විද්වතුන්ට ණයගෙවා දාන්නැයි UGC දැන්වීමක්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    විද්වතුන්ට ණයගෙවා දාන්නැයි UGC දැන්වීමක්

    මෙරට මහජන මුදලින් ඉගෙනගෙන වෙන රටවලට සේවය සලසන විද්වතුන්ට ණයගෙවා දාන්නැයි නම් ගම් සහිතව යූජීසියෙන් දැන්වීමක්



    ugc.jpg
    අද (17) ජාතික පුවත්පත්වල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිටු 4 ක්පුරා පළ කර තිබෙන දැන්වීමකින් පශ්චාත් උපාධි ණය හිඟ මුදල් ගෙවිය යුතු සරසවියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ කථිකාචාර්යවරුන් රැසකගේ නම් ගම් විස්තර හෙළිදරව් කර තිබේ. ඔවුන් සිය පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා ලංකාවේ අධ්‍යාපනයට වෙන් කළ මහජන මුදල් මිලියන ගණනාවක් ආධාර වශයෙන් ලබාගෙන
    තිබෙන අයයි. එම උපාධි ලබාගැනීමෙන් පසු මේ බොහෝ අය විදේශ වලට සේවය සපයමින් ලංකාවෙන් පිටමංව සිටින අයයි. මේ අය ලංකාවේ මහජන මුදල් රුපියල් මිලියන 813 ක් එලෙස වැය කර ඇති බවත් ඒවා නැවත ගෙවාදැමීමට බැඳී සිටින බවත් මෙම දැන්වීමේ සටහන් කර ඇත.

    දැන්වීමේ එම ණය මුදල් පොලීද සමග දක්වා ඇති අතර ගෙවිය යුතු අයගේ නම් ලිපින හා ණය ලබාගනිද්දී සේවය කළ සරසවි වල නම්ද දක්වා ඇත.
    පහත දැක්වෙන ඉල්ලීමද දැන්වීමේ සටහන්ව ඇත.


    ‘මෙරට ජනතාව අනේකවිද දුක්ඛ දෝමනස්සයන් මැද එදා වේල පිරිමසා ගැනීම පිණිස ඉතා වෙහෙසකර ලෙස උපයා ගත් මුදලින් ගෙවන ලද බදු මුදලින් පළමු වසරේ සිට උසස් පෙළ දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුනි. රජයේ විශ්වවිද්‍යාලයන්හි උපාධිය දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුන්නේ ද ඔවුන්ගේම මුදලෙනි. ඔබ බොහෝ දෙනෙකුට මහපොළ ශිෂ්‍ය ආධාර ලබා දුන්නෙමු. ඔබට පශ්චාත් උපාධි සඳහා ණය ආධාරය ලබා දුන්නේ ද එම ජනතාව ලේ, දහඩිය, කඳුළු වගුරා උපයා ගත් මුදලෙනි.

    ඔබ එසේ ලබාගෙන බැඳුම්කර කොන්දේසි උල්ලංඝනය කරමින් ගෙවීම් පැහැර හැර ඇති මුදල රුපියල් මිලියන 813 ඉක්මවා ඇත.
    එසේ ලද මුදල්වලින් ඔබ අද උගතකු වී වෙනත් රටවල හෝ ආයතනවල උසස් නිලතල හොබවමින් වැජඹෙන බව අප දනිමු. අනාගත පරම්පරාවට අධ්‍යාපනය ලබාදීම සඳහා ඔබ ජනතාවගෙන් ලබාගත් ණය මුදල මෙම මොහොතේ අපට ඇවැසිව ඇත. උපන් බිමට සහ මව්බිමේ ජනතාවට ඔබ ද්‍රෝහියෙක් නොවනු ඇතැයි අප විශ්වාස කරමු. ණයකරුවනි, ඇපකරුවනි පහත සඳහන් මුදල් සහ ඒ මත පොලී මුදල් වහාම ගෙවා ණයෙන් නිදහස් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි
     
    Last edited:

    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0
    සැර වැඩිද මන්ද.. එක පාරටම නම් ගම් දාලාද බ්‍රෝ .
    මුලින් නොටිස් එකක් දිලා පස්සෙ ගෙවන්නෙ නැති අයගේ නම් ප්‍රසිද්ද කරා නම් තමා හොද
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mama danna ekthara Government department ekaka: aluthin gaththa degree karayo tikak dan higher studies kiyala department eke salli walin Msc apply kara wena ratakata: inne field eka wenayi eth apply karala thiyenne Tourism walata: ahasata polawa wage: apahu karala awath me department ekata kisi wadak na : kata kiyanna da ithin ape badu salli thama
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    oya gamanma Politicians la ape badu salli walin karana dewaluth paththare dammanam thamai honda. :D
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Politicians lata witharak HORU kiyala wedak na. Lankawe podima minihage idan Janadipathi / Agamethi wenakan inne horu.

    Mewage ugath minissuth loans walata polu thiyanawa nan anith minissu gena mona kathada?
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    oya gamanma Politicians la ape badu salli walin karana dewaluth paththare dammanam thamai honda. :D

    Politicians la ge horakan oya ona tharan paththare yanne.

    Ranil ge Bond Scam eke idan Mahinda ge Tsunami funds horakam karapuwa gena,

    Me wage ugath horu gena nan me paththare giyamai.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland

    Politicians la ge horakan oya ona tharan paththare yanne.

    Ranil ge Bond Scam eke idan Mahinda ge Tsunami funds horakam karapuwa gena,

    Me wage ugath horu gena nan me paththare giyamai.


    මහින්දගේ tසුනාමි කේස් එක නං දේශප්‍රේමී හොරකමක් ඒ සුද්දෝන්ගේ සල්ලි එයා ගට්ට එක හොදයි නැතිනං ඕව කොටින්ට යනව.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම වෙන රටවල phd කරන්න ලංකාවෙන් අධ්‍යාපන ණය දෙනවද ? :eek: