විජේවීරව පාවලා දෙන අනුර...............

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    විජේවීරව පාවලා දෙන අනුර...............
    -------------------------------------------------------------
    අපි අතින්ද නොවිය යතු දේ සිදුවුණා. ඒ සම්බන්ධයෙන් අපි ජනතාවගෙන් සමාව අයදිනවා.
    අනුර කුමාර දිසානායන)
    මට හිතාගන්න බෑ ඇයි අනුර කුමාර රටේ ජනතාවගෙන් සමාව අයදින්නේ කියලා. මොකද අපි දන්න තරමින්නම් රටක විප්ලවයක් වෙලා ඒ විප්ලවයෙන් රටට සහ රටේ ජනතාවට හානියක් සිද්ද උනානම් ඒ වෙනුවෙන් සමාව අයදි සිටින්නේ තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් රටේ වටිනා ජීවිතයන් බිල්ලට දීපු අවස්තාවාදීන් මිසක් හදවතින්ම රටට යහපතක් සිද්ද වෙන්න ඕනි කියලා හිතාගෙන රට ටවනුවෙන් තමන්ගේ ජීවිතය පවා උගසට තිබ්බ සැබෑ විප්ලවවාදීන් නොවන නිසා.
    අපි මොන මතවාදයක් නියෝජනය කරත් අදටත් අපි ගරු කරන පුද්ගලයෙක් තමයි රෝහණ විජේවීර කියන විශිෂ්ඨ විප්ලවවාදියා. අපිට මොන දේශපාලන මතවාදයන් තිබුනත් ඒ හැම දෙයක්ම පැත්තකට දාලා අපිට අවංකවම පිලිගන්න සිද්ද වෙනවා තමන්ගේ ජීවිතය පරදුවට තබලා රෝහණ විජේවීර කියන විශිෂ්ඨ පුද්ගලයා සටන් වැදුනේ පීඩිත පන්තිය නියෝජණය කරන අපි වෙනුවෙන් කියලා. ඒ විප්ලවීය සටනේ වැරදිච්ච තැන් සංවාදයට ගන්න බොහෝ කරුණු කාරණා තිබුනත් කිසි දවසක අපි කියන්නේ නෑ රෝහණ විජේවීර සහෝදරයා එදා ගත්තු තීන්දු තීරණ වැරදි කියලා. මොකද ඉන්දියන් හමුදාව රට තුළට ගෙන්නාගෙන ඉන්දියාවට සින්නක්කතරවම රට ලියලා දෙන්න කටයුතු කරපු ධනපති පන්තියේ දේශපාලන පක්ශයක් වෙචච එජාපයට එරෙහිව රට වෙනුවෙන් සටන් වැදුනු රෝහණ විජේවීර සහෝදරයා එදා ගත්තු ක්‍රියාමාර්ගයන් ගැන අපි අදටත් කතා කරන්නේ ආඩමබරයකින් නිසා.
    කියූබාව කියද්දිම අපිට මතක් වෙන්නේ කියූබාව හිඟන රටක් බවට පත් කරන ගමන් ලෝකයේ පට්ටම සමාජවාදියා තමන් කියාගෙන තමන්ගේ පෞර්ශත්වය පුම්බගෙන ජීවිතාන්තය දක්වා බලයේ හිටපු ෆිදෙල්වද? ෆිදෙල්ව මතක් වෙන දේශපාලන දැනීමක් නැති සමහරක් ලෝකය පුරාවටම හිටියට මොකද දේශපාලන ඉතිහිසය සහ සමාජවාදයේ සැබෑ විප්ලවය දන්නා බහුතරයකට මතක් වෙන්නේ චේ ගවේරා කියන විශිෂ්ඨතම විප්ලවවාදියාවයි. ඒකට හේතුව ජීවිතාන්තය දක්වාම කියූබාව පාලනය කරන්න පුලුවන් පසුබිම නිර්මාණය කරලා ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා උගසට තියන්න චේට පුලුවන් වෙච්ච නිසයි. චේගේ ප්‍රතිපත්තියන් විකුණාගෙන ජීවිත කාලය පුරාවටම බලයේ හිටපු ෆිදෙල් කොතනක හරි කියලා තියේද චේ ගත්තු ක්‍රියාමාර්ගයන් පට්ට අවුල් කියලා? ලොවෙත් නෑ නේද? මොකද ෆිදෙල් උනත් දන්නවා තමන් අද මෙතන ඉන්නේ චේ කරපු විප්ලවය නිසා කියලා.
    විජේවීර සහෝදරයා තමන්ගේ ජීවිතය පූජා කරලා දැවැන්ත සටනක් මේ රටේ කරේ පීඩිත පන්තියේ අපිට සෙතක් සලස්වන්න ඕනි කියන අරමුණින්. මොන දේශපාපාලන මතවාදයක් තිබුනත් ඒ ඇත්ත පිලිගන්න අපිට පුලුවන්නම් , ඇයි අනුර කුමාර දිසානායකට බැරි ඒක පිලිගන්න? මේ වෙද්දි ජවිපෙ නායකත්වය තමන්ගේ අතට අරගෙන පට්ට සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන අනුර කුමාරට පුලුවන් වෙලා තියෙන්නේ අනුර රට වෙනුවෙන් කරපු විප්ලවය නිසාද? 1995 කොළඹ මහනගර සභා ඡන්දයට අනුර ඉදිරිපත් වෙන්න කලින් ලංකාවේ කිසිම කෙනෙක් අනුරගේ නමවත් දැනගෙන හිටියේ නෑ. ඒ කියන්නේ රෝහණ විජේවීර සහෝදරයා තමන්ගේ ජීවිතය පරදුවට තියලා ධනපති පන්තියේ උන් එක්ක සටන් වදිද්දි අනුර කුමාර කියන පුද්ගලයා ජවිපෙට ගෑවිලාවත් හිටියේ නෑ කියන එකනේ? ඔය වගේ කසිකබල් පොරකට පුලුවන්ද විජේවීර සහෝදරයා කරේ වැරද්දක් කියලා කියන්න? ඒ කියන්නේ විජේවීර වගේ විප්ලවීයප නායකයෙක්ට වඩා අනුර වගේ කසිකබල් පොරක් පට්ට වැඩ්ඩෙක් කියන එකද?
    පේමදාසලා වගේ ඒකාධිපති මිලේච්ච පාලකයෙක් ඉදිරියේ විජේවීර සහෝදරයාට ගන්න තිබ්බ හොඳම විකල්පය තමයි අවි ආයුධ අතට අරගන්න එක. විජේවීර සහෝදරා එදා ඒ ක්‍රියාමාර්ගයට ගියේ නැතිනම් මේ වෙද්දිත් ශ්‍රී ලංතාව කියන්නේ ඉන්දියන් කොලනියක්. ඉතින් තමන්ගේ ජීවිතය පවා පරදුවට තියලා රට වෙනුවෙන් සටන් කරපු විජේවීර සහෝදරයා එදා ගතු ක්‍රියාමාර්ගයන් පට්ට අවුලක් කියලා අනුර කුමාර කියනවා නම් අනුර කාගේ පදේටද ඔය නටන්නේ කියන එක අපිට ගැඹුරින්ම හිතන්න සිද්ද වෙනවා. මොකද මේ වෙනකම් අපි දැකලා නෑ මහින්ද වේවා , ගෝඨා වේවා විජේවීර එදා ගත්තු ක්‍රියාමාර්ගයන් වැරදි කියලා කියනවා. හැබැයි මෙලෝ විප්ලවයක් නොකර එක එක ගේම් ගහලා ලාල්කාන්ත වගේ සැබෑ සමාජවාදීන්වත් කපාගෙන ධනපති පන්තියේ ද්ශපාලන පක්ශයක සහයෙන් ජවිපේ නායකත්වයට පත් වෙච්ච අනුර කුමාර විසින් විජේවීරව හෑල්ලුවට ලක් කරන එකනම් ඉතිහාසය දන්නා අපිටනම් පට්ට අවුලක්.
    මොහමඩ් අක්රම්.
    -----------------------

    248016638_449483906710691_8011912868900911279_n.jpg