විද්‍යා_තීන්දුව_ඝාතනය

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    විද්‍යා_තීන්දුව_ඝාතනය

    විද්‍යා සිසුවිය දුෂණ ඝාතකයෝ හත් දෙනෙකු එල්ලා මරන්න නියෝග කෙරේ..

    v1.jpg


    අද යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ සිව්ස් කුමාර් අැතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම දිය යුතු බවයි.
    පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන්නටත් ඔහු කටයුතු කළා.

    එම නඩුව වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචේලියන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත් අතර ඒ් තිදෙනාගේම ඒකමතික තින්දුවක් ලෙසින් මරණ දඩුවම ප්‍රකාශයට පත් විය.

    මරණ දණ්ඩනයට අමතරව විද්‍යා දැරියගේ පවුලට මිලියනයක වන්දියක් ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ. මරණ දඬුවම සමඟ අවුරුදු 30ක සිර දඬුවමක්ද නියම කර තිබේ.‍

    2015 වසරේ මැයි මස 13 වනදා යාපනය - කයිට්ස් - පුන්කුඩතිව් ප්‍රදේශයේදී 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණි
    සිද්ධිය සම්බන්ධයෙන් මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්වීස් කුමාර්, පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයකුමාර්, පූබාලසිංගම් තවකුමාර්, මාහලිංගම් ශෂීන්ද්‍රන්, තිල්ලේනාදන් චන්ද්‍රිහාසන්, සිවදේවන් දූෂාන්ත්, පලනි රූපසිංහම් කුගදාසන් සහ ජෙයතරන් කෝකිලන් යන 09 දෙනාට එරෙහිව යාපනය මහාධිරකණය හමුවේ නඩු පවරා තිබුණි.

    අධිකරණ ඉතිහාසයේ පළමුවරට යාපනය මහාධිකරණයේදී ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කෙරුණි.
    ස්විට්සර්ලන්තයේ අලෙවියට කාම චිත්‍රපටයක් නිපදවීම සඳහා විද්‍යා දැරිය ඝාතනය සැලසුම්සහගතව සිදුකර ඇති බවට නඩු විභාගය අතරතුර අනාවරණය වූ අතර නඩුවට අදාළ පැමිණිලි පාර්ශවයේ, රජයේ සාක්ෂි හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් කෙරුණි.
    ඒ අනුව පිටු 332 කින් සමන්විත නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වූයේ 7 දෙනාම මරාදමන්නට නියම කරමිනි.

    මෙම නඩුව විභාග වන කාලයේදී විනිසුරුවරයාට එරෙහිව ප්‍රහාර දියත්වීම,දේශපාලනඥ බලපෑම්, මුදල් ගෙවා විනිසුරන් බිලීබාගැනීමට තැත් කිරීම ඇතුළු අයථා ක්‍රියා රැසක් වාර්තාවූ නමුත් අවසානයේ වරදකරුවන්ට දඬුවම නිසි ලෙස ලැබුණ බව පැමිණිලි පාර්ශ්වය සතුටින් දන්වා තිබේ.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Swiss කුමාර ඔය අංක 07,01 දෙන්නගෙන් එක්කෙනෙක් නෙමෙයි නේ
     
    • Like
    Reactions: Oli_Vili

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    Swiss කුමාර ඔය අංක 07,01 දෙන්නගෙන් එක්කෙනෙක් නෙමෙයි නේ

    මේකේ හැටියට නෑ ....

    "යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ සිව්ස් කුමාර් අැතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම දිය යුතු බවයි."
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේකේ හැටියට නෑ ....

    "යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ සිව්ස් කුමාර් අැතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම දිය යුතු බවයි."

    පී.එස්: ඔබ නිවැරදියි. අයි අන්ඩර්ස්ටූඩ්.
     
    Last edited:

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ඒ හත්දෙනාගෙන් පලවෙනියටයි හත්වෙනියටයි එරෙහිවනෙ සාක්කි නෑ කියන්නෙ. ඉතින් පලවෙනියයි හත් වෙනියයි ස්විස් කුමාර් වෙන්නත් පුලුවන්නෙ.

    "යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ සිව්ස් කුමාර් අැතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම දිය යුතු බවයි."

    :rolleyes::rolleyes:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    "යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ සිව්ස් කුමාර් අැතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම දිය යුතු බවයි."

    :rolleyes::rolleyes:

    නම දෙනාගෙන් පලවෙනියා සහ හත්වෙනියා නිදහස් කරල තියෙන්නෙ.:yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දූශකයන්ව එල්ල මරන්න නියම කරනව :( මේකද යහපාලනේ :( අපේ කාලෙ නම් මේ වගේ දේවල් වුන්නෑ :no: සරණ මැතිඳුනි අපි ඔබ සමඟයි :yes: