Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවුලපිටිය කඳවුරේ සිට මෙහෙය වූ පොලිස් ප්‍රහාරය:

දෑත් දෙපා විලංගුලා විවෘත ජීප් රියක පිටිපස කණුවක බැඳ සිටි තරුණයෙකි. ඔහුගේ හිස පහතට කඩා වැටී තිබිණි. ගිනි අවි මානා ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දෙපසිනි. පිටිපසින් ආරක්ෂක පොලිස් රියකි.

මීගමුව නගරයේ වීථි දිගේ ජීප් රිය හෙමිහිට ඇදී යයි. ජීප් රියේ බැඳි තරුණයාට පොලිසිය විසින් කෲර ලෙස වද දුන් ලකුණු ඔහුගේ සිරුර පුරා දකින්නට ඇත.

මෙදින 1971 අප්‍රියෙල් කැරැල්ල අරඹා මාසයකට පසු මැයි 05 වැනි දිනයයි.

වරින් වර හිස ඔසවන තරුණයා සිරුරේ සියළු ශක්තීන් එක් කර "විප්ලවයට ජය වේවා... ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා" ලෙස හඬ නඟයි. එවිට තුවක්කු බඳක් ඔහුගේ ඇලයට වැදෙයි. මීගමුවේ වීථි සංචාරය කළ වාහනය දිවුලපිටිය දෙසට හැරිණි.

පොලිස් නිලධාරින්ට අවශ්‍යව ඇත්තේ තමන් අත්අඩංගුවට ගත් මේ තරුණයා ප්‍රදේශවාසීන්ට ප්‍රදර්ශනය කිරීමටය.

දිවුලපිටිය කෙහෙල්ඇල්ල දෙසට ජීප්රිය හැරුණි. මඟ දෙපස මහා සෙනඟකි. මේ ඔහුගේ උපන් භූමියයි.

පොලිසිය විසින් මහ මග ප්‍රදර්ශනය කළ මේ තරුණයා කෙහෙල්ඇල්ලේ ගාන්ධි මහත්තයාය. ප්‍රදේශයේ ලොකු කුඩා සැම දෙනෙකුම ආදරය කළ ගාන්ධි මහත්තයා ලෙස හැඳින්වූ ආරියවංශ චන්ද්රශේඛරය. 1971 කැරැුල්ලේදී කොළඹට ආසන්නව ගොඩනැගුණ එකම සන්නද්ධ කඳවුර පිහිිටියේ දිවුලපිටිය කෙහෙල්ඇල්ලේ අන්නාසිවත්ත ප්රදේශයේය. එම කඳවුරේ එකම නායකයා වූයේ ගාන්ධි මහත්තයාය. ප්‍රදේශයේ නිල නොලත් නායකයා වූයේද ගාන්ධි මහත්තයාය.

ගිනි අවි හොඳින් අතට හුරු ගාන්ධි මහත්තයා ප්‍රදේශයේ යමක් කමක් ඇති පවුලකට අයත් වැදගත් සමාජශීලි පුද්ගලයෙකි. කැරැල්ලට පෙර කොටදෙණියාව ස.තො.සේ සේවය කළේය.

ගාන්ධි මහත්තයා ජනතා විමුක්ති පෙරමුණේ සුප්‍රකට පංති පහට සහභාගි නොවීය. එම පංති අනවශ්‍ය ලෙස ඔහු දුටුවේය. කැරැල්ලට පෙර ජනතා විමුක්ති දේශපාලනය කළේද නැත. ඔහු හොඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකි. සමගි පෙරමුණු රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ප්‍රධාන ආධාරකරුවෙකි. ප්‍රබල ගෝලයෙකි.

ගාන්ධි කඳවුරේ නායකත්වයට පත්වූයේ නිතැතින්මය. කිසිවෙකු හෝ පක්ෂය හෝ පත්කළේද නැත. ඔහුගේ නායකත්වයට කිසිවෙකු හෝ අභියෝග කළේද නැත.

පොල් හා අන්නාසි වවා තිබූ ඉඩමක මැද පිහිටි කඳවුර විශාල නිවසකි. කලක සිට අත්හැර දමා තිබූ එම නිවස හිමිකරු කෙහෙල්ඇල්ලේ දිනවංශ අප්පුහාමිය. කඳවුර පසෙකින් වෙල් යායකි.

ඒකල නාත්තන්ඩිය ගිරිඋල්ල දක්වා පහරදීම් මෙහෙය වූයේ කෙහෙල්ඇල්ල කඳවුරෙනි. නවකයින් සඳහා දේශපාලන පංති, දේශපාලන සාකච්ජා, ප්‍රදේශයට හා කැරලිකරුවන්ට තීරණාත්මක වන සාකච්ජාද මෙහිදී පවත්වා ඇත. මඩම්පැල්ල, දිවුලපිටිය, කෙහෙල්ඇල්ල, බඩල්ගම ප්‍රදේශයන් තුළ කැරැල්ලේ මතවාදය තදින් පැතිරී තිබිණි. අනෙක් ප්‍රදේශ හා සසඳන විට ජ.වි.පෙ. හා කැරැල්ලේ වැඩි සංවිධානයක් හා ක්‍රියාකාරිත්වයක් මෙම ප්‍රදේශය තුළ විය.

කඳවුරක අවශ්‍යතාවය තහවුරු වුණේ කැරැල්ලේ අසාර්ථකත්වයත් සමඟ අප්‍රියෙල් 6 වැනි දිනයදීය. එයට හේතුව අතරමං වූ කැරලිකරුවන්ට නවාතැන් පොළක් ලෙසටද කඳවුර පත්වීමයි.

ජවිපෙ ව්‍යාපාරයේ ආරම්භකයෙකු මෙන්ම කැරැල්ලේ නායකයෙකු වූ ඉඩම් සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කම්කරු සමිතියේ භාණ්ඩාගාරික ධනපාල ජයකොඩි පදිංචිව සිටියේ දිවුලපිටිය ඉහළ මඩම්පැල්ලේය. දිවුලපිටිය ප්‍රදේශයේ ජ.වි.පෙ. මතවාදයේ ආරම්භකයාද ඔහුය. ඔහු රෝහණ විජේවීරගේ ළඟම හිතවතෙකි. පක්ෂය වෙනුවෙන් කැපවූවෙකි.

අද සාර්ථක ජීවිතයක් ගතකරන කෙහෙල්ඇල්ලේ ලක්ෂ්මන් එදිරිවීර මහතා කඳවුරේ සිටි ලාබාලතමයා විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 16කි. පාසැලේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී ඔහු කැරැල්ලට සම්බන්ධ වෙයි.

පරාජයත් සමගම අසරණවූ කැරලිකරුවන්ට ආහාරපාන සපයා දුන්නේ ගාන්ධි මහත්තයයි. ලක්ෂ්මන් ලාබාලයා නිසා වැඩි දෙනෙකු ඔහුව සැක කළේ නැහැ. මේ නිසා කඳවුර වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකිරීමට ඔහුට සිදු වුණා. කඳවුරේ පණිවිඩ ප්‍රාදේශීය නායකයන්ට ගෙන ගියේ ඔහුයි. කැරැල්ලට සම්බන්ධවෙලා අතරමං වූ අය කඳවුරට යොමු කිරීමත් ඔහුගේ කාර්යයක්.

කැරැල්ලට පෙර කණ්ඩායම් වශයෙන් ගිහින් මේ පිරිස ප්‍රදේශයේ පමණක් නොව පිට ප්‍රදේශවලත් අවි ආයුධ එකතු කළා. ප්‍රදේශයේ ගල් කොරියකින් වෙඩි බෙහෙත්, සේවා නූල්, ඩයිනමයිට්, බලෙන්ම අර ගත්තා. එක් තැනකදී අවි ආයුධ වෙනුවට සල්ලි මිටියක් දුන්නා.

”උඹලා හිතුවෙ අපි හොරු කියලද, අපිට ඕනෙ උඹලගෙ ආයුධ, ගනින් ඒවා.” කියමින් ගාන්ධි සල්ලි මිටියට පයින් ගැහුව්වා. ට්‍රැක්ටර් දෙකක අවි ආයුධ එකතු කරලා ගෙනාවා.

අප්‍රියල් 05 වැනිදින පහර දෙන පිළිවෙළ සකස් කළේ ගාන්ධියි. විජේවීර බේරා ගන්න යාපනයට යන කණ්ඩායමට ශිෂ්‍ය අංශයෙන් පස් දෙනෙකු මෙහෙන් යැව්වා. කටුනායක, ඒකල, කොටුගොඩ ගුවන් හමුදා කඳවුරුවලට, දිවුලපිටිය පොලිසියට පහර දෙන්න කණ්ඩායම් තුනක් යැව්වා.

කොටුගොඩ කඳවුරට පහර දෙන්න යන්න විදියක් නැහැ. ලංගමයෙ වැඩ කළ පීටර් මාමා පදවන බස් එක ලක්ෂ්මනුයි තව සහෝදරයෙකුයි ගිහින් බලෙන්ම අරගෙන ආවා. මේ නිසා පීටර් මාමා සැඟවිලයි හිටියෙ. දිවුලපිටියෙ පොලිසියට පහර දුන්නේ කුඩගම්මන කෙහෙල්ඇල්ල කණ්ඩායම්. මේ සියළුම පහරදීම් ආසාර්ථකයි. ඒ හැමතැනකම පොලීසිය හිටියෙ පෙර සූදානමකින්.

කණ්ඩායම් ලෙස පහර දීමට ගිය පිරිස පහරදීම් අසාර්ථක වූ පසු 06 වැනි දින කෙහෙල්ඇල්ලේ ජයතු කොටුවට එකතු වූහ. ගාන්ධිද එම පිරිස අතර විය. මේ වන විට ආරක්ෂක අංශ ගාන්ධිගෙ කාර්යභාරය හඳුනාගෙන තිබිිණ. එදින සවස පොලිස් නිලධාරීහු ගාන්ධිගේ නිවස වැටලූහ. මේ සියල්ලම ජයතු කොටුවේ සිට ගාන්ධි බලා සිටියේය.

එක්වරම ගාන්ධිගේ නිවස දෙසින් විශාල දුමක් අහසට නැගුණි. පොලිස් නිලධාරීන් ගාන්ධිගේ නිවසට ගිනි තබා ඇත. නිවසේ සඟවා තිබූ බෙඩි බෙහෙත්, අත් බෝම්බ, ඩයිනමයිට් එක දිගට පුපුරන්නට වූයේ ගිනි කෙළි සංදර්ශනයක මෙනි. ගමේ කිසිවෙක් නිවසේ අසළකට හෝ නොපැමිණ ඈත සිට සැඟවී බලා සිටියේය.

ජයතු කොටුවේ සිට ඉදිරි පියවර පිළිබඳ ගාන්ධි සාකච්ජා කළා. දිනවංශ අප්පුහාමි ගේ නිවස කඳවුර බවට තහවුරු වුණේ එතැන් සිටයි. අප්පුහාමිගෙ පුතා චන්ද්‍රවංශ කංඩායමට එකතු වුණේ නැහැ. අවහිරකම් කළෙත් නැහැ. ප්‍රදේශයේ සිටි කැරලිකරුවන් සියල්ලම ගත කළේ කඳවුරු ජීවිතයයි.

**ඉතිරි කොටස පහල පිටුවේ**.......

[QUOTE="ronsilva, post: 7532961, member: 163721"] [SIZE=3][U]දිවුලපිටිය කඳවුරේ සිට මෙහෙය වූ පොලිස් ප්‍රහාරය:[/U] දෑත් දෙපා විලංගුලා විවෘත ජීප් රියක පිටිපස කණුවක බැඳ සිටි තරුණයෙකි. ඔහුගේ හිස පහතට කඩා වැටී තිබිණි. ගිනි අවි මානා ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දෙපසිනි. පිටිපසින් ආරක්ෂක පොලිස් රියකි.[/SIZE] [SIZE=3] මීගමුව නගරයේ වීථි දිගේ ජීප් රිය හෙමිහිට ඇදී යයි. ජීප් රියේ බැඳි තරුණයාට පොලිසිය විසින් කෲර ලෙස වද දුන් ලකුණු ඔහුගේ සිරුර පුරා දකින්නට ඇත.[/SIZE] [SIZE=3] මෙදින 1971 අප්‍රියෙල් කැරැල්ල අරඹා මාසයකට පසු මැයි 05 වැනි දිනයයි.[/SIZE] [SIZE=3] වරින් වර හිස ඔසවන තරුණයා සිරුරේ සියළු ශක්තීන් එක් කර "විප්ලවයට ජය වේවා... ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා" ලෙස හඬ නඟයි. එවිට තුවක්කු බඳක් ඔහුගේ ඇලයට වැදෙයි. මීගමුවේ වීථි සංචාරය කළ වාහනය දිවුලපිටිය දෙසට හැරිණි.[/SIZE] [SIZE=3] පොලිස් නිලධාරින්ට අවශ්‍යව ඇත්තේ තමන් අත්අඩංගුවට ගත් මේ තරුණයා ප්‍රදේශවාසීන්ට ප්‍රදර්ශනය කිරීමටය.[/SIZE] [SIZE=3] දිවුලපිටිය කෙහෙල්ඇල්ල දෙසට ජීප්රිය හැරුණි. මඟ දෙපස මහා සෙනඟකි. මේ ඔහුගේ උපන් භූමියයි.[/SIZE] [SIZE=3] පොලිසිය විසින් මහ මග ප්‍රදර්ශනය කළ මේ තරුණයා කෙහෙල්ඇල්ලේ ගාන්ධි මහත්තයාය. ප්‍රදේශයේ ලොකු කුඩා සැම දෙනෙකුම ආදරය කළ ගාන්ධි මහත්තයා ලෙස හැඳින්වූ ආරියවංශ චන්ද්රශේඛරය. 1971 කැරැුල්ලේදී කොළඹට ආසන්නව ගොඩනැගුණ එකම සන්නද්ධ කඳවුර පිහිිටියේ දිවුලපිටිය කෙහෙල්ඇල්ලේ අන්නාසිවත්ත ප්රදේශයේය. එම කඳවුරේ එකම නායකයා වූයේ ගාන්ධි මහත්තයාය. ප්‍රදේශයේ නිල නොලත් නායකයා වූයේද ගාන්ධි මහත්තයාය.[/SIZE] [SIZE=3] ගිනි අවි හොඳින් අතට හුරු ගාන්ධි මහත්තයා ප්‍රදේශයේ යමක් කමක් ඇති පවුලකට අයත් වැදගත් සමාජශීලි පුද්ගලයෙකි. කැරැල්ලට පෙර කොටදෙණියාව ස.තො.සේ සේවය කළේය.[/SIZE] [SIZE=3] ගාන්ධි මහත්තයා ජනතා විමුක්ති පෙරමුණේ සුප්‍රකට පංති පහට සහභාගි නොවීය. එම පංති අනවශ්‍ය ලෙස ඔහු දුටුවේය. කැරැල්ලට පෙර ජනතා විමුක්ති දේශපාලනය කළේද නැත. ඔහු හොඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකි. සමගි පෙරමුණු රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ප්‍රධාන ආධාරකරුවෙකි. ප්‍රබල ගෝලයෙකි.[/SIZE] [SIZE=3] ගාන්ධි කඳවුරේ නායකත්වයට පත්වූයේ නිතැතින්මය. කිසිවෙකු හෝ පක්ෂය හෝ පත්කළේද නැත. ඔහුගේ නායකත්වයට කිසිවෙකු හෝ අභියෝග කළේද නැත.[/SIZE] [SIZE=3] පොල් හා අන්නාසි වවා තිබූ ඉඩමක මැද පිහිටි කඳවුර විශාල නිවසකි. කලක සිට අත්හැර දමා තිබූ එම නිවස හිමිකරු කෙහෙල්ඇල්ලේ දිනවංශ අප්පුහාමිය. කඳවුර පසෙකින් වෙල් යායකි.[/SIZE] [SIZE=3] ඒකල නාත්තන්ඩිය ගිරිඋල්ල දක්වා පහරදීම් මෙහෙය වූයේ කෙහෙල්ඇල්ල කඳවුරෙනි. නවකයින් සඳහා දේශපාලන පංති, දේශපාලන සාකච්ජා, ප්‍රදේශයට හා කැරලිකරුවන්ට තීරණාත්මක වන සාකච්ජාද මෙහිදී පවත්වා ඇත. මඩම්පැල්ල, දිවුලපිටිය, කෙහෙල්ඇල්ල, බඩල්ගම ප්‍රදේශයන් තුළ කැරැල්ලේ මතවාදය තදින් පැතිරී තිබිණි. අනෙක් ප්‍රදේශ හා සසඳන විට ජ.වි.පෙ. හා කැරැල්ලේ වැඩි සංවිධානයක් හා ක්‍රියාකාරිත්වයක් මෙම ප්‍රදේශය තුළ විය.[/SIZE] [SIZE=3] කඳවුරක අවශ්‍යතාවය තහවුරු වුණේ කැරැල්ලේ අසාර්ථකත්වයත් සමඟ අප්‍රියෙල් 6 වැනි දිනයදීය. එයට හේතුව අතරමං වූ කැරලිකරුවන්ට නවාතැන් පොළක් ලෙසටද කඳවුර පත්වීමයි.[/SIZE] [SIZE=3] ජවිපෙ ව්‍යාපාරයේ ආරම්භකයෙකු මෙන්ම කැරැල්ලේ නායකයෙකු වූ ඉඩම් සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කම්කරු සමිතියේ භාණ්ඩාගාරික ධනපාල ජයකොඩි පදිංචිව සිටියේ දිවුලපිටිය ඉහළ මඩම්පැල්ලේය. දිවුලපිටිය ප්‍රදේශයේ ජ.වි.පෙ. මතවාදයේ ආරම්භකයාද ඔහුය. ඔහු රෝහණ විජේවීරගේ ළඟම හිතවතෙකි. පක්ෂය වෙනුවෙන් කැපවූවෙකි. [/SIZE] [SIZE=3] අද සාර්ථක ජීවිතයක් ගතකරන කෙහෙල්ඇල්ලේ ලක්ෂ්මන් එදිරිවීර මහතා කඳවුරේ සිටි ලාබාලතමයා විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 16කි. පාසැලේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී ඔහු කැරැල්ලට සම්බන්ධ වෙයි.[/SIZE] [SIZE=3] පරාජයත් සමගම අසරණවූ කැරලිකරුවන්ට ආහාරපාන සපයා දුන්නේ ගාන්ධි මහත්තයයි. ලක්ෂ්මන් ලාබාලයා නිසා වැඩි දෙනෙකු ඔහුව සැක කළේ නැහැ. මේ නිසා කඳවුර වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකිරීමට ඔහුට සිදු වුණා. කඳවුරේ පණිවිඩ ප්‍රාදේශීය නායකයන්ට ගෙන ගියේ ඔහුයි. කැරැල්ලට සම්බන්ධවෙලා අතරමං වූ අය කඳවුරට යොමු කිරීමත් ඔහුගේ කාර්යයක්.[/SIZE] [SIZE=3] කැරැල්ලට පෙර කණ්ඩායම් වශයෙන් ගිහින් මේ පිරිස ප්‍රදේශයේ පමණක් නොව පිට ප්‍රදේශවලත් අවි ආයුධ එකතු කළා. ප්‍රදේශයේ ගල් කොරියකින් වෙඩි බෙහෙත්, සේවා නූල්, ඩයිනමයිට්, බලෙන්ම අර ගත්තා. එක් තැනකදී අවි ආයුධ වෙනුවට සල්ලි මිටියක් දුන්නා.[/SIZE] [SIZE=3] ”උඹලා හිතුවෙ අපි හොරු කියලද, අපිට ඕනෙ උඹලගෙ ආයුධ, ගනින් ඒවා.” කියමින් ගාන්ධි සල්ලි මිටියට පයින් ගැහුව්වා. ට්‍රැක්ටර් දෙකක අවි ආයුධ එකතු කරලා ගෙනාවා.[/SIZE] [SIZE=3] අප්‍රියල් 05 වැනිදින පහර දෙන පිළිවෙළ සකස් කළේ ගාන්ධියි. විජේවීර බේරා ගන්න යාපනයට යන කණ්ඩායමට ශිෂ්‍ය අංශයෙන් පස් දෙනෙකු මෙහෙන් යැව්වා. කටුනායක, ඒකල, කොටුගොඩ ගුවන් හමුදා කඳවුරුවලට, දිවුලපිටිය පොලිසියට පහර දෙන්න කණ්ඩායම් තුනක් යැව්වා.[/SIZE] [SIZE=3] කොටුගොඩ කඳවුරට පහර දෙන්න යන්න විදියක් නැහැ. ලංගමයෙ වැඩ කළ පීටර් මාමා පදවන බස් එක ලක්ෂ්මනුයි තව සහෝදරයෙකුයි ගිහින් බලෙන්ම අරගෙන ආවා. මේ නිසා පීටර් මාමා සැඟවිලයි හිටියෙ. දිවුලපිටියෙ පොලිසියට පහර දුන්නේ කුඩගම්මන කෙහෙල්ඇල්ල කණ්ඩායම්. මේ සියළුම පහරදීම් ආසාර්ථකයි. ඒ හැමතැනකම පොලීසිය හිටියෙ පෙර සූදානමකින්.[/SIZE] [SIZE=3] කණ්ඩායම් ලෙස පහර දීමට ගිය පිරිස පහරදීම් අසාර්ථක වූ පසු 06 වැනි දින කෙහෙල්ඇල්ලේ ජයතු කොටුවට එකතු වූහ. ගාන්ධිද එම පිරිස අතර විය. මේ වන විට ආරක්ෂක අංශ ගාන්ධිගෙ කාර්යභාරය හඳුනාගෙන තිබිිණ. එදින සවස පොලිස් නිලධාරීහු ගාන්ධිගේ නිවස වැටලූහ. මේ සියල්ලම ජයතු කොටුවේ සිට ගාන්ධි බලා සිටියේය.[/SIZE] [SIZE=3] එක්වරම ගාන්ධිගේ නිවස දෙසින් විශාල දුමක් අහසට නැගුණි. පොලිස් නිලධාරීන් ගාන්ධිගේ නිවසට ගිනි තබා ඇත. නිවසේ සඟවා තිබූ බෙඩි බෙහෙත්, අත් බෝම්බ, ඩයිනමයිට් එක දිගට පුපුරන්නට වූයේ ගිනි කෙළි සංදර්ශනයක මෙනි. ගමේ කිසිවෙක් නිවසේ අසළකට හෝ නොපැමිණ ඈත සිට සැඟවී බලා සිටියේය.[/SIZE] [SIZE=3] ජයතු කොටුවේ සිට ඉදිරි පියවර පිළිබඳ ගාන්ධි සාකච්ජා කළා. දිනවංශ අප්පුහාමි ගේ නිවස කඳවුර බවට තහවුරු වුණේ එතැන් සිටයි. අප්පුහාමිගෙ පුතා චන්ද්‍රවංශ කංඩායමට එකතු වුණේ නැහැ. අවහිරකම් කළෙත් නැහැ. ප්‍රදේශයේ සිටි කැරලිකරුවන් සියල්ලම ගත කළේ කඳවුරු ජීවිතයයි.[/SIZE] [SIZE=3] **ඉතිරි කොටස පහල පිටුවේ**.......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom