විද්‍යුත් ක්ෂේත්‍ර

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මචං විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ගැන මට අවුලක් තියෙනවා. අර්ථ දැක්වීමේ එන ඒකක ධන ආරෝපණයක් මත ඇති කරන බලය ඇති කරන්නෙ කවුද ඒක වටේ තියෙන අනිත් ආරෝපණ ද?

    අනිත් අවුල විද්‍යුත් ස්‍රාවය කියන්නෙ විද්‍යුත් ස්‍රාව ඝනත්වය කියන්නෙ දෙකක් ද? ටියුට් එකේ විද්‍යුත් ස්‍රාව ඝනත්වය ගැන මුකුත් නෑ.
    විද්‍යුත් ස්‍රාවය කියන්නෙ හරස් කඩ හරහා ගලන වතුර ප්‍රමාණය හොයනව වගේ දෙයක් නේ ද? එතකොට එතන E මුළු පෘෂ්ඨය පුරාවට ම ඒකාකාර වෙන්න ඕන නේ ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    අර්ථ දැක්වීමේ එන ඒකක ධන ආරෝපණයක් මත ඇති කරන බලය ඇති කරන්නෙ කවුද ඒක වටේ තියෙන අනිත් ආරෝපණ ද?
    ක්ෂේත්‍රය නිසා. ආරෝපණ තියෙන්න ඕන තමයි . . ක්ෂේත්‍රයක් දීල තියනවනම් මොකාද ඒක ඇතිකරන්න කියලා හිතන්න එපා බන්.
    විද්‍යුත් ස්‍රාවය කියන්නෙ විද්‍යුත් ස්‍රාව ඝනත්වය කියන්නෙ දෙකක් ද?
    ස්‍රාවය කියන්නේ නිකන් බලරේඛ කියලා හිතන්න. ඊට ලම්බක ඒකක ව.ඵ යක ශ්‍රාවය තමයි E .
    එතකොට එතන E මුළු පෘෂ්ඨය පුරාවට ම ඒකාකාර වෙන්න ඕන නේ ද?
    E අර්ථ දක්වන්නේ ලක්ෂයකට. තැනින් තැනට ශ්‍රාවය (රේකා ප්‍රමාණය) වෙනස් වෙන්න පුලුවන්. ඔය එක එක හඩේ වස්තු වල ශ්‍රාව රේඛා අදිද්දී සමහර තැන්වල වඩිපුර අදින්නේ. ඒ ෆයි වැඩි නිසා . ෆයි = EA දාන්න පුලුවන් නම් ඒකාකාරී වෙලාවට.
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ow anith aropana hadana kshesthraya thama,,,,,,+ aaropanaya test karanna gena charge eka....
    Srawaya kiyanne wathura wage.....+ charge hariyata wathura widina tap wage...._ charge wathura adina sink hole wage....tap ekak wata karama eken pitata ena mulu wathura pramanaya srawaya...
    Srawa ganathwaya ekaka wargapalayak haraha srawaya.....Eka thama widyuth kshesthra theewrathawa wenne...........
     
    • Love
    Reactions: timetraveler1921

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මචං විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ගැන මට අවුලක් තියෙනවා. අර්ථ දැක්වීමේ එන ඒකක ධන ආරෝපණයක් මත ඇති කරන බලය ඇති කරන්නෙ කවුද ඒක වටේ තියෙන අනිත් ආරෝපණ ද?
    electrical intensity E කියන්නේ එක ආරෝපනයක් මත බලය. ඒනම් වෙනත් ආරොපනයක් මගින් බලයක් ඇති වෙන්න ඕනි.

    අනිත් අවුල විද්‍යුත් ස්‍රාවය කියන්නෙ විද්‍යුත් ස්‍රාව ඝනත්වය කියන්නෙ දෙකක් ද? ටියුට් එකේ විද්‍යුත් ස්‍රාව ඝනත්වය ගැන මුකුත් නෑ.
    electrical flux density D (සණත්වය) කියනේ බන් ඒකක වර්ගපලයක සාවය. total flux = integral (D.ds) ... gauss law කියන්නේ total flux = total charge කියලනේ closed system එකක.
    විද්‍යුත් ස්‍රාවය කියන්නෙ හරස් කඩ හරහා ගලන වතුර ප්‍රමාණය හොයනව වගේ දෙයක් නේ ද? එතකොට එතන E මුළු පෘෂ්ඨය පුරාවට ම ඒකාකාර වෙන්න ඕන නේ ද?
    D= εE
    integral (εE.ds) = total flux. E වෙනස් වෙන්න පුළුවන්.
     
    • Love
    Reactions: timetraveler1921