විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

[FONT=&quot]විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!...[/FONT]

[FONT=&quot]විජේවීර සහෝදරයා යාපනය හැමන්හිල් බන්ධනාගාරයේ අඳුරු සිර කුටිය තුල දුක් විඳිමේදී එක්තරා ද්‍රවිඩ පොලිස් නිලධාරියෙකුගේ පහරදීම ඉතා දරුණු විය.. [/FONT]

[FONT=&quot]විජේවීර සහෝදරයා සිර භාරයේ තබාගෙන විටින් විට ප්‍රශ්ණ කරන සමයේදී මෙම පොලිස් නිලධාරියා නිරන්තරයෙන් විජේවීරගේ පපුවට වැලමිටෙන් ඇනීම පුරුද්දක් කරගෙන තිබිණ..[/FONT]


[FONT=&quot]හිරගෙදරින් නිදහස් වී පැමිණි මුල්ම පුවත්පත් සාකච්ජාවේදී පටන්ම ඔහුට පපුවේ වේදනාවක් මතුවන්නට විය..[/FONT]

[FONT=&quot]එදා එම ඓතිහාසික ටවුන්හෝල් රැස්වීමේදී ලයනල් බෝපගේ සහෝදරයා මුලසුනේ සිට කතාව පැවැත්වීම සඳහා විජේවීරට ආරාධනා කරන්නේද “රෝහණ සහෝදරයාගේ සෞඛ්‍යය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන ලෙස ඉල්ලා සිටිනවා” යැයි විජේවීරගෙන් කරන ඉල්ලීම එතැන තොරක් නැතිව ගැලූ ජන ගංගාවටද පවසමිනි…[/FONT]

[FONT=&quot]මගේ තාත්තා දොන් අන්ද්‍රියෙස් විජේවීර..ඒ කාලේ කොමියුනිස්ට් පක්ෂයේ කෝට්ටේගොඩ ප්‍රබල ආධාරකරුවෙක්..මම පුංචි කාලේ අසනීපවුනාම අපේ තාත්තා මාව එක්ක යනව හරි කරුණාවන්ත දොස්තර මහත්තයෙක් ලඟට..මම පස්සේ කාලෙක දැනගන්න විදිහට ඒ තමයි කොමියුනිස්ට් පක්ෂයේ නායක දොස්තර වික්‍රමසිංහ..ඒ ගෙදරදි මාව වඩා ගන්නවා රතු ලස්සන මහත්තයෙක්..එයා තමයි කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කේනමන්..[/FONT]

[FONT=&quot]1947 මැතිවරණයේදි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රේමලාල් කුමාරසිරි මහත්තයට වැඩ කරන්න ගිහින් මගේ තාත්තා යූ. ඇන්. පී මැරයන්ගෙන් හොඳටම ගුටි කනව.. තාත්තව පැහැරගෙන ගිහින් හොඳටම ගහල, දත් කඩල, වද වේදනා දීලා ඉඳිද්දී දවස් දෙක තුනකට පස්සෙයි තාත්තව හොයාගෙන තියෙන්නෙ.. [/FONT]

[FONT=&quot]ඒ සිද්ධියෙන් තාත්තගේ ස්නායු පද්ධතියට හානිවෙලා මගේ තාත්තා අත පය පණ නැති කතා කරන්න විතරක් පුළුවන් සදාකාලික රෝගියෙක් වුණා.. [/FONT]

[FONT=&quot]එහෙම පරිත්‍යාග කරපු තාත්තගේ පුතාට කොමියුනිස්ට් පක්ෂයෙන් මුද්‍රණය කරන “ ඇත්ත” පත්තරේ ලියනවා මම සී. අයි.ඒ නාම්බෙක් කියල….[/FONT]

[FONT=&quot]කලින් කල මෙරට ධනේශ්වර පාලකයින්ට වහකදුරු වූ විජේවීරගේ දේශපාලන ව්‍යාපාරය උපතේ මෙන්ම එහි පැවැත්ම සඳහාත් වර්ධනය සඳහාත් කල නොනවතින අරගලයන්ගෙන් පිරුණේ විය..[/FONT]

[FONT=&quot]විජේවීරගේ නිදහස ලැබීමත් සමඟ එංගලන්තයේ “ගිනිපුපුර” සංවිධානයට නව පණක් ලැබුවා සේ විය.. ඒ වනවිට එය ඇත්ත වශයෙන්ම නිල නොවන අයුරින් ජනතා විමුක්ති පෙරමුණේ ලන්ඩන් ශාඛාව බවට පත් වී තිබිණ..[/FONT]

[FONT=&quot]ගිනිපුපුර සංවිධානය හරහා විජේවීරගේ යුරෝපා සංචාරය සංවිධානය වන්නේ මේ අවධියේදීය.[/FONT]


[FONT=&quot]ඔහු ලන්ඩනයට ගෙන්වා පපුවේ වේදනාව සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමත් ඔවුන්ගේ එක් අරමුණක් විය..[/FONT]

[FONT=&quot]ඇත්තෙන්ම විජේවීර සහෝදරයා රුසියාවේ ඉගෙන ගන්න කාලය වෙනකොට ලෝක දේශපාලනයේ රටවල් ගණනාවක විප්ලවීය වෙනස්කම් සිදුවෙමින් තිබුණු කාලයක්.. [/FONT]

[FONT=&quot]ඔහු මුලින්ම ශිෂ්‍යයෙක් හැටියට මොස්කව් බලායන්නේ 1960 සැප්තැම්බර් මාසයේ.. විජේවීර තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තෝරා ගත් ලුලුම්බා සරසවිය එදා ලෝකයේ විවිධ රටවලින් පැමිණි ප්‍රගතිශීලී හා වාමාංශික තරුණ තරුණියන්ගෙන් පිරී තිබුණා..[/FONT]

[FONT=&quot]ඔහුගේ සරසවි සගයන් එහෙමත් නැත්නම් බැචාලා අතරේ පස්සෙ කාලෙක ජාත්‍යන්තර දේශපාලනයේ සුවිශේෂ චරිත නියෝජනය කල අයත් හිටියා..[/FONT]

[FONT=&quot]වසර ගණනාවක් නිකරගුවාවේ පැවැති ඇමෙරිකානු ගැති ඇනස්ටේසියා සෝමෝසාගේ ෆැසිස්ට් පාලනයට එරෙහිව අරගල කල සැන්ඩිනිස්ටා ව්‍යාපාරයේ නායකයා වූ එකල රුසියාවේ ලුලුම්බාවේ අධ්‍යාපනය ලැබූ ඩැනියෙල් ඔටේගා විජේවීරගේ ලඟම සමකාලීනයෙක් විය.. ඔහු පසුව නිකරගුවාවේ ජනතා ජන්දයෙන් පත්වුණු නායකයා විය....[/FONT]

[FONT=&quot]1963 සෝවියට් චීන මතවාදය ඇතිවූ විට ඔහුගේ සිත වඩාත් ඇදී ගියේ චීන මතවාදය දෙසටය..ඒ අනුව විජේවීර ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ මුරාඩ් අයිඩින් හා චෙන් අලි සමඟ චීනයට පක්ෂපාතීව ක්‍රියා කලේ රුසියාව තුලදීමය..[/FONT]

[FONT=&quot]1978 ජූනි අවසානයේදී පමණ විජේවීර තමන්ට ලැබෙන යුරෝපා සංචාරය සිය දේශපාලනය පුළුල් කර ගැනීම සඳහා යොදා ගන්නට කල්පනා කරන්නේ තම සිසු අවධිය මෙවන් පසුබිමක ගත කල ආශ්වාදයෙනි…[/FONT]

[FONT=&quot]මෙම ගමනේදී මුලින්ම රෝමයටත් එතැනින් මැඩ්‍රිඩ් නුවරටත් යන විජේවීර ඒ ඒ රටවල වාමාංශික සහ විප්ලවවාදී සංවිධාන සමඟ අදහස් හුවමාරු කර ගනිමින් පෘතුගාලයේ ලිස්බන් කරා යන්නේ ඉන් අනතුරුවය..[/FONT]

[FONT=&quot]පෘතුගාලයේදී සිදුවූ එක්තරා සිදුවීමක් මගේ මතකයට නැගේ..[/FONT]

