=== විටක් කෑවට වරදක් වෙන් නෑ අම්මේ..===
=== විටක් කෑවට වරදක් වෙන් නෑ අම්මේ..===
පුවක් ගෙඩිය දෙකට පලා
දුන්කොල සහ හුණු ආදිය
බුලත් කොලේ තවරාගෙන
දෙකට තුනට හතරට නවා
කෑව කාලේ සිහි වෙනකොට
අප්පච්චී මට ඔයාව
නිතර මතක් වෙනවා නොවැ..
පුංචිකාලෙ බුලත් විටක්
කන්න ආස කලානෙ මම
ඒත් කොහෙද අපෙ අම්මා
ඒවට ඉඩ නෑ දුන්නේ...
ඒත් මගේ අප්පච්චි
හොරෙන් හොරෙන් හංගාගෙන
"මෙන්න බබෝ බුලත් විටක්"
කියමින් මා අසලට ගෙන
අම්මාගෙ කන්දොස් මැද
මගෙ ආසා ඉටු කලානෙ
අදටත් ආසයි කන්නට
අප්පච්චී කවපු බුලත්.....
=== විටක් කෑවට වරදක් වෙන් නෑ අම්මේ..===
පුවක් ගෙඩිය දෙකට පලා
දුන්කොල සහ හුණු ආදිය
බුලත් කොලේ තවරාගෙන
දෙකට තුනට හතරට නවා
කෑව කාලේ සිහි වෙනකොට
අප්පච්චී මට ඔයාව
නිතර මතක් වෙනවා නොවැ..
පුංචිකාලෙ බුලත් විටක්
කන්න ආස කලානෙ මම
ඒත් කොහෙද අපෙ අම්මා
ඒවට ඉඩ නෑ දුන්නේ...
ඒත් මගේ අප්පච්චි
හොරෙන් හොරෙන් හංගාගෙන
"මෙන්න බබෝ බුලත් විටක්"
කියමින් මා අසලට ගෙන
අම්මාගෙ කන්දොස් මැද
මගෙ ආසා ඉටු කලානෙ
අදටත් ආසයි කන්නට
අප්පච්චී කවපු බුලත්.....
