විජාතික කුමන්ත‍්‍රණකරුවන්ගේ ප‍්‍රයත්න&#3

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    විජාතික කුමන්ත‍්‍රණකරුවන්ගේ ප‍්‍රයත්න&#3


    විජාතික බලවේග, සුද්දන් හා කළු සුද්දන්, ඩොයිලිලා තාවකාලික හෝ සටන් විරාමයකට සූදානම් නැති බව අද ඉතා පැහැදිලිය. එක්සත් ජනතා සන්ධානය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමගම, තමන් ගොදුරු කරගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තවදුරටත් විජාතිකත්වයේ ගොදුරක් වීම ප්‍රතික්ෂේප කිරීමත් සමග තමන්ට අත් වූ පරාජය පිළිගෙන, තාවකාලිකව හෝ වේදිකාවෙන් බැස යෑමට විජාතික බලවේග සූදානම් නැති බව අද ඉතා පැහැදිලිය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය මනෝ ගනේෂන් මහතාගේ පක්ෂය බටහිර විදේශීය තානාපති කාර්යාලයන්හි සෘජු මෙහෙය වීම මත අද ඉෂ්ට - සිද්ධ කර ගැනීමට තැත් කරමින් සිටින්නේ කුමක්ද?

    මතකද පිටකොටුව බෝම්බය? පිටකොටුව බෝ සමිඳු අසල අත පය කෑලි කෑලී සතර අත විසිර තිබුණු, මස් වැදලි, ලේ කැටි පාර පුරා විසිර තිබුණු, කඳින් වෙන් වු හිස් ගෙඩි බියකරු දසුන් මැවූ ඒ මූසල අඳුරු දවස මතකද? අපේ අනාගතය, පාසල් සිසුන් ඉලක්ක කළ මරදාන බෝම්බය මතක ද? එවකට මේ රටේ රාජ්‍ය නායකයා වූ ආර්. ප්‍රේරමදාස ජනාධිපතිතුමාව ඝාතනය කරනු ලැබූ බෝම්බ ප්‍රහාරය මතකද? එක්සත් ජාතික පක් ෂයේ නායක ගාමිණී දිසානායක, මේජර් ජනරාල් ලකී අල්ගම මරාදැමූ බෝම්බය මතකද?ශ්‍රී ලංකා නිදහස් පක් ෂයේ නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියට එල්ල කළ බෝම්බ ප්‍රහාරය මතකද? ලක් ෂමන් කදිරගාමර් විදේශ ඇමැතිතුමා ඝාතනය කළ අයුරු, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රමුඛ සෙන්පතියන්ට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මතකද?

    මහා බැංකුවට එල්ල කළ බෝම්බ ප්‍රහාරය, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල කළ ප්‍රහාරය මතකද?
    එදා කොටි මිලේච්ඡ ත්‍රස්තවාදය බෝම්බ ප්‍රහාර මගින්, රාජ්‍ය නායකයන්, ඇමැතිවරුන්, සෙන්පතියන් ඝාතනය කිරීමෙන් සපුරා ගැනීමට තැත් කළ ඉලක්කය කුමක්ද?
    මහා බැංකුවට, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට, තෙල් පිරිපහදුවට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමෙන් සපුරා ගැනීමට තැත් කළ ඉලක්කය කුමක්ද?
    වෙන කිසිවක් නොව අපේ රාජ්‍යය අකර්මණ්‍යය කිරීමයි. අපේ රට පාලකයෙක් නැති, පාලනයක් නැති අනාථ භූමියක් කිරීමයි. මේ රට වැසියන් අප රාජ්‍යයක ආරක්ෂාවක් නැති, පාලකයකුගේ රැකවරණය නැති අසරණ අනාථයන් පිවිසක් බවට පත් කිරීමයි.

    දැන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විජාතික ජුන්ටාව අධිකරණය මගින් ඉටු කරගැනීමට තැත් කරන ඉලක්කය කුමක් ද? අපේ පාර්ලිමේන්තුව ගරු කථානායක කරුමයා මගින් අවභාවිත කර උදා කර ගැනීමට තැත් කරන්නේ කුමක්ද? බලපෑම් කරමින් අපේ විධායකය යොදා ගැනීමට තැත් කරන්නේ කුමකටද?
    අභියාචනාධිකරණය හමුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විජාතික කුලී හේවායන් 122 පවරා ඇති නඩුවෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද? මහින්ද රාජපක් ෂ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයම නිෂ්ක්‍රීය කරන ලෙසය. අන් කිසිවක් නොව අමාත්‍ය මණ්ඩලයම, රාජ්‍ය යාන්ත්‍රණයම අක්‍රීය කරන ලෙසය. මේ එදා කොටි ම්ලේච්ඡයන් මගින්, බෝම්බවලින්, ඝාතනවලින් ඉෂ්ට කරගැනීමට තැත් කළ ඉලක්කයම නොවේද?

    අපේ පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාදායකය යොදා ගනිමින් සිටින්නේ කුමක් සඳහාද? ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සියලූ අමාත්‍යාංශවල වැය ශීර්ෂ කපා හැරීමට කළ යෝජනාවේ අර්ථය කුමක්ද? පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට මුදල් වියදම් කළ නොහැකි නම්, අධිකරණ අමාත්‍යාංශයට මුදල් වියදම් කළ නොහැකි නම්, ආරක්ෂක අමාත්‍යාංශයට මුදල් වියදම් කළ නොහැකි නම්? රණවක මයා යෝජනා කරන්නේ කොටියා බෝම්බයෙන්, ඝාතනයෙන්, බිය ගැන්වීමෙන් කළ යෝජනාවමය. රාජ්‍යය සහමුලින්ම අක්‍රීය කිරීමය. සමස්ත රාජ්‍ය ක්‍රියාකාරීත්වමය නැවැත්වීමය.

    මේ දුෂ්ට බලවේග, මේ පාපී බලවේග අපේ විධායක ලවා, මෛ ත්‍රීපාල සිවිසේන ජනාධිපතිතුමා ලවා ඉටු කරගැනීමට තැත් කරන්නේ කුමක්ද? පෙඩරල් රාජ්‍යයක් බිහි කිරීම සිය අරමුණ කරගත්, බෙදුවාදයට හා ආගමික මූලධර්මවාදයට නතුව ඇති දෙමළ ජාතික සන්ධානය (ටි. එන්. ඒ.) එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනකුගේ අත්සනින් ජනාධිපතිතුමා වෙත යැවූ ලිපිය මගින් ඉල්ලා සිටින්නේ කුමක්ද? විපක්ෂ නායකකම තදින්ම අල්ලාගෙන සිටිමින් මේ පෙඩරල්වාදීන් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතික පෙරමුණෙන් අගමැති පත් කරන ලෙසයි. ඔක්තෝබර් 26 ට පෙර පැවැති තත්ත්වයට යන ලෙසය.

    ටී. එන්. ඒ. ලිපිය සමස්ත ජාතිය රැවටීමට දරන නින්දිත උත්සාහයක්ය. විපක්ෂ නායකකම දැඩිව ග්‍රහණයේ තබා ගනිමින්ම ප්‍රශ්න කළ විට තමන් රජයක කොටස්කරුවන් නොවන බව කියමින්ම අහවල් පක් ෂයෙන් අගමැති පත් කරන්න යැයි මේ මන්ත්‍රීවරු කියන්නේ රෙදි ඇඳගෙන ද? මේ උත්සාහ කරන්නේ එක්සත් ජාතික පෙරමුණට නැති බහුතරයක් (මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව 122/123 ක් එකතු කළාට එක්සත් ජාතික පෙරමුණු රජයකට තාම 113 වත් එකතු කරගෙන නැත) ව්‍යාජ ලෙස රටට පෙන්වන්නටය. කෙසේ හෝ මේ පෙඩරල්වාදී, බෙදුම්වාදී, ආගමික මූල ධර්මවාදී කල්ලියේ මෙහෙය වීමට අප රටේ අග්‍රාමාත්‍ය ධුරය ද නතු කරගැනීමට ය. විපක් ෂ නායකකම මේ පෙඩරල්වාදීන් අත තිබිය දීම අගමැතිත් ඔවුන්ගේම පාලනයට නතු කිරීමටය. මීට වැඩි කෲර ඒකාධිපතිවාදයක්, පැසිස්ට්වාදයක් අශිෂ්ටත්වයක් තිබිය හැකිද?

    මේ සියලූ කරුණුවලින් පෙනීයන්නේ එදා කොටි මිලේච්ඡත්වය අප රටට එරෙහිව මෙහෙය වූ බලවේග අද එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය (ටී. එන්. ඒ) ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන් මහතාගේ හවුල අද සියල්ල මෙහෙයවමින් ඒ මිලේච්ඡත්වයට ඒ අශිෂ්ටත්වයට අපගේ අධිකරණය, අපගේ ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව), අපගේ විධායකය (ජනාධිපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය) යටත් කිරීමේ ප්‍රයත්නයක නිරතව ඇති බවය. මිලේච්ඡත්වයේ, අශිෂ්ටත්වයේ බලවේග අප සැමගේ නිවෙස්හි දොරටුවලට තට්ටු කරමින් යටත්වන ලෙස කියා සිටින බවය. යටත් වෙමු ද? වසර දහස් ගණනක් පුරා පරපුරෙන් පරපුර දිවි පුදා රැකගත් මවුබිම පාවා දෙමු ද? සභ්‍යත්වය පාවා දෙමු ද?

    මේ කැප්පෙටිපොළ නිලමේ ඇතුළු 1818 මහ කැරැල්ලේ විරුවන් සමරන මොහොතයි. ඒ නිදහස වෙනුවෙන් අපේ මවුබිම, අපේ සභ්‍යත්වය වෙනුවෙන් කළ උදාර ජීවිත පූජාවේ 200 වන සංවත්සරය සමරන මොහොතයි. අපි මිලේච්ඡුත්වයට, අශිෂ්ටත්වයට, විජාතිකත්වයට යටත් නොවෙමු. අපි පෙරළා අපේ උරුමය වෙනුවෙන් සටන් කරමු.

    සටන් පෙරමුණ කුමක්ද? ඔවුන් අපෙන් මේ මොහොතේ මුළු වැර යොදා උදුරා ගැනීමට තැත් කරන්නේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව මහ මැතිවරණයයි. අපේ ඡන්ද අයිතියයි. අභියාචනාධිකරණය මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය අක්‍රීය කරමින් අතුරු තහනම් නියෝගයක් දුන් සැණෙන් ඒ විජාතික මාරපුත්‍රයන්ගේ දුර්දාන්තම කුලී හේවායකු වන ජ. වි. පෙ. නායක අනුර කුමාර ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළේ කුමක්ද? "දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය වහාම ඉල්ලා අස් කරගත යුතුයි"; ඒ කියන්නේ අපට ලබාදුන් මහා මැතිවරණය අපෙන් උදුරාගත යුතු බවයි. ඊළ`ගට අනුර කුමාර ගරු මන්ත්‍රීතුමා කියන්නේ කුමක්ද?"වහාම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ යුතුයි." ඒ කියන්නේ ජනාධිපතිවරණය වහාම අහෝසි කළ යුතුයි. ඒ ඡන්දයත් අපෙන් උදුරාගත යුතුයි.

    ඉතින් අප කළ යුත්තේ කුමක්ද? අපේ ඡන්ද අයිතිය සුරක් ෂිත කරගැනීමයි. වහාම, මහ මැතිවරණයක් ලබාගැනීමයි. අරගලය හුදී ජනයා වෙත රැගෙන යෑමයි. අද දින ජාතික සටන එයයි.

    -ගෙවිඳු කුමාරතුංග
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world


    gTDm2J0.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ඔහොම කියන ගෙවිඳුලත් කඩේ යන්නෙ විජාතිකයො පිරිසක් වටේ තියන් ඉන්න පක්ශෙකටනෙ. ඒකනෙ අවුල.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ගෙවිඳු කුමාරතුංග :lol::lol::rofl:

    “ඔයා ඇවිත් මෙතන ඉදගන්න.. මේක මගේ මාද්‍ය සාකච්චාව. ඔයයි මමයි සමවෙන්න බැහැනේ.. මේ දවස්වල කාගෙන්ද පඩි ගන්නේ... මෙයාගේ මුණත් ගන්න කැමරාවට.”
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ඔහොම කියන ගෙවිඳුලත් කඩේ යන්නෙ විජාතිකයො පිරිසක් වටේ තියන් ඉන්න පක්ශෙකටනෙ. ඒකනෙ අවුල.


    මෙන්න අර 2015 බොරු කියලා යහපාලනේ ගෙනාපු සෙට් එක ආයි එනවෝ….
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113

    මෙන්න අර 2015 බොරු කියලා යහපාලනේ ගෙනාපු සෙට් එක ආයි එනවෝ….
    පුළුවන් නම් උත්තර දීපන් ගෙවිඳු කඩේ යන්නෙ එහෙම පිරිසක් ඉන්න පක්ශෙකට නෙවේ කියලා.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මෙන්න අර 2015 බොරු කියලා යහපාලනේ ගෙනාපු සෙට් එක ආයි එනවෝ….

    Ithin eith lankawe aya ne. Ltte eke hitiyeth lankawe purawasiyo 88:89 tyre wala maruneth lankikayo. Sudu van walin maruwa ayath lankawe. Hamotama ekama mathayak thiyenna ona na ne. Ponnaya wanda napunsakaya kiana ranil hama chandrnma wage colombo wadima manapa, keepa sarayak agamathi. Ethakota eya karana ewata rate sahenna pirisak kamaththa deela thiyanawa.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    Ithin eith lankawe aya ne. Ltte eke hitiyeth lankawe purawasiyo 88:89 tyre wala maruneth lankikayo. Sudu van walin maruwa ayath lankawe. Hamotama ekama mathayak thiyenna ona na ne. Ponnaya wanda napunsakaya kiana ranil hama chandrnma wage colombo wadima manapa, keepa sarayak agamathi. Ethakota eya karana ewata rate sahenna pirisak kamaththa deela thiyanawa.


    මුන්ගේ තියරිය අනුව jvp, unp ඔක්කොම වෙන රට වලින් ආව විජතිකයෝ. ඇයි දන්නේ නෑ විජතියන්ට ලංකාවේ චන්ද අයිතිය දුන්නේ.


    මං හිතන්නේ 100% සිංහල (100% ලංකාවේ කලාවන් නොවුන ජාන තින කොටස) තෝරලා ඒ අයට පමණක් චන්ද අයිතිය දෙන්න ඕනා. අනිත් අය වෙන රටවලින් ආව අය හෝ මෙහෙ අය එක්ක කලාවන් උන ජාතින්. ඔව්න් ශුද්ද සිංහල නෙවි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    Ithin eith lankawe aya ne. Ltte eke hitiyeth lankawe purawasiyo 88:89 tyre wala maruneth lankikayo. Sudu van walin maruwa ayath lankawe. Hamotama ekama mathayak thiyenna ona na ne. Ponnaya wanda napunsakaya kiana ranil hama chandrnma wage colombo wadima manapa, keepa sarayak agamathi. Ethakota eya karana ewata rate sahenna pirisak kamaththa deela thiyanawa.


    කොළඹ ඉන්න දෙමලු , හම්බයෝ චන්දෙ දෙන්නේ පොනිල්ට. උන්ට කොළඹ ලස්සන කරපු එකවත් , කොළඹ කුණු අයින් කරපු එකවත් වැඩක් නෑ. උන්ට නායකයා වෙන්න ඕනේ රනිල්...රටට වැඩක් නොකරත් කොළඹට වැඩක් නොකරත් කමක් නෑ. යුද්ධෙන් පස්සේ උතුරේ රේල් පාර , A9 , අනිත් පාරවල් බැංකු , අනෙකුත් රාජ්‍ය ගොඩනැගිලි අනෙකුත් සංවර්ධන ව්‍යාපාර කොයිතරමක් මහින්ද කරත් උන් චන්දෙ දෙන්නේ මහින්දට ද ?