පෘථිවියෙන් කිලෝමීටර් ට්‍රිලියන මිලියන 500ක් එහා පැත්තේ ගැලැක්සියක ඇති කලු කුහරයක් (Black Hole) හොයාගෙන, ඒකෙ දිග පලලත් මැනගෙන, ඒකෙ ෆොටො එකකුත් ගන්න තරං තාක්ශනය දියුණු වෙද්දි මෙහෙ මට?
මීගමු උසාවියෙන් දෙන පොඩි නඩු තීන්දුවක් ඊට කිලෝමීටර් 30ක් එහා පැත්තෙ ඇති ගම්පහ ඉඩං කච්චේරියේ අප්ඩේට් කරවගන්න මේ මුලු විශ්වයේම කොහෙවත් නැති මහා ශ්‍රේශ්ට ජාතියක් සහ මාර බුද්ධිමතුන් ඉන්න අති පවිත්‍ර සබ්බයත්වයක් ඇති උතුම් ශ්‍රී ලංකාවෙ පමණක් ඇති ඒ මහා සංකීර්ණ ක්‍රමවේදයන් අත් විදීමට සිදු වී ඇත.
මේක හිත හිත එලියෙ කැඩිච්ච පුටුවක අව්වෙ වාඩි වෙලා ඉද්දි මිස් කෙනෙක් (දුබුරු සාරියක්, කොල පාට හැට්ටයක්, මූසලයි, කාලකන්නි) ඇවිල්ල මට කියපි:
"ඔයාගෙ වැඩේ අද කරගන්න බෑ, හෙට ඉදන් අපි නිවාඩු, ආයෙ 22 එන්නෙ, ලබන සතියෙ 'නිකමෙට' ඇවිල්ල බලන්නකො....."