විජය කුමාරතුංග
ඉරිදාට යෙදෙන විජය කුමාරතුංගයන්ගේ
26 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.
විජය කුමාරතුංගයන් ලේ පිපාසිත ත්‍රස්තවාදියකු අතින් ඝාතනය වීමේ පුවත 1988 පෙබරවාරි 16 වැනිදා දහවල් ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් විකාශය වූ අන්දම මට අද මෙන් මතකය.
"ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ජාතික සංවිධායක, ජනප්‍රිය සිනමා නළු විජය කුමාරතුංග මහතා අද දහවල් සාහසික වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත්විය..."
රටක් හැඬවූ එම පුවත අසා දකුණේ මෙන්ම උතුරේත් ජන හදවත් කම්පාවට පත් කෙරිණි. පුංචි පැල්පතේ පටන් සුදු කොඩි ලෙළදෙන්නට වූයේය. ජීවිතයේ කිසිම දිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවා නොවුණු ඔහු වැන්නකුට ජනතා ආදරයක් දිනා ගන්නට හැකි වුණේ ඇයි?
විවාහ වූදා සිරිමාවෝ බණ්ඩාරනායක සහ බියටි්රස් කුමාරතුංග මෑණිවරුන් සමග
විජය දියණිය හා පුතු සමග
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ. ඩී, රංජිත් කුමාර ලියූ සිනමා සක්විති ගාමිණී පොත එළිදැක්වූදා ඊට එක්වූ විජය එවක අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා සහ ජෝ අබේවික්‍රම හා ධර්මසිරි ගමගේ කලාකරුවන් සමග..
ඔහු මහ පොළොව මත පය තබා ජීවත් වූ කලාකරුවකු දේශපාලනඥයකු නිසාමය. ප්‍රාසාද සඳළුතලවල සුව යහන්වල ප්‍රණීත ආහාර වළඳමින් සුඛෝපභෝගී යාන වාහන පරිහරණය කරමින් සුපිරි නළුවකු ලෙස ජීවත් වීමට කොතෙකුත් ඉඩකඩ තිබියදී විජය ඒ සියල්ලම අලුයම ලූ කෙළපිඬක් සේ ඉවතලමින් දුක් විඳින ජනතාවගේ හිත සුව පිණිස තම ජීවිතය කැප කළේය. ප්‍රේක්ෂකාගාරයට ඇදී ආ සාමාන්‍ය ජනතාවගේ රුපියල් ශතවලින් තැණුනු සිනමාවේ පැවැත්මට විජය ගරු කළේය. ඒ ජනතාවට කෘතවේදීව සැලකීම තරම් වෙනත් දෙයක් ඔහු නොපැතූ බව මම දනිමි.
මෙරට සිනමාවේ රංගධර ගාමිණී ෆොන්සේකා ගෙන් පසුව ජනප්‍රියතම නළුවා ලෙස වැඩි කලක් ජනතා සම්මානය හිමිකර ගැනීමට සමත් වූයේ විජයයි. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කොහේ කොතැනක ගියත් ඔහුගේ අව්‍යාජ සිනහවට, ආකර්ෂණීය රුවට, අව්‍යාජවූ මිනිසත්කමට ආදරය කළ ජනතාව ඔහු වටා රොක්වූහ.
විජය පිළිබඳ ඉහත සඳහන මම කළේ අදින් වසර 26 කට පෙර ජීවත් වූ ඔහු පිළිබඳව අද පරපුරේ අවබෝධය ඥනනය වඩනු පිණිසය.
ඔහු සීදූව මහ විදුහල හා කඳාන මැසනඩ් විදුහල හා කොටහේන ශාන්ත බෙනඩික් විදුහල්වල අධ්‍යාපන හැදෑරුවේය. සිනමාවේදී ඔහු හා රඟපෑ රවීන්ද්‍ර රන්දෙණිය හා රොබින් ප්‍රනාන්දු මිතුරන් සමග ශාන්ත බෙනඩික් විදුහලේ ඉගෙනුම ලැබූ විජය මුල්ම රැකියාව ලෙස අයෑදුම් කළේ පොලිස් පරීක්ෂකවරයකු වීමටය. පොලිසියේ රැකියාව සඳහා වූ සම්මුඛ පරීක්ෂණයෙන්ද ඔහු සමත් ව සිටියේය. පොලිසියේ රැකියාව වෙනුවට විජය රංගනය කෙරෙහි යොමුවීම දෛවෝපගත සිද්ධියක් විය. පුවත්පතක පළවී තිබූ දැන්වීමක් අනුව අයෑදුම්පතක් යොමුකළ ඔහු පළමුවරට "හන්තානේ කතාව" චිත්‍රපටයේ නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණයට සහභාගි විය. සුගතපාල සෙනරත් යාපා (අධ්යක්ෂ), විජය ධර්ම ශ්‍රී, සෝමපාල ලැනරෝල්, දයානන්ද ගලප්පත්ති, ඒ. බී. රාඡ් වැන්නෝද එම සම්මුඛ පරීක්ෂණ මඬුල්ලේ වූහ. පරීFෂණයෙන් තේරුණු විජය හන්තානේ කතාවේදී ස්වර්ණා මල්ලවආරච්චි, ටෝනි රණසිංහ, සෝබනී අමරසිංහ, අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන්, සමන්ති ලැනරෝල්, නිශ්ශංක අමරසිංහ සමග මුල්වරට සිනමා කැමරාවට මුහුණ දුන්නේය.
කලාවට තිබූ අතිශය කැමැත්ත නිසාම විජය වරෙක ශේෂා පලිහක්කාරයන් මෙහෙයවූ සෙරන්ඩිබ් කලායතනයට බැඳී එහි නැටුම් හා රංගන පාඨමාලාවන්ද හැදෑරීය. හන්තානේ කතාවේ රඟපාද්දී විජයට ලැබුණු ආරංචියක් වූයේ සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන් "ක්ෂිතිජය" නමින් ගීත නාටකයක් නිර්මාණය කරමින් සිටින බව හා ගීත ගායනයටද හැකියාවක් ඇති ශිල්පීන්ට එහි ඉඩ ප්රස්ථා ඇති බවකි. ඒ අනුව දිනක් කේමදාසයන් හමුවීමට ගිය විජය නම්වූ මේ යෞවනයා තමා පැමිණි කාරණය ප්‍රකාශ කර සිටියේය. එම හමුවීම කේමදාසයන් විසින්ම වරෙක මෙලෙස විස්තර කළේය. "ඒ වන විට මරදානේ ජයන්ත වීරසේකර මාවතේ තට්ටු ගොඩනැඟිල්ලක මම සංගීත මංජරිය පවත්වාගෙන ගියා. ඒ වන විට ක්ෂිතිජය කියලා ගීත නාටකයක් කරන්න අපි සූදානමින් සිටියේ. එහි රඟපාන අයට ගීත ගායන හැකියාවද අවශ්‍ය බව අප දන්න අයට කියා තිබුණා. දිනක් මම එහි සංගීත නිර්මාණයක යෙදී සිටින අතරතුර හිස ඔසවා බලන කොට මදක් කෙට්ටු සිරුරකින් යුත් දැකුම්කලු තරුණයකු මා අසල සිටගෙන සිටියා. ඔහු තමන් කවුදැයි ඉතා කාරුණිකව පළමුව පළකළා.
තමුන් ඒ දිනවල "හන්තානේ කතාව" නම්වූ චිත්‍රපටයේ රඟපාන බවත් ඔහු පළකළා. මම ඔහුගේ සුදුසුකම් පරීක්ෂා කළා. විෂයයක් ලෙසින් සංගීතය ප්‍රගුණ කර නොතිබුණත් ශ්රැතියට අනුව ගීත ගායනා කිරීමේ සහජ හැකියාවක්, ගැඹුරු කටහඬක් ද මේ කඩවසම් තරුණයාට තිබුණා. ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් රචනා කර තිබූ මගේ "ක්ෂිතිජය" ගීත නාටකයට අපි විජයව තෝරා ගත්තා. විජය ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි මුල්ම මොහොතයි ඒ. සමන් බොකලාවල ඇතුළු නවක නළු නිළියන් සමග විජය ඉතා දක්ෂ ලෙස එහි රඟපෑවා මට මතකයි."
1945 ඔක්තෝබර් 09 වැනි දින ජන්ම ලාභය ලැබූ විජයගේ දෙමවුපියන් වූයේ සීදුව ප්‍රදේශයේ ගම්මුලාදෑනියකු වූ බෙන්ජමින් කුමාරතුංග සහ බ්‍රියටිස් කුමාරතුංග යුවළයි. සාමාජිකයන් 4 දෙනකුගෙන් යුත් පවුලේ බාලයා විජයයි. වැඩිමහල් සොහොයුරා සිඩ්නි නම්වූ අතර ඔහු ජීවන් කුමාරතුංගගේ පියා වෙයි. විවියන් හා රූපා සෙසු සොහොයුරියන් වූහ.
හන්තානේ කතාවෙන් ආරම්භ වූ ඔහුගේ සිනමා රංගන චාරිකාවේ මතක සටන් බොහෝය.
ඔහු රඟපෑ "බඹරු ඇවිත්, පාර දිගේ, අහස් ගව්ව, සිකුරු ලියා, ගඟ අද්දර, තුෂාරා, මේ දෑස කුමටද, හතර දෙනාම සූරයෝ, 'සංගීතා' මමයි රජා, බැද්දේගම, හිඟන කොල්ලා, මරුවා සමග වාසේ, කැඩපතක ඡායා" 'ක්‍රිස්තු චරිතය' ඇතුළු කලාත්මක වාණිජ මැද මාවතේ ඔහු රඟපෑ හැම චිත්‍රපටයක්ම ප්‍රේක්ෂක රස මනසේ චමත්කාරය නිධන් කරන්නට සමත් විය. විජය මියගොස් වසර 26 ක් ගතවුවද ඔහු ජීවත්ව සිටියා නම් ගතවූ කාලයේදීත් ජනතාව ඔහුට පැළඳවූ ජනප්‍රියත්වයේ කිරුළ ඔහුටම පළඳවනු ඇත. මන්ද ඔහු තැබූ මිනිසත්කම මුසුවූ ජනප්‍රියත්වයේ කිරුළ පැළඳවිය හැකි සුදුස්සෙක් තවමත් බිහිවී ඇති බවක් අපට නොහැඟෙන හෙයිනි. තමාට සම්මානයක් නොලැබුණද හැම සම්මාන උළෙලකටම ගොස් තම සහෝදර ශිල්පීන්ගේ සම්මාන සතුට බෙදා ගන්නට තරම් නිහතමානී විය.
විජය කවදාවත් තමා වෙනුවෙන් සටන් නොවැදුණු මිනිසෙකි. ඔහු හැම විටම අන් අයගේ යහපත යුක්තිය ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් කළේය.
1978 පෙබරවාරි 20 වැනිදා විජය කුමාරතුංගයන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග විවාහ ගිවිස ගත්තේය. විජය පළමුවරට ක්‍රියාකාරී දේශපාලනයේ මැතිවරණයකට තරග කළේ 1977 කටාන ආසනයේ ශ්‍රීලනිප අපේක්ෂකයා වශයෙනි. 1980 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කරද්දී ඊට එරෙහිව පැවැත්වූ විරෝධතාවල විජය කුමාරතුංගයන්ද පෙරමුණේ සිටියේය. ශ්‍රිලනිපයේම කණ්ඩායමක් එම පක්ෂ මූලස්ථානය බලයෙන් අත්පත් කරගත් අවස්ථාවේ බණ්ඩාරනායක මැතිනියට උපරිම ලෙස සහාය පළකළ විජය, බණ්ඩාරනායක මැතිනිය අධිකරණය හමුවට ගිය අවස්ථාවල පවා ඇය සමග සිටි අන්දමද මට මතකය. 1982 ජනාධිපතිවරණයේ දී ඡේ. ආර්. ජයවර්ධන මහතාට විරුද්ධ බලවේගය ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව මහතා මෙහෙය වීමේ වගකීම වැඩි ප්‍රමාණය කරට ගත්තේ විජයයි. පක්ෂයේම ඇතැමුන්ගේ කුමන්ත්‍රණ හා පාවාදීම්වලට මැදිව වුව විජය එදා කළ කැපවීම ඔහුගේ විරුද්ධවාදී දේශපාලන මත දරන්නන්ගේ විරසකයට බෙහෙවින්ම හේතු වන්නට ඇත. 1982 ජනමත විචාරණයට පෙර රාජ්‍ය විරෝධී ක්‍රියාවල යෙදුණැයි "නැක්සලයිට්" චෝදනාවක් මත එවක රජය විජය ඇතුළු පිරිසක් සිරගත කරනු ලැබීය. විජය පළමුව හමුදා කඳවුරකටත් දෙවනුව වැලිකඩ බන්ධනාගාරයේත් රඳවනු ලැබීය. හරිහැටි ආලෝකය පවා නොවැටෙන සිර කුටියක විජය රඳවා සිටියේය.
තම මූලික අයිතිවාසිකම් පැහැර ගනිමින් සිරභාරයේ තබා ගැනීම නීති විරෝධි ක්‍රියාවක් බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා විජය පසුව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවට පෙත්සමක් ගොනු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් වූ නෙවිල් සමරකෝන්, ඡේ. එµa. ඒ. සෝසා, පාරින්ද රණසිංහ යන මහත්වරු පෙත්සම විභාග කරන ලදී. එවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජී. ටී. පී. සමරසිංහ, පොලිස්පතිව සිටි රුද්‍රd රාජසිංහම්, නීතිපතිව සිටි ශිවා පසුපති යන අය නඩුවේ වගඋත්තරකරුවන් වූහ. එම නඩු තීන්දුවේ දී එවක අග්රවිනිශ්චයකාරවරයා වූ නෙවිල් සමරකෝන් මහතා වෙනම තීන්දුවක් දුන්නේය. විජය කුමාරතුංග මහතා සිර භාරයට ගැනීම රඳවා ගැනීමේ නියෝගයෙන් කුමාරතුංග මහතාගේ මූලික අයිතීන් පැහැර ගැනීමක් සිදුව ඇති බවත්, එවැනි අත්අඩංගුවට ගැනීමකට සිර අඩස්සියේ රඳවා ගැනීමකට ආරක්ෂක ලේකම්වරයාට 17 වැනි වගන්තිය යටතේ කිසිදු බලයක් නැති බවද, ඔහු රඳවා ගැනීමට යුද හමුදාවට හා පොලිස් නිලධාරීන්ටද බලයක් නැති බවටද, එම නඩුවේ විනිසුරුවරයකු වන සෝසා මහතා දෙන තීරණය හා එකඟවීමට තමාට නොහැකි යෑයිද නෙවිල් සමරකෝන් මහතා එහි දක්වා තිබිණි. මෙම සිදුවීම අද වැනි දිනෙක සිහිපත් කරනුයේ එය කිසියම් සුවිශේෂ නඩු තීන්දුවක් ලෙස අපට හැඟෙන හෙයිනි.
1982 දෙසැම්බර් 22 දා ජනමත විචාරණය පැවැත්වීමෙන් ඉක්බිතිව 1983 ජනවාරි 18 දායින් පසුව විජය නිදහස් කරනු ලැබීය. මහර හා මින්නේරිය අතුරු මැතිවරණයේ දී විජයට අනන්ත බාධකවලට මුහුණ දීමට සිදුවිය.
ශ්‍රීලනිපයෙන් වෙන්වී 1984 ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවා ගත් ඔහු එවක පැවැති රජයට එරෙහිව විපක්ෂයේ භූමිකාව වෙනුවෙන් මහත්වූ කාර්යභාරයක් තම ජීවිතය පරදුවට තබා ඉටු කළේය. 1986 දී මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා කැපවෙමින් තමිල්නාඩු දේශපාල නඥයන් හා උතුරේ සටන් කළ අය හා සංවාදයක යෙදෙමින් ත්රස්තවාදයට එරෙහිව දේශපාලන විසඳුමක අවශ්‍යතාව දැඩිව පෙන්වා දුන්නේ යුද්ධයෙන් වූ ජීවිත විනාශය වළක්වා ගැනීමේ අරමුණින්ය. වමේ පරිණත දේශපාලකයන් අභිබවා ජනවාර්ගික ප්රශ්නය සම්බන්ධයෙන් වූ ඔහුගේ මැදිහත්වීම කැපී පෙනුණ කරුණක් විය. කොටි අත්අඩංගුවේ සිටි හමුදා සෙබළුන් මුදවා ගැනීමට යාපා පටුනට ගිය විජයට උතුරේ ජනතාව උණුසුම් අන්දමින් පිළිගත්තේය. සිනමා කර්මාන්තයේත් එහි නළු නිළියන් ඇතුළු සියලු තරාතිරම්වල ශිල්පීන්ගේත් එකමුතුකම දැඩිව පැතූ විජය තම ජීවිතයෙන් ඊට ආදර්ශයක් දුන්නේය. ඔහු ඇතැම් චිත්‍රපටවල රඟපෑවේ කිසිදු මුදලක් ලබා නොගෙනය. සිනමා කර්මාන්තයේ පැවැත්ම ඔහු බෙහෙවින්ම අගය කළේය.
කිසියම් චිත්‍රපටයක් තම කලා ක්ෂේත්රයේ අයකු නිපදවී නම් මුදල් පවා නොගෙන විජය හැමවිටම ඊට ප්‍රමුඛතාව දුන්නේ කලාවේ ලෙන්ගතු සහෝදරත්වයට මුල්තැන දෙමිනි. ආර්ථික අතින් දුප්පත් කලාකරුවන්ට ඔහු තම පොකැට්ටුව දිග හැර ඇති හැකි අන්දමින් උපකාර කළේය. මගේ යශෝධරා, විමුක්ති දරුවන් ඉස්කෝලේ ඉගෙන ගන්නකොට ඔබේ පියා මළේ කොහොමද කියලා අහන වෙලාවක, ඔහු මළේ චිත්‍රපට ජවනිකාවක රඟපාද්දී පපුවේ අමාරුව හැදිලා... කියලා අහන්න නොලැබේවා! කියලා මම ප්‍රාර්ථනා කරන්නේ.... මේ රටේ දුක් විඳින ජනතාවට යහපත් හෙටක් උදා කරදෙන්න සටන් කරලා වෙඩි කා මා මළා කියන්න දරුවන්ට කියන්න දවසක් ලැබේවා..." කියලයි මම පතන්නේ... විජය වරෙක කීවේය. එකල විජය කිරුළපන පොල්හේන්ගොඩ පදිංචිව සිටියේය. දකුණේ 1988 භීෂණය පැතිර යද්දී එක්තරා පිරිසක් කැසට් පටයක වූ කතාවකින් විජයට "දේශද්‍රෝහී" ලේබලය අලවා තිබිණි. මට හමුවූ මේ කැසට් පටය දිනක් විජයගේ නිවසට ගොස් මා ඔහුට දුන්නේ ප්‍රවේශම් වන ලෙස ඉල්ලමිනි. තමන්ගේ දේශපාලනය පිළිනොගන්නා ජනතාව ඉන්නා බව විජය පිළිගත් නමුත් තමන්ගේ ජීවිතය විනාශ කර දමන තරමට හතුරකු ඇතැයි මේ සොඳුරු මිනිසා සිතුවේ නැත. ඔහු මනුෂ්‍යත්වයට ආදරය කළේය. මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් හැම අභියෝගයක් ඉදිරියේම ඔහු නොසැලුණු මනසකින් ක්‍රියා කළේය. විජය කුමාරතුංග නමැති දේශපාලකයාත්, කලාකරුවාත් ලාංකීය ජන හදවත් තුළ අමරණීය වන්නේ මේ භේතු නිසාය.
නාරද නිශ්ශංක
උපුටා ගැනීම - දිවයින

Last edited: