Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විඤ්ඤාණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙලාව අරගෙන හෙමින් කියවල බලන්න යාලුවනේ..

“සබ්බ දානං ධම්ම දානං ජිනාති”

විඤ්ඤාණ කියන්නේ මොකක්ද? විඤ්ඤාණ වලට හේතුව කුමක්ද? විඤ්ඤාණ නිරෝධය කුමක්ද? විඤ්ඤාණ නිරෝධ මාර්ගය කුමක්ද? මෙන්න මේ කාරණා ටික අවබෝධ කරගත්තා නම් මෙය උතුම් නිවන් මගක්. නිවන් දැකීමට අදාල සුවාසුදහසක ධර්මස්කන්ධය තුලින් මෙයත් එක් නිවන් දැකීමට උපකාර වන එක් ධර්මස්කන්ධයක් වෙනවා. එනිසා මොනවාද විඤ්ඤාණ කියන්නේ කියන කාරණය හොදින් තේරුම් ගත යුතුයි.

විඤ්ඤාණ සකස් වෙන්නේ කොහොමද “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන එක්තරා සිද්ධාන්තයක් තුලින්. අවිද්යාව නිසා හටගන්නා සංඛාර වලට අවිද්යාව හේතුවෙනවා. එයින් විඤ්ඤාණ හටගන්නවා. විඤ්ඤාණ වලට ඒ සංඛාර හේතුවෙනවා. මෙන්න මේ විඤ්ඤාණ කියන අවස්ථාවට පත්වෙන එක වලක්වාගැනීමට සංඛාර නිරෝධ කරගන්න පුළුවන් වුණා නම් හැකිවෙනවා යන්න පෙර සංඛාර විස්තරය සහිත ලිපියේ සදහන් කලා ඔබට මතක ඇති. මෙන්න මේ අවස්ථාව තුල සංඛාර මගින් කොහොමද විඤ්ඤාණ ඇතිවෙන්නේ යන්න අපට අවබෝධයට පහසු වෙන ආකාරයට පැහැදිලි කරගත යුතුයි.

සුපිරිසිදු චිත්තය කහට ගැන්වේ...

සංඛාර හේතුවෙන් “ප්රභාශ්වරත්වය නම් චිත්තයයි - අරමුණු දැනෙන ස්වභාවය චිත්තයයි" කියලා පෙන්වපු කහට ගැන්වීමෙන් තොරවූ මූලික චිත්ත ස්වභාවය කහට ගැන්වෙන්න පටන්ගන්නවා. ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් යුක්තව යම් කිසි පුද්ගලයෙක් හිතන්න කියන්න පටන්ගත්තා නම් එසේ එයට අනුකූලව මෙහෙයවන මානසිකත්වය ක්රම ක්රමයෙන් රාග කහට, ද්වේශ කහට, මෝහ කහට ගැනෙන්න පටන්ගන්නවා. මේ චිත්ත කියන අවස්ථාව විඤ්ඤාණ බවට පත්වෙන්නේ... කටහ ගැන්වෙන්නේ අවස්ථා 9ක් තුල කහට ගැන්වීමක් තුලින්. චිත්ත, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, මනේන්ද්රියන්, විඤ්ඤාණං, විඤ්ඤාණං ස්කන්ධ ලෙසින් චිත්ත 9 වතාවක් කහට ගැන්වෙමින් ගොස් තමයි විඤ්ඤාණ අවස්ථාවට පත්වෙන්නේ. ඒ කහට ගැන්වීමට හේතුව තමයි කාය සංඛාර, වචී සංඛාර සහ මනෝ සංඛාර කියන රාග, ද්වේශ සහ මෝහ මුල් වී හටගත්ත නැත්නම් අවිද්යාව නිසා හටගත්ත මානසිකත්වය.

අපට දැනෙන ලෙසින් අවබෝධයට පහසු වෙන ලෙසින් මේ චිත්ත, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, මනේන්ද්රියන් යන අවස්ථාවන් පහදා ගනිමු.

චිත්ත වල ස්වභාවය තමයි අරමුණක් දැනෙන ලක්ෂණය. ඒ කියන්නේ දැනගන්න බලාපොරොත්තුවක් නැති අවස්ථාවක්. දැනීම දැනෙනවා... ඒත් එය දැනගන්න බලාපොරොත්තුවක් නැහැ. පෙනීම සහිත ඇස් තියෙන නිසා නොයෙක් නොයෙක් දේ පෙනෙන්නට තියෙනවා ඒත් ඒවා ගැන උන්නදුවෙලා බලන්න බලාපොරොත්තුවක් නැහැ නැතිනම් පෙනුනාය කියලා ඒවා බලන්න උවමනාවක් නැහැ කිව්වොත් ඔබට පැහැදිලි වෙනවාද? කණ තියෙන නිසා නොයෙක් ශබ්ද ඇහෙනවා. ඒත් ඒවා අහන බලාපොරොත්තුවක් නැහැ. නාසය තියෙන නිසා ගන්ධයන් දැනෙන ස්වභාවය තියෙනවා ඒත් ඒ ඒ ගන්ධයන් වින්දනය කරන්න බලාපොරොත්තුවක් නැහැ. දිව තියෙන නිසා රස දැනෙනවා ඒත්ත ඒ රස ලබාගැනීමට බලාපොරොත්තුවක් නැහැ. කය තියෙන නිසා ස්පර්ශයන් දැනෙනවා ඒත් ඒ ස්පර්ශ ගැන බලාපොරොත්තුවක් නැහැ. මෙන්න මේ ආකාරයට හිත තියෙනවා කියලා දැනෙනවා ඒත් ඒ හිත යොදවමින් පංච කාමයන් පසුපස හඹා යෑමට බලාපොරොත්තුවක් නැහැ. මෙය තමයි ප්රභාශ්වර පිරිසිදු අරමුණු දැනගැනීමේ ලක්ෂණය සහිත චිත්ත ස්වභාවය ලෙසින් පෙන්වා දුන්නේ. මේ චිත්ත ස්වභාවය අරිහත්වයට පත් උතුමන් හටයි පවතින්නේ.

මෙන්න මේ චිත්ත ස්වභාවයට පෙනෙනවා, ඇහෙනවා, ගන්ධයන් දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා ආදිය සිදුවෙනකොට අවිද්යාවෙන් යුක්තව ඒ දේවල් සාරවත් ලෙස ගන්නා ලෝක සත්වයාට ඒ ඒ අරමුණු දැනෙන මට්ටමින් ඉන්න බැරිව යනවා. ඒක මොකක්ද කියලා දැනගන්නමයි හිතෙන්නේ. දැනගෙන මේ අහවල් දේනේද කියලා මැනගන්න හිතෙනවා. පේන දේවල්, ඇහෙන දේවල් ආදී ලෙසට වෙන් වෙන් කරලා මැනගැනීමේ බලාපොරොත්තුවක් හිතේ හටගන්නවා. ඒ තුලින් මේ මේ දේවල් මේ ආකාරයි මේක ලස්සනයි.. මේක කැතයි... මේක මේ හැඩය ආදී ලෙසට මැනගන්නවා. මෙන්න මේ මනින අවස්ථාව තමයි චිත්ත කියන අවස්ථාව ඉතාම සුළු කහටක් ගැන්විලා පත්වෙන මනෝ කියන අවස්ථාව.

මෙන්න මේ මැනගත්ත දේවල් වටිනවා කියලා මනසින් එකතුවෙන අවස්ථාවට පත්වෙනවා. මන සමග අප දැනටමත් හොදින් දන්නා “සං” කියන අවස්ථාව යෙදී මානසං බවට පත්වෙනවා.

දැන් ඒ දේවල් අතහැර ඉන්න බැරි තත්වයකට හිත පත්වෙනවා... ඒවායේ ඇසුරේම ඉන්න හිතෙන තත්වයට චිත්ත කියන අවස්ථාව කහට ගැන්විලා හදයං කියන අවස්ථාවට පත්වෙනවා.

ඇසුරු කරන දේවල්ම වඩාත් බලවත්වෙමින් පනපෙවමින් ලං කරගන්නවා. ඒවාට තියෙන හිතවත් කම වැඩිවෙලා බැදීම් රැදීම් එනවා ඒ කියන්නේ පණ්ඩරං කියන අවස්ථාවට චිත්ත කහට ගැන්වෙනවා.

දැන් මැන ගත්ත දේවලම ජීවත්වෙන්න හිතෙනවා. යථා ස්වභාවයෙන් නැත්නම් පකෘති මානසිකත්වයෙන් ඉවත්වෙලා වටිනවා කියලා ලංකරගත්ත දේ සමගම සිතින් ජීවත්වෙන්න පටන්ගන්නවා. මනෝ මනායතනං අවස්ථාව.

ඒ දේම අග්රකරගෙන මනේන්ද්රියන් කියන අවස්ථාවට පත්වෙනවා.

දැන් දැනීම නැත්නම් දැනෙන ස්වභාවය යොමුකලේ හරයක් ඇතිදෙයකට නෙවේ නිසා අසාර පැවැත්මක් වටිනවා කියලා අල්ලගත් මුලාවකට නිසා විඤ්ඤාණං කියන අවස්ථාවට කහට ගැන්වුණා.

මෙන්න මේ ආකාරයට තමයි සංඛාර නිසා චිත්ත කියන අවස්ථාව විඤ්ඤාණ බවට කහට ගැන්වෙන්නේ.

අති සංකීර්ණ ගැඹුරු දහමක් තරමක් සරලව...

ඔබට මතක ඇති පටිච්ච සමුප්පාද හැදින්වීමේ ලිපිය තුල පටිච්ච සමුප්පාදය ප්රධාන වශයෙන් ආකාර 4කින් ක්රියාත්මක වෙනවා ලෙසින් සටහන් තිබූ බව.

1. හේතු පටිච්ච සමුප්පාදය (හේතු සමග යෙදෙන ආකාරය)

2. ප්රත්ය පටිච්ච සමුප්පාදය (එකිනෙකට ප්රත්ය වෙන ආකාරය)

3. සම්පයුක්ත පටිච්ච සමුප්පාදය (එකිනෙක සමග යෙදෙන ආකාරය)

4. අඤ්ඤ මඤ්ඤ පටිච්ච සමුප්පාදය (අන්යෙය වශයෙන් බැදී යෙදෙන ආකාරය)

අවිද්යාව ප්රත්යයෙන් විඤ්ඤාණ සකස්වෙනකොට සකස්වෙලා එකට බැදෙන රැදෙන ක්රම 4ක් තියෙනවා. ඒ තමයි ඉහත පෙන්වා දුන්න පටිච්ච සමුප්පාද ආකාර 4.

“අවිජ්ජා පච්චයා සංඛාරා - සංඛාර පච්චයා විඤ්ඤාණං” මේ ප්රත්යය වෙලා බැදෙන හැටි.

“අවිජ්ජා පච්චයා සංඛාර අවිජ්ජා හේතුකෝ - සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර හේතුකං (අවිද්යාව හේතුවෙන් සංඛාර හටගන්නවා. එයට අවිද්යාව හේතුවෙනවා - සංඛාර හේතුවෙන් විඤ්ඤාණ හටගන්නවා, එයට සංඛාර හේතුවෙනවා)” මේ හේතු වශයෙන් බැදෙන හැටි.

“අවිජ්ජා පච්චයා සංඛාරා අවිජ්ජා සම්ප්රයුක්තං - සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර සම්ප්රයුක්තං (අවිද්යාව ප්රත්යයෙන් සංඛාරවේ. අවිද්යාව සමග යෙදේ. සංඛාර ප්රත්යයෙන් විඤ්ඤාණ වේ. සංඛාර සමග යෙදේ)” මේ සමග යෙදෙන හැටි.

“අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා අවිජ්ජා - සංඛාර පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා සංඛාරා (අවිද්යාව ප්රත්යයෙන් සංඛාරවේ. සංඛාර ප්රතයයෙන් අවිද්යාවවේ. සංඛාර ප්රත්යයෙන් විඤ්ඤාණ වේ. විඤ්ඤාණ ප්රත්යයෙන් සංඛාරවේ)” මේ අන්යෙන්ය වශයෙන් ප්රත්ය වෙන හැටි.

හේතු, ප්රත්ය, සම්ප්රයුක්ත, අඤ්ඤ මඤ්ඤ කියන 4 ආකාරයකින් මෙන්න මේ විඤ්ඤාණය අවිද්යාව සහ සංඛාර සමග සම්බන්ධ වෙනවා. ඉතාම ගැඹුරුයි මෙය බොහෝම හොදින් සියුම්ව හිතලා තෝරගන්න ඕනේ.

සංඛාර නිසා විඤ්ඤාණ බවට පත්වීම තවත් සරලව පහදා දෙනවා නම් උපතේදී බොහෝ විට ළදරුවෙකුට තිබෙන්නේ දැනෙන බව සහ ඒවාට ප්රතිචාර දක්වන්නට පහල වෙන සිත් පෙලක් නේද? බොරුවට, වංචාවට, කපටි කමට, අසත්පුරුෂ කමට හෝ ගුණයට, සත්පුරුෂ බවට, යහපතට හෝ නැමුනු සිත් පහල වෙන්නේ උපතින් පසු කියන, කරන, සිතන ආකාරය අනුව පහල වූ පෙලවල් වලින් බව අප දන්නවා. යම් යම් පහත් හෝ උසස් ගති ලක්ෂණ ඇති චිත්ත ස්වභාවයන් පහල වෙන්නේ හිතන, කියන, කරන දේට අනුවයි.

විකෘති දැනීම...

ඉතින් ඤාණ යනු න්යය ධර්ම නැත්නම් සිද්ධාන්ත පිලිබද දැනීමයි. අවිද්යාවෙන් මුලාවී ආශාවන්ට වහල් වී කටයුතු කරන විට න්යය ධර්ම දැනීම නැත්නම් සිද්ධාන්ත දැනීම වෙනුවට විකෘති දැනීමක් හටගන්නවා. ඒවාට තමයි විඤ්ඤාණ කියලා කියන්නේ. අප දුක, මුලාව කරා ඇදගෙන යන්නේ, මතු මතු භව වලට ඇද දමන්නේ අවිද්යාවෙන්, මුලාවෙන් ඒ ඒ සිද්ධාන්ත ධර්ම නොවැටහෙන ලෙස සිතුවිලි, ක්රියා, වදන් තුලින් නැගුන විඤ්ඤාණ වලිනි. ලෝකයට ඇලුම් කරමින් පහල වන කෙබදු ගතියක් නමුත් මේ විඤ්ඤාණ සමග තමයි යෙදෙන්නේ.

අප භයානක ලෙස, මුලාවක් ලෙස, දුකට හේතු කාරකයක් ලෙස දැන අත් හල යුත්තේ අවිද්යාව මුල්කරගෙන ඇතිවූ සංඛාර හේතුවෙන් ගොඩනැගෙන විඤ්ඤාණයන්ය. විඤ්ඤාණ සහ විඤ්ඤාණ ස්කන්ධ යනු වෙනම තේරුම් ගත යුත්තක්. සූත්ර පිඨකයේ දේශනාවල විඤ්ඤාණ ස්කන්ධය දේශනා කර ඇත්තේ චිත්ත මාත්රයක් ලෙස නොවේ. අතීත, අනාගත, වර්ථමාන, සියුම්, ඝණ, දුර, ලග, හීන, ප්රනීත විඤ්ඤාණ යැයි යම් සම්පිණ්ඩනයක් වේද එය විඤ්ඤාණ ස්කන්ධයයි යනුවෙනි.

ඉතින් මේ චිත්ත කියන අවස්ථාව, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, මනේන්ද්රියන් කියන අවස්ථාවන් ඉක්මවා ගොස් විඤ්ඤාණං කියන තැනට පත්වෙලා අතීත අනාගත වර්ථමාන කියන තුන් කල්හි එබදු දැනීම් පොදි එකතු කරලා මනසින් සනිටුහන් කරගෙන ඒ තුල බැදිලා රැදිලා ඉන්න පරිසරයක් ගොඩනගාගෙන එබදු දැනීම් ස්වභාවයකට පත්වෙලා ඉන්න විට කියනවා විඤ්ඤාණස්කන්ධයක් හා බැදිලා ඉන්නවා කියලා. මේ විඤ්ඤාණ ස්කන්ධයක් සකස්වෙලා එන ආකාරය තමයි මෙලෙස කෙටියෙන් අප දැනගත්තේ.

එහෙනම් විඤ්ඤාණ කියන්නේ මොකක්ද? විඤ්ඤාණ වලට හේතුව මොකක්ද?

“සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන තැන විභංගප්රකරණයේ පටිච්ච සමුප්පාද විභංගයේ විග්රහ වෙනවා

“තත්ථ කථමං සංඛාර පච්චයා විඤ්ඤාණං?

(සංඛාර ප්රත්යයෙන් විඤ්ඤාණ වෙනවා කියන්නේ කුමක්ද?)

“චක්ඛු විඤ්ඤාණං, සෝත විඤ්ඤාණං, ඝාණ විඤ්ඤාණං, ජිව්හා විඤ්ඤාණං,

කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං

අයං වුච්චති සංඛාර පච්චයා විඤ්ඤාණං (සංඛාර හේතුවෙන් හටගන්න විඤ්ඤාණ එයවේ)”.

ගින්න ගින්නමයි...

මේ ආකාරයට තමයි විභංගප්රකරණයේ පටිච්ච සමුප්පාද විභංගය තුලින් මේ කාරණය අපට තේරුම් කරලා තියෙන්නේ. දැන් අප තේරුම් ගන්න ඕනේ මේ රටාව තුලින් මේ විඤ්ඤාණ කියන අවස්ථාව ප්රභේද නැත්නම් අවස්ථා 6කට බෙදලා විග්රහ කරලා පෙන්වනවා. බුදු පියාණන්වහන්සේ පෙන්වා දෙනවා මේ ප්රභේද වශයෙන් වෙන් කෙරුවට මේ විඤ්ඤාණ වල ස්වභාවය එකයි කියලා. දර එකතු කරලා ගිනි ගොඩක් ගහනවා, පිදුරු එකතු කරලා ගිනි ගොඩක් ගහනවා, දහයියා එකතු කරලා ගිනි ගොඩක් ගහනවා මේ ආදී වශයෙන් කොල රොඩු එකතු කරලා ගිනි ගොඩක් ගහනවා. මේ විදියට දර වලින් හැදුන ගින්දරට දර ගින්න කියනවා, පිදුරු වලින් නැගුන ගින්නට පිදුරු ගින්න කියනවා, දහයියා වලින් නැගුන ගින්නට දහයියා ගින්න කියනවා, කොලරොඩු වලින් නැගුණ ගින්නට කොලරොඩු ගින්න කියනවා හැබැයි මොන නමින් හැදින්වූවත් ගින්න එකවාගේ.

මෙන්න මේ වාගේ ඇස මුල්වෙලා හටගන්න විඤ්ඤාණ වලට චක්ඛු විඤ්ඤාණ කියනවා, කණ මුල්වෙලා හටගන්නා සිත් වලට නැතිනම් ඒ ආකාර වූ කෙළෙස් සහිත සිත්වලට සෝත විඤ්ඤාණ කියනවා, නාසය මුල්කරගෙන හටගන්න ඒවාට ඝාණ විඤ්ඤාණ කියනවා, දිව මුල්කරගෙන නැත්නම් රස මුල්කරගෙන හටගන්නා ඒවාට ජිව්හා විඤ්ඤාණ කියනවා, ඒවාගේම කය පහස මුල්කරගෙන හටගන්න ඒවාට කාය විඤ්ඤාණ කියනවා, මන ධර්මයන් මුල්කරගෙන හටගන්න ඒවාට මනෝ විඤ්ඤාණ කියලා කියනවා. මේ ආකාරයට මේ විඤ්ඤාණ කියන තත්වයේදී 6 ආකාරයකට බෙදලා පෙන්වූවත් විඤ්ඤාණ නැමැති එකම ස්වභාවය තමයි ඒ ඒ හටගත්ත ස්වභාවයන් අනුව නැත්නම් මූලධර්මයන් අනුව ඒ ඒ නමින් පෙන්නලා තියෙන්නේ. ඒ නිසා හොදින් තේරුම් ගන්න ඕනේ විඤ්ඤාණ කියන ස්වභාවයේ යථා ස්වභාවය. මොකක්ද මේ විඤ්ඤාණ කිව්වේ කියලා ඔය ආකාරයට අපි එකින් එකට තෝරගන්න ඕනේ. එක චිත්තක්ෂණයක් තුලද ඉහත විස්තර කල පටිච්ච සමුප්පාද චක්ර 4 හතර ආකාරයකින් ක්රියාත්මක වෙනවා කියලා ඔබ දන්නවාද? එය මම මෙහි විස්තර නොකොට පසුවට විස්තර කිරීමට කල් තබන්නේ ඉතාමත් ගැඹුරු කරන මූලික විස්තරයට බහාලමින් ඔබව පටලවා අපසුවට පත් කිරීම නුසුදුසු බැවිනි.

උපුටා ගැනීම : නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය

[QUOTE="chinmak, post: 19196391, member: 516779"] වෙලාව අරගෙන හෙමින් කියවල බලන්න යාලුවනේ.. [SIZE="5"][COLOR="Navy"]“සබ්බ දානං ධම්ම දානං ජිනාති”[/COLOR][/SIZE] [SIZE="4"]විඤ්ඤාණ කියන්නේ මොකක්ද? විඤ්ඤාණ වලට හේතුව කුමක්ද? විඤ්ඤාණ නිරෝධය කුමක්ද? විඤ්ඤාණ නිරෝධ මාර්ගය කුමක්ද? මෙන්න මේ කාරණා ටික අවබෝධ කරගත්තා නම් මෙය උතුම් නිවන් මගක්. නිවන් දැකීමට අදාල සුවාසුදහසක ධර්මස්කන්ධය තුලින් මෙයත් එක් නිවන් දැකීමට උපකාර වන එක් ධර්මස්කන්ධයක් වෙනවා. එනිසා මොනවාද විඤ්ඤාණ කියන්නේ කියන කාරණය හොදින් තේරුම් ගත යුතුයි. විඤ්ඤාණ සකස් වෙන්නේ කොහොමද “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන එක්තරා සිද්ධාන්තයක් තුලින්. අවිද්යාව නිසා හටගන්නා සංඛාර වලට අවිද්යාව හේතුවෙනවා. එයින් විඤ්ඤාණ හටගන්නවා. විඤ්ඤාණ වලට ඒ සංඛාර හේතුවෙනවා. මෙන්න මේ විඤ්ඤාණ කියන අවස්ථාවට පත්වෙන එක වලක්වාගැනීමට සංඛාර නිරෝධ කරගන්න පුළුවන් වුණා නම් හැකිවෙනවා යන්න පෙර සංඛාර විස්තරය සහිත ලිපියේ සදහන් කලා ඔබට මතක ඇති. මෙන්න මේ අවස්ථාව තුල සංඛාර මගින් කොහොමද විඤ්ඤාණ ඇතිවෙන්නේ යන්න අපට අවබෝධයට පහසු වෙන ආකාරයට පැහැදිලි කරගත යුතුයි. සුපිරිසිදු චිත්තය කහට ගැන්වේ... සංඛාර හේතුවෙන් “ප්රභාශ්වරත්වය නම් චිත්තයයි - අරමුණු දැනෙන ස්වභාවය චිත්තයයි" කියලා පෙන්වපු කහට ගැන්වීමෙන් තොරවූ මූලික චිත්ත ස්වභාවය කහට ගැන්වෙන්න පටන්ගන්නවා. ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් යුක්තව යම් කිසි පුද්ගලයෙක් හිතන්න කියන්න පටන්ගත්තා නම් එසේ එයට අනුකූලව මෙහෙයවන මානසිකත්වය ක්රම ක්රමයෙන් රාග කහට, ද්වේශ කහට, මෝහ කහට ගැනෙන්න පටන්ගන්නවා. මේ චිත්ත කියන අවස්ථාව විඤ්ඤාණ බවට පත්වෙන්නේ... කටහ ගැන්වෙන්නේ අවස්ථා 9ක් තුල කහට ගැන්වීමක් තුලින්. චිත්ත, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, මනේන්ද්රියන්, විඤ්ඤාණං, විඤ්ඤාණං ස්කන්ධ ලෙසින් චිත්ත 9 වතාවක් කහට ගැන්වෙමින් ගොස් තමයි විඤ්ඤාණ අවස්ථාවට පත්වෙන්නේ. ඒ කහට ගැන්වීමට හේතුව තමයි කාය සංඛාර, වචී සංඛාර සහ මනෝ සංඛාර කියන රාග, ද්වේශ සහ මෝහ මුල් වී හටගත්ත නැත්නම් අවිද්යාව නිසා හටගත්ත මානසිකත්වය. අපට දැනෙන ලෙසින් අවබෝධයට පහසු වෙන ලෙසින් මේ චිත්ත, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, මනේන්ද්රියන් යන අවස්ථාවන් පහදා ගනිමු. චිත්ත වල ස්වභාවය තමයි අරමුණක් දැනෙන ලක්ෂණය. ඒ කියන්නේ දැනගන්න බලාපොරොත්තුවක් නැති අවස්ථාවක්. දැනීම දැනෙනවා... ඒත් එය දැනගන්න බලාපොරොත්තුවක් නැහැ. පෙනීම සහිත ඇස් තියෙන නිසා නොයෙක් නොයෙක් දේ පෙනෙන්නට තියෙනවා ඒත් ඒවා ගැන උන්නදුවෙලා බලන්න බලාපොරොත්තුවක් නැහැ නැතිනම් පෙනුනාය කියලා ඒවා බලන්න උවමනාවක් නැහැ කිව්වොත් ඔබට පැහැදිලි වෙනවාද? කණ තියෙන නිසා නොයෙක් ශබ්ද ඇහෙනවා. ඒත් ඒවා අහන බලාපොරොත්තුවක් නැහැ. නාසය තියෙන නිසා ගන්ධයන් දැනෙන ස්වභාවය තියෙනවා ඒත් ඒ ඒ ගන්ධයන් වින්දනය කරන්න බලාපොරොත්තුවක් නැහැ. දිව තියෙන නිසා රස දැනෙනවා ඒත්ත ඒ රස ලබාගැනීමට බලාපොරොත්තුවක් නැහැ. කය තියෙන නිසා ස්පර්ශයන් දැනෙනවා ඒත් ඒ ස්පර්ශ ගැන බලාපොරොත්තුවක් නැහැ. මෙන්න මේ ආකාරයට හිත තියෙනවා කියලා දැනෙනවා ඒත් ඒ හිත යොදවමින් පංච කාමයන් පසුපස හඹා යෑමට බලාපොරොත්තුවක් නැහැ. මෙය තමයි ප්රභාශ්වර පිරිසිදු අරමුණු දැනගැනීමේ ලක්ෂණය සහිත චිත්ත ස්වභාවය ලෙසින් පෙන්වා දුන්නේ. මේ චිත්ත ස්වභාවය අරිහත්වයට පත් උතුමන් හටයි පවතින්නේ. මෙන්න මේ චිත්ත ස්වභාවයට පෙනෙනවා, ඇහෙනවා, ගන්ධයන් දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා ආදිය සිදුවෙනකොට අවිද්යාවෙන් යුක්තව ඒ දේවල් සාරවත් ලෙස ගන්නා ලෝක සත්වයාට ඒ ඒ අරමුණු දැනෙන මට්ටමින් ඉන්න බැරිව යනවා. ඒක මොකක්ද කියලා දැනගන්නමයි හිතෙන්නේ. දැනගෙන මේ අහවල් දේනේද කියලා මැනගන්න හිතෙනවා. පේන දේවල්, ඇහෙන දේවල් ආදී ලෙසට වෙන් වෙන් කරලා මැනගැනීමේ බලාපොරොත්තුවක් හිතේ හටගන්නවා. ඒ තුලින් මේ මේ දේවල් මේ ආකාරයි මේක ලස්සනයි.. මේක කැතයි... මේක මේ හැඩය ආදී ලෙසට මැනගන්නවා. මෙන්න මේ මනින අවස්ථාව තමයි චිත්ත කියන අවස්ථාව ඉතාම සුළු කහටක් ගැන්විලා පත්වෙන මනෝ කියන අවස්ථාව. මෙන්න මේ මැනගත්ත දේවල් වටිනවා කියලා මනසින් එකතුවෙන අවස්ථාවට පත්වෙනවා. මන සමග අප දැනටමත් හොදින් දන්නා “සං” කියන අවස්ථාව යෙදී මානසං බවට පත්වෙනවා. දැන් ඒ දේවල් අතහැර ඉන්න බැරි තත්වයකට හිත පත්වෙනවා... ඒවායේ ඇසුරේම ඉන්න හිතෙන තත්වයට චිත්ත කියන අවස්ථාව කහට ගැන්විලා හදයං කියන අවස්ථාවට පත්වෙනවා. ඇසුරු කරන දේවල්ම වඩාත් බලවත්වෙමින් පනපෙවමින් ලං කරගන්නවා. ඒවාට තියෙන හිතවත් කම වැඩිවෙලා බැදීම් රැදීම් එනවා ඒ කියන්නේ පණ්ඩරං කියන අවස්ථාවට චිත්ත කහට ගැන්වෙනවා. දැන් මැන ගත්ත දේවලම ජීවත්වෙන්න හිතෙනවා. යථා ස්වභාවයෙන් නැත්නම් පකෘති මානසිකත්වයෙන් ඉවත්වෙලා වටිනවා කියලා ලංකරගත්ත දේ සමගම සිතින් ජීවත්වෙන්න පටන්ගන්නවා. මනෝ මනායතනං අවස්ථාව. ඒ දේම අග්රකරගෙන මනේන්ද්රියන් කියන අවස්ථාවට පත්වෙනවා. දැන් දැනීම නැත්නම් දැනෙන ස්වභාවය යොමුකලේ හරයක් ඇතිදෙයකට නෙවේ නිසා අසාර පැවැත්මක් වටිනවා කියලා අල්ලගත් මුලාවකට නිසා විඤ්ඤාණං කියන අවස්ථාවට කහට ගැන්වුණා. මෙන්න මේ ආකාරයට තමයි සංඛාර නිසා චිත්ත කියන අවස්ථාව විඤ්ඤාණ බවට කහට ගැන්වෙන්නේ. අති සංකීර්ණ ගැඹුරු දහමක් තරමක් සරලව... ඔබට මතක ඇති පටිච්ච සමුප්පාද හැදින්වීමේ ලිපිය තුල පටිච්ච සමුප්පාදය ප්රධාන වශයෙන් ආකාර 4කින් ක්රියාත්මක වෙනවා ලෙසින් සටහන් තිබූ බව. 1. හේතු පටිච්ච සමුප්පාදය (හේතු සමග යෙදෙන ආකාරය) 2. ප්රත්ය පටිච්ච සමුප්පාදය (එකිනෙකට ප්රත්ය වෙන ආකාරය) 3. සම්පයුක්ත පටිච්ච සමුප්පාදය (එකිනෙක සමග යෙදෙන ආකාරය) 4. අඤ්ඤ මඤ්ඤ පටිච්ච සමුප්පාදය (අන්යෙය වශයෙන් බැදී යෙදෙන ආකාරය) අවිද්යාව ප්රත්යයෙන් විඤ්ඤාණ සකස්වෙනකොට සකස්වෙලා එකට බැදෙන රැදෙන ක්රම 4ක් තියෙනවා. ඒ තමයි ඉහත පෙන්වා දුන්න පටිච්ච සමුප්පාද ආකාර 4. “අවිජ්ජා පච්චයා සංඛාරා - සංඛාර පච්චයා විඤ්ඤාණං” මේ ප්රත්යය වෙලා බැදෙන හැටි. “අවිජ්ජා පච්චයා සංඛාර අවිජ්ජා හේතුකෝ - සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර හේතුකං (අවිද්යාව හේතුවෙන් සංඛාර හටගන්නවා. එයට අවිද්යාව හේතුවෙනවා - සංඛාර හේතුවෙන් විඤ්ඤාණ හටගන්නවා, එයට සංඛාර හේතුවෙනවා)” මේ හේතු වශයෙන් බැදෙන හැටි. “අවිජ්ජා පච්චයා සංඛාරා අවිජ්ජා සම්ප්රයුක්තං - සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර සම්ප්රයුක්තං (අවිද්යාව ප්රත්යයෙන් සංඛාරවේ. අවිද්යාව සමග යෙදේ. සංඛාර ප්රත්යයෙන් විඤ්ඤාණ වේ. සංඛාර සමග යෙදේ)” මේ සමග යෙදෙන හැටි. “අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා අවිජ්ජා - සංඛාර පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා සංඛාරා (අවිද්යාව ප්රත්යයෙන් සංඛාරවේ. සංඛාර ප්රතයයෙන් අවිද්යාවවේ. සංඛාර ප්රත්යයෙන් විඤ්ඤාණ වේ. විඤ්ඤාණ ප්රත්යයෙන් සංඛාරවේ)” මේ අන්යෙන්ය වශයෙන් ප්රත්ය වෙන හැටි. හේතු, ප්රත්ය, සම්ප්රයුක්ත, අඤ්ඤ මඤ්ඤ කියන 4 ආකාරයකින් මෙන්න මේ විඤ්ඤාණය අවිද්යාව සහ සංඛාර සමග සම්බන්ධ වෙනවා. ඉතාම ගැඹුරුයි මෙය බොහෝම හොදින් සියුම්ව හිතලා තෝරගන්න ඕනේ. සංඛාර නිසා විඤ්ඤාණ බවට පත්වීම තවත් සරලව පහදා දෙනවා නම් උපතේදී බොහෝ විට ළදරුවෙකුට තිබෙන්නේ දැනෙන බව සහ ඒවාට ප්රතිචාර දක්වන්නට පහල වෙන සිත් පෙලක් නේද? බොරුවට, වංචාවට, කපටි කමට, අසත්පුරුෂ කමට හෝ ගුණයට, සත්පුරුෂ බවට, යහපතට හෝ නැමුනු සිත් පහල වෙන්නේ උපතින් පසු කියන, කරන, සිතන ආකාරය අනුව පහල වූ පෙලවල් වලින් බව අප දන්නවා. යම් යම් පහත් හෝ උසස් ගති ලක්ෂණ ඇති චිත්ත ස්වභාවයන් පහල වෙන්නේ හිතන, කියන, කරන දේට අනුවයි. විකෘති දැනීම... ඉතින් ඤාණ යනු න්යය ධර්ම නැත්නම් සිද්ධාන්ත පිලිබද දැනීමයි. අවිද්යාවෙන් මුලාවී ආශාවන්ට වහල් වී කටයුතු කරන විට න්යය ධර්ම දැනීම නැත්නම් සිද්ධාන්ත දැනීම වෙනුවට විකෘති දැනීමක් හටගන්නවා. ඒවාට තමයි විඤ්ඤාණ කියලා කියන්නේ. අප දුක, මුලාව කරා ඇදගෙන යන්නේ, මතු මතු භව වලට ඇද දමන්නේ අවිද්යාවෙන්, මුලාවෙන් ඒ ඒ සිද්ධාන්ත ධර්ම නොවැටහෙන ලෙස සිතුවිලි, ක්රියා, වදන් තුලින් නැගුන විඤ්ඤාණ වලිනි. ලෝකයට ඇලුම් කරමින් පහල වන කෙබදු ගතියක් නමුත් මේ විඤ්ඤාණ සමග තමයි යෙදෙන්නේ. අප භයානක ලෙස, මුලාවක් ලෙස, දුකට හේතු කාරකයක් ලෙස දැන අත් හල යුත්තේ අවිද්යාව මුල්කරගෙන ඇතිවූ සංඛාර හේතුවෙන් ගොඩනැගෙන විඤ්ඤාණයන්ය. විඤ්ඤාණ සහ විඤ්ඤාණ ස්කන්ධ යනු වෙනම තේරුම් ගත යුත්තක්. සූත්ර පිඨකයේ දේශනාවල විඤ්ඤාණ ස්කන්ධය දේශනා කර ඇත්තේ චිත්ත මාත්රයක් ලෙස නොවේ. අතීත, අනාගත, වර්ථමාන, සියුම්, ඝණ, දුර, ලග, හීන, ප්රනීත විඤ්ඤාණ යැයි යම් සම්පිණ්ඩනයක් වේද එය විඤ්ඤාණ ස්කන්ධයයි යනුවෙනි. ඉතින් මේ චිත්ත කියන අවස්ථාව, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, මනේන්ද්රියන් කියන අවස්ථාවන් ඉක්මවා ගොස් විඤ්ඤාණං කියන තැනට පත්වෙලා අතීත අනාගත