"නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය.විජයගේ ආදානය 1988 පෙබරවාරි 21වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කල අතර එය ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට අවමගුලක් සජීව ලෙස විකාශය කල අවස්ථාව ලෙස සැලකේ.
කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මගින් වගකීම භාරගෙන තිබිණි. "
ශ්‍රි ලංකා මහජන පක්ෂය පක්ෂයේ නායක සහ ජනප්‍රිය සිනමා නළු විජය කුමාරතුංග ඝාතනයට ලක්වී 2026 පෙබරවාරි 16වනදාට වසර 38කි. මේ ඒ කතාවය….
විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර්ය. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාවෙන් 1969දී සිනමාවට පිවිසි විජය සිනමා තාරකාවක් බවට පත් වූයේ තුෂාර චිත්‍රපටිය 1973 තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ ජනප්‍රියත්වය කෙතරම්ද යත් 1976දී තිරගත වූ චිත්‍රපටි හතකම ප්‍රධාන නළුවා වූයේද ඔහුය. ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 114කි. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත 100ක් ගායනා කල ඔහු කැසට්පට 10ක් පමණ නිකුත් කළේය. සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ විජය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට 1977දී තරඟකර පරාජයට පත්විය. පසුව ඔහු දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සහ අගමැතිනී සිරිමාගේ කණිටු දියණියවූ චන්ද්‍රිකා සමඟ 1978 පෙබරවාරි 20 අවාහ කර ගත්තේය.
ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට 1982 ඔක්තෝබර් 20වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරිව සහාය දැක්වූ විජය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප රජය මගින් නැක්සලයිට් චෝදනාව ගොනුකර 1982 නොවැම්බර් 19වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී. මහර අතුරු මැතිවරණයට 1983 මැයි 18 ශ්‍රීලනිපයෙන් විජය ඉදිරිපත්ව පරාජයට පත්විය. එජාපයේ කමලවරණ ජයකොඩි මහර මන්ත්‍රීවරයා වූයේ වැඩි ඡන්ද 45කිනි. ශ්‍රි ලංකා මහජන පක්ෂය ටී. බී ඉලංගරත්න ඇතුළු ශ්‍රීලනිප ජේෂ්ඨයින් සමඟ 1984 ජනවාරි 22වැනිදා පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ ඔහු විසිනි.
ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ්‍රි ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයින් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කල නියෝගයක සඳහන් විය. ජවිපෙ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත්කල අතර මහජන පක්ෂය සහ විජයද දේශදෝහීන් ලෙස නම් කෙරෙනි. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වලල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි.
නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය.විජයගේ ආදානය 1988 පෙබරවාරි 21වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කල අතර එය ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට අවමගුලක් සජීව ලෙස විකාශය කල අවස්ථාව ලෙස සැලකේ.
කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මගින් වගකීම භාරගෙන තිබිණි. එමෙන්ම මව්බිමේ සියළු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය මැයින් 1988 පෙබරවාරි 21වැනිදා ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ මැයින් පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේද සඳහන් විය. ‘අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූවද දෝහීන් නොවූ කිසිවෙකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු’.
විජය කුමාරතුංග ඝාතනය කල පාලම්මුල්ලලාගේ ලයනල් රණසිංහ 27 හැවිරිදිය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපායමාර්ගික ගමන්මඟ අනුව ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතන 41ක් සිදුකල ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ නිවෙස්වලට ගිය ලේඛක Dharman Wickremaretne ඔහුගේ පවුලේ අය හමුවිය. ඔවුන් පැවසූ පරිදි ලයනල් යනු ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැගූ මිනිසෙකි. එය ද්‍රරිද්‍රතාවය සහ සමාජ පීඩනය නිසා රැඩිකල් දේශපාලනයට එක්වු තරුණයෙකුගේද කථාවකි. විජය ඝාතනයට සම්බන්ධ යතුරුපැදිය පදවාගෙන ගිය සැකකරු වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත්ය. මේ ඒ කතාවය….