[FONT=&quot]ඒ කාලයේ පෘතුගාලයේ පාලකයා වශයෙන් හිටියේ ජෙනරාල් කාවලෝ..පෘතුගාලයේ අවුරුදු තිස් ගණනක් තිස්සේ තිබුණු ෆැසිස්ට් පාලනය 1974 දී පෙරලා දැමූ “කානේෂන් රෙවලූෂන්” සංවිධානයේ නායකයා ඔහුයි.. [/FONT]

[FONT=&quot]තුවක්කු කටේ කානේෂන් මලක් ගසාගෙන යෑම ඔහුගේ විප්ලවීය හමුදාවේ සංකේතයක් වුනා…විජේවීර සහෝදරයා විප්ලවවාදී නායකයෙකු වශයෙන් ජෙනරාල් කාවලෝ පිලිබඳ ඉතා භක්තියකින් සිටියා…[/FONT]

[FONT=&quot]පෘතුගාලයේදී කාවලෝ සමඟ විජේවීර සහෝදරයා අන්තර් ජාතික දේශපාලනය ගැන ලෝකයේ විප්ලවවාදී ව්‍යාපාර ගැන දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබුණා.. ඔහුට ඒ සම්බන්ධයෙන් තිබුණේ මහා දැනුම් සම්භාරයක්..[/FONT]

[FONT=&quot]ඔහු අපරාධ යුක්ති විනිශ්චය කොමිසම ඉදිරිපිට දුන් ඉතා දීර්ඝ දේශනයෙනුත් ඒ බව මොනවට පැහැදිලි වෙනවා..විද්වත් නිතී මඩුල්ලක් ඉදිරියේ හරබර නීතිමය තර්ක විතර්ක සුන්නත් දූලි කරමින් ඔහු කතා කලේ කිසිම නීතිපතියෙකුගේ සහයෝගයක් නොමැතිව තම ස්ව දැනුම් සම්භාරයෙන්…[/FONT]

[FONT=&quot]පෘතුහාලයේදී අපුරු සිද්ධියක් සිදු වී තිබුණා..[/FONT]

[FONT=&quot]දීර්ඝ සාකච්ජාවකින් පසු ඉතා සුහද වුණු ජෙනරාල් කාවලෝ විජේවීර සහෝදරයාට ඛ්‍රැන්ඩි බෝතලයකින් සංග්‍රහ කිරීමට සුදානම් වුනා..ඔහු ඛ්‍රැන්ඩි බෝතලයක් ගෙනත් ඔවුන්ගේ සංස්කෘතියට අනුව උත්සවාකාරයෙන් එය විවෘත කරලා වීදුරු දෙකකට දාලා විජේවීර සහෝදරයාට මධු විතට ආරාධනා කලා…[/FONT]

[FONT=&quot]“ සමාවෙන්න කාවලෝ සහෝදරයා මම මත්පැන් පානය කරන්නේ නැහැ”[/FONT]

[FONT=&quot]අතීශය පුදුමයට පත්වුණු ජෙනරාල් කාවලෝ ඔළුවට අත තියාගෙන මෙහෙම කිව්වා..[/FONT]


[FONT=&quot]මට අදහා ගන්න බැහැ සහෝදරයා..මේක අවුරුදු 50ක් පැරැණි වටිනා ඛ්‍රැන්ඩි බෝතලයක්.. මේ හමුවීම පිලිබඳ මගේ සතුට අසීමිතයි..මා ඔබගෙන් බොහෝ දේ ඉගෙ න ගත්තා.. ඔබට ඇති ගෞරවය සහ ආදරය නිසාමයි මම මේ සතුට ඔබ සමඟ බෙදා ගන්න හැදුවේ..මට සමාවෙන්න”…[/FONT]

[FONT=&quot]විජේවීර අති දක්ෂ සංවිධායකවරයෙකු පමණක් නොව නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමෙහි ලා බෙහෙවින් සාර්ථක වුවෙකුද විය..මත්පැන්, දුම්වැටියෙන් තොර හොඳ විනයකට යටත් කල ක්‍රියාකාරීන් පිලිබඳ මෙරට දේශපාලන සමාජයට හඳුන්වා දෙන ලද්දේ ඔහු විසිනි..[/FONT]
[FONT=&quot]එය හුදෙක් බලෙන් පටවන දෙයක් නොව බෞද්ධාගමික පසුබිමක් මුල් කරගත් ලාංකික සමාජය තුල යෝධ පෞරුෂයකින් හෙබි නායකයෙකුට ආදර්ශයෙන් පෙන්විය හැකි පුද්ගල ආත්ම විශ්වාසය පිලිබඳ සාධකයක් පමණක්ම විය….[/FONT]

[FONT=&quot]“මුලින් මම ශිෂ්‍යයෙක් විදිහට මොස්කව් යනකොට ප්ලේන් එකේදි හරි වැඩක් වුණා. ප්ලේන් එකේදි එක එක ජාති දෙනවනේ..මම දන්නේ නැතිව වතුර කියලා මොනවද ජාතියක් කටට හලා ගත්තා.. එකපාරටම සුරුස් කියල මගේ කටින් වීසිවුනා.. බලනකොට මොනවා හරි මත්පැන් ජාතියක්..අනෙක් මගීන්ගේ ඇඟවල්වලටත් ටිකක් වෙන්න විසිවෙලා මට වුනේ හරි අකරතැබ්බයක්”…[/FONT]

[FONT=&quot]ඒ සංචාරයේදී එංගලන්තයට ඔහු පැමිණි අවස්ථාවේ ඉතා මිත්‍රශීලී ලෙස සිනාසෙමින් අපට කිව්වා…[/FONT]

[FONT=&quot]පෘතුගාලයෙන් පස්සේ විජේවීර ප්‍රංශය බලා යන්නේ එහි ඉතා සාර්ථකව එකල ක්‍රියාත්මක වුන ශිෂ්‍ය සංවිධාන හමුවීම සඳහාය… එකල ශ්‍රි ලංකාවෙන් ප්‍රංශයට ගිය තරුණයන් තම තරුණකමටත් එක්ක කරන කිසියම් වැඩක් ගැනද ඔහු මෙහිදී අපට කීවේ විනෝදයට මෙනි..[/FONT]

[FONT=&quot]“සහෝදරයා ප්‍රංශෙ ඉන්න අපේ කොල්ලෝ හරි අපූරු වැඩක් කරනවා.. එහෙ ගෑස් ගන්නේ කාසියක් දාලා..මේ ගොල්ලෝ කාසියේ තරමට ඝන අයිස් කැටයක් හදාගෙන ඕක දාලා ගෑස් නළය කොහොම හරි ක්‍රියාත්මක කර ගන්නවා..ඝන අයිස් කැටය දියවෙනකොට හොඳ හැටි ගෑස් පාවිච්චි කරලත් ඉවරයි”….[/FONT]

[FONT=&quot]විජේවීර සහෝදරයා අප සමඟ කල සුහද කථාබහේදී මේ වගේ දේවලුත් කියන්න අමතක කලේ නැහැ…ලඟ ඇසුරේදී ඔහු හරි කුළුපඟ මිත්‍රශීලී ලෙස හැසිරෙන අයුරු අද වගේ මට හොඳට මතකයි…..[/FONT]
 
Last edited:

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
නියය්යි අයියා.. මම ගොඩක් කැමති විජේවීර ගැන දැන ගන්න.. මම දන්න විදියට නියම නායකයෙක්... ඒ කාලෙ තිබුන පාලනය විසින් අමු අමුවේ මරා දැම්ම්ත් එයාගෙ නම් හැමදාමත් මතකෙ තියෙයි..:( හොඳ බුද්ධිමතෙක් තමයි අපිට නැති උනේ..:( පිදෙල් කැස්ත්‍රො, චේ ගුවේරා, ලෙනින් වගේ කෙනෙක් ලංකාවෙ හිටියා නම් ඒ එයා තමයි.
ස්තූතියි අයියා.. අපි විජේවීර ගැන දන්නෙ අපේ දෙමව්පියො කියන දේවල් තමයි.. අයියේ දිගටම මේ ලිපි පල කරනව නේද ?
ජය වේවා!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නියය්යි අයියා.. මම ගොඩක් කැමති විජේවීර ගැන දැන ගන්න.. මම දන්න විදියට නියම නායකයෙක්... ඒ කාලෙ තිබුන පාලනය විසින් අමු අමුවේ මරා දැම්ම්ත් එයාගෙ නම් හැමදාමත් මතකෙ තියෙයි..:( හොඳ බුද්ධිමතෙක් තමයි අපිට නැති උනේ..:( පිදෙල් කැස්ත්‍රො, චේ ගුවේරා, ලෙනින් වගේ කෙනෙක් ලංකාවෙ හිටියා නම් ඒ එයා තමයි.
ස්තූතියි අයියා.. අපි විජේවීර ගැන දන්නෙ අපේ දෙමව්පියො කියන දේවල් තමයි.. අයියේ දිගටම මේ ලිපි පල කරනව නේද ?
ජය වේවා!!

නමින් විතරක් අහල තියෙන මේ සුවිශේෂ චරිතය පිලිබඳ තරුණ පරපුර නොදන්නා හා අහල තියෙන දෙයට වඩා ඇත්ත සැබෑවෙන් දැනුවත් කිරීම සඳහාම මේ ලිපි පෙල ලියන්න මං හිතා ගත්තා..

ඉඩ ප්‍රස්ථාව ලැබෙන අයුරින් ලියන්න බලාපොරොත්තු වෙනවා.

මල්ලියට ගොඩාරියක් ස්තුතියි මේ අයුරින් මේ චරිත ගැන දැනගන්න දක්වන උනන්දුවට..

හුදෙක් එයම තමා විය යුත්තේ හා පරිශීලනය කල යුත්තේ....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පංචායුධ;7436583 said:
niyama article eka...math kemathima leader kenek..godak katha ahala thiyenwa,,,

dan JVP eke me wage leaders la ne...

ඔබ සැම වෙනුවෙන්ම ලියැවුන සටහනක් මේක..තව විස්තර පසුවට ගෙනෙන්නම්..

මල්ලියට ස්තුතියි අදහස් දැක්වීම ගැන.......
 
  • Like
Reactions: prageeth119lk

Gang

Junior member
  • Apr 10, 2010
    295
    11
    18
    n48879816450_7673.jpg

    Wijeweera kiyane danata lanka we pahla wecha hoda deshapalana nayakaye
    ape thiyena awasanawada ewage ayage jivitha nikarune nathikarala dama
    Wijeweerala hitiyanam danatamat ape rata asiyawe ashcharya wela iwarai :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    n48879816450_7673.jpg

    Wijeweera kiyane danata lanka we pahla wecha hoda deshapalana nayakaye
    ape thiyena awasanawada ewage ayage jivitha nikarune nathikarala dama
    Wijeweerala hitiyanam danatamat ape rata asiyawe ashcharya wela iwarai :)

    බොහොම ස්තුතියි ඔබට අදහස් දැක්වීම ගැන.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙන්න තවත් විජේවීර සහෝදරයාගේ ජීවිත තොරතුරු ටිකක්:

    විජේවීර සහෝදරයා ඉපදුනේ 1943 වසරේ ජූලි 14 වෙනිදා දකුණේ කෝට්ටේගොඩ කියන මුහුදු තීරය හා බැඳි මාළු ඇල්ලීම හා විකිණීම ජයට කෙරුණූ කුඩා ග්‍රාමයක....

    විජේවීරට බාල මල්ලියෙකුත් නංගියෙකුත් හිටියා....

    1947-1953 දක්වා ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය ඔහු ලැබුවේ කෝට්ටේගොඩ ගමේ පාසැලෙන්..

    ඊට පස්සේ 1959 වසරේ ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුල් වුනා අ.පො.ස සාමාන්‍ය පෙල හදාරන්න...

    අනතුරුව ඔහුගේ අධ්‍යාපනයේ නිම්වලලු පුළුල් වෙනවා රුසියාවේ ලුලුම්බා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරන්න යන සිසුවා දක්වා..විජේවීර අභියෝග ජයගන්නේ මහ පුදුම ධෛර්යකින් හා කැපවීමකින්..

    ඔහුට මෙතැනදී සිදුවෙනවා රුසියානු භාෂාව ගැන මනා හැදෑරීමක් කරන්න වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න නම්.. විජේවීර සිසුවා මාස හතක් වගේ කාලෙකින් රුසියානු භාෂාවට විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගන්නවා. ඔහු සමඟ එම විද්‍යාලයට බැඳූනු අනිත් ජාත්‍යන්තර සිසුන් තවම රුසියන් භාෂාවේ බහ තෝරන වියේ වචන කීපයක් පමණක් අසීරුවෙන් ගැට ගහ ගනිද්දී ඔහු ඒ සියල්ලන්ටම කලින් විශ්ව විද්‍යාලයට ප්‍රවේශවීමේ අවස්ථාව මහ ඉහලින්ම ලබා ගන්නවා...

    එයින්ම ඔහු කෙතරම් තියුණු බුද්ධියක් තිබුණු කෙනෙක්ද කියන එක අපට මනාව ඔප්පු වෙනවා...

    ඔහු විවේක කාලය යොදාගත්තේ සෝවියට් රුසියාවේ විවිධ ගම් නරඹමින් ඒවායේ විප්ලවීය සාධන තම දෑසින් දැක බලාගෙන මනසට ඒවායින් ගත හැකි දේ හා තැන්පත් කර ගත හැකි දේ හොඳ හැටි උකහා ගන්නට.....

    ඔහු කෘෂිකර්මය ගැනත් දක්වූවේ මහත් ඇල්මක්..ඒ නිසාම විජේවීර ඉගෙනීමට අමතරව කෘෂිකාර්මික සේවකයෙක් වශයෙන් කෙටි කලක් රුසියාවේ එක් ගම් පෙදෙසක සේවයේ යෙදුනා..

    විජේවිරට ඕනෑකම තියෙන්න ඇති පසු කලෙක ඒ කෘෂිකාර්මික උපදෙස් හා අත්දැකීම් අපේ රටේ ගොවිතැනට එකතු කරන්න..

    බලන්න දුර දර්ශී නායකයෙක්ගේ එදත් තිබුණ දුර දක්නා නුවණ හා මනස රඳවා තිබුණු ඒකායන අධිෂ්ඨානය....

    ඉතා හොඳින් තම අධ්‍යාපන කටයුතු කරගනිමින් තෙවන වසරට පා තබන විජේවීර වෛද්‍ය සිසුවා මේ වැඩ කන්දරාවට අමතරව දේශපාලන ආර්ථික විද්‍යාවත් හදාරමින් ඒ සඳහා විශේෂ විශිෂ්ඨ සාමාර්ථයකුත් ලබා ගන්නවා...

    අවාසනාවකට වගේ විජේවීර සහෝදරයා ලුලුම්බා විශ්ව විද්‍යාලය තුල පවා නිර්ධන පංතිය වෙනුවෙන් කරනා ලද උද්ඝෝෂණ නිසා පැන නැගුණු විශ්ව විද්‍යාල පරිපාලන හේතූන් නිසාත් 1963 විජේවීර සහෝදරයාට ඇතිවුණු හදිසි අසනීප තත්ත්වයත් නිසා වෛද්‍ය උපාධිය නොලබාම ඔහුට ශ්‍රී ලංකාවට නැවත එන්නට සිදුවෙනවා..

    1965 විජේවීර සහෝදරයා තවත් බුද්ධිමත් සිසුන් පිරිසක් හා එකතුව "ජනතා විමුක්ති පෙරමුණ" නමැති විප්ලවීය සංවිධානය අරඹනවා ගාල්ල, අක්මීමන නිවසක පවත්වන ලද රහසිගත රැස්වීමකින් පසුව....
     
    Last edited:

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මෙන්න තවත් විජේවීර සහෝදරයාගේ ජීවිත තොරතුරු ටිකක්:

    *************************************
    ස්තූතියි අයියේ.. දිගටම පුළුවන් නම් නිවාඩු වෙලාවට මේ ගැන ලිපි දාන්න.. :) :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ස්තූතියි අයියේ.. දිගටම පුළුවන් නම් නිවාඩු වෙලාවට මේ ගැන ලිපි දාන්න.. :) :)

    අනිවාර්යෙන්ම තව තොරතුරු ඉදිරියේදී ගෙනෙන්නම්...ඔබට ජය...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    [FONT=&quot]බෙදුම්වාදයට එරෙහිව මුල්ම ලේ බිඳුව හෙලූ විජේවීර[/FONT]

    [FONT=&quot]අපේ රටේ දේශපාලකයින් පිලිබඳ සැමරුම් සිදුවන්නේ බොහෝ විට හිතවතුන් මුලික කොටගෙන සංවිධානාත්මකවය.. දින, ස්ථාන, සංග්‍රහ හා ආරාධිත අමුත්තන් ආදිය කල් තියාම නියම කරගෙනය..[/FONT]

    [FONT=&quot]රෝහණ විජේවීර පිලිබඳ සැමරුම ඊට හාත්පසින් වෙනස්ය.. ලක්දිව හද්දා පිටිසර පුංචි ගම් දනව්වක ඇති පැල්පතක, කොළඹ මුඩුක්කුවක, නගරයේ කම්හලක පීඩිත කම්කරුවෙකුගේ හදවතක් තුල, ගොවි බිමක දහදිය වගුරුවන ගොවියකු තුල විජේවීර පිලිබඳ තනි පංගලමේ කිසිදු උත්සවයක් නැතිව සැමරුමක් සිදුවන බව නම් අදටත් විශ්වාසය.. [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒ වෙන කිසිවක් නිසා නොව ඔහු ඒ තරමටම මෙරට ජන සමාජයේ හදවත් තුලට කිඳා බැස ඇති බැවිනි.. [/FONT]

    [FONT=&quot]සැබැවින්ම විජේවීර යනු අසාමාන්‍ය මිනිසෙකි. ජයග්‍රහණය පිලිබඳ අංශු මාත්‍රයක බලාපොරොත්තුවක් නැති යුගයක පොදු අරමුණක් උදෙසා පමණක් ආත්ම පරිත්‍යාගයෙන් සිය සගයන්ට මග පෙන්වා අවසානයේදී තමාට හිමි කිසිවක් නොලැබ ජිවිතයෙන් සමුගෙන ගිය අව්‍යාජ මිනිසෙකි…..[/FONT]

    [FONT=&quot]මෙරට අන්තිම ප්‍රාථමික දේශපාලන ආයතනය වන ගම් සභාවක හෝ සාමාජිකයෙකු නොවී එකල මෙරට දේශපාලනයට ඉතා ඇවැසි කුලය නිල බල පරම්පරා හෝ දෙමාපිය උරුමය, මුදල් හදල් වැනි කිසිදු වරප්‍රසාදයක් නැතිව ඉපදී මෙතරම් ප්‍රබල දේශපාලන සටහනක් ලක් ධරණී තලය මත තබා ගිය අසාමාන්‍ය මිනිසෙකි.[/FONT]

    [FONT=&quot]රෝහණ විජේවීර 1978 සැප්තැමඛ්‍ර් 24 වෙනිදා යාපනයේ මුත්තවේලිහිදී රැස්වීමක් අමතමින් සිටියදී බෙදුම්වාදීන්ගෙන් එල්ලවන ගල් පහරකින් නලල තුවාල වී ලේ ගඟක් සේ ඇද හැලෙන්නට විය..[/FONT]

    [FONT=&quot]ගල් පහර එල්ලවන්නේ රට බෙදීමට එරෙහිව විජේවීර තම අදහස් ප්‍රකාශ කරමින් සිටියදීය..කණ්ණාඩි කුට්ටම පොඩි වී මුහුණ පුරා ලේ ගලමින් ඔහු එහිදී දේශපාලන බෙදුම්වාදයටත් ත්‍රස්තවාදයටත් එරෙහිව නොනවත්වා කතා කරයි…[/FONT]

    [FONT=&quot]“ මේ රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ගල් පහර කන්න නෙවෙයි දැන් මැරෙන්න වුනත් මා සුදානම්".........[/FONT]

    [FONT=&quot]මම සිංහල හා දෙමල ධනේශ්වර පංතියට එරෙහිව සිංහල දෙමල පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්..දෙමළ ජනතාවට මං ආදරෙයි..ජාතිවාදී වියරුවෙන් මට පහර දෙන සුළු පිරිස සිතිය යුත්තේ ඒ ගැනයි”…[/FONT]

    [FONT=&quot]1971 දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව අපේ ආදරණීය සොයුරු සොයුරියන් දස දහස් ගණනක් අමු අමුවේ වෙඩි තබා මරා දමා ගඟවල් වල පාකොට තවත් දහස් ගණනක් සිරගත කොට අපේ පක්ෂය විනාශ කරන්න හැදුවා… [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එසේ විනාශ කරන්න බැරිවුණු ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි නිවට ගල් පහරකින් නැවතිය නොහැකි බව දැනගනිල්ලා”….ඔහු සිය කථාව වේගවත් කරයි…[/FONT]

    [FONT=&quot]එතැන සිටින විශාල පිරිසක් වන දෙමළ ජනතාවට විජේවීරගේ කතාව දෙමළ බසට පරිවර්තනය කොට කියන්නේ තංගවේලූ නම් ද්‍රවිඩ සහෝදරයෙකි…[/FONT]

    [FONT=&quot]උපතිස්ස ගමනායක(පක්ෂයේ නියෝජ්‍ය නායක)ගල් පහර කා මුහුණින් ලේ වැගිරෙන තම ආදරණිය නායකයා පිටුපසින් පැමිණ තදින් වැලඳ ගනිද්දී විජේවීර වේදනාව ඉවසා ගන්නට බැරිව ගමනායකගේ හොඳින් වැඩුණු පොකුටු හිස කෙස් ඇද මිරිකා ගන්නේ අප නෙතින් කඳූළු වට්ටවමිනි. [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] මේ එඩිතර සුන්දර මිනිසා කැපවීමේ ඉහලම හා ගැඹුරුම තැනින් ජනතාවට තම කතාව තවමත් කර ගෙන යන්නේ කෙතරම් වේදනාවකින් විය යුතුදැයි සිතමින් අප සැවොම ගල් ගැසුනාක් සේ හිටි තැනම බලා හුන්නෝය…[/FONT]

    [FONT=&quot]කතාව අවසානයේ කුඩා ලස්සන දෙමල දැරිවියක් විත් විජේවීර සහෝදරයාට මල් දමක් ගෙල පලදවද්දී ඔහු එය තම ගෙලෙන් ගලවා දැරිවිය ලඟට ගෙන හිස අත ගා නැවත ඒ දැරිවියගේ කර මත පලඳවන්නේ එතැන රැස්වී සිටි දෙමල ජන ගංගාව ප්‍රීතියෙන් නැගූ ඔල්වරසන් හඬ මැද්දේය.......[/FONT]
     
    Last edited:

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    නියම ලිපි පෙළක් වගෙයි රොන් සහෝදරයා. ඉස්සරහට යමු.

    විජේවීර ලා, උපතිස්ස ගමනායක ලා, බන්දු ලා වගේ අය හිටියා නම් අද දේශපාලනේ මීට වඩා ඉස්සරහින් තියෙන්න ඉඩ තිබුනා. එය දන්න නිසාම තමයි පුලුවන් කාලේදීම එයාලව මර්දනය කලේ. දැන් ඉතින් එවැනි නායකත්වයක් රට තුල කොහොමටවත් ගොඩනැගෙන්න ඉඩක් තියලා නැහැ වර්තමානය විසින්.

    1992 දී ෂෙල්ටන් පයාගල මහතා කියපු කථාවක් මතක් වුනා. විජේවීර සහෝදරයා ස්වර්ගය පෙන්නලා නෙවෙයි මිනිස්සු නම්මගත්තේ. ඇත්ත ඇති සැටියෙන් විග්‍රහා කරලා, ඉදිරිය කරදර බව වටහා දීලායි.

    නමුත් අද දේශපාලකයො මිනිස්සුන්ගෙන් ඡන්දේ ගන්නේ අසීමිතව ස්වර්ගයක් මවා දීලායි.

    කෙසේ හෝ වේවා, රටට සිටිය යුතු අද්විතීය නායකයෙක් හැටියට තමයි මම පෞද්ගලීකව විජේවීරව සළකන්නේ...

    තවමත් එතුමාගේ ළමයි සහා බිරිඳ මහබාගේ/වැලිසර නාවික හමුදා මූලස්ථානයේ (නා.නෞ. ගැමුණු හි ) නිවාස අඩස්සියේ පසු වෙනවා මම දන්න පරිදි. (පසුගිය වසර 3 තුල ඔවුන් මිය ගොස් නැති නම්.)

    නැවතත්, ස්තූතියි ලිපි වලට.