වර්ථමාන කියන තුන් කල්හි එබදු දැනීම් පොදි එකතු කරලා මනසින් සනිටුහන් කරගෙන ඒ තුල බැදිලා රැදිලා ඉන්න පරිසරයක් ගොඩනගාගෙන එබදු දැනීම් ස්වභාවයකට පත්වෙලා ඉන්න විට කියනවා විඤ්ඤාණස්කන්ධයක් හා බැදිලා ඉන්නවා කියලා. මේ විඤ්ඤාණ ස්කන්ධයක් සකස්වෙලා එන ආකාරය තමයි මෙලෙස කෙටියෙන් අප දැනගත්තේ. එහෙනම් විඤ්ඤාණ කියන්නේ මොකක්ද? විඤ්ඤාණ වලට හේතුව මොකක්ද? “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන තැන විභංගප්රකරණයේ පටිච්ච සමුප්පාද විභංගයේ විග්රහ වෙනවා “තත්ථ කථමං සංඛාර පච්චයා විඤ්ඤාණං? (සංඛාර ප්රත්යයෙන් විඤ්ඤාණ වෙනවා කියන්නේ කුමක්ද?) “චක්ඛු විඤ්ඤාණං, සෝත විඤ්ඤාණං, ඝාණ විඤ්ඤාණං, ජිව්හා විඤ්ඤාණං, කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං අයං වුච්චති සංඛාර පච්චයා විඤ්ඤාණං (සංඛාර හේතුවෙන් හටගන්න විඤ්ඤාණ එයවේ)”. ගින්න ගින්නමයි... මේ ආකාරයට තමයි විභංගප්රකරණයේ පටිච්ච සමුප්පාද විභංගය තුලින් මේ කාරණය අපට තේරුම් කරලා තියෙන්නේ. දැන් අප තේරුම් ගන්න ඕනේ මේ රටාව තුලින් මේ විඤ්ඤාණ කියන අවස්ථාව ප්රභේද නැත්නම් අවස්ථා 6කට බෙදලා විග්රහ කරලා පෙන්වනවා. බුදු පියාණන්වහන්සේ පෙන්වා දෙනවා මේ ප්රභේද වශයෙන් වෙන් කෙරුවට මේ විඤ්ඤාණ වල ස්වභාවය එකයි කියලා. දර එකතු කරලා ගිනි ගොඩක් ගහනවා, පිදුරු එකතු කරලා ගිනි ගොඩක් ගහනවා, දහයියා එකතු කරලා ගිනි ගොඩක් ගහනවා මේ ආදී වශයෙන් කොල රොඩු එකතු කරලා ගිනි ගොඩක් ගහනවා. මේ විදියට දර වලින් හැදුන ගින්දරට දර ගින්න කියනවා, පිදුරු වලින් නැගුන ගින්නට පිදුරු ගින්න කියනවා, දහයියා වලින් නැගුන ගින්නට දහයියා ගින්න කියනවා, කොලරොඩු වලින් නැගුණ ගින්නට කොලරොඩු ගින්න කියනවා හැබැයි මොන නමින් හැදින්වූවත් ගින්න එකවාගේ. මෙන්න මේ වාගේ ඇස මුල්වෙලා හටගන්න විඤ්ඤාණ වලට චක්ඛු විඤ්ඤාණ කියනවා, කණ මුල්වෙලා හටගන්නා සිත් වලට නැතිනම් ඒ ආකාර වූ කෙළෙස් සහිත සිත්වලට සෝත විඤ්ඤාණ කියනවා, නාසය මුල්කරගෙන හටගන්න ඒවාට ඝාණ විඤ්ඤාණ කියනවා, දිව මුල්කරගෙන නැත්නම් රස මුල්කරගෙන හටගන්නා ඒවාට ජිව්හා විඤ්ඤාණ කියනවා, ඒවාගේම කය පහස මුල්කරගෙන හටගන්න ඒවාට කාය විඤ්ඤාණ කියනවා, මන ධර්මයන් මුල්කරගෙන හටගන්න ඒවාට මනෝ විඤ්ඤාණ කියලා කියනවා. මේ ආකාරයට මේ විඤ්ඤාණ කියන තත්වයේදී 6 ආකාරයකට බෙදලා පෙන්වූවත් විඤ්ඤාණ නැමැති එකම ස්වභාවය තමයි ඒ ඒ හටගත්ත ස්වභාවයන් අනුව නැත්නම් මූලධර්මයන් අනුව ඒ ඒ නමින් පෙන්නලා තියෙන්නේ. ඒ නිසා හොදින් තේරුම් ගන්න ඕනේ විඤ්ඤාණ කියන ස්වභාවයේ යථා ස්වභාවය. මොකක්ද මේ විඤ්ඤාණ කිව්වේ කියලා ඔය ආකාරයට අපි එකින් එකට තෝරගන්න ඕනේ. එක චිත්තක්ෂණයක් තුලද ඉහත විස්තර කල පටිච්ච සමුප්පාද චක්ර 4 හතර ආකාරයකින් ක්රියාත්මක වෙනවා කියලා ඔබ දන්නවාද? එය මම මෙහි විස්තර නොකොට පසුවට විස්තර කිරීමට කල් තබන්නේ ඉතාමත් ගැඹුරු කරන මූලික විස්තරයට බහාලමින් ඔබව පටලවා අපසුවට පත් කිරීම නුසුදුසු බැවිනි. උපුටා ගැනීම : නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom