර්ශවය සඳහාද භාවිතා වන වචනයකි. විකා (Wicca) සහ Witchcraft වල පසුබිම විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්ර සහ Witchcraft සම්බන්ධ අධ්යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි. විකා වල වඩා වැදගත් වන්නේ පරිසරය, සොබාදහම සහ පුද්ගලයා සමඟ ඇති සබඳතාවය වර්ධනය කර ගැනීමත්, ඒවාට දේවත්වයෙන් සලකා ආචාර කිරීමත්, සොබාදහමේ සෘතු වෙනස්වීම් උත්සවාකාරයෙන් සංවත්සර සැමරීමත් ය. මීට අමතරව පුද්ගල සංවර්ධනය සඳහා උපකාරී වන භාවනා සහ ව්යායාම ක්රමද මීට ඇතුලත් වේ. අධිමානසික හැකියාවන් දියුණු කිරීම සහ ගුප්ත ශාස්ත්ර අධ්යයනයට හිමි වන්නේ දෙවන තැනයි. මෙහි ඇති විවෘත ස්වභාවය, ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති වීම සහ සංවිධානාත්මක ආගමක් නොවන නිසාත් විවිධ ආකාරයේ සංස්කෘතීන් හා දර්ශන වල ඇති අංග එකතු වී නොයෙක් නිකායන් බිහි වී ඇත. නමුත් මේ තුල නිකායන් හැඳින්වීමට භාවිතා කරන්නේ සම්ප්රදාය (Tradition) යන වචනයයි. විකා වල සංකේතය වන්නේ මෙම Pentacle, එනම් වෘත්තයක් තුල ඇති පස් කොන් තරුව යි. මෙය ඉතා ඈත ඉතිහාසයක් ඇති සංකේතයකි. ප්රධාන වශයෙන්ම මෙයින් සංකේතවත් වන්නේ පංච මහා භූතයින් ය. එනම් අප අවට ඇති පරිසරය, ලෝකය තැනී ඇති ප්රධාන මූල ධාතූන් ය. තවද මෙය පුරානයේ සිට පැවත එන ආරක්ෂාව සම්බන්ධ ශුද්ධ වූ හැඩතලයකි. මෙහි පිටතට යොමූ වූ උල් ත්රිකෝන පහෙන් භාහිර බලවේග වලින් ආරක්ෂා වීමත්, මැද ඇති පංචාස්රයෙන් ගර්භාශයත්, වට කර ඇති වෘත්තයෙන් සමතුලිතතාවයත් සංකේතවත් වේ. විකා වලට මූලික වී ඇති ඇදහිලි සහ විශ්වාස, සශ්රීකත්වය උදෙසා වූ පුරාණ අභිචාර විධි තුලින් බිහි වූ ඒවා යැයි සැලකිය හැක. ලෝකය පුරා තිබුනු පුරාණ ශ්රේෂ්ඨ සං ස්කෘතීන් වූ ග්රීක, ඊජිප්තු, නෝර්ස්, කෙල්ටික් මෙන්ම සිංහල සම්ප්රදායන් වල මේ සම්බන්ධ ඇදහිලි සහ අභිචාර විධි වල බොහෝ සමානකම් දැකිය හැකිය. මේවා එකිනෙකින් වෙන්ව ස්වාධීනව දියුනු වුවද, ඒවායේ අදහන දෙවි වරුන් ගේ නම් වෙනස් වුවද, ඒවායේ පසුබිම් වන සංකල්ප වල මවිතකරවනසුලු ගැලපීමක් ඇත. ස්වභාව ධර්මයේ පවතින ජීව ශක්ති ස්වභාවයේ ස්ත්රී හා පුරුශ පැතිකඩ දෙකක් ඇත. මේ ස්වභාවයන් දෙක විකා වල දේවත්වයෙන් සලකයි. මෙය දේවතාවා සහ දේවතාවිය ලෙස අදහන අතර ප්රධාන වශයෙන් ස්ත්රී හා පුරුශ ලිංගිකත්වය අදහස් වේ. දේවතාවිය සහ දේවතාවා දෙපසක සිට සොබාදහම (හෝ ස්වභාවය) සමතුලිත කරන ලෙස සැලකේ. එමෙන්ම වර්ශයේ වඩා සීත සෘතු වලට (පුරුශ)දෙවියා අධිපති බවත් උණුසුම් වූ සෘතු වලට දේවතාවිය අධිපති ලෙසත් ඇදහීමක් ඇත. විකා වල ඉතිහාසය [IMG]https://1.bp.blogspot.com/_7knLhiVNnxM/R_epgouW9kI/AAAAAAAAAI0/egNDrZpUZKk/s200/DrGGardner.jpg[/IMG] විකා දර්ශනය ප්රතිසංස්කරනය කර පොදු මහජනයා අතර ප්රචලිත කිරීමට දායක වී ඇත්තේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතාය. ඒ 1954 වර්ශයේදීය. ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා, ශ්රී ලංකාවේ යටත් විජිත පාලන සමයේ සේවය කල රබර් වතු පාලක වරයෙකි. බ්රිතාන්යයේ 1952 දක්වා Witchcraft ආගම තහනම් කර තිබුනි. එම තහනම ඉවත් කිරීමත් සමඟ අධ්යාත්මික සහ ගුප්ත-ශාස්ත්ර විශයයන් සම්බන්ධ ප්රබෝධයක් ඇති වුනි. එතෙක් රහසිගතව පැවතුන අධ්යාත්මික සංගම් කිහිපයක්ම පොදු මහජනයා සඳහා ප්රසිද්ධියේ විවෘත විය. මේ කාලයේ ගාර්ඩ්නර් මහතා විශ්රාම ලබා නැවත බ්රිතාන්යයට පැමිණෙයි. එහිදී ඔහුට ඇලියෙස්ට ක්රව්ලි (Aliester Crowley), ඩොරීන් වැලන්ට් (Doreen Valiente) වැනි Witchcraft ක්රමවේදඅධ්යයනය කරන බොහෝ පිරිසක් හමු වේ. ඔවුන් සමඟ එක්ව අතීතයේ පැවති පුරාණ ඇදහිලි ක්රම එකතු කොට, හින්දු දහම, බුදු දහම, වැනි පෙරදිග දර්ශන වල අධ්යාත්මික ඉඟැන්වීම් ද සම්බන්ධ කරගත් විකා දහම, ගාර්ඩ්නර් මහතා විසින් ප්රතිසංස්කරනය කලේය. විකා ගැන ලෝකය දැනගන්නේ ගාර්ඩ්නර් මහතාගේ "Witchcraft Today" නම් කෘතිය එලි දැක්වීමත් සමඟය. ගාර්ඩ්නර් පවසන පරිදි විකා යනු අතීතයේ සිට පැවති Witchcraft ආගමේ වර්තමාන අවස්ථාවයි. 1899 දී ඉතාලි ජාතික චාල්ස් ලේලන්ඩ් විසින් අරඩියා (Aradia, or the Gospel of the Witches) නමින් කෘතියක් ප්රකාශයට පත් කර Witchcraft ඇදහිලි පිලිබඳව පොදු මහජනතාවට හෙලි කර ඇත. තවද රේවන් ග්රිමාසි (Raven Grimassi) වැනි ඉතාලි ලේඛකයින් ද මේ සම්බන්ධ පොත් පොදු මහජනයා වෙනුවෙන් ප්රකාශ කර ඇත. ඉතාලි බසින් Witchcraft හඳුන්වන්නේ Stregha නමින් ය. ඉතාලියේ කිසි දිනක Witchcraft ආගම තහනම් කර තිබී නැත. එමෙන්ම ඉතාලි සම්ප්රදායන් සහ ගාර්ඩ්නර් විසින් හඳුන්වාදුන් බටහිර යුරෝපීය සම්ප්රදාය අතර සමහර වෙනස්කම්ද ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ විකා දර්ශනය ආගමක් ලෙස නිල වශයෙන් පිලිගැනුනේ 1975 වර්ශයේදීය. ඇමරිකාවේ මෙය ජනප්රිය වීමට ප්රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ රේමන්ඩ් සහ රෝස්මරි බක්ලන්ඩ් (Raymond & Rosemary Buckland) යුවලයි. රේමන්ඩ් බක්ලන්ඩ්, අචාර්ය ගාර් ඩ්නර්ගේ ශිෂ්යයෙකි. ඔහු විසින් ලියන ලද පොත් විශාල වශයෙන් ගුප්ත ශාස්ත්ර පොත් ම පල කරන ලෙවෙ'ලින් (Llewellyn) ආයතනය මගින් මුද්රනය කරන ලදී. සියැක්ස් විකා (Seax-Wicca) නමින් නව සම්ප්රදායක් බිහි කල මොහු ඇමරිකාව පුරා වැඩමුලු පවත්වමින් මේ සම්බන්ධ යම් උනන්දුවක් ඇති පිරිස් දැනුවත් කලේය. විකා සහ විෂේශයෙන් Witchcraft ක්රම අධ්යයනය කරන බොහෝ දෙනෙක් තම අත් පොත ලෙස සලකන "The Complete Book Of Witchcraft" පොත ලියන ලද්දේද රේමන්ඩ් බක්ලන්ඩ් විසිනි . ඉන්දියාව: ඉප්සිතා රෝයි චක්රවර්තී ඉන්දියානු කාන්තාවකි. ඇය මීට දශක කිහිපයකට පෙර තම මව් රට වන ඉන්දියාවට නැවත පැමිනෙන විට, විකා සහ Witchcraft දැනුම රැගෙන ආවාය. ඇය 2000 වසරේදී මේ සම්බන්ධව පොත් කිහිපයක් ද පල කර ඇත. ඇය ඉන්දියාවේ සමාජ සුභසාධන ක්රියාකාරිණියකි. එමෙන්ම ඇය රෝගී වූ අය සුවපත් කරමින් පොදු ජනතාවට සේවයක් ද කරගෙන යයි. ඇගේ දියණිය වන දීප්තා රෝයි චක්රවර්තීද ඉප්සිතාගේ ගමනට සහාය දක්වයි. විකා (Wicca) සහ Witchcraft ඇදහිලි ස්වභාවධර්මයේ වෙනස් වීම්, සෘතු සහ සංවත්සර උත්සවාකාරයෙන් සැමරීමද විකා වලට අයත් අංගයකි. වර්ශයේ සෘතු සතර සහ ඒ අතරමැද සංක්රාන්ති සමඟ වර්ශයකට ප්රධාන සංවත්සර අටක් ඇත. මේවා Samhain, Yule, Imbolc, Spring, Beltane, Midsummer, Lughnasadh, Autmn ලෙස හඳුන්වයි. තවද වර්ශයකට උදා වන පුර සඳ (පොහොය) දහ තුන ද උත්සවාකාරයෙන් සමරනු ලබයි. සෘතු අනුව වර්ශය අඳුරු අර්ධය සහ ආලෝක අර්ධය ලෙස කොටස් දෙකකට බෙදා ඇත. සෘතු, සංවත්සර ඇති වන්නේ සූර්යයා සහ පෘථිවියේ ගමන් මාර්ගය නිසාය. එම නිසා සංවත්සර වලදී, (විෂේශ්යෙන්ම වර්ශයේ අඳුරු අර්ධයේදී) පුරුශ දේවතාවා සම්බන්ධ පූජා විධි සිදු කරයි. විකා වල චන්ද්ර දේවතාවියටද විෂේශ තැනක් හිමි වේ. ඩයානික සම්ප්රදායේ ඩයානා දේවතාවිය සංකේතවත් වන්නේ චන්දයාගෙන් ය. තවද මෙම පුර සඳ දෙපස සඳේ වැඩෙන කලාව සහ ගෙවෙන කලාව දැක්වෙන සංකේතයද දේවතාවිය සංකේතවත් කරන සලකුනකි. මෙයින් අදහස් වන්නේ දේවතාවියගේ යෞවනිය, මව සහ මැහැල්ල යන ත්රිත්ව ස්වභාවයයි. කර්මය සහ පුනර්භවය, පෙරදිග දර්ශන වලින් පසුව විකා දහමට එකතු වූ අංගයන් ය. පුනර්භවය යනු යම් පුද්ගලයෙක් හෝ සත්වයෙක් මරණයෙන් පසුව නැවත ජීවිතයක් ලබන බවයි. එනම් අපගේ ශරීරය තුල පවතින ජීව ශක්ති ස්වභාවයේ යම් කොටසක් මරණයෙන් මතුද පැවත නැවත උපතකට හේතු සදන බවයි. පුනර්භවය සහ කර්මය ඉතා සමීපව බැඳී ඇත. කර්මය යනු අප විසින් කරන ක්රියාවන් ගේ ප්රථිඵලය නැවත අප වෙතම පැමිනෙන විශ්වීය ස්වභාවයයි. විකා ඇදහීමට අනුව අප විසින් කරන හොඳ හෝ නරක තුන් ගුණයකින් වැඩිවී නැවත අප වෙතටම පැමිනේ. මෙය හඳුන්වන්නේ Three Fold Law නමිනි. කර්මය මේ ජීවිත කාලය තුලදීම හෝ මරණින් පසු ඊලඟ උපතේදී හෝ නැවත පැමිණිය හැක. විකා, බොහෝ විට කන්ඩායමක් ලෙස සමරන ආගමික චාරිත්ර වලින් යුතුය. මෙසේ කන්ඩායමක් ලෙස රැස් වන පිරිස Coven ලෙස හඳුන්වයි. එසේ එකතු වන පිරිස අතර එක පවුලක් සේ ඉතා සමීප බැඳීමක් ඇති වීම ඉතා වැදගත් වේ. විකා වල කන්ඩායමකට එකතු වීම පූජකත්වයට පත්වීම හා සමානව සැලකේ. එසේ එකතු වීමට ප්රථම වර්ශයකුත් එක් දිනක් ශිශ්යයෙකු ලෙස මූලික අධ්යාපනය ලැබිය යුතුය. වර්ශ තුනකට වඩා අත්දැකීම් ඇති විට කන්ඩායමක නායකත්වයට සුදුසු වූවකු ලෙස සැලකේ. කන්ඩායමකට නායක පූජක වරයෙක් සහ පූජක වරියක් සිටියද සියල්ලන්ම එක හා සමාන මට්ටමෙන් ගෞරවයෙන් යුතුව සලකනු ලබයි. නමුත් මෙසේ කන්ඩායමකට එකතු වීමට අවස්ථාව නොලැබෙන අය ද සිටී. මෙයට හේතුව වන්නේ තමා හා සමාන අදහස් ඇති තවත් අය හෝ කන්ඩායමක් ලඟාවිය හැකි ප්රදේශය තුල සොයාගැනීමට නොහැකි වීමයි. මේ හේතුවෙන් බොහෝ දෙනා තමාගේම උත්සාහයෙන් පොත්පත් මගින් හෝ වෙනත් ක්රම වලින් තනිවම අධ්යයනය කර තම මාර්ගය සලසා ගනී. පණ ඇති සියලුම ජීවීන් වන මිනිසා සතුන් සහ ගහ කොල වල ජීව ශක්තිය පවතින බවත් අප අවට ඇති පංච මහා භූතයින්ගෙන් තැනුන විශ්වයේද ශක්තියක් ඇති බවත්. ඒවා භාවිතා කිරීමෙන් බොහෝ ප්රයෝජන ගැනීමට හැකි බවත් බොහෝ දෙනා විශ්වාස කරයි. භාවනා ක්රම තුලින් සිත දියුනු කිරීමෙන් ද වචන සහ ශබ්ද වල බලයෙන් ද මෙම බල වේග පාලනය කල හැක, ඒ තුලින් ශාරීරික සහ මානසික සුවය, රෝගාබාධ වැලැක්වීම, සුවය ඉක්මන් කිරීම වැනි ප්රයෝජනද ලැබිය හැක. තවද, භාවනා ක්රම තුලින් සිත දියුනු කිරීමෙන් විවිධ අධිමානසික හැකියා, එනම් ඈත සිදු වන දේ මනසින් දැකීම, අනාගතයේ විය හැකි අනතුරු කලින් දැකීම, සැඟවී ඇති දේ අවබෝධ කර ගැනීම ආදී කාරනා ද විකා සහ Witchcraft අනුගමනය කරන බොහෝ දෙනාගේ අවධානයට ලක් වන අනෙකුත් අංශයන් ය. [COLOR="Silver"]Link: [url]http://wiccaandwitchcraftlk.blogspot.com/[/url][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom